ඒ උතුම් බුදුපියවරු සිහි කළා ශ්‍රේෂ්ඨත්වය අනුව මණ්ඩලාධිපති බුදු පියාණන්ගේ ඉඳන් සහම්පති මහා බ්‍රහ්ම බුදුපියාණන් දක්වා. අද මම මේ, විශේෂ වශයෙන් සිහි කළේ, මට මෙහෙම හැඟීමක් තිබුණා ඊයේ අපිට දීපු ධර්මය කොච්චර නම් ශ්‍රේෂ්ඨ ද. මේ බුදුපියවරු මහා විසාල ධර්මයක් දන්නවා. ඒ වගේ ම ක්‍රමානුකූලව ඒක දෙන්නත් දන්නවා. බොහෝ කාලයක් ඒ අය ඒ දේ කරලත් තියෙනවා. මමත් එහෙම අනාගතේ කරනවා කියන හැඟීම. මෙය වෙනස් නොකරමි කියන හැඟීමක් ඇති කරගෙන මම ගියාට පස්සෙ, එහෙම ඇති කරගත්තා.
ලෝභය නැති කරමි කියනකොට මට අර ඊයේ භාවනාව, ලෝභයයි ද්වේෂයයි මෝහයයි මේ diagrams අනුව තුන ම සිහිපත් වෙලා ඒ විදිහට, අද සම්මා සංකප්ප භාවනාව නේ කරන්න තියෙන්නේ. භාවනා 3. ඒක මං මෙනෙහි කරනවා. මේක කරන්න නම් සම්මා සංකප්ප භාවනාව 1යි, 2යි කරලා තියෙන්න ඕනෙ. නැත්තන් මේ තුන් වෙනි භාවනාව කරන්න බෑ.
එතකොට මම ආපහු මේ සම්මා සංකප්ප භාවනා දෙක ම අර්ථ වශයෙන් මං සිහි කළා. සිහි කළායෙන් පස්සෙ දැන් මේ, මේ diagram එකේ පේනවා ඕක පටන් අරන් තියෙන්නේ ථීනමිද්ධයෙන්. අරක හත, අට රවුම, මේ නම වෙනි රවුමත් එක්ක නේ මේ ථීනමිද්ධයත් එක්ක එක, ඒක පේන්නේ. එතකොට මේක ඕනෙ ම එකකට ගැළපෙනවා. මෙතන තමයි තියෙන්නේ.
එතකොට, දැන් මේ අනුව මම සිහි කළා ම මට ආවා මේ සංකප්පයේ තියෙන අගය ඒ රූපයේ නෑ. ඒ විදිහට බලාගෙන ගිහිල්ලා අන්තිමට උත්තරේ එන්නෙ සංකප්පයේ තියෙන අගය රූපයේ නෑ, කොතරම් උත්සාහ කළත් අපිට, ඊයේ අපි දැනගත්තා ඒ අවසාන slide එකේ හැටියට, මේ නාමකායේ පටිඝසම්‌ඵස්‌සය තමයි ඇති වෙන්නේ. කලහවිවාද සූත්‍රය 2 slide එක 11 කියන එක. එතකොට මේකෙ ගැටීම තමයි ඇති වෙන්නේ. එහෙම නම් අපි චිත්ත සංස්කාර කියන ඒවා හදන්න ඕනෙ ද? කියන එක එනවා.
මෙතනදි මට ඇහුණා අර “ජාති ධම්මානං භික්ඛවෙ, සත්තානං එවං ඉච්ඡා උප්පජ්ජති, අහෝ අත මයං ජාති ධම්මං” කියලා තියෙනවා නේ. ඒක ගාථාව මට ඇහුණා. ඒක නිකන් හැඟීම ආවා ඒකත් එක්ක ම.
ඒක ආවට පස්සෙ මං කල්පනා කළා ඒ කියන්නේ චිත්තය කියන එකේ උත්පත්තිය. චිත්තයේ උප්පාදය. ජාති ධම්මං කිව්වම මේ චිත්තයේ උප්පාදය. එතකොට හදන ඒවා ඔක්කෝම මේ ආකාරයෙන් නම් මම මේ චිත්තය උප්පාද කළ යුතු ද? කියන මේ ඒකත් එක්ක ම අර චිත්තය හොඳ ලස්සනට ඒක ඇති වෙලා තිබුණා. ඒ වෙලාවේ මට “Excellent” කියලත් ඇහුණා. මෙසේ දැනගෙන විඤ්ඤාණය පිහිට නොවීම තමයි අරිහත් ඵල ලාභියා මරණින් මත්තේ සංසාරය කියන එක කෙළවර කරන්නේ, කියලා මට වැටහුණා ඒ වෙලාවේ. එතනින් ඒ විදිහටයි ඒක කරන්නේ.
ඒක තමයි භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්