Date: 13/03/2014 Name: Kaamaya 2

ඒ උතුම් බුදුපියවරු සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේගෙන් පටන් අරගෙන ඒ උතුම් සහම්පති බුදුපියා දක්වා.

මේ භාවනාව කාමය භාවනා 2. එතකොට මෙතෙන්දි මං බැලුවා මේ බුදුපියවරු බොහෝ කාලයක් බණ අහගෙන ඉන්නවා කියන එක. එතකොට මම කල්පනා කළා ඉතින් දැන් මේ විදිහට ඔය, දැන් අනාගත කාලේ ඉතින් සහම්පති මහා බ්‍රහ්ම බුදුපියාණන් වහන්සේ ඉස්සරහට යනවා නේ, දැන් මණ්ඩලාධිපති බුදුපියා වාගේ, එහෙම වෙනවා. බොහෝ කාලයක් ඇසීමෙන් බොහෝ විදිහට ප්‍රඥාව තියෙනවා, මේ විදිහට වෙනවා.

ඊට පස්සේ මට තේරුණා මේ, මේ සියල්ල ම සංස්කාර. මේවා ඔක්කොම සංස්කාර. එතකොට කෙනෙකුට තේරෙනවා මේ සංස්කාර, ඉතින් විමුක්ති චිත්තය ඇතුව වාසය කරනවා කියන එක තමා ඒ පැත්තෙන් බැලුවහම තියෙන්නේ. අර දිට්ඨධම්ම සුඛ විහරණය කියන එක. ඉතින් මමත් අනාගතයේ ඒ තනතුරට පත් වේවි කියලා, ඉතින් මමත් ඒ විදිහට කල්පනා කළා.

මම එතනින් ම පටන් ගත්තා. පටන් ගත්තා කියලා කියන්නේ මම එතන හිතුවහම රහතන් වහන්සේ කිව්වා මේ “මුල ඉඳන් යන්න ඕන්නෑ, ඒ එතන තැනින් පටන් ගත්තට කමක් නෑ” කියලා. එතනින් පටන් ගත්තා නිත්‍ය සංස්කාර පරාමාසයට ඇතුල් වීම කියන එක තමයි මම එතන බැලුවේ. ඉතින් මෙතෙන්දි මං මේක බලනකොට, මේ කතා කරන්නේ අර හය වෙනි රවුමේ ඉඳන් එන කතාව නේ ඔය පෙන්නන්නේ. එතෙන්දි මට කල්පනා වුණා හරි නේන්නම් මේ competition එක කියන එක, සාරම්භය කියන එක රහතන් වහන්සේ කිව්වෙ එතෙන්ට දාන්න කියලා නේ. ඒ අර්ථයට නේ. මේක නේ මේකෙ තියෙන්නෙ මේ කියන එක මට මෙනෙහි වුණා. සතුටක් ඇති වුණා ඒක මතක් වෙච්ච ගමන් රහතන් වහන්සේ මෙතෙන්ට දාන්න කියපු එක.

එතකොට මේ අපි මේ කතා කරන්නේ හය වෙනි වටය. කුඩා තණ්හාව කියන එක, ඒ කියන්නේ ප්‍රේමය පළමුව ඇතුල් වෙනවා මේ වෙලාවේ දී. ඒ කියන්නේ පස් වෙනි රවුමේ, වටය සංකල්පය වෙලා, ඒක ඇතුල් වෙන හය වෙනි වටය ගැන මේ අපි කතා කරන්නේ. එතකොට දැන් අපි මේ පිපාසයට එනවා. එතකොට තණ්හාව, කුඩා තණ්හාව පෙර සංස්කාර නිත්‍යයි කියන එක මේ අවස්ථාවේ දී 2 හැටියට ඔතන තියෙන්නේ. එතකොට මේ කාරණා දෙක, මම එහෙනම් ප්‍රේමය සහ නිත්‍ය සංස්කාර ඇතුල් වීම හොඳට සිහි කළා ම මේ පරිග්ගහය හරහා මේක වෙනවා කියන එක, පරිග්ගහයත් වුණේ කිව්වා එතෙන්දි දීර්ඝ වශයෙන් මෙන්න මේ විදිහට, බාහිර වස්තූන්ගේ පරිග්ගහය කියන එක, මට සුඛයක් ඕනෙයි කියලා නේ මේ අල්ලගෙන ඉන්නෙ.

එතකොට මේක, මේ දෙක සිහි කළහම මේ අර, මං පෙන්නුවේ ඊයේ එහෙම අර triangle දෙකක් වුණා ය කියන එක. ඒ triangle දෙක නේ මේ තියෙන්නේ. ඒ කියන්නේ ඔය වේදනාව, චේතනාව, පරාමාසය, අර පැත්තෙන් භයෙන් අගතියට යන පැත්ත, අනෙක් පැත්තෙන් ඉදංසච්චයට යන එක ඒක ඇති වෙන triangle එක සංස්කාරය කියන එක මේ මෙතන මැද්දේ තියෙන්නේ. එතකොට මේ කෑලි දෙක මෙහෙම එන එක තමයි මේකේ තියෙන්නේ. ඉතින් මෙතෙන්දි දැන් මට මෙතනින් එහාට හිතන්න ඕනෙකමක් නැති වුණා.

අර උපෙක්ඛා අප්‍රමාණයට යන එක තමයි වුණේ, ඒ කියන්නේ හිත නතර වෙනවා වාගේ මේකක් වුණා. අර මතක ද මම කිව්වා මේ, සුවචභාවය නිසා වුණා ය කියලා. ඒකට වඩා පොඩ්ඩක් වෙනස් ගතියක් තියෙනවා කියලා හිතුණා. ඒකෙත් අර ඒ වගේ ගතියක් තියෙනවා. ඉතින් මං මෙතන්ට, මං මේකෙ ටික වෙලාවක් හිටියා. සිතන්න අවශ්‍ය නැති බව දැනුණා. මං කල්පනා කළා ඇයි මෙහෙම වෙන්නෙ? එතෙන්දි මට පෙනුණා මේ විරිය කියන එක තියෙනවා අර සඤ්ඤාව මගේ නොවෙන්න. අර ප්‍රේමයෙන් ඇති වෙන්නේ ඔය සුඛ සඤ්ඤාව නෙ. ඒක මගේ නොවෙන්න. සංස්කාරය කියන එක මගේ කියලා ගන්නෙ නැති වෙන්න. එතකොට ඒ දෙක තියෙන නිසා තමයි, මේ විරිය ඉද්ධිපාදය අනුව තමයි මෙතන මේ උපෙක්ඛාව මේ විදිහට තියෙන්නේ කියන එක.

එතකොට මෙතනදි ටිකක් ඉඳලා මම කල්පනා කළා දැන් පරිග්ගහයෙදි මළොත් එහෙම ඒ පුද්ගලයා යන්නෙ අපායේ. හැබැයි මෙතන මතක තියාගන්න පරිග්ගහයෙදි මළා කියලා කියන්නේ මේ තණ්හාව සම්පූර්ණ වීමෙන් පස්සෙ. මේ කතා කරන්නෙ ඊට පෙර අවස්ථාව. එතකොට මේ නිත්‍ය සංස්කාර අවස්ථාවේ දී මළොත් කුමක්, මෙතනත් මොකක් හරි එකක් තියෙන්න ඕනෙ. නිත්‍ය සංස්කාරය කියන එකේ. මේ කියන්නේ හය වෙනි රවුමේ දී, මේ ප්‍රේමය තියෙන අවස්ථාවේ දී, නිත්‍ය සංස්කාර ඇතුල් වෙන අවස්ථාවෙ දී මළොත් මොකද්ද වෙන්නෙ? ඒ පාර මං බුදු පියාණන්ගෙන් විමසුවා ම බුදුපියාණන් කිව්වා “ප්‍රේත ලෝකෙ යන්නෙ” කියලා. ඔන්න ප්‍රේත ලෝකෙ යන අවස්ථාව, ඒකෙදි.

එතකොට ප්‍රේමය ඇත. පැවැත්විය යුතු යැයි සිතයි. මේක මට හොඳින් වැටහුණා. ඒ විදිහට තමයි ඒ මනුස්සයෝ වෙන්නෙ. දැන් මේ අම්මලා එහෙම දරුවෙක් එහෙම දිහා බලාගෙන ඉන්නෙ, ඒ ළමයාට යම් වූ ප්‍රේමයක් තියෙනවා, අර මේක පැවැත්විය යුතුයි කියලා ඒ සංස්කාරය නිත්‍ය වශයෙන් ඒක ඇතුල් වෙන අවස්ථාව. එතකොට දැන් සංස්කාර දුක්ඛ වශයෙන් අපි දුක්ඛ දුක්ඛතාවයට යනවා. අර පරිදාහය කියන එක. එතකොට මෙතෙන්දි අර පෙර වූ සුඛය මෙයා පතනවා නේ.

මේක ගැන මම සිතුව ගමන් ම අප්පණිහිත චෙතො විමුක්තිය. පැමිණෙනවා එතෙන්ට. ඒ මොකද මෙතන ප්‍රතිඵලය දුක බව දැකීමෙන්, දැනීමෙන්. එතකොට මේ පැත්තෙන් දුක්ඛ වේදනාව තමයි ඇති වෙන්නේ, මේ පැත්තෙන් ඇති වෙලා තියෙන්නේ දුක් වූ සංස්කාරය. එතකොට මේ දුක් වූ සංස්කාරයන්ගෙන් දුක්ඛ දුක්ඛතාවයට මම යනවා. එතකොට මේක කෙනෙක් තේරුම් ගන්නවා නම්, මේ වේදනා සඤ්ඤා සංස්කාර දුක්ඛ බව. අප්පණිහිත චෙතො විමුක්තියේ තියෙන්නේ ඒක නේ. මතක ද? දැන් මෙතනින් වෙන්නේ ප්‍රියේහි විප්‍රයෝගය, අතන තියෙනවා දුක්ඛය, උපායාසය. මෙච්චරයි නේ. මං වෙහෙසට පත් වෙනවා කියන එක එතන තියෙනවා. ඉතින් ඒක, එතනින් රහතන් වහන්සේ “ඇති ය” කියලා කිව්වා. ඒ නිසා නැවැත්තුවා.