ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ශ්‍රේෂ්ඨත්වය අනුව මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේගෙන් පටන් අරගෙන සහම්පති බුදුපියා දක්වා සිහි කරලා ඒ බුදුපියවරුන්ට නමස්කාර කළා මේ ධර්මය දීම ගැන, ඒ ධර්මය දන්නා වූ ඒ බුදුපියවරු කියන එක.
ඉතින් මේ භාවනාවේ නම අප්පණිහිත චෙතො විමුක්තිය. ලෝභය නැති කරමි කියලා කිව්වහම මට මතක් වුණා අර කබලිංකාර ආහාරය, ඡන්ද අගතිය, චේතනාව කියන triangle එක. ඒ triangle එක මං මෙනෙහි කරලා මේක හැදුණේ, ඔයා දන්නවා අර පස් වෙනි වටයේ චේතනා අගය ලාභය නිසා දීම, හය වෙනි වටයේ දී චේතනා අගය නන්දිය නිසා දීම කියන එක. කලහවිවාද සූත්‍රයේ අර slide 10 එකේ තියෙන්නේ. මේ අනුව භවය පැවැත්වීමට උත්සාහ කිරීම.
එතකොට මේ වෙනකොට, ඒ කියන්නේ මට මුල දී ම මට ආකාසානඤ්චායතන තිබුණා අර ශ්‍රද්ධාව පැවැත්වීම සමඟ බුදුපියවරුන්ට. දැන් මේක ඊයේ භාවනාවත් එක්ක සම්බන්ධ වුණා. මගේ චේතනාව මුදුන්පත් වන්නේ යැයි විඤ්ඤාණයෙන් දැනගැනීමට ඇති කැමැත්ත නිසා තමයි අපි මේ චිත්ත සංස්කාර හදන්නේ.
මට මේ ආකාසානඤ්චායතනවත් විඤ්ඤාණයෙන් දැනගන්න ඕනෙ ද කියන එක මං කල්පනා කළා. ඒ කියන්නේ සම්මා සංකප්ප භාවනාව කරපු මනුස්සයා දන්නවා කොහෙන් ගියත් එක්කො ප්‍රියේහි විප්‍රයෝගය, එක්කො අප්‍රියේහි සම්ප්‍රයෝගය, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං ඕවා තමයි ඇති වෙන්නේ. එතකොට මේ ආකාසානඤ්චායතනයවත් ආකාසානඤ්චායතනය කියලා දැනගන්න ඕනෙ නෑ. අන්න එතනදි නිරෝධය. කෙළින් ම නිරෝධය.
එතකොට ආපහු ඒකෙන් එලියට ආවහම මම ආයෙත් කල්පනා කරනවා, මෙහෙම කැමති වෙලා තමයි මේ විඤ්ඤාණ ආහාර පාර ක්‍රියාත්මක වෙන්නේ. විඤ්ඤාණ ආහාර පාර අපි හිතුවට වඩා තව දරුණුයි. ඒක ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ විදිහට. එතකොට මේක නිසා තමයි මේ නිත්‍යභාවයට ඉඩක් ලැබෙන්නේ. ඒ කියන්නේ අර විපල්ලාසයන් කියන ඒවා සිද්ධ වෙන්නේ මේක නිසා කියලා. නිත්‍යභාවය කියන එක හැදෙන්නේ අර කැරකවීමෙන් නේ. රූපයක් අල්ලගෙන කැරකවීමෙන් තමයි අපි දන්නවා මේ නිත්‍යභාවය කියන එක ඇති වෙන්නේ. සුඛය කියන එක ඇති වෙනවා නිත්‍යයි කියන කතාව කැරකවීමෙන්.
එතකොට මේ කැමති වෙලා තමයි මේ විඤ්ඤාණ ආහාර ක්‍රියාත්මක වෙන්නේ, ඒකෙන් විපල්ලාස වෙනවා කියලා මට හොඳට තේරුණා. ඒ වෙලාවේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය. ඇයි ඒ හේතුව? සංස්කාරවලට මානයක් නෑ. සංස්කාරවලට අගය දෙන්නේ නැති කතාව තියෙනවා නේ, මාන පාර කියන එක කැපෙනවා, ඒක.
මේ ආකාරයට චේතනා පාර කුමක් ද වෙන්නේ කියලා මං විමසුවා. විඤ්ඤාණයෙන් දැනගන්නවා වගේ, විඤ්ඤාණයෙන් කරන්නේ දැනගැනීම නේ. මේ චේතනාව විමසුවා. “ඉතිපි කාමේසු සංයුක්තො විහරති භාවිතො අජ්‌ඣොසන්‌නා අයං චේතනා” කුමක් අල්ලාගෙන ඉන්නවා ද? භවය අල්ලාගෙන ඉන්නවා. කුමක් භාවිතා කරනවා ද? චේතනා අගය, රූප අගය, වේදනා අගය. කුමක් සම්බන්ධ වෙනවා ද? රූප, වේදනා, සඤ්ඤා. මෙම පාරේ යා යුතු ද?
ඊළඟට මම බැලුවා ස්පර්ශ පාර. ස්පර්ශයෙන් කුමක් ද වෙන්නේ? එකතු කිරීම. මේක කරන්න බැරි ය කියලා අපි දන්නවා නේ. “විවේකදස්සී ඵස්සෙසූ” කියලා කිව්වෙ නේ ද? එතකොට දෙකක් එක්කහු කරන්න බැරුව තුනක් එකතු කරන්න බෑ.
දැන් ඊළඟට කල්පනා කරනවා රූපයෙන් කුමක් කරනවා ද? ඕකේ තියෙන්නේ මේ සතුට සෙවීම. රසය සොයනවා. මෙන්න මේ විදිහට මේක විඤ්ඤාණයෙන් දත යුතු ද? මේක රසයි කියලා, බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ විඤ්ඤාණ පාරේ මේක මේ කර රසයි, තිත්ත රසයි, මේකයි කියලා. මේකෙන් දත යුතු ද කියලා. මේ විදිහට රස සෙවීම කළ යුතු ද? එතකොට අප්පණිහිත චෙතො විමුක්තිය වුණා.
බොහෝ කාලයක් සමාධි සුවයෙන් ම තමයි හිටියේ. එක්කො අප්පණිහිත චෙතො විමුක්තිය, එක්කො නෙවසඤ්ඤානාසඤ්ඤායතනය. එක්කො නිරෝධය. මං හොඳට දන්නවා බොහෝ කාලයක් තිස්සේ මේ විදිහට ම හිටියා කියලා ඉතින් භාවනාව බොහෝ ම චුට්ටයි. මේවා එකපාරට splash එක වාගේ ඒ ඔක්කොම ඔය ටික ආවේ.
සාධු පියවරුනි කියලා මේක නැවැත්තුවා.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්