ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ඉඳන් සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා ශ්‍රේෂ්ඨත්වය අනුව මෙනෙහි කළා.
මෙනෙහි කරලා මුලින් ම කල්පනා කළේ මේ සැකය කියන එක. මේ සැකය කියන එක අපි දන්නවා තියෙන පාර, අර මාන පාරේ තියෙන්නේ. එතකොට යම් ආකාර වූ සැකයක් තියෙනවා නම් ඒක ම අවිද්‍යාව සඳහා ම තුඩු දෙනවා. අපි දන්නවා අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට මේ සැකය කියන එක පහර දෙනවා කියන එක. එතනින් ආවා ම මේක, අර triangle එක හැදෙනවා. දකුණු පැත්තේ triangle එකේ ඉඳන් වම් පැත්තේ triangle එක නාමරූප කරා ඒක සිද්ධ වෙන ක්‍රියාවලිය සිද්ධ වෙනවා කියලා.
එතකොට, දැන් මම කල්පනා කළා මේ සැකය කියන එක ඇති වෙන්නේ, ටිකක් ඕක බලලා, සැකය ගැන හොඳට කල්පනා කරලා මං කල්පනා කළා මේ සැකය කියන එක ඇති වෙන්නේ, මේකේ සමුදය ධර්මය රහතන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා, ඒ කියන්නේ ථීනමිද්ධයයි, කුක්කුච්චයයි නිසයි මේ සැකය ඇති වෙන්නේ.
ඒ පාර මං කල්පනා කළා මේ ථීනමිද්ධය කියන එක ඇති වෙනවා කිව්වහම දැන් අර triangle එකේ ම නේ ඕක එන්නෙ. ආපහු මං කල්පනා කරනවා මේ ථීනමිද්ධය කියන එක ඇති වෙන්න ව්‍යාපාදය. ඒ කියන්නේ අර ව්‍යාපාද කාය ග්‍රන්ථය, අපි එනවා නේ මේකට. නිතර ම පටිඝයෙන් එකතු වෙනවා. එතකොට මේ, නාමකායේ පටිඝසම්‌ඵස්‌සය. එතකොට මේ මෙතනින් ඇවිල්ලා තමයි මේක මේ වේදනාව මේ පාරේ යන්නේ. එතකොට දැන් මේක මානය කියන එක මේක නිසා ඇති වෙලා තියෙනවා, මේක පවතිනවා කියන එක ආවා.
ඉතින් එතෙන්ට ආවට පස්සෙ මට පේනවා දැන් මේක ඇති වෙලා තියෙන්නේ මේ සඤ්ඤාව, මෙතන වේදනාව, මෙතන නාමරූපය, මෙතනින් තමයි මේ කතාව ඇති වෙන්නේ. ඒ triangle එක ගත්තහම. ඒ කියන්නේ මේ සඤ්ඤාවයි, වේදනා කියන කතාවයි උඩ තමයි මේක ඇති වෙන්නේ. එතකොට අපි බලනවා මේ කිසිම එකකට අපි අගයක් දුන්නොතින් මේ සැකය කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ යම්කිසි දෙයක් සඤ්ඤාවකින්, සඤ්ඤාවක් වේදනාවක් ඇති වුණා නම් මට සැකය කියන එක එහෙනම් මට ඇති වෙනවා. ඒ ස්පර්ශ වෙලා මේක සිද්ධ වෙන්නේ කියන එක.
එතකොට “ස්පර්ශ නිදානානි පපඤ්ච සඞ්‌ඛා” කියන එක එතනින් එනවා. ඒක push කරන එක මේක ගමන් කරනවා කියන එක. එහෙම ආවට පස්සෙ මං කල්පනා කළා, මේ කිසිම එකකට අගයක් නොදෙනවා නම්, ඒ කියන්නේ අපි හිතමු මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ කියලා. එතකොට ඒ බුදුපියාණන් වහන්සේ කියලා අපි අගයක් දුන්නා නම් එතෙන්දි අපිට ඔය සැකය කියන කතාව එනවා. තථාගතයන් වහන්සේට අපි අගයක් දුන්නා කියන්නකො. තථාගතයන් වහන්සේට අගයක් දුන්නා නම් ඒත් ඔය සැකය කියන එක එනවා. මේ ඔක්කෝම ඇති වෙලා තියෙන්නේ අර සුභයි කියන එක අරගෙන. පටිඝසම්‌ඵස්‌සය කියලා කීවේ මං අන්න ඒ අර්ථයෙන්. සුභයි කියන එකට මේ දීමෙන් තමයි ඇති වෙලා තියෙන්නේ.
ඒ තථාගතයන් වහන්සේ කිව්වා නේ පිරිනිවන් පෑවාට පස්සෙත් ධර්මය කියන එක අල්ල ගන්නෙයි කියන එක. ගුරුවරයා හැටියට තියා ගන්නෙයි කියලා කිව්වා. එතකොට දැන් මම කල්පනා කළා ඒ, දැන් මිනිස්සු මේ theorem එකක් අරකක් මේකක් හොයා ගත්තහම ඒගොල්ලෝ නමක් ගහනවා. Zoom value theorem, අර theorem, මේ theorem කියලා ඒගොල්ලො ඒ කරපු, Pythagoras theorem ඒ විදිහට නමක් දානවා. තථාගතයන් වහන්සේගේ එහෙම එකක් නෑ නෙ. තථාගතයන් වහන්සේ මේ ධර්මය ධර්මය වශයෙන්, මේ කාමය කියලා පෙන්නුවා, මේක කියලා පෙන්නුවා, බුද්ධ 1, බුද්ධ 2 කියලා එහෙම දැම්මේ නැහැ නේ. එතකොට බුදුහාමුදුරුවෝ ඒ කොච්චර, ඒ ශ්‍රේෂ්ඨත්වය කියන එක ගත්තහම.
එතකොට මේකෙ මේ ධර්මය විතරයි කියන එක මට මෙතන ආවා. එතකොට මේ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ, සහම්පති මහා බ්‍රහ්ම බුදුපියාණන් වහන්සේ, ඒ විදිහට, තථාගතයන් වහන්සේ කියන එක නෙවෙයි. මේ ධර්මය. කාට වුණත් ඒක මේ ධර්මය කියන එක තමයි කියන එක.
එතකොට මෙන්න මේ විදිහට මම මේක බලලා, ඊට පස්සේ මම මෙනෙහි කරන්න ගත්තා, මේ සුභයි කියන කතාව. දැන් අතන අර බුදුවරුයි ඒ සුභයි කියන කතාවයි මං ඒක වෙන් කරනවා. වෙන් කරලා ඊට පස්සේ දැන් මං මේ කතා කරන්නේ මේ සුභයි කියන කතාව මේවා ඔක්කෝම ඇති වෙන්නේ මේ නිර්වාණයෙන් පිටත වූ දෙයක් ගන්න මනුස්සයාට. නිර්වාණයේ ඉන්නා වූ පුද්ගලයාට ඒ කතාවක් නෑ.
එතකොට එහෙම නම් මේක, මෙතෙන්දි ආපහු මං බැලුවා දැන් ලෝභය නැති කරමි, දැන් මේ විදිහට මේ තථාගතයන් වහන්සේ පවා, ඒ කියන්නේ තථාගතයන් වහන්සේට අපි ගරු කරනවා, නමුත් ඔන්න ඔය අර්ථය තේරුම් අරගෙන.
ඊළඟට අපි කල්පනා කරන්න ගත්තා මෙහෙම, එහෙම නම් ලෝභය නැති කරමි කියන එකට මම ආවා. ලෝභය නැති කරමි කියන එක මං කල්පනා කළා ම එතෙන්දි මට එනවා, මනාපික වූ ආරම්මණයක්, සුඛ වේදනීය වූ ස්පර්ශයක්, සුඛ වේදනාවක්. එතකොට මෙන්න මේක නිසා තමයි මේක ඇති වෙන්නේ. එතකොට දැන් මෙතන සුඛයි කියන කතාව, ඒ ඔක්කෝම මේ ස්පර්ශය හේතු කොට ගෙනයි මෙතන ඇති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ නිවන කියන එක ගත්ත පුද්ගලයාට ඔය ප්‍රශ්නයක් මොකුත් නෑ.
ඒ කියන්නේ කෙටියෙන් ම කියනවා නම් මේ නාමරූපය කියන එක, ඒක තියෙනවා නම් විතරයි මේ කතාව ඇති වෙන්නෙ. ඒ කියන්නේ වේදනා, සඤ්ඤා ඒවාට අගයන් දීම කියන එක තියෙනවා නම් විතරයි මෙතන මේ පටිඝසම්‌ඵස්‌සය කියන එකත් එක්ක ඇති වෙන්නා වූ ඒ කතාව ඔක්කොම ඇති වෙන්නේ. එහෙම නැත්තන් ඒ පුද්ගලයාට කිසිම දෙයක් නැතෙයි කියන එක, ඒ නිර්වාණයට කියන එකේදි මේක නැතෙයි කියන එක ආවා. මේ කරකවන මනුස්සයාට විතරයි මේ කතාවල් ඔක්කෝම තියෙන්නේ. කරකවන්නැති මනුස්සයට මේකෙ මොනවක්වත් නෑ. ඉතින් මේක තමයි මේ නිර්වාණය කියන එක. නිබ්බානය කියන එක භාවනාව.