ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ඉඳන් සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා අනුපිළිවෙළින් මම සිහි කළා.
සිහි කරලා මට මේ, භාවනාවේ චූල දුක්ඛක්ඛන්ධ සූත්‍රයේ අර බුදුහාමුදුරුවෝ දුන්නා නේ උදාහරණ. ඒ උදාහරණවල බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පළවෙනි වශයෙන් ගත්තහම මේ කාමයේ ආස්වාදය මොකද්ද කියන එක. එතකොට ඔය කාමයේ ආස්වාදය කියන එකට තැන තමයි අර රාගය කියන එක එන්නේ හය වෙනි රවුමේ. හය වෙනි රවුමේ දී අපි දන්නවා මේක, රාගය කියන එක ඇවිල්ලා තියෙන්නේ. වට 2 යි, වට 4 යි, peak එකට ම ඇවිල්ලා තියෙන්නේ ඒක අර පස් වෙනි සංකල්පයට තමයි මේ රාගය කියන එක ඇති වෙලා තියෙන්නේ.
ඊට පස්සේ තථාගතයන් වහන්සේ පෙන්නනවා මේකේ ආදීනවය කියන එක. ඒ ආදීනවය පෙන්නනකොට පළවෙනියට පෙන්නනවා මෙතන ඒ පුද්ගලයාට, ඒ පුද්ගලයා ලබා ගන්නේ නෑ. ඒ කියන්නේ මුලින් ම පෙන්නනවා මේ සීතල, උෂ්ණය කියන ඒවා එයාට විඳින්න වෙනවා කියන එක. එතකොට ඒකත් අර රාගයේ කොටසට ම තමා ඒක වැටෙන්නේ. ඒකේ හැටියට, ප්‍රතිඵලය හැටියට එයාට තියෙනවා.
ඊට පස්සේ එයාට මොනවා හරි, එයා හොයනවා මේ රස්සාවල් කරලා මේ මේවා හොයන්න ගන්නවා. වැඩ කරනවා, ගණිතයෙන් අරකෙන් මේකෙන්. එහෙම කරනකොට එයාට මේ, ධනය ලැබෙන්නේ නෑ. Gains no wealth කියන එක. අන්න ඒ කෑල්ල තමයි මෙතන මේ ඡන්දය කියන එක. ඒ කියන්නේ රවුම 6, ඒ කියන්නේ අර පස් වෙනි රවුමේ step 4 එක තියෙනවා නේ. පස් වෙනි රවුමේ පරාමාස වෙච්ච දේ තියෙනවා නේ. ඒ පරාමාස වෙච්ච දේ තමයි දැන් මෙයාට මේ ලැබෙන්නේ නැතෙයි කියන එක තියෙන්නේ. මං මේ ඉගෙන ගත්තේ මට මෙහෙම හම්බවෙයි කියලා, ඒක නෑයි කියන එක එයාට ඒක තියෙනවා. එතකොට මගේ දේවල් සිද්ධ වුණේ නෑ, මගේ efforts are fruitless කියනවා එයා. එතකොට ඒක තමයි ඒ ඡන්දයට තියෙන උදාහරණය.
ඊළඟට තථාගතයන් වහන්සේ පෙන්නනවා, මේ පුද්ගලයාට යමක් ලැබෙනවා නම්, ඒ පුද්ගලයාට ලැබෙනවා නම්, ධනය ලැබෙනවා දැන් එයාට ටිකක්. අපි හිතමු තව ටිකක් chartered කරලා හරි මොනවා හරි කරලා, තව හොඳට රස්සාව කරලා හම්බවෙනවයි කියලා. එතකොට ඒකට උදාහරණය තමයි ඔය ප්‍රේමය කියන එක. ප්‍රේමය කියන එක, ඒක තමයි දැන් මෙයාට යමක් ලැබෙනවා, අර සුඛයක් කියන එකක් එයාට තියෙනවා. හැබැයි මේ අවස්ථාවේ දී මේ රජ්ජුරුවරු හරි, හොරු හරි ඉතින් මෙයාගේ දේවල් ගන්නවා. එක්කො මේ ගින්දරෙන් හරි පිච්චෙනවා. එතකොට මේ, ඒක හින්දා පපුවට ගහගන්නවා, කියලා ඕකෙ හරි ලස්සනයි පාලි වචනේ “යම්පි මෙ අහොසි තම්පි නො නත්ථි.” යමක් අපට වී ද, එය අපට නැති විය, කියන එක එයා කියලා තමයි මේක ගහගන්නේ. එතකොට එතන අපි දන්නවා ඔය රවුම් දෙක, රවුම 6 එක, step එක 3 එක කියන එක. ඔය ප්‍රේමය කියන අවස්ථාව කියන එක ගත්තහම.
ඊළඟට ආපහු බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒ පුද්ගලයා රණ්ඩු වෙනවා, ඒ කියන්නේ රජ්ජුරුවෝ රණ්ඩු වෙනවා අනිත් රජ්ජුරුවොත් එක්ක, සහෝදරයෝ සහෝදරියෝ රණ්ඩු වෙනවා අම්මලා පුතාලා ඔක්කොම රණ්ඩු වෙනවා. මේක තමයි මේ thirst එකට දීපු උදාහරණය. පිපාසය කියන එක. එතකොට මෙතෙන්දි රවුම 7 වෙලා එයාගේ අර දෙවෙනි step එක නේ අපි කියන්නේ අර නිත්‍ය වූ සංස්කාරයන් තමයි රිංගන්නේ මේ පරාමාසය කියන එකට ඇතුළට. මේ වෙලාවේ මළොත් තමා අර ප්‍රේත ලෝකේ එහෙම යනවා කියලා ඒක කිව්වේ. එතකොට මේ fight වෙන අවස්ථාව. මොකද මේ පාණාතිපාතා ඒවාට අපි fight කරනවා නේ, ඒ මනුස්සයා මේක කරලා, ඒ තත්වෙට එයාගෙ මනස පත් වෙලා තියෙන්නේ, පාණාතිපාතා කරගෙන මම ජීවත් වෙනවා. ඔන්න ඔය අර්ථය තියෙනවා. මේ හත් වෙනි රවුම ගැන මේ කතා කරන්නේ. එතකොට දැන් ඕකේ ගිහිල්ලා ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඉතින් ඒ උදාහරණේ තවදුරටත් ගෙනිහිල්ලා මේ, කඩු වැනෙනවා මේවා වෙනවා, ඒවා අස්සෙන් මෙයා මැරෙන්න යනවා. ඒ තරම් මේක, අර ප්‍රේත ගතිය කියන එක බොහොම වැඩියි මෙයාගේ.
එතකොට ආපහු බුදුහාමුදුරුවෝ ආයෙත් උදාහරණයක් තියෙනවා ඒ අය රෑට දානවා මේ, අර බර දේවල් එවන්නෙ, ගොම් බෙටි රත් කරලා වක් කරනවා, crush under heavy weights කියලා. අන්න ඒක තමා ඔය පරිලාහයට දීලා තියෙන උදාහරණය තමා එතන ඒ තියෙන්නේ. එතෙන්දි තියෙන්නේ මේ, ඔය weights කියන එක තමයි මෙතෙන්දි හොඳට බලන්න ඕනෙ. ඔය දිට්ඨි අනුසය තියෙනවා නේ. දිට්ඨි අනුසයේදි නේ, අපි පස්සෙ නේ අර compare කරන්න පටන් ගන්නේ මේ හත් වෙනි රවුම, දන්නවා ද මේ step එක 6 වෙනකන් ඇවිල්ලා තියෙන්නේ. ඒ වෙලාවෙදි නේ compare කරන්නේ අර shadow area එකයි area C එකයි කියන එක. ඒක compare කිරීම කියන එක කරනවා නේ සරසඞ්කප්පයත් එක්ක. එතකොට මේ weight එක මේ තමන් ම දාගත්ත weight එකක්. ඒ weight එකට තමයි මේක සිද්ධ වෙන්නේ.
එතකොට ඊට පස්සේ, ඊළඟට උදාහරණය ආපහු දෙනවා බුදුහාමුදුරුවෝ මේ කාමය නිසා තමයි මේ සත්වයෝ මේ කයෙන් වැරදි කරන්නේ, වචනයෙන් වැරදි කරන්නේ, මනසෙන් වැරදි කරන්නේ මේකයි කියලා. මේක තමයි අර තණ්හාවට දීපු උදාහරණය. ඒ අට වෙනි රවුම. එතකොට මේකෙදි අපි දන්නවා 8.2 ඇති වුණා නම්, අර නිත්‍යයි කියලා සංස්කාරය ගන්න අවස්ථාවේ දී ඇති වුණා නම් එයා තිරිසන් ලෝකෙට යනවා ය, ඊළඟට 8.6, දිට්ඨි අනුසය ඒ පැත්තෙන් ගියා නම්, ඉතින් එයා එතෙන්ට ගියා නම් එයා අපායේ යනවා, එතනින් එහා පැත්තට ඉතින් දිගට ම අපාය කියන තත්වෙ තමයි තියෙන්නේ. ඒක තමයි මම කරගෙන ගිය භාවනාව.
මේක ආපහු මේකට, මේක මම ඊයේ පෙරේදා mark කරලා තිබුණේ. ඒක මම නැවතත් මෙනෙහි කරලා බැලුවා ඉතින් මේක හිතන්න හිතන්න හරි වටිනවා, පේනවා, අර දැන් අර ප්‍රේත ලෝකයට යන එක්කෙනෙක් එහෙම ගත්තහම අර ප්‍රේමය කියන එක එයාට එතන තියෙනවා, මේ සංස්කාරය කියන එක මේක නිත්‍යව පවත්වන්න මෙයා බොහෝ ම දැඟලිල්ලක් දඟලනවා. දැන් එයා මැරිලත් ඉවරයි. තේරුණා ද? මරණය පවා එයාට සිද්ධ වෙන්න පුළුවන්. අපි හිතමු අම්මා කෙනෙක් කියලා. මේ දරුවා ගැන දැන් ප්‍රේමය තියාගෙන තියෙනවා. දැන් මෙයාගේ ඇවිල්ලා අර නිත්‍යයි කියන සංස්කාරය ගන්නේ, දැන් එයාගේ මරණය කිව්වහම අනිත්‍යයි. අනිත්‍ය වුණත් එයා කල්පනාව, ඒක ගැන කල්පනාවක් නෑ. මේක නිත්‍ය සංස්කාරයක් වශයෙන් මට මේක පවත්වන්න පුළුවන්, මට මේක ඕනෙ කියන එක, අර සුඛය කියන එක අරක නැති වෙලා වෙලා ඒක පවත්වනවා කියන එක හරි ම හොඳට ඒක භාවනාවෙදි නැවත නැවතත් මං මේක මෙනෙහි කළා. මේක අමාරුයි මේක මෙනෙහි කරන්න මේ උදාහරණත් එක්ක, නමුත් ඉතින් එක එක චිත්තයන් ඒක, මේ මනුස්සයාගේ නොතේරෙනකමයි කියලා හිතනකොට ඔන්න සිත නතර වෙලා ඒ විදිහට ඉහළ වූ තත්වෙන් පවතිනවා තමන්ගේ.
ඒක තමා භාවනාවට මං කරගෙන ගියේ.