Date: 21/03/2014 Name: Domanassa

ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා, නමස්කාර වේවා. උතුම් බුදුපියවරු සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ඒ බොහෝ කාලයක් මේ ධර්මය සත්වයන්ට දීලා තියෙනවා. තථාගතයන් වහන්සේලා මේ ධර්මය දෙනවා. චතුරාර්ය සත්‍ය කියන එක බුදුහාමුදුරුවෝ අවබෝධ කරගෙන දේශනා කළා. එතකොට ඒ ධර්මය දීමෙන් මනුස්සයෝ ඒක අහලා මගඵල ලබනවා, බ්‍රහ්ම ලෝකවල යනවා, අපාය තිරිසන් ලෝකවල යන ඒවා නතර වෙනවා ය කියන එක මම කල්පනා කළා.

දැන් ඕක නේ බුදුහාමුදුරුවෝ කළේ. එතකොට ඒ විදිහට ම මේ මණ්ඩලාධිපති බුදු පියාත් බොහෝ කාලයක් ඒ විදිහට මේක කළා. ඒ ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේත් බොහෝ කාලයක් මේක ඔය විදිහට පැවැත්තුවා, ධර්මය දුන්නා කියලා. ඔය සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා ඇවිල්ලා හිතුවා සහම්පති මහා බ්‍රහ්ම බුදුපියාණන් වහන්සේත් බොහෝ කාලයක් මේ ධර්මය ඒ විදිහට දුන්නා, ඉතින් අපිට ධර්මය නැති වෙලා තිබුණා, ඒක හම්බවුණා. එහෙම කියලා මම මෙනෙහි කරා.

මෙනෙහි කරලා බුද්ධං සරණං ගච්ඡාමි, ලෝභය නැති කරමි කියනකොට මට කෙළින් ම අර චේතනාවේ ඉඳන්, ඒක දක්වා චේතනා වෙන එක තියෙනවා නේ. ඒක තමයි මට එන්නේ. ඒක එනවා, ඊට පස්සේ ද්වේෂය නැති කරමි කිව්වා ම අර සංකප්ප භාවනා 2 විදිහට ඒක එනවා, ද්වේෂයට යනවා කියන එක. ඊළඟට අර මෝහය නැති කරමි කිව්වා ම එහා පැත්තේ කෙළවර සම්මා සංකප්ප භාවනා 3ට තමා ඒක එන්නේ.

ඉතින් එතෙන්ට ඇවිල්ලා ඉතින් එතෙන්දි මට ආවේ ඉතින් “යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං” කියන එක. එතන තියෙන්නේ ඔය සම්මා සංකප්ප භාවනාවේ 3 වෙනි එක කරනකොට ඕගොල්ලන්ට මතකයි අර area T කියන එක, third area එක ප්‍රිය වෙලා තියෙනවා කියන එක. ඕක ගැන මං මෙනෙහි කළා. ඇයි මේක area T එක මේක ප්‍රිය වෙලා තියෙන්නේ කියන එක. අර නිත්‍ය වූ සංස්කාරයන් කියන එක පරාමාසයට ඇදෙනවා, area T කියන එක අපිට ප්‍රිය වෙලා තියෙනවා, ඒක මගේ කියලා ගත්ත දේ නිසා.

එතකොට මම කල්පනා කළා ඇයි මේක ප්‍රිය වෙන්නේ කියන එක. මේක ප්‍රිය වෙන්නේ කියන එක කල්පනා කළා ම මට පෙනුණේ අර ඒකෙ උඩ, area T එක ඔයා දික් කළොතින් මොකද්ද එන්නෙ? එක පැත්තකින් යනවා විඤ්ඤාණයට. දැන් මෙතන මේ තියෙන්නේ දෝස අගති ගමන නේ. ඒක දික් කළහම මේ පැත්තේ යන්නේ විඤ්ඤාණයට. මෙතනින් උඩ line එකේ ආවා ම එන්නෙ මනොසඤ්‌චෙතනාවට. එතකොට මෙතන මෙන්න මේ area එක නිසයි මගේ මේ ප්‍රියභාවය කියන එක ඇති වෙලා තියෙන්නේ. මං මේකට කැමති නිසයි මට මේක ඇති වෙලා තියෙන්නේ.

MM_21_03_2014.jpg

එතකොට මේකට කැමතියි කියලා කියන්නේ මොකද්ද?

මම කැමතියි මගේ චේතනාව, මගේ චේතනාව මුදුන්පත් වෙනවා කියන එක දකින්න මම කැමතියි. චේතනාවන් මුදුන්පත් වෙනවා කියන එක දකින්න කැමතියි. එතකොට ඒ කියන්නේ විඤ්ඤාණයෙන් එවනවා ඔහොම සකස් වෙලා දැන් ළමයෙක් ඉගෙන ගන්න, එයා කියනවා නේ මට දැන් හරියි කියලා. ඒ වගේ ඒකට මම කැමතියි.

ඉතින් එතකොට අර ඔතන අර අත්තා ඉඳන් නිත්‍යට යන jack එක ගැහුවෙත් ඔතන ඒ කතාව ම නේ, පාලම හදා ගන්නවා කියන එක නෙ. මේකට තමයි මේ කැමැත්ත තියෙන්නේ කියන එක. ඉතින් එතකොට තේරුණා අනේ ඒකනේන්නම් මේ ප්‍රේත ලෝකෙ යන්නෙ. ඇයි එතන මේ සත්වයාට දැන් ප්‍රේමය තියෙනවා නේ. ප්‍රේමය තියෙනවා, චේතනාවන් ඒක නිසා ඇති වෙලා තියෙනවා. එතකොට ඒ චේතනාව මුදුන්පත් වෙනවා. අර ළමයෙක් ඉන්නවා, අම්මා කෙනෙක් ඉන්නවා, අම්මා මළා, දැන් ළමයා ගැන කල්පනා කරනවා. මගේ චේතනාව නේ? බුදුහාමුදුරුවෝ කිව්වේ මේ අම්මා හොඳ ම එක්කෙනා මේ බිහි කරලා දීලා මගේ චේතනාව මුදුන්පත් වෙන්නයි ඕනෙකම තියෙන්නේ. ඇයි මේ ළමයා ඉගෙනගෙන ඉවර වෙන්න මේවා වෙන්න ඉස්සෙල්ලා තමයි මේක, අම්මා නැති වෙන්නේ නේ ද?

එතකොට දැන් අම්මා අරක අල්ලගෙන ඉන්නවා මගේ චේතනාව මුදුන්පත් වෙන්න කියන එක. ඒක තමයි මෙතන තියෙන්නේ කියන එක මට ආවා, ඒක නේ ද මේ වෙන්නේ කියලා.

ඉතින් ඔතනදි ඔයිට ඉස්සෙල්ලා මට ආවේ අර සංකප්පයට ම නේ මේ මනුස්සයා ඇලිලා තියෙන්නේ. එතකොට අර චේතනාව කියලා අපි මුදුන්පත් වෙනවා කියලා කියන්නේ මොකද්ද මේ?

මගේ සංකප්පය. මගේ සංකල්පයන් තමයි මුදුන්පත් වෙන්නෙ, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං. මේ සංකප්පය කියන එකේ දැන්, මං හැමෝම සත්වයෝ කැමති වෙලා තියෙනවා, කැමැත්තක් තියෙනවා නමුත් මේක ලැබෙන්නේ නෑ කියන එකයි.

එතකොට ඒ, ඒක ඔය විදිහට තමයි මේ භාවනාව කළේ.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_Sammasankappa_bhavana3/s_Sammasankappa_bhavana3-02.jpg