Date: 05/03/2014 Name: Maha mohaya

ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ඒ ශ්‍රේෂ්ඨත්වය අනුව සිහි කළා. ඉතින් බුද්ධ ශාසන පිහිටු වීම ගැන, මණ්ඩලාධිපති බුදුපියා ඉතින් බුද්ධ ශාසන 2502ක් ගොඩ නංවලා තියෙනවා නේ. ඉතින් ඔය විදිහට මං මෙනෙහි කරගෙන ගියා. සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා සිහි කළා.

ලෝභය නැති කරමී කියලා කියන වෙලාවෙදි දැන් දන්නවා අර කබලිංකාර ආහාරය, ඡන්ද අගතිය, වේදනා, චේතනා අන්න ඒ triangle එක තමයි මෙනෙහි කළේ. මේ විදිහට ජීවත් විය හැකි යැයි සිතීම, ඒ කියන්නේ රූපයට සහ වේදනාවට අගයක් දීම මගින්.

MM_26_02_2014.jpg

ඊළඟට ද්වේෂය නැති කරමී කිව්වහම අර සම්මා සංකප්ප භාවනා දෙකේ හැටියට අර විපරිණාම දුක්ඛතාවය නිසා ඇති වන දුක්ඛ වේදනාවන් පරාමාසයට ඇතුල් වෙනවා, දුක් වූ සංස්කාරයන් මෙහෙන් ඇතුල් වෙනවා. ඉතින් දුක්ඛ දුක්ඛතාවයට යන එක මෙනෙහි කළා. එතකොට ද්වේෂයෙන් දැවීම කියන එක සිද්ධ වෙනවා. ඒ මේකෙදි වට හතේ අර shadow area එක තියෙනවා නේ, ඒක compare කරනවා සරසඞ්කප්ප area එකත් එක්ක.

එතකොට දැන් මම කල්පනා කළා මෝහය නැති කරමී එකේ, මෝහයෙදිත් ඔය වාගේ දෙයක් තියෙන්න ඕනි නේ ද කියන එක. කැරකීම කියන එක. එතකොට එතෙන්දි අපි දන්නවා මෝහයේ අන්තිමට කරපු භාවනාවෙදි එතන පෙන්නුවා නේ, සම්මා සංකප්ප භාවනා 3 දි අර area T කියන එක. කියන එක area එකත් එක්ක.

එතකොට දැන් මං මුලින් ම මෝහය කියනකොට අර චේතනා, විඤ්ඤාණ, මෝහ අගති කියන අර ඒ triangle එක බැලුවා. එතකොට ඒ සඤ්ඤාව අරගෙන තමයි ඕක සිද්ධ වෙන්නේ. ඒ සම්මා සංකප්ප භාවනා 3 විදිහට බැලුවා.

Area T, T කිව්වහම third නෙ, මේ area එක සරසඞ්කප්ප සමඟ සසඳනවා. Area T කියන එක සසඳනවා දැන් සරසඞ්කප්පයත් එක්ක. එතන ඒක හරි ලස්සනයි. මං උදාහරණෙකින් කියන්නම්, ථීනමිද්ධ අවස්ථාවෙ දී නෙ shirt එක ගන්නේ. තෝරලා තෝරලා අර කඩේ හොඳ ඒවා තියෙනවා අරකයි මේකයි තියෙනවා කියලා. දැන් මේක ගිහිල්ලා අන්දන්නේ කාට ද? අන්දන්නේ අර ජරාවට පත් වෙච්ච මනුස්සයාට. එතකොට කවදාවත් මේකේ value එක ගන්න බෑ. Double නෙ. Shirt එකෙත් නෑ, මේ පුද්ගලයාගෙත් නෑ වයසට ගිහිල්ලා තියෙන හින්දා. දැන් රූප අගයත් නෑ. ඒ කියන්නේ අගයන් දෙක ම නෑ. Shirt එකෙත් නෑ මේකෙත් නෑ. ඉතින් ඒක නිසා ඒ මනුස්සයා ද්වේෂයට ම නේ ආපහු යන්නෙ.

එතනින් නැවැත්තුවා මං ඒ භාවනාව.