ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කරමු, නමස්කාර වේවා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ඉඳන් සහම්පති මහා බ්‍රහ්ම බුදුපියාණන් වහන්සේ දක්වා සිහි කළා ඒ ශ්‍රේෂ්ඨත්වය අනුව.
මම බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනකොට ලෝභය නැති කරමි කියලා, අර ඊයේ වගේ ලෝභ භාවනාව කියන එක මම කල්පනා කළා. ඒකෙදි අපි වට පහ, හය කියන එක වෙනකොට, දැන් අපි දන්නවා වට අට වෙනකොට, අට වෙනි වටයේ දී අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන එක වෙනවා, නේ ද?
දැන් මං කල්පනා කළා මේ වට, ඊට ඉස්සෙල්ලත්, මොකද අපි දැන් අගයක් දීලා නේ, මගේ කියලා ගත්ත හින්දයි අප්‍රියේහි සම්ප්‍රයෝගය වුණේ අපිට. නිවනෙන් පිටත වූ දෙයක් ගත්තා කියන්නකො. මේක මේ වට පහ, හය වෙන කොටත් මගේ අතින් මේක සිද්ධ වෙනවා. රහතන් වහන්සේ කිව්වා ඒ වෙලාවේ වට හයේදිත් වෙනවා කියන එක. ඒ කියන්නේ වට පහේදි ඔයාට ලාභයි කියලා ඔයා තීරණයක් ගත්තා. ඒ ලාභයි කියලා තීරණයක් ගත්තාට පස්සේ, ඒ කියන්නේ එහෙනම් ඔයාට තේරෙනවා නිවනෙන් පිටත වූ දෙයක් ඔයා අරගෙන ඉවරයි කියලා. මෙතන වට 1, 2, 3, 4 වෙනකොට ඒ කතාව නෑ. තීරණේ අරගෙන නෑ නේ. තාම fix කරන්න හදනවා. පුළුවන් කියලා හිතනවා. වට පහ වෙනකොට දෝමනස්සය තමන්ගේ සිතට ඇතුල් වෙලා තියෙනවා. හැබැයි අර තීරණෙකුත් අරගෙන තියෙනවා. හරි ම මෝඩ වැඩක් කරලා තියෙන්නේ.
එතකොට දැන්, මේක නිසා වට හය වෙනකොට අප්‍රියේහි සම්ප්‍රයෝගය කියන එක මට සිද්ධ වෙනවා කියන එක තියෙනවා. ඒ කියන්නේ වට 1, 2, 3, 4 වෙනකොට මේක නැතෙයි කියන කතාව භාවනාව අවසාන වෙනකොට මට හොඳට පැහැදිලි වුණා. 1, 2, 3, 4 වෙනකොට ඔය කතාව නෑ. එතකොට වට හය වුණාට පස්සේ ඔයා දන්නවා, අපි මේ විදිහට භවය පවත්වන්නෙ, ඒ කියන්නේ දැන් ධම්මමච්ඡරිය හරහා චේතනාවට යනවා නේ. භවය පවත්වන්න අපි මේකෙ කැමති වෙනවා. චේතනා වෙන්න.
එතකොට දැන් එහෙම නම් මට පෙනුණා මේ චේතනාවත් එහෙනම් ඒ විදිහට සකස් කළා. දැන් අපි ඉගෙන ගත්තා නේ කලහවිවාද එකේදි මේ තණ්හාවත් සකස් කළා කියලා විඤ්ඤාණ ධාරාව. ඒ වගේ ම මේ චේතනාව කියන එකත් සකස් කළා ය කියන එක දැන් හොඳට එනවා. එතකොට මේ චේතනාව මේ සකස් කළා ම මට, ඔය භාවනාව කරන්න යන්න ඉස්සෙල්ලා ම මට වැටහුණා මේ මොකක් හරි සංස්කාරයක් අපි, ඒකට පුරුදු වෙලා තියෙනවා නම් ඒක අපිට, දැන් වැඩක් තියෙනවා නම් ඉවර කරන්න ඕනෙයි කියලා හිතෙනවා නේ. මේ වැඩේ, දැන් මං ඒකට අහුවෙලා ඉන්නවා. ඒ ක්‍රියාවලිය මොකක් හරි වේවා ඒක හදාගෙන හිතෙන් ඒක දිගට ම තමන් ඒකට අහුවෙලා. ඒ කාලය තුළ දී මේකට අහුවෙලා ඉන්නවා.
ඒකෙන් අයින් වුණාට පස්සේ ඒ මනුස්සයට පේනවා, මොකද්ද මේ මං කළේ, මං මහ මොකද්ද එකකට අහුවෙලා නේ හිටියෙ, කියන එක තමන්ට පේනවා. ඒ වගේ, එතකොට මට පෙනුණා මේ අපි ඒ සංස්කාරය කියන එක කරනකොට පවත්වන්න අපි හරි කැමැත්තක් තියෙනවා. ඒක කරගෙන ඉන්න. ඒකෙන් එලියට පැන්න එක්කෙනාට තමයි පේන්නෙ මේකෙ, මං මොකට ද අහුවෙලා හිටියෙ, මං ගැලවුණා නේ ද දැන්, කියලා. එතකොට දැන් අල්ලගන්න, ඒකේ අර සංස්කාරය පවත්වාගෙන ඉන්න කැමැත්ත තියෙනවා. ඒ කියන්නේ කරකවපු රෝදය මේක කරකවන්න මේකෙ තියෙනවා කියන එක එනවා.
එතකොට දැන් මට මෙතන ආවා, මුලින් එනවා මට අර පපඤ්චයන් කියන ඒවා “සඤ්ඤානිදානා හි පපඤ්‌චසඞ්‌ඛා,” දැන් කිව්වා නේ තණ්හාවත් සකස් කළා, චේතනාවත් සකස් කළා. එතකොට තණ්හාවයි දෘෂ්ඨියයි කියන දෙක තමයි ඔතන ගන්නෙ. එතකොට සඤ්ඤාවෙන් තමයි මේක වුණේ. එතකොට සංස්කාරය කියන එක මේකෙන් සඤ්ඤාව, sick සඤ්ඤාව මගේ කියලා අරගෙන, සංස්කාරය කියන එක අපේ පවතිනවා.
දැන් එතකොට මට පේනවා මේක, මේ විදිහට සංස්කාරය පවත්වාගෙන අපි යන්න අපේ කැමැත්ත තියෙනවා. ඒ කියන්නේ මේ විදිහට ජීවත් වෙලා ඉන්නෙයි කියලා කැමැත්තක් තියෙනවා. එතකොට මේක, එහෙම නම් අර පළවෙනි වටයේ දී, එකේ දී, දෙකේ දී, මොකද්ද වුණේ?
එකේ දී දෙකේ දී ඒ හරියෙදි, තුන, හතරේ දී ඒ හරියෙදි ඒවා තමයි මේ fuel එක. අරක කරකවන්න උදව් වෙන්න රූපයක් ඕනෙ වෙනවා අපිට, දැන් car එකට petrol ඕනෙ වෙන්නෙ, අන්න ඒ වගේ මේක කරකවන්න උදව් වෙන එකක් තමයි මෙතන තියෙන්නේ.
එතකොට මෙන්න මේ විදිහට මේ සංස්කාරයකට අහුවෙලා මනුස්සයෝ ඉන්නවා කියන එක. ඉතින් අර සිඛී බුද්ධ ගාථාවේ අර “සඤ්ඤා උපරෝධනා, සබ්‌බසඞ්‌ඛාරසමථා,” කියන අන්න ඒ කොටස මගේ භාවනා වුණා මේක කවදා හරි වෙන්න පුළුවන් වෙන්නේ ඉතින්, සංස්කාර සමථ වෙන්න නම් උඩින් එන එකයි පල්ලෙහායින් එන එකයි දෙක ම සමාන වෙන්න ඕනෙ නේ. එතන එහෙම සමථභාවයක් ඇති වෙන්න නම් ඉතින් මොකක් හරි නොගෙන නිකන් ඉන්න ඕනෙ. ඒ කියන්නේ නිවනෙදි විතරයි ඒ සමථය කියන එක සිද්ධ වෙන්නේ, කියන එක දක්වා ඉතින්, රහතන් වහන්සේ “ඒ හරිය බොහොම හොඳයි” කිව්වා.
ඒක තමයි භාවනාව.