ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා. නමස්කාර වේවා ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ ජීවමානව වැඩ සිටින, පළමු වන ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ. අනුපිළිවෙළින් තපස්සි බුදුසීයා, සහම්පති බුදුපියා දක්වා සිහි කළා. පංචනීවරණ යටපත් කොට අරි අට මඟ හරහා යමි කියන තැනදි, එතෙන්දි පටන් ගන්නෙයි කියලා කිව්වා.
ඉතින් මෙතෙන්දි මම සම්මා දිට්ඨිය කියන එක සිහි කළා. අර දුක්ඛය, දුක්ඛ සමුදය ඇති වෙන හැටි. ඒක අර 23 වෙනිදා කරපු භාවනාව විදිහට තමයි සිහි කළේ. ඒකෙදි මතක නේ අර තණ්හාව නිසා පටිච්චසමුප්පන්නය වීමට ඉඩ දෙනවා කියන එක. මේ නිසා ඇති වෙන නාමරූප. එතකොට ඒ භාවනාව ඒ විදිහට ගත්තා. ඒ ගත්තට පස්සේ දැන් මගේ aim එක තියෙන්නේ අර “න සඤ්ඤා සඤ්ඤී, න විසඤ්ඤ සඤ්ඤී.” අන්න ඒ ගාථාව. ඒ ගාථාවේ හැටියට ඒක නතර වෙන එක බලන එකයි මට ඕනෙකම තිබුණේ.
ඉතින් එතකොට දැන් මට ආවා, බුදුහාමුදුරුවෝ පෙන්නනවා “සඤ්ඤා නිදානානි පපඤ්ච සඞ්‌ඛා” කියලා කියන්නෙ. ඒකෙ පෙන්නනවා නේ සඤ්ඤාව නිසායි කියලා. එතකොට පපඤ්ච කිව්වම තණ්හා, දෘෂ්ඨි කියන ඒවා. එතකොට තණ්හාව කියන එක ඒ වේදනාවත් එක්ක එන එක තියෙනවා. මෙහෙන් ඇති වෙන දෘෂ්ඨීන් කියන එක තියෙනවා. චේතනාව නිසා ඇති වන.
එතකොට මට මෙන්න මේ triangle එක මං මේ කල්පනා කරන්න ගත්තෙ. එතකොට මෙතන තියෙනවා සඤ්ඤාවෙන් චේතනාවට එන එක. වේදනාවෙන් චේතනාවට එන එක. ඊළඟට මෙතන චේතනාව නිසා පරාමාසයට එනවා කියන එක. එතකොට මම කල්පනා කළා මේ 1යි 2යි 3යි. සඤ්ඤාවේ ඉඳන් චේතනාවට එන පාරයි, වේදනාවේ ඉඳන් චේතනාවට එන පාරයි, ඒ චේතනාවෙන් පරාමාසයට යන්නා වූ ඒ පාරවල් තුන, ඒ තුන කැපුවෝතින් දුක්ඛය නැති වෙනවා ද කියන එක.
බුදුපියාගෙන් විමසුවා ම බුදුපියා පැවසුවා “නිරෝධය වෙනවා ය,” කියලා. මේකෙන් වෙන්නේ නිරෝධය. එතකොට නිරෝධයට ගියාට මේක වෙන්නෙ නෑ නේ. මොකද ඒ ගාථාවේ ම පෙන්නනවා මේ “න සඤ්ඤා සඤ්ඤී” ගාථාවෙම පෙන්නනවා ඒක එහෙම වුණාට ඒක වෙන්නේ නැතෙයි කියන එක. එතකොට එහෙම නම් කොහොම ද දුක්ඛය නැති වෙන්නේ?
දැන් මට පේනවා මේ වේදනාවයි පරාමාසයයි අතර සම්බන්ධතාවය මේකෙ පවතිනවා නේ කියලා. මේ ටික කැපුවත්, මේ වේදනාවයි පරාමාසයයි join වෙලා තියෙනවා කියන එක, ඒක බිඳිය යුතුයි නේ ද කියන එක. ඉතින් ඒක ගැන ලොකු වෙලාවක් විමසුවා ම, ඒ අන්තිමට මට රහතන් වහන්සේලාගේ උදව්වෙන් දැකපු දේ තමයි මේ, ඉදංසච්චය නිසා එන්නා වූ පාර තියෙනවා නේ. ඒකයි මෝහ අගතියේ ඉඳන් මේ පැත්තට යන්නා වූ දේ තියෙනවා. ඒ කියන්නේ පරාමාසයට ඇදෙන්නා වූ දේ. ඒ කියන්නේ මොකද්ද මේ කතා කරන්නේ. මේ 4යි 5යි කියන පාර, මෙතන තියෙන්නේ සංස්කාරයට, ඉදංසච්චයේ ඉඳන් සංස්කාරයට, මෝහ අගතියේ ඉඳන් සංස්කාරයට.
මෙන්න මේක කියන එක කැපෙන්න ඕනෙ. ඒ කියන්නේ මොකද්ද මේ අවිද්‍යාවයි, මානයයි කියන එක. මේ පාර මාන පාර, මේක අවිද්‍යා පාර. අවිද්‍යාවයි මානයයි නැති විය යුතුයි කියන එක තමයි එතන ආවේ. එතකොට එහෙම වෙන්න නම් මොකද්ද කරන්න ඕනෙ? ඒ කියන්නේ සංස්කාර කියන ඒවා අපි නොකර ඉන්න ඕනෙ. සංස්කාර නොකර ඉන්න ඕනෙ. එතකොට ඊයේ භාවනාව.
ඊයේ භාවනාවෙදි පෙන්නුවා නේ අර තුන් වෙනි ධ්‍යානයට ගිහිල්ලා ඒ රූපයයි, රූපය නිසා ඇති වන කාය, වචී, මනෝ සංස්කාර එපායි කියලා කල්පනා කළේ. එතකොට එහෙම කල්පනා කරලා ඊට පස්සේ වේදනාව, වේදනාව නිසා ඇති වෙන්නා වූ දේවලුත් එපා ය කියන එකයි.
එතකොට එහෙම නම් මේකෙන් පෙන්නන්නේ මොකද්ද, මේ ධ්‍යාන සමාපත්තිය කියන එක උපදවා වාසය කළ යුතුයි. ඒ කියන්නේ ධ්‍යාන සමාපත්තිය කිව්වහම මේ ප්‍රථමධ්‍යාන, දුතියධ්‍යාන, තෘතියධ්‍යාන, චතුත්ථධ්‍යාන කියන දේ තමයි ගන්නේ. බුදුහාමුදුරුවෝ ඒක නේ සම්මා සමාධිය කියලා කිව්වේ. ඒක උපදවා වාසය කරන්න ඕනෙ. අරූප ධ්‍යානය වුණා ය කියන එකට නෙවේ කියන එකයි එතන ඒ භාවනාව ගත්තෙ. බොහොම දීර්ඝයි ඒ භාවනාව. ගොඩාක් කාරණා විමසලා තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ.
සාධු පියවරුනි.