ඒ උතුම් බුදු පියවරුන්ව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ මේ ධර්මය දරන්නේය, ධර්මයට අධිපති ය, ධර්මය දරන මණ්ඩලයක අධිපති ය කියලා. බුදුවරයෙක් කියලා වැන්දා. එම අර්ථයෙන් ම අනෙක් බුදුපියවරු දහතුන් නම ම සිහි කළා සහම්පති බුදුපියා දක්වා. සිහි කරලා මණ්ඩලයට ම, දාහතර නමට ම වැන්දා.
භාවනාවට පෙර මේ පෝතලිය සූත්‍රය කියන එකේ step 7 එකේ ඇති වෙන post condition එක තමයි මේ කියන්නේ. අර කොධො උපායාසයෙන් ජීවත් වෙනවා කියන එක මට කල්පනා වුණා මේ step 7 එක නේ මේ කතා කරන්නේ, හත් වෙනි රවුමේ 7 වෙනි step එක කියලා.
එතකොට එතෙන්දි ක්‍රෝධ උපායාසය, දුක්ඛ වේදනාව පරාමාසයට ඇදෙනවා, දුක් වූ සංස්කාරයන් පරාමාසයට ඇදෙනවා, දුක්ඛ දුක්ඛතා. Round 7 step 7. අධ්‍යාත්මික ෂඩායතන භාවනාව. ඒක තමයි මේ කතා කරන්නේ.
නින්දාරොසය කියලා කියන්නේ step 6 එක. 6 අතෙන්ට යනවා, දිට්ඨි අනුසයෙන් මෙහාට එනවා. දිට්ඨි අනුසය නිසා වූ මානය තමාව ඉහළට ඉස්සවීම. හය වෙනි වටය. වේදනාව නිසා චේතනාවට අගය දෙන එක.
5 ගිද්ධිලෝභය. පස් වෙනි එකේදි අපි ගන්නවා රවුම 5 වෙනකොට මේක ලාභයක් කියලා. ඒ කියන්නේ රූපය ලාභයක් වශයෙන් තීරණය කළා නේ. ඒක තමයි මේ ගිද්ධිලෝභයේ, 5 අර අත්තා කියලා පහළට යනවා කියන්නේ ඒක තමයි මෙතන තියෙන්නේ.
පිසුණා වාචය කියන්නේ හතර වෙනි වටයේ. 4 තියෙන්නේ පරාමාසය නේ. යමක් පරාමාස වන්නේ එය නිසා මානය. ඒ මානය ඇති වුණා ම පලාසය ඇති වෙනවා, පලාසයෙන් පිසුණා වාචය. Post condition එක ඔය පෙන්නන්නේ. අර ප්‍රිය රූපය නිසා මේක ඇති වෙනවා කියලා, මානයෙන් පිසුණා වාචය ඇති වෙනවා කියලා පෙන්නුවේ ගාථාව. “පියප්පහුතා කලහවිවාදා.”
එතකොට ඊළඟට තුන් වෙනි එක මුසාවාදයෙන්. තුන් වෙනි වටය. සුඛ යැයි පරාමාසයට ඇතුල් වෙනවා. සුඛය පරාමාස වෙනවා. මුසාව මොකද්ද? දුක් වූ දෙයක් සුඛ වශයෙන් ගත්තා. මුසාවක්. එතකොට මගේ යැයි ගැනීම මුසාවක්. ඒක තමයි මුසාවාදය.
දෙවෙනි එක අදත්තාදානය. 2 ඇවිල්ලා අදත්තාදානය නේ. එතකොට අදත්තාදානය කියන එක දෙවෙනි වටයේ දී සිද්ධ වෙන, අර ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ විදිහට හිතන්න ඕනේ. දැන් අවිද්‍යාව, අර 2 නිත්‍ය සඤ්ඤාව කියන එක නේ අවිද්‍යාව කියලා කියන්නේ. ලෝභ සහිතව ජීවත් වීම, අදත්තාදානය.
පළවෙනි එක පාණාතිපාතා පළවෙනි වටය. පෙර වූ මෝහය, sick සඤ්ඤාව, ඒ කියන්නේ අර සුභයි කියන සඤ්ඤාව මගේ යැයි ගැනීම, දෝස සහිතව ජීවත් වීම, පාණාතිපාතා.
ඕක තමයි මගේ භාවනාව.