Date: 23/03/2014 Name: කාමය භාවනා 4 - සම්මාවාචා

ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා, නමස්කාර වේවා. ඉතින් ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ගැන මම සිහි කළා. ඒ බුදුපියාණන් වහන්සේ බොහෝ කාලයක් මේ ධර්මය දැනගෙන, ඒ techniques ඒ පුදුමාකාර විදිහට දැනගෙන, ඒ අනුව මේ සත්වයන්ට, ඒවා තමන් ඉස්සෙල්ලා භාවිතා කරලා, භාවනා කරලා, බොහෝ කාලයක් භාවිතා කරලා ඒ පුද්ගලයන්ට ඒ අවශ්‍ය ප්‍රමාණයට ඒ හරියට දෙනවා කියන එක. ඉතින් ඔය විදිහට ම ඒ දෙවෙනි බුදුපියා, තුන් වෙනි බුදුපියා ඔය විදිහට සිහි කරලා වැන්දා. ආපහු ඒ දාහතර නම ම ඔය විදිහට ම සිහි කරලා වැන්දා. එතකොට එහෙම කරලා, ඒ කියන්නේ ශ්‍රද්ධාව ඒ තරම් ඒ බුදුපියවරු ගැන ඒ විදිහට තියෙනවා. එහෙම කරලා, ඊට පස්සේ මං කල්පනා කරන්න ගත්තා මේ අද කරන භාවනාව, ඒ සම්මා වාචා භාවනාව කරන්න යන්නේ.

ඉතින් ඒ ලෝභය නැති කරමි කියලා කියනකොට ම මං මෙනෙහි කළා, ලෝභය ඇති වෙන විදිහ අපි දන්නවා නේ. එතකොට ඒ විදිහට ම මං මෙනෙහි කළා, මේ පළවෙනි රවුමේ දී අපි රූපයට අගය දෙනවා. දෙවෙනි රවුමේ දීත් රූපයට අගය දෙනවා. තුන් වෙනි රවුම වෙනකොට වේදනාවට අගය දෙනවා. හතර වෙනි රවුමේ දී මානය සහිතව වේදනාවට අගය දෙනවා.

දැන් එතකොට මේ විදිහට මේ වේදනාවට අගයන් දීලා පස් වෙනි රවුම වෙනකොට මේ දේවල්, ඒ කියන්නේ දැන් මෙතෙන්දි අපි අර රූපය ලාභයක් කියලා ගන්නවා. රූපය ලාභයක් කියලා අරගෙන ඒ අවස්ථාව වෙනකොට අපි අර පරාමාසයට, අර මුලින් කිව්වා වූ හතර වෙනි රවුමේ දී ඇති වුණා වූ වේදනාවයි, චිත්ත සංස්කාරයයි කියන එක තියෙනවා නේ. දැන් ඒ සංස්කාරවලට යම්කිසි මානයක් ඇති වෙලා තියෙනවා නේ. දැන් මේක, දැන් පස් වෙනි එක වෙනකොට අර ලාභයි කියලා කියනකොට මේක හරියට අර plan කරා වාගේ. පරාමාසයට මේක දැන් ගිහිල්ලා තියෙන්නේ. අර දෙපැත්තෙන් ආපු වේදනාවයි, ඒ සංස්කාරයයි, පස් වෙනි රවුමේ දී ලාභයි කියනකොට ඔන්න stamp එක ගැහුවා වගේ.

දැන් මේක වුණාට පස්සේ, දැන් අපි හය වෙනි රවුම ගැන අපි දන්නවා. හය වෙනි රවුමේ දී අර, මෙතන දැන් ලාභයි කියලා ගත්ත කතාව උඩ, තමයි අපි stamp කළේ, ලාභයි කියලා ගත්ත කතාව උඩ, මේක තමයි මේ සංකප්පයට තමයි මේ රාගය ඇති වෙලා තියෙන්නේ. ඊළඟට අපි ආපහු හයේදි ඒකට ඡන්දය කියන එක ඇතුල් වෙනවා. ඒ චිත්තයට ඡන්දය කියන එක ඇතුල් වෙනවා.

ඊට පස්සේ අපිට ප්‍රේමය කියන එක ඇති වෙනවා. අර සුඛය කියන එක එන එක. දැන් මෙහෙම ගිහිල්ලා මේ හත් වෙනි රවුම එනකොට එතෙන්දි මොකද්ද තියෙන්නේ? මේ පුද්ගලයාට ඕනෙකම තියෙනවා, ඒ කියන්නේ අර නිත්‍ය සංස්කාර ඇතුල් වෙන එක නේ තියෙන්නේ. මේ පුද්ගලයාට ඕනෙකම තියෙනවා අර මගේ චේතනාවන් මුදුන්පත් වන්නේ ද කියලා, විඤ්ඤාණයෙන් දැනගන්න තියෙන්නා වූ කැමැත්තක් තියෙනවා. ඒකට තමයි මේ චිත්ත සංස්කාරයන් කියන ඒවා හැදෙන්නේ.

එතකොට දැන් මේ පුද්ගලයාට, අර ඒ වෙලාවේ මළා ම ප්‍රේත ලෝකෙ යනවා කියලා කිව්ව නේ. ඒ මොකද දැන් මෙතන මේ චිත්ත සංස්කාරය කෙසේ හෝ මම පවත්වනවා කියන එක. මේක, අර පරාමාසයට මේවා ඇතුල් වුණා, මේක කොහොම හරි පවත්වන්න තමයි මෙයාගේ තියෙන්නේ. එතකොට ඒ චිත්ත සංස්කාරය පවත්වනවා කියන්නේ මොකද්ද?

මෙතෙන්දි අර නිත්‍ය වශයෙන්. ඒ කියන්නේ නිත්‍යයි කියන්නේ මොකද්ද? අර නැවතත් අරක අල්ලාගෙන කැරකවීම. ඒක නේ විපල්ලාසය කියන එක අපි පැහැදිලි කළේ. එතකොට මෙන්න මේ විදිහට තමයි ඒක තියෙන්නේ.

එතකොට ඉතින් කෙනෙක් ප්‍රශ්න කරන්න ඕනෙ විඤ්ඤාණයෙන් මං මේක දැනගන්න ඕනෙ ද කියන එක. එතකොට එතෙන්ට තමයි ඉතින් තමන්ට නිරෝධය කියන එක එහෙම ඇති කරගන්න පුළුවන් වෙන්නේ.

ඉතින් මේකෙ මං හොඳට දැක්කා මේ විදිහට මේ, අර හයෙන් ඇති වෙච්ච එක හත් වෙනි රවුම වෙනකොට, දැන් 6 දී ඇති වුණා වූ ප්‍රේමය කියන එක තියෙනවා නේ. හත් වෙනි රවුම වෙනකොට, දැන් හයෙන් අපි එනවා මේ ධම්මමච්ඡරිය පාර, දැන් අපි දන්නවා මේ හත් වෙනි රවුමේ දී අපි කරන්නේ අර ධර්මයට අපි අගය දෙනවා කියන එකයි. ධම්මමච්ඡරියෙන් දීලා නේ චේතනාව කියන එක වෙන්නෙ.

එතකොට ඒ ධම්මමච්ඡරියට අගය දීලා වෙන්නා වූ ඒ අවස්ථාව කියනකොට මං කල්පනා කළේ දැන් මේ මනුස්සයෙක් ගත්තහම, දැන් අම්මා කෙනෙක් නම් එයා කල්පනා කරනවා මම විවාහ වෙලා මම මගේ ජීවිතේ පවත්වනවා. රස්සාවක් කරගෙන මගේ ජීවිතේ පවත්වනවා කියලා හිතන්නේ. අන්න ඒ වාගේ දැන් ඒකට මේ රස්සාවක් කියන එක ම ඕනෙ නෑ. මෙන්න එයාගේ ධර්මය, දැන් මේ ක්‍රමයෙන් තමයි මගේ ජීවත් වෙන්නෙ කියන එක. මං වතුර ඇදලා ජීවත් වෙනවා, මම කසාද බැඳගෙන ජීවත් වෙනවා, ඒ වගේ මොකක් හරි එකක් එයාගේ තියෙනවා.

එතකොට ඒ සංස්කාරය කෙසේ හෝ එයාට පවත්වන්න, එතකොට ඔයාට පේනවා මේ ධම්මමච්ඡරියෙන් ආවා, ඊට පස්සේ ඉදංසච්චය ඒක ආවා, පල්ලෙහායින් ඊට පස්සේ අපි අර මෝහය, ඊට පස්සේ සංස්කාරය කියන එක මෙහෙම පරාමාසයට ඇතුල් වෙනවා කියන එක. එතකොට ඒ රවුමයි මේ වෙන්නේ. ඔන්න ඕක මම හොඳට දැක්කා, මේක තමයි මේක අස්සට රිංගන, මෙන්න මේ වෙලාවෙදි තමයි එයා මැරෙන්නේ. ඒ කියන්නේ මං මෙහෙම ජීවත් වෙලා, ළමයත් එහෙම ඉන්නවා, අර snapshot එකක් තියෙනවා මෙතන. ඒ වෙලාවෙදි තමා මෙයා මේක, මැරිලා වෙනවා ය කියන එක, ඒක මං කල්පනා කළා. ඉතින් ඒක, වැඩේ තියෙන්නේ අර විමුක්ති චිත්තයෙන් යුතුව තමා, මේක මේ හිතනකොට විඤ්ඤාණයෙන් දැනගන්න ඕනෙ ද කියලා ඔයාගෙ, ඔය හැමතැන ම මගේ තිබුණේ. එතකොට විමුක්ති චිත්තය සහිතව තමයි මේවා හිතන්නේ. ඒකයි මේකේ පුදුමාකාර වෙනස.