ඒ උතුම් බුදුපියවරු මම සිහි කළා අනුපිළිවෙළින්, ශ්‍රේෂ්ඨත්වය අනුව. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේගේ ඉඳලා සහම්පති මහා බ්‍රහ්ම බුදුපියාණන් වහන්සේ දක්වා. ඊට පස්සේ, අරි අට මඟ හරහා ගිහිල්ලා චතුත්ථධ්‍යානයට යමි කියන එතනින් පටන් ගන්න කිව්වා. ඉතින් ඒ පාර මං ප්‍රථමධ්‍යානය, ඒක ගැන මං මෙනෙහි කළා. මේ දෙතිස් කුණප වශයෙන් ශරීරය. ඊට පස්සේ ධාතු වශයෙන් ගත්තා. ධාතු වශයෙන් මෙනෙහි කරලා අර පඨවි ධාතුව, තද ගතිය තියෙන එක, ඒවා මගේ නෙවෙයි කියලා කල්පනා කළා.
ඒ වෙලාවේ මං කල්පනා කළා මේ රූපයත්, රූපය නිසා ඇති වන සංස්කාරයත් මගේ නෙමෙයි කියලා. එතකොට දැන් මේක හොඳට අහුවෙනවා. ඊළඟට මං බැලුවා වේදනාවත්, වේදනාව නිසා ඇති වන සංස්කාරයත් මගේ නෙමෙයි කියලා. එතකොට කොහොම ද මෙසේ වෙන්නේ කියලා, අර දැන් ඉහළට ගිහිල්ලා නේ තියෙන්නේ, රූපයයි, රූපය නිසා සංස්කාරයයි කියනකොට මම ගියා. රූපයයි, වේදනා, සඤ්ඤා කියලා එහෙම බැලුවා. බැලුවා ම මට පෙනුණා ඊට වඩා හොඳයි අර pair එක වශයෙන් ගන්න එක කියලා.
එතකොට අර සිත බොහොම ඉහළට ගිහිල්ලා. වේදනාව, වේදනාව නිසා සංස්කාරය කියන එක මම ගත්තහම කෙළින් ම ගත්තෙ අර චූල සුඤ්ඤතේදි මං පැහැදිලි කරන්නෙ, ස්පර්ශය නිසයි මේ වේදනාව ඇති වෙන්නෙ. මේක නැති වුණා ම මේක නැති වෙනවා. ඒ කියනකොට දැන් මේ හය වෙනි ධ්‍යානෙට කඩාගෙන ම යනවා. ඒක ගිහිල්ලා ඊට පස්සේ සඤ්ඤාවයි, සඤ්ඤාව නිසා ඇති වන සංස්කාරයයි කියන එක.
ඒ සඤ්ඤාවයි, සඤ්ඤාව නිසා ඇති වන සංස්කාරයයි කියලා කිව්වහම අර වේදනාවට තමන් අගය දීපු එක කලින්. ඒ අර්ථයයි ඔතන තියෙන්නේ. රූපයක් තිබුණා, ඇහෙන් ස්පර්ශ වුණා, එතකොට චක්ඛු විඤ්ඤාණයක් ඇති වුණා, තුනේ එකතුව වුණා ස්පර්ශය. ස්පර්ශය නිසයි වේදනාව. දැන් මෙන්න මේ වේදනාව තිබෙන්නා වූ නිසා මං අගයන් දීලා තියෙනවා නේ සඤ්ඤාවට. එතකොට ඔයා දන්නවා මේ චේතනාවට අගය දෙනකොට ඔයා දීලා තියෙනවා වට දෙකේ දී රූප අගය, දෙවනි වට දෙකේ දී වේදනා අගය, ඊළඟට පහ, හය වෙනකොට රූපය නිසා චේතනා අගයක්, වේදනාව නිසා චේතනා අගයක්. දැන් ආවා එතකොට මේ හත් වෙනි කොටුවට තමයි ඇවිල්ලා තියෙන්නේ කියන එක, මෙතන 3 area වෙනි එකට.
ඉතින් ඒ වෙලාවේ කල්පනා කළා මේ අරවා නැති වුණාට අර කලින් දීලා තියෙන එක නිසා ඇති වන එක ය කියලා. ඉතින් මේකත් එක්ක කල්පනා කරනකොට, මම කල්පනා කළා මේ උපෙක්ඛා අප්‍රමාණය කියන එක වෙන්නේ අර රූපය ලාභයක් කියලා අරගෙන ඒක නිසා ඇති වෙන්නා වූ ඒ අනෙක් ධර්මයන් ඔක්කොම, ඒවා මගේ කියලා ගන්නෙ නැතුව. එතකොට මේ සඤ්ඤාව කියන එක මගේ කියලා නොගැනීම කියන එක මගින් තමයි යන්නේ ආකිඤ්චඤ්ඤායතනයට.
එතකොට මෙතන මේ, මෙතන තියෙන්නා වූ මේ කොටස්, සඤ්ඤාවන් මගේ කියලා නොගන්නවා කියන එක. ඒකයි එතකොට ඒක නිසා සංස්කාරයත් මගේ නෙවෙයි කියලා ඒක ඒ ගන්නකොට නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වුණා. එහෙම වුණා ඒ විදිහට. රහතන් වහන්සේ “Excellent” කියලා කිව්වා. ඒක අර step එකෙන් step එකට අර කියන විදිහට ධර්මය මෙනෙහි කිරීමෙන් එතෙන්ට යනවා. එතකොට නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට ගිහිල්ලා ආකිඤ්චඤ්ඤායතනයට ගියා.
ඒ කියන්නේ අර මරණයේ ඉඳන් ආපහු රෝගී වෙන්න යනවා කියන එක. ඒ පාර ඊළඟට ගත්තා ඒ පුද්ගලයා දැන් ව්‍යාධි වුණා, මරණ වෙලා, මරණෙන් රෝගී වෙලා නේ යන්න හදන්නේ. ඊළඟට දැන් මේ ව්‍යාධියේ අර්ථය කියන එක තියෙනවා අපේ අර පරිදේවයේ මතක ද? ව්‍යාධි සහගතව වූ, sick වූ, රෝගී වූ සඤ්ඤාවකින් හදන සංස්කාරය නේ අපි කතා කළේ. ඒ සංස්කාරයෙන් හැදෙන විඤ්ඤාණයේ පරිදේවය තියෙනවා කියලා. එතකොට ව්‍යාධි අගය කියන එක පරිදේවය තුළ තියෙනවා. එතකොට ඒ ව්‍යාධි අගය පරිදේවය තුළ තියෙනවා, පරිදේවය නිසා දැන් අපි ආපහු මේ යන්න හදන්නේ සෝකයට.
එතකොට ඒ triangle එක එහෙම බැලුවා. ඒක බලලා ඉවර වෙලා, ඒකෙ අර පල්ලෙහා එකත් මං බලලා තියෙනවා, එකපාරට ම එතන ඒක බලලා රහතන් වහන්සේ “ඇතියි” කියලා කිව්වා. අර පිළිවෙළට ම එතන ඒක ගියා. ඒක හොඳයි, දක්ෂව එකින් එකට ගියා pair එක වශයෙන් බැලීමෙන්.
ඒක තමයි ඒ භාවනාව.