Date: 24/02/2014 Name: Thrid Jhana samaapatthi

ඒ උතුම් බුදුපියවරු සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, පළවන බුදුපියාණන් වශයෙන්, ඒ ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ දෙවනි ශ්‍රේෂ්ඨතම බුදුපියා වශයෙන්, ඔය විදිහට අනුපිළිවෙළින් තපස්සි බුදුසීයා, සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා සිහි කරගෙන ආවා. ඇවිල්ලා මම සම්පූර්ණයෙන් පන්සිල් ගැනීම කියන එක කරගෙන ගියා.

ඊට පස්සේ මං කල්පනා කළා අරි අට මඟ හරහා යනවා. ඒ දෙවි දේවතාවන්ගේ ආරක්ෂාවත්, ආශීර්වාදයත්, ඒ මණ්ඩලයේ මෙහෙයවීමත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා භාවනාව කළා. එතකොට මට සම්මා දිට්ඨිය කියන එක. දුක්‌ඛෙ ඤාණං, දුක්ඛ සමුදයේ ඤාණං, ඔය විදිහට ගත්ත ගමන් කෙළින් ම මට ආවේ මේ ඔක්කෝම මේ දුක්ඛයන් කියන ඒවා ඇති වෙන්නේ මේ රූපයයි, මේ රූපය නිසා හදන සංස්කාරයන් නිසායි කියලා. ඒ පාර රූපය නිසා අපි කාය, වචී, චිත්ත සංස්කාර හදනවා. මේ රූපය නිසා වන කාය වචී සංස්කාරයන් එපා ය කියලා මම ගත්තා. රූපයත් එපා. ඒ නිසා වන කාය, වචී, චිත්ත සංස්කාර එපායි කියලා. ඒකේ නිත්‍යභාවයක් නැතෙයි කියලා. මොකද අර ඊයේ භාවනාවත් එක්ක සම්බන්ධයි. ඒක කරකවලා තමයි මේක තියෙන්නේ. එතකොට අර සුභයි, නිත්‍යයි කියලා අරගෙන තියෙන එක තියෙනවා නේ. Triangle එක. මේක උඩ නේ මේක වෙන්නේ කියලා එපායි කියන එක ගත්තා.

කෙළින් ම මුළු මූණ ම සුඛයි, ඒ තුන් වන ධ්‍යාන සමාපත්තිය ඇතුව ඉන්නවා කියන එක වෙනවා. එතෙන්දි මට, දැක්කා නිකන් belt එකක් වාගේ නිකන් metal කෑල්ලක්. මෙහෙම ඇණ දෙකක් දාන්න තියෙන්නේ. එක ඇණයයි. ඇණ දෙකයි. එතකොට මේ පල්ලෙහා එකේ screws දෙකක් දාන්න තියෙනවා. ඒ දෙවෙනි screw එක කෙළින් ම යන්නේ මේ පරාමාසයට. මැද්දේ තියෙන එක screw එක යන්නේ පරාමාසයට කියන එක. කාය ග්‍රන්ථයට.

එතකොට මං කල්පනා කළා ඇයි තුන් වෙනි ධ්‍යාන සමාපත්තිය කියන එක. දැන් මෙතෙන්දි කියන්නේ රූපයත් එපා, ඒ නිසා වුණ සංස්කාරත් එපායි කියලා කියනවා නම් රූප නිසා වන වේදනා කොටස කියන එක නැතුව යනවා. රූපය නිසා යම්කිසි වේදනාවක් ඇති වෙනවා ද? වේදනා කොටසක් තියෙනවා ද? ඒ කොටස නැති වෙනවා. එහෙමත් නැත්තන් කියනවා නම් ඔයා දන්නවා සංස්කාර භය අගති, භය අගතියෙන් වේදනාවට එන පාර තියෙනවා. එතකොට මේ භය අගතියේ ඉඳන් වේදනාව දක්වා එන නාමරූප නිසා ඇති වන පාර කියන එක කැපිලා යනවා. ඒක නිසයි මේ තුන් වෙනි ධ්‍යාන සමාපත්තිය තියෙන්නේ. ඉතින් මේ වේදනාවත්, ඒ නිසා ඇති වෙන සංස්කාරත් පහ කළොතින් හතර වෙනි ධ්‍යානයට යනවා කියන එක. ඒක ආවා. ඉතින් එතනින් නැවැත්තුවා භාවනාව.

ඒක තමයි භාවනාව.