ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ඒ අද මට විශාල වූ ශ්‍රද්ධාවක් තිබුණා. මේ ඊයේ දීපු ධර්මයත් එක්ක. ඉතින් ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ සිහි කළේ ලෝකයේ ජීවමානව වැඩ සිටින පළමු වන, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ වශයෙන් වැඳ නමස්කාර කළා. එතෙන්දි මං කිව්වා මේ මෙම ධර්මය ලෝකෙට විවෘත කර දීම ගැන, ඒ මුළු උත්තරීතර මණ්ඩලයට ම නමස්කාර කළා, අනුපිළිවෙළින් තපස්සි බුදුසීයා, සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා සිහි කළා මුළු මණ්ඩලයට ම නැවතත් වැන්දා.
“එතරම් ගෞරවයක් කුමක් නිසා ද?” කියලා ඇහුවා මණ්ඩලයෙන්. ඒ පාර මං කිව්වා, “වැසී තිබිච්ච බුදු දහම දැන් විවෘත වුණා, එය දැන් බබලනවා. ලෝකයේ සත්වයා සසරින් මිදෙනවා. මෙන්න මේක නිසයි” කියලා මං පැවසුවා. “එය ඉතා ශ්‍රේෂ්ඨ වූ උතුම් වූ වාක්‍යයක්,” කියලා බුදුපියවරු පැවසුවා.
ඊට පස්සේ මම ගත්තා බුද්ධං සරණං ගච්ඡාමි ලෝභය නැති කරමි, ධම්මං සරණං ගච්ඡාමි ද්වේෂය නැති කරමි, සංඝං සරණං ගච්ඡාමි මෝහය නැති කරමි කියලා මං එකපාරට මේ තුන ම එකපාරට සිහි කළා. ලෝභය ද්වේෂය මෝහය. එතකොට ලෝභය කියන කතාවෙදි මේ, දැන් අපි දන්නවා නේ කබලිංකාර ආහාරය, ඡන්ද අගතිය, අර චේතනාව දක්වා ඊයේ පෙන්නුවේ, මේකෙන් ඇති වෙනවා කියලා. ඒක දක්වා එන්නා වූ ඒ අගයන් දීලා මං මේකයි කරන්නේ.
එතකොට මේ, ඒ කියන්නේ 27 වෙනිදා කරපු භාවනාව එකවර ම සිහි වුණා. ලෝභ වීමෙන් අගයක් දීම කියන එක. ද්වේෂය කියන එක, මට එකපාරට ම ආවේ සම්මා සංකප්ප භාවනාව 2. මෙතනින්, සම්මා සංකප්ප භාවනාව 2 මතකයි නේ. මේ පැත්තෙන් එනවා අන්තිමට ගත්තහම විපරිණාම දුක්ඛතාවය. මෙහෙන් එනවා සංස්කාර දුක්ඛතාවය, ඔයා යන්නේ ද්වේෂ අගති ගමන. දුක්ඛ දුක්ඛතාවයට යනවා, ද්වේෂ අගති ගමන කියන එක එකපාරට ආවා. මෝහය නැති කරමි කිව්වහම ඊයේ පෙන්වා දීපු අර triangle දෙකත් එක්ක, ඒක භාවනාව සම්බන්ධ වුණා. දකුණු triangle එක නිසා වම් triangle එක, ඒක නිසා නාමරූප, ඊට පස්සේ ඒකෙ අන්තිමට පෙන්නුවේ මේක නිසා තමයි ගැටුම් කියන එක ඇති වෙනවා කියලා එකවර ම සිහි කළා.
දැන් ඊයේ භාවනාවෙදි මගේ වුණේ, මේ විදිහට මේ කතිරේ හැදුණහම, ඒ කියන්නේ වේදනාවයි, භය අගතියයි, පරාමාසයයි, ද්වේෂ අගතියයි මෙතන මේ සෝකය තමයි මේකේ ඇති වෙන්නේ. සෝකය නේ මෙතන මැද්දේ තියෙන්නේ. මේක තමයි ඊයේ භාවනාවෙදි මට ආවේ. දැන් මට මතක් වෙනවා “පියප්පහුතා කලහවිවාදා පරිදෙවසොකො සහමච්ඡරා” ගාථාව මතක් වුණා. සෝක පරිදේව තමයි ඇති වෙන්නේ. කලහ විවාදා සෝක පරිදේව තමයි මෙතන ඇති වෙන්නේ.
එතකොට මට මතක් වෙනවා “සෝක පරිද්දවානං සමතික්කමා, දුක්ඛ දෝමනස්සානං අත්ථඞ්ගමා, ඤායස්ස අධිගමාය, යදිදං චත්තාරො සතිපට්ඨානා.” කියන අර සතිපට්ඨානයේ වාක්‍යය මට සිහි වුණා. ඇති වෙන්නේ ගැටුම්, සෝක පරිදේවයි කියලා දැනගෙන සතිය භාවිතා කරන්න ඕනෙ පුද්ගලයෙක්.
එතකොට මට මේ කල්පනා වෙනවා මේ ධම්මානුපස්සනාවේ මේ ඉහළ ම ආකාරයට තමයි මේකේ සිද්ධ වෙන්නේ. ධම්මානුපස්සනාවේ දැන් අපි ඇවිල්ලා තියෙනවා මේකේ ලෝභය ද්වේෂය මෝහය මේ විදිහට මේ පෙන්නපු ආකාරයට, දැන් මේකේ පෙන්නලා දීලා තියෙනවා නේ එතන ලෝභය, ද්වේෂය, මෝහය කියන එක. ඒක නොවී, ඉහළ ම සම්මා දිට්ඨිය සහිතව පැවත් වීම මගින් සම්මා සමාධිව සිටිය යුතුයි කියන එක තමයි. ඊයේ අර message එක, සම්මා සමාධියේ ඉන්නවා, සම්මා සතිය කියන එක මේ විදිහට මේක දැනගෙන පවත්වනවා. අරක දැනගෙන මේක පවත්වනවා. ඉතින් එතන තමයි ඒක භාවනාව.
ඉතින් මේකෙදි අර මනස පුදුම පිරිසිදුභාවයක් තිබුණා, ඒ ආලෝකය කියන එක පුදුම අධිකයි. පුදුම විදිහට මට දැනුණා ඒවායේ වෙනස. ඇස් දෙක මට දැනෙනවා. පුදුමාකාර විදිහට ඒකේ එක එක අවස්ථාවල දී ඒ තත්වය. ඉතින් ඒක තමයි භාවනාව.