ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ශ්‍රේෂ්ඨත්වය අනුව අනුපිළිවෙළින් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ඉඳන් සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා.
එහෙම මෙනෙහි කරලා මම ඒ පන්සිල් ගන්න එක දිගට ම කරගෙන ගියා. ගිහිල්ලා පාණාතිපාතා වේරමණී කියලා ගත්තහම, ඒ පාණාතිපාතා නිසා ද්වේෂය ඇති වෙනවා කියන එක. එතෙන්දි මං කල්පනා කළා, පාණාතිපාතා ඒ කතාව අර ආනෙඤ්ජ සප්පාය සූත්‍රය, අන්තිමට කරපු දේ තියෙනවා නේ. එතන තියෙන්නේ මොකද්ද?
අපි කියනවා නේ පෙර වූ මෝහය, දෝස සහිතව ජීවත් වීම, පාණාතිපාතා කියන එක. එතකොට මං මේක ආපහු සිහි කරලා බැලුවා කොහොම ද මේක හැදුණේ කියලා, ඉතින් අර 1, 2, 3 මතක නේ. චේතනාව නේ මෙතන දැන් මේ මෝහය තියෙන තැනට ඇවිල්ලා තියෙන්නේ. චේතනාවයි මේක මගේ කියලා අරගෙන මෝහය කියන එක මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. එතෙන්දි මං කල්පනා කළා මේ මෝහය මෙතෙන්දි ඇති වෙනවා කියලා කියන්නේ, අර පාණාතිපාතා කියන එක සංස්කාරයක්. එතකොට මේ සංස්කාරයට මේ අගයක් එහෙම දීලා තියෙන්නේ නේ ද? එතකොට දැන් මං මේ පාණාතිපාතා, පෙර වූ මගේ එක, පෙර වූ මගේ චේතනාවන්. ඒ කියන්නේ ඇත්තෙන් ම කියනවා නම් ඔතෙන්දි අර අපර චේතනාවක් තමයි මෙතන්ට ඇවිල්ලා තියෙන්නේ. කලින් එකේ අපර චේතනාවක්, ඒ කියන්නේ පෙර චේතනාවන් තිබුණා, ඊට පස්සේ ඒක මගේ කියලා ගත්තා, ඊට පස්සේ එතකොට අපර චේතනාව බවට පත් වෙලා නේ පල්ලෙහාට ම ඇවිල්ලා තියෙන්නේ.
එතකොට මෙන්න මේක තමයි මෙයාගේ මෝහය. ඒ කියන්නේ මේ සංස්කාරයන්, මේ පුද්ගලයා, මේ දුක් වූ සංස්කාරයන් මේ වෙලාවේ දී ඇදෙනවා පරාමාසයට. අර අරක අවස්ථාවෙ දී. මේකත් එක්ක මම connect කළා. දුක් වූ සංස්කාරයන් ඇදෙනවායි කියන එක. එතකොට මේ මනුස්සයා යන්නේ පාණාතිපාතා කරලා, පාණාතිපාතා එයාට ම සිද්ධ වෙලා, ඒ කියන්නේ පෙර වූ මෝහය නිසා මේ පුද්ගලයා ආපහු රෝගී බව කියන එකට තමයි ගමන් කරන්නේ. මැරුණාට පස්සෙ පුද්ගලයෙක් රෝගී පැත්ත නේ යන්නේ. එතකොට තමාටත් එහෙමයි, අනෙක් අයටත් එහෙමයි. ඒ කියන්නේ ඔයා කෙනෙක්ව පාණාතිපාතා කරලා මරණවා නම් ඉතින් ඒ මනුස්සයා දැනටත් රෝගියා, ඒ මනුස්සයා මළාට පස්සේ ආපහු රෝගියා. ඒ පැත්තෙන්. තමාගේ පැත්තෙන් ගත්තහම තමාත් කරගෙන තියෙන්නේ අන්න ඒ විදිහේ දෙයක්. ඇයි ඉතින් මේවා කාමයන් කියන ඒවා මේවා අරගෙන, මගේ කියලා අරගෙන එයාගෙ මරණය එයාට ම සිද්ධ වෙනවා. එතකොට මේ විදිහට මං බැලුවා මේ, ඒ අවස්ථාව, අර දුක් වූ සංස්කාරයන් තමයි පරාමාසයට ඇදෙන්නේ. මේ අනුව මෙයා ද්වේෂයට යනවා කියන එක. තේරුණා ද? එතකොට ඒක තමයි පෙර වූ මෝහය, දෝස සහිතව ජීවත් වීම, පාණාතිපාතා කියන එක.
එතකොට ඔය විදිහට ම මේ අදත්තාදානය කියන එකටත් මම කල්පනා කළා. දැන් අවිද්‍යාව කියන එක, ලෝභ සහිතව ජීවත් වීම කියන එක, ඒක කල්පනා කළා.
ඊළඟට කාමයෙහි වරදවා හැසිරීම, කාම සඤ්ඤාව, මෙහි ඇලීම අභිනිවේසයයි කියන එක. එතකොට එහෙම නම් මට කල්පනා වුණා මේ ඉහළ ම වූ සංස්කාරය, මනුස්සයෙක්ගේ ඇලෙන්නා වූ ඉහළ ම වූ සංස්කාරය එහෙම නම් මේ පාණාතිපාතයයි කියන එක. එතනින් නෙ මේක සිද්ධ වෙලා තියෙන්නේ බැලුවහම. ලොකු ම සංස්කාරය වශයෙන් කියනවා නම් පාණාතිපාතා කියන එක. ඉතින් ඒක තමයි බුදුහාමුදුරුවෝ ඒක පෙන්නලා දීලා තියෙන්නේ කියන එක. ඉතින් ඕක අර, මුලින් ම අර ගත්තහම, මේක කිරීම නිසා, පාණාතිපාතා කරලා මේ සංස්කාරයන් මේකෙදි ඇතුල් වෙලා මෙයා යන්නෙ අර දුක්ඛයට ඉතින් ආකිඤ්චඤ්ඤායතනය කියන එක නේ, එතන ඇති වෙන්නේ. ආකිඤ්චනය, එතන ඒක සහිතව තමන්ට ඉන්න පුළුවන්කම තියෙනවා.
ඉතින් ඕක තමයි මං ඒ භාවනාව වශයෙන් දීර්ඝ වශයෙන් මං කරගෙන ගියේ, ඒක තමයි මෙනෙහි කරපු එක. අර, දැන් කරකවලා ඇති කරන එකයි, මේ ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ මේ කාම සඤ්ඤාව සහිතව පවත්වනවා කියන එකයි, ඉතින් දැන් මට මෙතෙන්දි පේනවා අර සංකල්පයන් කියන ඒවා අතන එනවා නේ. ඇවිල්ලා, දැන් ඔයාට කාම සඤ්ඤාව නිසා ඇති වෙන්නා වූ සංකල්පයන් ආපහු input එක හැටියට එනවා නේ. ඒ සංකල්පයන් input එක හැටියට ඇවිල්ලා වේදනාවට, එතනින් අපි මේක කරකව කරකව ජීවත් වෙනවා කියන දේ.
ඉතින් එතෙන්දි අර ලොකුවට පේනවා ඒ පාණාතිපාතයයි, අදත්තාදානයයි සහිතව ජීවත් වීම මේ සංස්කාරයන්ගේ අභිනිවේසය කරමින් මේ සත්වයා ඉන්නවා කියන එක. එක එක සංස්කාරයන් අභිනිවේසය කරමින් ඒ සත්වයා ජීවත් වෙනවා කියන එක තමයි මේ පැහැදිලිව ම තේරෙන්නේ.
ඒක තමයි භාවනාව.