ඒ උතුම් බුදුපියවරු සිහි කළා ඒ ශ්‍රේෂ්ඨත්වය අනුව. ඒ බුදුපියවරු ජීවමානව වැඩ සිටින, ශ්‍රේෂ්ඨතම, ප්‍රඥාවන්ත වූ, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන් ඒ මණ්ඩලාධිපති බුදුපියා, ධම්මාධිපතිවිනයාධිපති බුදුපියා, ධම්මාධිපති බුදුපියා, ඔය විදිහට අනුපිළිවෙළින් සිහි කරලා ඒ තපස්සි බුදුසීයා, සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා. ඒ සිහි කළේ ඉතින් ඒ පුදුමාකාර වූ ශ්‍රද්ධාවකින්, gratitude එකකින් මොකද අර ඒ, ඊයේ ඒ ධර්මය ගැන, මේ තරම් ධර්මයක් මේ බුදුපියවරු දන්නවා, මේ තරම් ධර්මයක් කියලා දුන්නා ය, ඉතින් තවත් ධර්මයන් තියෙනවා නේ ඉතින් එච්චර, බොහෝ කාලයක් ඒවත් එක්ක ජීවත් වෙලත් තියෙනවා ය කියලා.
ඊට පස්සේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා, එතකොට ලෝභය නැති කරමි කියනකොට දැන් ඉතින් කෙළින් ම අර picture එක තමයි එන්නේ. කබලිංකාර ආහාරය ඉඳන් ඡන්ද අගතියට ගියා ම කෙළින් ම උඩට මනොසඤ්‌චෙතනාව දක්වා. ඉතින් එතන මිනිත්තුවක් විතර ඉන්නවා. ද්වේෂය නැති කරමී කිව්වම, සම්මා සංකප්ප භාවනා 2 ගන්නවා. විපරිණාම දුක්ඛතාවය නිසා ඇති වෙන්නා වූ ඒ වේදනාව පරාමාසයට ඇතුල් වීම. ඊළඟට සංස්කාර, දුක් වූ සංස්කාරයෙන් ඇති වෙන, ඒ දෙක නිසා දුක්ඛ දුක්ඛතාවයට යනවා කියන එක. ඒකෙන් ද්වේෂය ඇති වෙනවා. ඊළඟට මෝහය නැති කරමී කිව්වහම ඉතින් දකුණු අත පැත්ත දන්නවා නේ ඒ සඤ්ඤාව, චේතනාවේ ඉඳන් දකුණු පැත්තට එන්නා වූ ඒ triangle එක කල්පනා වෙනවා. මේක නිසා සංස්කාරයන් අපි හදනවා, නොසෑදිය යුතු දෙයක් තමයි මේ කරන්නේ කියන එක එනවා.
ඉතින් ඒ පාර ලෝභ දෝස මෝහ කියන තුන ම ඔය විදිහට එපායි කියන එක විදිහට විමංසාවන් ඇති වෙනවා. ඉතින් මේ අවස්ථාවන් ගන්නකොට ඔක්කෝම ඉතින් විමුක්තිය ඇති වෙලා පත්තු වෙලා ඉවරයි මේ කියනකොට. ඒ පාර පංචනීවරණයන් යටපත් කරමී කියලා එතකොට ඒ නීවරණ ධර්මයන් තමන්ගේ නැතෙයි කියන එකත් ඒ වෙලාවේ, ඒ මනසේ නැතෙයි කියන එකත්, ඒකත් තේරෙනවා.
ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යමි කියලා කිව්වම ඉතින් ඒ සම්මා දිට්ඨිය කියන එක. ඉතින් සම්මා දිට්ඨිය දැන් අර ඉහළ ම එක නේ. මේක කරකවලා මේ තණ්හාව වගේ, අපි පටිච්චසමුප්පාදය කියන එක ඇති වෙන්න, පටිච්චසමුප්පන්න වෙන්න ඉඩ දෙනවා. මෙන්න මේ මේක තේරුම් අරගෙන ඒක නොවෙන්නයි කියන එක. එතකොට එතන බොහොම ලස්සනයි එතකොට ඒ කෑල්ල ආවහම. සම්මා දිට්ඨියෙන් ඔය විදිහට සම්මා සංකප්ප ඉතින් භාවනාවන් ටික ඔක්කොම තියෙනවා.
ඒ පාර අර දැන් අපි ජීවත් වෙන ක්‍රමයන් කියන එක ගත්තහම ඉතින් අපි අර ඊයෙත් සාකච්ඡා කර කර ගියේ ඉතින් මේ, කෙනෙකුට ඒ සමාධිය භාවිතා කරලා, මනුස්සයෙකුට ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ බුදුපියවරු ආශ්‍රව නසලා ඒකෙන් ඉන්නවා, තවත් කෙනෙකුට මේක භාවිතා කරලා ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා.
ඊළඟට පංචබලයන් පංචඉන්ද්‍රියන් බවට පත් කරනවා කියන එක කල්පනා කළා ම ඉතින් එතෙන්දි පේනවා අර ඉස්සෙල්ලා එකේදිම මේ කතාව ආවා නේ. ඒ කියන්නෙ ඔය මුසාවාද, පරුෂා වාච තියෙනවා නම් මේක නිසා ඉතින්, අර ඒ සංස්කාරවලට අගය දීම නිසා ගැටීම තමයි ඇති වෙන්නේ. කලහ විවාදයන් තමයි ඇති වෙන්නේ. ඉතින් මේක නොකර ඉන්නවා කියන එක ඒකෙන්, ඉන්ද්‍රියන් බවට පත් කරගන්නවා කියන එක ආවා.
ඊට පස්සේ ඡන්ද චිත්ත විරිය විමංසා ඉද්ධිපාදයන් වඩමි කියනකොට, දැන් එතෙන්දි, පොඩ්ඩක් ඔන්න භාවනාවක් වශයෙන් කල්පනා කළේ එතන තමා, මේ අලුතෙන් ලැබුවා වූ ධර්මයත් එක්ක ආපහු බලන්න ගත්තා. දැන් විරියයි කියලා කිව්වහම අර තුන් ආකාර වූ විරියක් නේ. ඉතින් දැන් හරි ලස්සනට පේනවා. මේ කබලිංකාර ආහාරය නිසා ඒක, රූපය ස්පර්ශ වීම නොවෙන්න විරිය භාවිතා කරනවා. මේක විරිය භාවිතා කරනවා කියලා කියන්නේ මෙතනින් අර පල්ලෙහාට ඇවිල්ලා අපි අර සුභයි කියලා අතෙන්ට ගිහිල්ලා අරක කරනවා නේ, ඒක නොවෙන්න.
එතකොට ඊළඟට අපි විරිය භාවිතා කරනවා සඤ්ඤාව මගේ නොවෙන්න. ඒ sick සඤ්ඤාව මගේ කියලා අරගෙන නේ මේ ප්‍රශ්නය කියන එක ඇති වෙන්නේ. එතකොට මෙතන මේ පළවෙනි එක ලෝභයට එනවා, අනෙක අර මෝහයට එනවා.
ඊළඟට සංස්කාර මගේ නොවෙන්න. මේ සංස්කාරයන්වලට අගය දීලා තමයි මේක තියෙන්නේ. දැන් මේක දැක්කොතින් මං මේකට කරකවලා අගයන් දෙනවා මෙහෙම නොකර ඉන්න. එතකොට මේක භාවිතා කළා ම මට ඡන්දය කියන එක, නිර්වාණයට යන්න එතන ඡන්දය කියන එක ඇති වෙනවා.
එතකොට විරියො ච ඡන්දො කියන එක එනවා. දැන් ඡන්දයේ දී අපි සම්පූර්ණයෙන් නිවනට යොමු කරලා තියෙනවා. එතකොට දැන් නිවන අපි approve කරනවා නම්, ඒ approve කිරීම නිසා ම දැන් මං කියනවා අර සංස්කාරවලට මම අගය දෙන එක මට එපා කියන එක. එතකොට දැන් මේක අර පැති දෙකකට පේන්නේ.
මුලින් මං විරිය නිසා ඡන්දය ඇති වුණා, ඒ ඡන්දය ඇති වුණායෙන් පස්සෙ දැන් නිර්වාණය approve කරලා මං එතන ඉන්න නිසා මට මෙතන එපායි කියලා කියනවා මුසාවාද පරුෂා වාච වගේ දේවල්. එතකොට මෙතෙන්දි ඉතින් චිත්ත සමාධිය තියෙනවා දැන් ගැටුමක් නෑ. මොකද මේ පාරෙන් එන්නෙ නෑ. තනිකර අර ශ්‍රද්ධාවට යන පැත්තට යනවා. මේ පැත්තෙන් එන එක නෑ. මං මේ කතා කරන්නේ අර triangles. දකුණු පැත්තේ triangle එකයි, වම් පැත්තේ triangle එකයි නාමරූපයයි කියන එක. එතකොට ඒ, දැන් මෙතන නාමයට, ඒ කියන්නේ නාමකායේ පටිඝසම්‌ඵස්‌සය කියන එක මෙතන නැති නිසා චිත්තය සමාධිය සහිතව ඉන්නවා කියන එක.
එතකොට එතන distinctively පෙනුණා. ඒ කියන්නේ මේසේ උඩට නගින්න ඕනෙයි කියලා හිතුවා විරිය කියන කතාවෙදි මේසේ උඩට නැගලා, මේසේ උඩට නැගලා මම ඉන්නවා නම්, අර පල්ලෙහා තියෙන ඒවයේ, මං මෙතන ඉන්න නම් අරවා මට එපා කියන එක. පල්ලෙහා තියෙන මඩ ගොඩවල් මට එපා කියන එක. ඒ පාර දැන් මේක පවත්වාගෙන ඉන්න නම්, එහෙම නම් අර ලෝභය ද්වේෂය මෝහය කියන තුන, ඒක නැති වෙන්න ඕනෙ. ඕකට නේ අපි ආවේ සතිය කියන එක ඇති වෙන්න ඕනෙ මේ ලෝභය ද්වේෂය මෝහය කියන එක. එතකොට මෙතන මේ සතිය සහිතව මේක පවත්වාගෙන ඉන්නවා.
එතකොට ඒ භාවනාවත් එතනින් ආවා. ඒ පාර මම සති සම්බොජ්ඣඞ්ගය කියන එක දැන් මෙනෙහි කළා. සති සම්බොජ්ඣඞ්ගය අර 1 කබලිංකාර ආහාරය, 2 අර අත්තා ඉඳන් නිත්‍යට යන එක, 3 ජාතියේ ඉඳන් ජරාවට යන එක. එතකොට ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන එක දන්න මනුස්සයා කල්පනා කරනවා මේක පවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි, ඒක නිසා මේක මං පවත්වන්නේ නැහැයි කියන එක. ඒක හොඳට එනවා. එතකොට මේ අර මුළු ධර්මය ම, ඊයෙයි පෙරේදායි ඒ කරපු මුළු ධර්මය ම මේ සතිය තුළ තියෙනවා. දැන් මෙතනදි මේ සතියෙදි කියනවා, අපි දෙන්නේ නැතෙයි කියලා අර, සම්මා දිට්ඨියේ තියෙන්නා වූ ඉහළ ම එක තියෙනවා නේ, ඒකත් මේ සතිය තුළ තියෙනවා. මොකද්ද?
මං මේ චිත්තය කියන එක මම දෙන්නේ නෑ. ඒ කියන්නේ බැරි වෙලාවත් මම ඉඩ දුන්නෝතින් මට පටිච්චසමුප්පන්නය කියන එක හැදෙනවා. එතකොට බැරි වෙලාවත් මං ඉඩ දෙන්නේ නැහැයි කියන එක. පටිච්චසමුප්පන්න වෙන්න මම ඉඩ නොදෙනවා කියන එකේ අර්ථය මෙතන තියෙනවා. ඉතින් මෙහෙම ඇති වුණා වූ සමාධිය මේ සම්මා සමාධිය කියන එක. එතකොට මේක සහිතව තමයි ඉන්න තියෙන්නේ. එතකොට එතෙන්දි දැන් හරි ම හොඳයි ඉතින්, මං ඉතින් ඒ බුදුපියවරුන්ට ප්‍රශංසා කළා, මෙන්න මේක නේ මේ සතිය, බොජ්ඣඞ්ගයේ සතිය, මේක පුදුමයි දැන් පේන විදිහ කියලා. ඉතින් රහතන් වහන්සේ මට “ඇතියි” කිව්වා, නැවැත්තුවා. ඉතින් ඒ මුළු කාලෙම විමුක්තියෙන් තමයි ඉඳලා තියෙන්නේ මේ හිතන හැම එකේදිම.
ඒක තමයි භාවනාව.