ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා, නමස්කාර වේවා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ මම සිහි කළේ ඊයේ වගේ ම අර ඒ ධර්මය දරනවා, ඒ ධර්මයට අධිපති, ධර්මය මේ විදිහට දෙනවා කියන අර්ථයෙන් ඒ බුදුපියවරු දාහතර නම ම සිහි කළා.
සිහි කරලා, ඊට පස්සේ මම ඒ භාවනාව කරගෙන යනකොට සම්මා සමාධිය, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා යමි කියලා සම්මා සමාධියට ගිහිල්ලා මට මේ භාවනාව ගැන හිතන්න හිතුණා. මං කල්පනා කළා නෑ මං රහතන් වහන්සේ කියනකන් යනවා කියලා. ඒ සූත්‍රය බලන්නේ නැතුව.
ඒ පාර ඡන්ද චිත්ත විරිය විමංසා ඉද්ධිපාද වඩමි කියනකොට රහතන් වහන්සේ කිව්වා එතනින් පටන් ගන්නෙයි කියලා. එතකොට දැන් එතන තියෙනවා විරිය කියන එක. එතකොට විරිය කියන එකේ තියෙන්නේ අර තුන් ආකාර වූ විරියක්. ඒකේ තියෙන්නේ මොකද්ද? දැන් රූපය ස්පර්ශ නොවෙන්න. සඤ්ඤාව මගේ නොවෙන්න. සංස්කාරය මගේ නොවෙන්න.
දැන් එතකොට මෙතන යන්නේ අලෝභ අදෝස අමෝහ කියන පාර. මීට ඉස්සෙල්ලා මං අර බැලුවා, අර මුල දී ම අර ලෝභය නැති කරමි කියලා කියනකොට ම මං බැලුවා අර පාර, ඒ කියන්නේ අපි භවය පවත්වන්න අර චේතනාවෙන් ඇති වෙන triangle එක තියෙනවා නේ.
ඊට පස්සේ අන්තිමට ද්වේෂ පාර, දැන් ඔය ඊයේ අපි කතා කරපු භාවනාව එන්නේ ද්වේෂයට නේ. අර නාමකායෙන් ඇති වෙන්නා වූ, වේදනාවට ඇවිල්ලා ඇති වෙන එක. ඊළඟට එහා පැත්තේ මෝහය තියෙන පාර, triangle එක. ඒ කෑල්ල බැලුවා. ඒ කියන්නේ මනොසඤ්චෙතනාව, විඤ්ඤාණ ආහාරය, මෝහ අගතිය කියන, ඒ කියන්නේ ඒ පාර.
එතකොට දැන් මෙතන, දැන් මම කිව්වහම, විරිය කියන එක ගත්තහම දැන් මෙතන මේ අලෝභ අදෝස අමෝහ පාරවල් තුන නෙ මේ කියන්නේ. මේ පාරේ යන්නත් එපා, මේ ද්වේෂයට යන්නා වූ සඤ්ඤාව මගේ කියලා යන ඒ පාරේ යන්නත් එපා, අර සංස්කාරවලට අගයන් දෙන අර මෝහ පාරේ යන්නත් එපා. ඒක නේ ඔය කියන්නේ.
ඊළඟට, මේකේ දැන් මේ විදිහට තුන් ආකාර විරියක් භාවිතා කරනකොට විරියො ච ඡන්දො. ඒක නිසා ඡන්දය කියන එක ඇති වෙනවා. එතකොට දැන් මේ ඡන්දය කියන එක, එතකොට නිවනට ඡන්දය, මේ දෙක මැද්දේ තියෙන්නේ වේදනාව. එතකොට මේ වේදනාව කියන එකට දැන් මට හොඳට ගැළපෙනවා මේ ඊයේ භාවනාවත් එක්ක මේ වේදනාවට, ඒ අභ්‍යන්තර ආයතනවලින් එතෙන්ට එන එක ඊයේ බැලුවා. එතකොට මේ ස්පර්ශය හේතු කොටගෙන මේ වේදනාවට එන පාර තමයි බාහිර ආයතනවලින් වෙනවා කියන එක, ඒක පෙන්නන්නේ.
ඇස්, කන්, නාස ආදී ඉන්ද්‍රියෙන් ආවා එක දෙක. දැන් මෙතන තියෙන්නේ වේදනාවට අපි react නොකර ඉන්න ඕනෙ. මේකට react කරනවා නම් ඒ මනුස්සයට මේ නිර්වාණයේ ඡන්දයේ ඉන්න පුළුවන්කමක් නෑ. මොකද මේ එක්කො මෙයා, එක්කො ධ්‍යානයක හරි පැටලිලා මෙයා ඉන්නවා. එතකොට නිවනට කියන එකට වෙන මොකක්වත් ගන්නෙ නැතුව ඉන්න ඕනෙ.
ඊළඟට මට එනවා ඡන්දයෙන් චිත්තයට එනවා කියලා. දැන් මෙතෙන්ට එනකොට මේ සූත්‍රයත් එක්ක ලස්සනට එනවා, මේක මේ කොටේ කතාව නේ. කොටය එක්කෝ මෙතෙර වෙන්න එහෙම නැත්තන් එතෙරට ගහන්න. එතෙර කියන්නේ බාහිර ආයතන ටික. ඊළඟට මේ මැද ගිලෙනවා කියන එක. මැද ගිලෙනවා කිව්වහම නන්දිය. එතකොට නන්දිය කියන එක තියෙන තැන අපි දන්නවා නේ. එතකොට මෙතෙනින් ඇති වන මේ සංකප්පයන් තියෙනවා නේ. ඒ සංකප්පයන්ට රාගය තියෙනවා නේ, ඒකෙන් වෙලා නේ මේ නන්දිය ඇති වුණේ, හතක් ගිහිල්ලා. එතකොට මෙතන එහෙම නම් මේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ, මෙතනදි දැන් මේ චිත්තය කියන එක ගත්තහම මෙතන මේ සංකප්පය අල්ලගෙන ඉන්න එපා. එතකොට, ඒක තමයි මේ බුදුහාමුදුරුවන් මේ පිළිවෙළට යන්නේ. දැන් ඊළඟට එනවා, මෙතනින් මේ සංකල්පය අල්ලගෙන ඉන්නෙ නැතෙයි කියලා ආවහම, නන්දිය කියන එක අයින් කරන්නයි කිව්වහම.
ඊළඟට එනවා මේ විමංසාවට. විමංසාවෙන් කියලා කියන්නේ දැන් එතන පෙන්නන්නේ බුදුහාමුදුරුවෝ උස තැනකට ගොඩ ගහන්නෙ නැහැ කියන එක නේ. ඒ කියන්නේ මානය, අස්මිති මානය. එතකොට මේ සංස්කාරවලට මානය කියන එක තියාගන්න එපා. එතකොට මේකයි මේ කියන්නේ කියන එක ආවා. ඉතින් දැන් මට බොහොම සන්තෝසයි මේක ලස්සනට මේක ඇවිල්ලා තියෙනවා, මේ බුදුහාමුදුරුවෝ මේ ඡන්ද චිත්ත විරිය විමංසා ඉද්ධිපාද 4 එන හැටියි මෙතන ඇවිල්ලා තියෙන්නේ කියලා.
ඊළඟට කල්පනා වුණා මේකේ ඉතින් මේ භාවනාවේ ඉතුරු කොටසත් මේ විදිහට තියෙන්න එපැයි, රහතන් වහන්සේ නම් මට කිව්වේ නැහැ, මෙතන ඡන්ද චිත්ත විරිය විමංසා ඉද්ධිපාදයන් කියන ඒවා ආවා නම් ඉතින් අර සුඛභාගීය ධර්මයන් ටික නේ එන්නේ ඊළඟට. එතකොට මෙතනින් එන්නේ මොකද්ද? මුලින් ඇති වෙනවා මම මේ ඉන්ද්රියයන් සංවර කරගන්න ඕනෙ. මේ ප්රශ්නය ඇති නොවෙන්න නම්, ඒක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ අර මිනිස්සුත් එක්ක ඉන්න එපායි කියන එක. ඒ කියන්නේ මිනිස්සුන් ගත්තෙ නැත්තන් කියන එක.
ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, තපස තමයි එතන තියෙන්නේ, මෙතන සූත්‍රයේ තියෙනවා දෙවි මිනිසුත් එක්ක යනවායි කියන එක. ඒ කියන්නේ සීලබ්බත උපාදානය, සීලබ්බත පරාමාස වෙලා එන එක නේ මේ කියන්නේ, එතකොට මේ පාරේ එන්න එපා කියන එක, ඒක සඳහා තපස කියන එක භාවිතා කරන්නට ඕනේ. වෙන එකක් අල්ලගන්න යන්නේ නැති වෙන්න.
ඊළඟට ගත්තහම, ඊළඟට පෙන්නනවා මේ සුළියකට අහුවෙනවා කියන එක. ඒ සුළිය අයින් වෙන්න නම් සප්ත බොජ්ඣඞ්ගය තියෙන්න ඕනෙ. පංචනීවරණයන් නේ සුළිය කියලා කියන්නේ. ඒක අයින් වෙන්න නම් සප්ත බොජ්ඣඞ්ගය තියෙන්න ඕනෙ.
ඊළඟට අවසාන එකේ මේ ඇතුළත කුණු වෙලා කියලා නේ කියන්නේ. ඉතින් ඇතුළත කුණු වෙලා කියලා කියන්නේ මේ corruptions තියෙනවා කියන එකයි. එතකොට ඒවා නැති වෙන්න සබ්බනිස්සග්ගය. සියල්ල අතහරිනවා.
එතකොට මේකේ, ඉතින් රහතන් වහන්සේ කිව්වා “බොහොම හොඳයි” කියලා. රහතන් වහන්සේ ඒක කිව්වේ නෑ නෙ මට. මම හොයා ගත්තා නේ ඒකත් එක්ක. ඒක මේ බොහොම හොඳයි කියලා.
ඉතින් ඒක තමයි භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්