ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේගේ ඉඳන් සහම්පති මහා බ්‍රහ්ම බුදුපියාණන් වහන්සේ දක්වා.
ඒක සිහි කරලා අර ලෝභය නැති කරමි කියනකොට මම කල්පනා කළා වට හයක් වෙන කන් ගිහිල්ලා නේ, ඡන්දය කියන එක, චේතනාවට අගය කියන එක දීලා නේ, එතන ඒ වෙනකොට. දන්නවා නේ. පළවෙනි වට දෙක මෝහයට, ඊට පස්සේ වට හතර කියන එක.
එතකොට ඒ තත්වෙට මනස ගිහිල්ලා ඊට පස්සේ මම මේ කල්පනා කරන්න ගත්තා ඔය අවිගත රාගය, අවිගත ඡන්දය ඒ විදිහට ඇති වෙන එක ගැන. එතකොට අපිට පේනවා මේ හය වෙනි වටයේ දී තමයි අවිගත රාගය කියන එක තියෙන්නේ. හය වෙනි වටයේ දී තමයි අවිගත ඡන්දය තියෙන්නේ. හය වෙනි වටයේ දී තමයි අවිගත ප්‍රේමය කියන එක, ඒ තුන ම අයිති වෙන්නේ ඒ හය වෙනි වටයට. ඊට පස්සේ මේ හත් වෙනි වටය එනකොට තමයි අවිගත පිපාසය කියන එක ඇති වෙන්නේ. එතන, හත් වෙනි වටයේ දී මුල, නිත්‍ය වූ සංස්කාරයන් කියන ඒවා හැදෙනවා. අර නිත්‍යයි කියන එක පහළට ආවා, සංස්කාරය නිත්‍යයි කියලා පරාමාසයට ඇතුල් වෙන එක. එතකොට හතේ මුල, ඒ කියන්නේ අර steps වලින් ගත්තහම 7.2 step එක එතන මේ කියන්නේ. එතකොට ඒ පිපාසය කියන එක, අන්න ඒ අවස්ථාවේ දී මම ඇහුවා ම තමයි අර ප්‍රේත ලෝකෙ යනවා කියන එක තියෙන්නේ.
දැන් හතේ අග කියන එකට එනකොට තමයි අර පරිදාහය කියන එක ඇති වෙන්නේ. අගය කියන එක ඇති වෙනකොට පරිදාහය කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ අර මේ දිට්ඨි අනුසය එහෙම වෙලා එතනින් පස්සෙ නේ, හතේ 7.6 step එක, six එකට ඇවිල්ලා තියෙන්න ඕන. අන්න එතකොට නේ අපි දැන් ඒ, අපි දන්නවා නේ හත් වෙනි වටයේ දී, සම්මා සංකප්ප භාවනා දෙකේ දී පෙන්නුවේ ඒක නේ දිට්ඨි අනුසය වුණායින් පස්සෙ නේ සසඳනවා කියලා කිව්වේ රහතන් වහන්සේ. එතකොට අර shadow area එක, area 4 එක shadow area එකයි, අර තමන්ගේ සරසඞ්කප්ප area එකයි සැසඳීම කියන එක එයා එතනදි කරලා අර දුක්ඛ දුක්ඛතාවයට යනවා මේකේ නැතෙයි කියන එක.
එතකොට දැන් අට වෙනි රවුම වෙනකොට අටේ දී, මුල දී ගත්තහම අර නිත්‍ය වූ සංස්කාරය කියන එක ආපහු ඇදීමක් තියෙනවා නේ. අට වෙනි රවුම එනකොට නිත්‍ය එක සිද්ධ වෙලා නේ එතන, ඒ කියන්නේ දැන් අටෙත් තියෙනවා නේ steps, හතක් තියෙනවා නේ. එතකොට මුල තියෙනවා නිත්‍ය වූ සංස්කාරයන් එතන ඇදෙනවා කියන කතාව තියෙනවා. ඒ නිත්‍ය වූ සංස්කාර නිත්‍යයි කියලා ගන්න, ඒක මේ මාන පාර හැබැයි. එතකොට නිත්‍ය වූ සංස්කාරයන් කියන ඒවා යම් ආකාරයකට ඇති වන.
අන්න ඒ මොහොතක දී මළා ම තමයි ඒ පුද්ගලයා තිරිසන් ලෝකේ යන්නේ. එතකොට ප්‍රේත ලෝකේ හතේ අර නිත්‍ය අවස්ථාවේ දී, සංස්කාරය ඇතුල් වන. අටේ නිත්‍ය කතාවත් තියෙනවා නේ, අන්න ඒ වෙලාවෙදි තමයි තිරිසන් ලෝකය කියන එක වැටෙන්නේ. ඊළඟට අටේ අර 6 වෙනි step එක දක්වා යනවා නේ දිට්ඨි අනුසය කියන එක. 8.6 කියන එක, 6th step එක. ආන්න ඒ වෙලාවෙදි තමයි එයා අපායේ යනවා කියන එක සිද්ධ වෙන්නේ.
ඉතින් එතනින් පස්සේ, මේ ආපහු, දැන් පේනවද මේ දිට්ඨි අනුසය වෙනකන් ආවොත් අර මමංකාර කොටස නිසා එතන ඇති වෙනවා. ඊට පස්සේ දැන් ඔය වෙලාව වෙනකොට එතනින් පස්සේ තව continue වුණා ම එතෙන්දි මොකද වෙන්නෙ අර අටේ අන්තිමට ගිහිල්ලා නේ. අටේ අන්තිමට ගිහිල්ලා ඉවර වෙලා එයා පරිග්ගහය කියන ඒවා ඒ හරිය වෙනවා, එතකොට ඉතින් අපාය විතරක් කියලා කිව්වේ. අතන තියෙනවා in between කියන එක. එතකොට ඒ කියන්නේ අර සෝකය ඒ කියන කතාවත් එක්ක.
ඉතින් ඕක තමයි භාවනා කළේ.