Date: 10/03/2014 Name: SankathamAbhisankaronthi

එතකොට, භාවනාවේ නම තමයි සංඛතං අභිසඞ්ඛරොති කියන එක. ඉතින් ඒ උතුම් බුදුපියවරු මම සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේගෙන් පටන් අරගෙන ශ්‍රේෂ්ඨත්වය අනුව, අනුපිළිවෙළින් සිහි කළා, සහම්පති බුදුපියා දක්වා.

සප්ත බොජ්ඣඞ්ගය වඩමි කියන භාවනාව, අර 11 වෙනිදා කරපු භාවනාව මගින් පටන් ගන්න යැයි කියලා පැවසුවා, ඒ කියන්නේ මම ඊට ඉස්සෙල්ලා, මිනිත්තු පහකට ඉස්සෙල්ලා ඒක බැලුවා.

එතකොට මං මේ වෙලාවේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වා විතරයි. එතකොට දැන් මේ, එකවරට ම අර තතියම්පි සංඝං සරණං ගච්ඡාමි කියන එක නේ මේ මෙතන පෙන්නන්නේ සප්ත බොජ්ඣඞ්ගයෝ වඩමි කියන එක. එතකොට මේක අනුපිළිවෙළින් නොකිරීම කියන එක ගැන මට තේරුණා. මේ සිතේ කනස්සල්ලක් එතන තියෙනවා කියන එක. ඒ කියන්නේ අපි මේ සංස්කාරයන් කියන ඒවා අනුපිළිවෙළින් කරන්න තමයි කැමැත්ත තියෙන්නේ කියලා මට වැටහුණා. ඒ කියන්නේ අපි අගය දීලා තියෙන්නේ ඒ විදිහට. පෙර පුරුද්ද.

ඉතින් දැන් ඒ පාර අර කබලිංකාර ආහාරය 1 සති සම්බොජ්ඣඞ්ගයට 1, 2 අත්තා ඉඳන් නිත්‍යට යන එක, 3 ජාතියේ ඉඳන් ජරාවට යන එක, මේක සිහි කළා. සති සම්බොජ්ඣඞ්ග භාවනාව. එතකොට පළවෙනි වට දෙකේදි අපි රූපයට අගය දෙනවා. ඇයි අපි අගය දෙන්නේ කියන එක මම කල්පනා කළා. එතෙන්දි මට කල්පනා වුණා ඉතින් මේ භාවනාව කරනවා “ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අස්තංගමෝ” කියන එක සිහි වුණා. ඉතින් දැන් මේක සිහි වුණා ම මෙතන ම සමාධියක් ඇති වුණා. ඒ සමාධියේ ඉඳගෙන තමයි මං මේක බැලුවේ.

මෙතන තියෙන්නේ කුණු ගොඩක්. නමුත් අගය දෙන්නේ පෙර පුරුද්ද නිසා නේ ද කියන එක මං කල්පනා කළා. උදාහරණයක් හැටියට ගත්තොතින්, දැන් අපි අඹ ගෙඩියක් සතෙක් කාලා තියෙනවා, මනුස්සයෙක් ඒක විකුණනවා, ඒ විකුණන කෙනා අඹ ගෙඩිය සතා කාලා හින්දා අඩුවට දෙනවා. එතකොට මේ තව එක පුද්ගලයෙක් තම සංස්කාරයට, සංස්කාර අගයට මේක match වෙන හින්දා, ඒ එක්කෙනෙක් ඒක ගන්නවා. මොකද අර මිල ටිකක් අඩුයි, ඒ අඹ ගෙඩියේ අර කෑල්ල කපලා දාලා මං මේක පාවිච්චි කරනවා, මේකෙන් අර විදිහට ම රසය ගන්න පුළුවන් කියන එක. තව කෙනෙක් ගන්නේ නෑ, අපෝ ඔය සත්තු කාපු ඒවා මං ගන්නෑ කියලා එයා ගාන අඩු වුණත් ඒක කරන්නේ නෑ. එතකොට තව එක්කෙනෙක් ඒ මිලටත්, ආහාරය නිසා ඇති වන සෑහීමට ප්‍රමාණවත් කියලා අගය දෙනවා, තව කෙනෙක් එහෙම නොකරනවා කියන එක ආවා.

එතෙන්දි, “සංඛතං අභිසඞ්ඛරොති” කියන්නේ මේක නේ ද කියලා මට සිහි වුණා. මේ වෙලාවේ ඉතින් මට “Excellent” කියලා ඇහුණා. ඒ කියන්නේ “ඉති රූපං, ඉති රූපස්ස සමුදයො” සමාධිභාවනා සූත්‍රය කියන එක මට සිහි වුණා. මෙහෙම නේ ද මේක හැදුණේ? සතුට සෙව්වා, ප්‍රකාශ කළා, අල්ලගෙන හිටියා. කුමක් ද සතුට සෙව්වේ?

රූපයෙන් සංස්කාරවල අගය මැන බැලුවා නේ ද කියන එක ආවා. මෙය මගින් අර පෙර වූ, ඇති වූ අගය ලැබෙනවා ද? මේ අඹ ගෙඩියෙන් හරි මගේ පෙර සංස්කාරයේ අගය, මට මෙන්න මේ පුද්ගලයාගෙන්, මෙන්න මේ අඹ ගෙඩියෙන්, මේ දේකින් ලැබෙනවා ද කියන එක ඒ මනුස්සයෙක් බලනවා. ඔය මම කියන්නෙ අර මනමාලියක් බලන්න යනකොටත් ඒ මනුස්සයා එහෙම තීරණය කරනවා, ඊට පස්සේ match වෙනවද කියලා බලනවා කියලා. අන්න ඒ වාගේ අර සංස්කාරවල අගය නේ ද මේක මැනලා මේක බලන්නේ? එහෙම අගය ලැබෙන රූපය අපි අල්ලගෙන ඉන්නවා. ඒක තමයි අජ්ඣොසාය තිට්ඨති. ඒවා ගැන සතුටු වෙනවා. මෙතන තමයි වැරැද්ද. ඒ කියන්නේ එම රූපයන්ට අපි අගය දෙනවා කියන එක.

එතකොට ඉතින් මේක තමයි භාවනාව.