ඒ උතුම් බුදුපියවරු සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ඒ මහා ප්‍රඥාවන්තයෙක්, ඒ ධර්මය දරන උතුම් පුද්ගලයෙක් වශයෙන්. ලෝකයේ ශ්‍රේෂ්ඨතම, ජීවමානව වැඩ සිටින පළවෙනි බුදුපියා වශයෙන්. එතකොට බුද්ධ සාසන 2502ක් ගොඩ ගත් බව කියලා සිහි කළා. මේ විදිහට මම අනෙක් බුදු පියවරුත් ක්‍රමානුකූලව බුදු පියාණන්ගෙන් බුදුපියාණන් වහන්සේ දක්වා ඒ හතර වෙනි නම දක්වා බොහොම ධර්මය දරනවා කියලා මේ විදිහට සිහි කළා.
එහෙම සිහි කළාට පස්සේ අර පන්සිල් ගැනීම කියන එක කරගෙන ගියා. අර පංචබලයන් පංචඉන්ද්‍රියන් බවට පත් කරමි කියලා කියන අවස්ථාවේ දී අර පාණාතිපාතා කියන එක සංස්කාර වශයෙන් මං මෙනෙහි කළා. පාණාතිපාතා නොකර ඉන්නවා කියන එක තියෙන්න ඕනෙ, පාණාතිපාතා කරනවා කියනකොට සංස්කාර වශයෙන් මෙනෙහි කිරීම කියන එක කළා.
මේකට තියෙන ඇල්ම, නිත්‍යව පැවැත්වීම සමඟ ම තමයි අර පිපාසය ගැන සිහි කිරීම කියන එක සිද්ධ වුණේ. ඒ අර හාලිද්දිකානි සූත්‍රයේ “අවිගත රාගො, අවිගත ඡන්දො එතන අවිගත පිපාසය” කියන එක. එතකොට මං ආපහු මුලට ගියා. ඒ අවිගත රාගය කියන එක සිද්ධ වෙන්නේ හය වෙනි රවුමේ දී. වේදනාව නිසා අපි චේතනාවට අගයක් දෙන අවස්ථාව. එතකොට පෙර අවස්ථාව, මේ පස් වෙනි වටයේ දී අපි අර රූපයට අගය දීලා නේ තියෙන්නේ. අන්න ඒකෙන් ඇති වුණා වූ සංකල්පයට තමයි මෙතෙන්දි මේ රාගය කියන එක ඇති වෙලා තියෙන්නේ. එතකොට ඒක තමයි අවිගත රාගය කියලා කියන්නේ.
ඊළඟට, අවිගත ඡන්දය කියලා කියන්නේ, මෙහෙම චේතනා අගයක් දුන්නට පස්සේ, දැන් හය වෙනි රවුම වෙනකොට අපි චේතනාවට අගයක් දෙනවා. ඒ චේතනාවට අගයක් දුන්නට පස්සෙ ඇති වෙන සංකල්පයට ඡන්දය කියන එක ඇතුල් වෙනවා. අන්න ඒක තමයි අවිගත ඡන්දය කියලා කියන්නේ. සංකල්පනයට ඡන්දය ඇතුල් වීම කියන එක.
ඊළඟට අවිගත ප්‍රේමය කියලා කියන්නේ අර සියුම් තණ්හාව ඒ කියන්නේ, එහෙම නැත්තන් අර සුඛයයි කියලා ඒ පරාමාසයට ඇතුල් වීම තමයි අවිගත ප්‍රේමය කියලා කියන්නේ. අපි දන්නවා අර රූපයට අපි සුඛය කියන එක එනවා නේ. ඒ සුඛ වේදනාවක් ඇති වෙලා ඒ සුඛ වේදනාව පරාමාසයට ඇතුල් වෙනවා. ඒ සුඛය පරාමාසයට ඇතුල් වීම තමයි අවිගත ප්‍රේමය කියන්නේ. ඒක සියුම් තණ්හාව කියන එක පෙන්නනවා.
ඊළඟට අවිගත පිපාසය කිව්වහම අර නිත්‍ය වූ සංස්කාර පරාමාසයට ඇදීම කියන එක. දැන් මේ වෙලාවෙ දී ඒ උදාහරණයට කෙනෙක් ගන්න පුළුවන් අර පිපාසය ගැන සිතනකොට දැන් අපි පෙලක් අය කතා කර කර ඉන්නකොට, අපි හිතමු තුන් දෙනෙක් කතා කර කර ඉන්නවා නම් දෙන්නෙක් කතා කර කර ඉන්නවා, අර අනිත් එක්කෙනාටත් අදහසක් තියෙනවා, එයා ඉන්නවා නේ අර නොඉවසීමෙන්, ඉවසීමක් නැතුව අර තමන්ගේ කැමැත්ත ඇතුව බලාගෙන ඉන්නවා නේ එයත් කතා කරන්න, කියන්න. ආන්න ඒක තමයි එතන පෙන්නන්නේ ඒ අවිගත පිපාසයට ඒක උදාහරණයක් හැටියට. එතකොට ඒ නිත්‍ය වූ සංස්කාරය පරාමාසයට ඇදෙනවා කියන එක තමා එතන වැදගත් වූ දේ හැටියට හිතන්න ඕනෙ.
ඊළඟට අවිගත පරිලාහය, ඒ කියන්නේ දාහය කියන එක අර හත් වෙනි වටයේ දී සිදු වන අර සම්මා සංකප්ප භාවනා 2දී ඉගෙන ගත්ත දේ තියෙනවා නේ. අන්න ඒ විදිහට හිතන්න ඕනෙ. ඒ කියන්නේ විපරිණාම දුක්ඛතාවය නිසා ඇති වූ දුක්ඛ වේදනාව පරාමාසයට ඇදෙනවා. සංස්කාර දුක්ඛතාවය පරාමාසයට ඇදෙනවා. එතෙන්දි අර දුක්ඛ දුක්ඛතාවයට එයා යනවා. ඒ කියන්නේ මෙයා අර පෙර වූ සුඛය ම පතනවා. අර area C එක්ක සසඳලා පෙර වූ සුඛය ම පතනවා. ඉතින් මේක නිසා මෙයාගේ දැවීම කියන එක සිද්ධ වෙනවා. එතකොට දැවීම සිද්ධ වෙන්නෙ මොකද? අර වේදනාව, ද්වේෂ අගතිය. ද්වේෂ අගතිය කියන එකට යනවා, ආපහු වේදනාවට යනවා. ඉතින් මේ විදිහට ඒ පස් වෙනි කාරණය අවිගත පරිලාහය කියන එක තේරුම් ගන්න ඕන.
ඊළඟට හය වෙනි කාරණය, අවිගත තණ්හා කියන එක, මේ විදිහට ඇති වෙච්චා වූ මේ චිත්ත ධාරාවක් තියෙනවා නේ දැන්, මේ චිත්ත පරම්පරාව පැවැත්වීම මගින් තමයි තණ්හාව කියන එක ඇති වෙන්නේ. එතකොට සංකප්පය input එකක් හැටියට ඇවිල්ලා වේදනාවට එතනින් තණ්හාව වෙනවා. එතකොට මෙතෙන්දි තණ්හාව සම්පූර්ණ බවට පත් වීම සිද්ධ වෙනවා, මෙන්න මේ අට වෙනි රවුමේ දී. දැන් මෙතන මේ කතා කළේ මේ මුළු කතාවෙදිම හයයි හතයි අටයි කියන එක. රවුම් හය, හත, අට. එතකොට මේ භාවනාවේ නම තමයි කාමය කියන එක.
ඒක තමයි භාවනාව.