ඒ උතුම් බුදුපියවරු අනුපිළිවෙළින් සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය, ඒ කියන්නේ ධර්මයට අධිපති, ඒ වගේ ම ධර්මය දරන්නේය, දෙන්නේ ය, උත්තරීතර මණ්ඩලයට අධිපති. එතකොට මෙසේ මෙහෙම ධර්මය දන්නවා වූ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් දාහතර නමක් කියලා සහම්පති බුදුපියා දක්වා ඔය විදිහට සිහි කළා.
මං මෙතනදි කෙළින් ම තපස ගැන තමයි මෙනෙහි කළේ. මේක භාවනා කරන්න ඉස්සෙල්ලා ඉඳනුත් මං ඒක කල්පනා කළා. ඉතින් මෙතෙන්දි අපි දැන් ඔය අනාගත භවය දැඩිව ගැනීම කියන එක පහ කිරීම කියන එක නේ මම ඊයේ කිව්වෙ. ඒකෙ ඒ අර්ථය නේ. මෙතන දෙකක් තියෙනවා නේ. ඒ කියන්නේ මෙතන පෙන්නන්නේ දැඩිව ගැනීමෙන් පසුව. අරක, සීලබ්බත උපාදානයේදි අනාගත භවය කියන එක දැඩිව අපි ගන්නවා. මේ වෙලාව හොඳයි හෙටත් හොඳයි කියන එක.
මේක කියන්නේ ඒක නෙමෙයි. මෙතෙන්දි කියන්නේ ඔයා එහෙම ගත්තට පස්සෙ, ගත්තට පස්සේ ඔයා බොහොම quick. ඒ කියන්නේ මෙතන හිතන්න ඕනෙ ඔයා රෝදය, මුලින් මොකක් හරි එකක් දැකලා කැරකෙව්වා. දැන් මේ කතා කරන්නේ කැරකෙන රෝදේ ගැන. රෝදය කැරකීම නිසා ඔයාට යමක් සිද්ධ වෙනවා ද අන්න ඒක ගැනයි මේ කතා කරන්නේ. එතකොට දැන් මෙතන මේ රෝදය දුවනවා මේ චිත්ත ධාරාව කියන එක නවතා ගැනීමයි මෙතන අදහස් කරන්නේ. තපස කියන එක අපි කල්පනා කරන්නේ ඒක. මෙතෙන්දි, ඔය පාරවල් තුනක් තියෙනවා නේ දැන් අපි වේදනාවට එන්නා වූ. අභ්‍යන්තර වෙනවා, බාහිර වෙනවා, ඊළඟට ගත්තහම අර කප්පය. මේ සංකප්පය ඇතුල් වෙනවා කියන එක, අපි කැමති පාර කියන එක. එතකොට ඕක අර pattern එකේ ගත්තහම, අර steps යනකොට මේක කොයි වෙලාවෙ ද ඕක වෙන්නේ? අතෙන්ට ගියොතින්, හතට වෙනකන් ගියොතින් අපි දන්නවා ගිහිල්ලා එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. එක ම තැනට නේ. මෙතෙන්ට කොහොම ද එකපාරට ම එන්නේ?
අන්න ඒ පාර තමයි අර අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට යන පාර. ඒක රහතන් වහන්සේ පැහැදිලි කරන්නේ ඒක හරියට දැන් අපි මොකක් හරි එකකට පුරුදු වෙලා තියෙනවා නම්, කෑමක් කියන්නකෝ. ඒක කාලා පුරුදු කෑමක් නම් එකපාරට ම jumping එක තියෙනවා නේ. කාලා බලලා මේක හොඳයි කියලා හිතන කතාවක් නෑ. I have done it many times. අන්න ඒ අර්ථයෙන් එකපාරට ම පළපුරුදු පාරේ යෑම කියන එක සිද්ධ වෙනවා. අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට කෙළින් ම එනවා.
එතකොට, දැන් මෙතෙන්දි හරි ලස්සනයි මට මේක ඊයේ රෑ ම යි කල්පනා වුණේ මේ නිදා ගන්න යන වෙලාවේ දී, අර චෙතෙති, පකප්පෙති, අනුසෙති කියන මේ පාරවල් තුන නේ මේ පෙන්නන්නේ. චෙතෙති කියන්නේ අර උඩින්, බාහිර එක නිසා උඩින් ඇති වෙන එක. අනුසෙති කිව්වහම දිට්ඨි අනුසයෙන් අර පල්ලෙහායින් එන නාමකායේ පටිඝසම්‌ඵස්‌සය ඇති වෙන පාර. පකප්පෙති කියන එක ඔය මේ පැත්තේ පාර. ඕක උඩ නේ විඤ්ඤාණය පහළ. වෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ, බලන්න. එතකොට ඒකත් වෙනවා.
එතකොට මෙතෙන්දි රහතන් වහන්සේලා කිව්වා මට ඒ බුදුපියවරු “පාරවල් තුන ම මෙහි දී නවත්තන්න සිදු වෙනවා” කියලා. මේ තපස කියන එක එතන කතා කළහම. අන්න ඒක නිසා තමයි කිව්වා “චත්තාරොඉද්ධිපාදා” කියලා අර බුරුමේ තියෙන පාලි භාෂාවේ තියෙන එක හරි. තපස කියන එකේ වරදක් නැහැ. “චත්තාරොඉද්ධිපාදා කියලා කියන්නේ ඒකයි” කියලා කිව්වා.
ඒ කියන්නේ ඉද්ධිපාද 4ම ඕනෙ. මොකද නැත්තන් අර සංස්කාර, අවිද්‍යා ආශ්‍රවය පැත්තෙන් සංස්කාරවලින් එන එක නවත්තගන්න එපැයි. ඉද්ධිපාද 4. ඉතින් මට ඒ වෙලාවෙම කල්පනා වුණා මුගලන් මහ රහතන් වහන්සේ ඉද්ධිපාද භාවිතා කළා නේ. ඒවා දියුණු කරලා නේ එහෙම කළේ කියන එක.
එතකොට දැන් ඊළඟට මම සබ්බනිස්සග්ගය කියන එක මෙනෙහි කළා. ඒ සබ්බනිස්සග්ගය මෙනෙහි කළා ම, සබ්බනිස්සග්ගයේ අර සංස්කාරවල ඉඳන් අපි දන්නවා සැකය මගින් පල්ලෙහාට එනවා. සාරම්භයෙන් මෙහාට එනවා. එතකොට එතන කතිරය තියෙනවා නේ. ඉදංසච්චය ඉඳන් මානය, මෝහය ඉඳන් අවිද්‍යාව. ඔන්න ඔය කතිරය. ඒ සංස්කාරයේ සමුදය අස්තංගමය දැනගෙන ඒවාට තියෙන ඇල්ම කියන එක පහ කරන්න ඕනේ.
ඒ මුගලන් හාමුදුරුවෝ අර වේදනාවට තියෙන ඇල්ම කියන එක එතන පහ කළා. සැරියුත් හාමුදුරුවෝ සංස්කාරවලට ඇල්ම කියන එක පහ කළා. එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ මෙසේ සංස්කාර විෂයයෙහි දැන මනා කොට භාවිතා කොට ඒවාට ඇල්ම පහ කළේ ය. මුගලන් රහතන් වහන්සේ වේදනා විෂයයෙහි මනා කොට දැන ඉද්ධිපාද මුල් කොටගෙන වේදනාවට ඇල්ම පහ කළේ ය. සංස්කාර සුඛ වන්නේ වේදනාව දුක වන්නේ ය.
සාධු පියවරුනි. ඒක තමයි භාවනාව.