Date: 26/02/2014 Name: කලහවිවාද භාවනා

ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ශ්‍රේෂ්ඨත්වය අනුව. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ඉඳන් සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා. ලෝභය නැති කරමි. මෙතනින් පටන් ගන්නෙයි කියලා කිව්වා. එතකොට මනාප වූ අරමුණ, සුඛ වේදනීය වූ ස්පර්ශය, සුඛ වේදනාව, සෝමනස්ස පවිචාරය.

එතකොට මේ වෙනකොට අපි දන්නවා මේ වට හතරක් ගිහිල්ලයි තියෙන්නේ කියලා. ඉතුරු වට දෙක යනකොට ඒ කියන්නේ 5යි 6යි යනකොට අපි මේ චේතනාවට අගය දෙනවා. අර මුල වට දෙකේදි රූප අගය, ඊට පස්සේ වේදනා අගය, දැන් චේතනාවට අගය දෙන එකයි තියෙන්නේ. එතකොට මේ පස් වෙනි වටයේ දී අර ලාභයි කියලා අපි ගත්තා නේ. ඒ ලාභයි කියලා ගත්ත එක නිසා වන චේතනාව ඒ තියෙන්නේ. රූපය ලාභ වෙලා. වට හය වෙනකොට අර නන්දිය කෑල්ල තියෙනවා නේ. එතකොට අර වේදනාවත් එක්ක නේ සම්බන්ධ වෙලා තියෙන්නේ. අන්න ඒකට තමයි අගය දෙන්නේ දැන්.

එතකොට අපි මෙන්න මේ විදිහට භවය පවත්වන්න තමයි අපි උත්සාහ කරන්නේ. මම කැමතියි මේ විදිහට කරකවලා, අර ධම්මමච්ඡරිය දිගේ යනවා චේතනාවට. මම රූපයත් එක්ක අල්ලලා කරකවන්න මේක තියෙනවා. හැබැයි මට මේක කරගන්න බෑ.

අපි කොච්චර මේක පුනපුනා කරකවන්න හැදුවත් අපි ජරාවට යනවා කියන එක එන්න එන්න වැඩි වෙනවා. එතකොට මේක එන්න එන්න වැඩි වෙනවා නම් අපි දන්නවා අර gap එක කියන එක වැඩි වෙනවා. පළවෙනි වටයයි දෙවනි වටයයි අතර ගත්තහම අර gap එක තියෙනවා නේ. Area දෙකේ. ඒ area එකේ gap එක එන්න එන්න ම වැඩි වෙනවා.

එතකොට දැන් අපිට පේනවා එහෙම නම් කබලිංකාර ආහාරයේ ඉඳන් ඡන්ද අගතිය. මෙතනින් චේතනාව. එතන දක්වා මෙතන උඩ triangle එකක් පේනවා.

MM_26_02_2014.jpg

මේක තමා අපි පවත්වන්න හදන්නෙ. අපේ මේ භවය කතාව ඕක තමයි තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? වට හතයි අටයි කියන එක මං විමසුවා. වට හත වෙනකොට අපි ධර්මය සඳහා අගයක් දෙනවා. මේක පවත්වන්න නෙ අපි හදන්නේ. ඉහත දේ පවත්වන්න. ඒ කියන්නේ අපි මේකට engineering ඉගෙන ගන්නවා. Computer science, දොස්තර විභාගේ, carpentry අරවා මේවා ඔක්කෝම මනුස්සයෝ ඉගෙන ගන්නවා. මේක පවත්වන්න. මේක තමා මේ ධර්ම අගය. ඒක තමා දැන් ඔය චේතනා අගය කියන එක ඇවිල්ලා තියෙන්නේ එතන වට හතේ දී. ඒක.

ඊළඟට වට අටේ දී එතන මම විමසන්න කල්පනා කරනකොට බොහොම වෙහෙසයි, ඒක හොයාගන්න අමාරුයි. ඒ වෙලාවේ දී රහතන් වහන්සේ උදව් කළා. උදව්වක් කරන්නම් කියලා. ඒ වෙලාවෙ දී චේතනාවටයි, මානයටයි අගය දෙන්නේ කියලා. එතකොට දැන් අපි දන්නවා මේ උඩ ඉඳන් එන්නේ චේතනාව නේ ද. එතකොට මානය කියන එක ගත්තහම සංස්කාරවලට අගය දීලා තමා අපි මානය වෙලා ඔතන වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ මානයටත් අපි තව අගයක් දෙනවා. මං මෙච්චරක් අගයක් තමා මේකට දීලා තියෙන්නේ කියලා.

එතකොට දැන් මේ සියල්ල නිසා ඇති වෙන්නේ පපඤ්චයන් කියන එක. Mental proliferation කියලා කියන්නේ පපඤ්චයන්ට. දැන් එතකොට අපිට පේනවා වේදනාව තියෙනවා. පරාමාසය තියෙනවා. භය අගතිය තියෙනවා. ඊළඟට මේ පැත්තෙන් වේදනාවට එන එක තියෙනවා. එතකොට ඊළඟට ගත්තහම මෙතනින් පේනවා මේ චේතනා අගය පරාමාසයේ ඉඳන් භය අගතියට එන පල්ලෙහාට ඒක එනවා. අර මානය කොටස් නිසා වුණ අගය මේ arrow එකෙන් මේකට එනවා. මේ දෙක ආවහම මේක නිසා අපි යනවා වේදනාවට.

MM_26_02_2014_D2.jpg

එතකොට මේක ආවායි කියලා කියන්නේ ගැටීම. ඒ කියන්නේ අපි භය අගතියේ ඉඳන් වේදනාවට එන කතාව කියන්නේ ගැටෙන පාර. ව්‍යාපාද සහිතව ඇවිල්ලා මේ ගැටෙන පාර. අපි අකැමැති පාර. අරක තමයි අපි පවත්වන්න හදන්නේ, ඡන්ද අගතියේ ඉඳන් චේතනාවට යන්නා වූ, ඒක තමයි භවය පවත්වාගෙන ඉන්නේ. මේක දැන් ගැටෙනවා.

දැන් මේක නිසා මේ කලහයන් විවාදයන් කියන ඒවා ඇති වෙනවා. ඉතින් ඒක තමයි මේ ගාථාවක් තියෙනවා. තථාගතයන් වහන්සේගේ ඒ ගාථාව තමයි මේ පැහැදිලි කරන්නේ. ඒකේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. “එතෙ ච ඤත්වා උපනිස්සිතාති, ඤත්වා මුනි නිස්‌සයෙ සො විමංසී, ඤත්වා විමුත්‌තො න විවාද මෙති, භවා භවාය න සමෙති ධීරා.” කියලා.

ඒ කියන්නේ මේ දෘෂ්ඨීන් කියන ඒවා ඇසුරු කරගෙන ඉඳලා කියලා දැනගෙන, එතකොට තෘෂ්ණා දෘෂ්ඨීන් නැති වෙන්නේ කොහොම ද කියලා දැනගෙන, පණ්ඩිත වූ බුද්ධ මුනි තෙම ධර්මයන් දැන මිදුණේ, විරුද්ධ වාදයට නොපැමිණේ. ඒ ධීර තෙමේ පුනපුනා භවයට ද නොපැමිණේ. කියන ඒ ගාථාවේ අර්ථය. ඉතින් ඒක තමයි කලහවිවාද සූත්‍රයේ අන්තිම ගාථාව.

මේ භාවනාවේ නමත් කලහවිවාද.