ඒ උතුම් බුදුපියවරු සිහි කළා. මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ධර්මයට අධිපති ය, ධර්මය දරන මණ්ඩලයකට අධිපති ය, ධර්මය අනිත් අයට දෙනවා ය, මේ විදිහට ශ්‍රද්ධාවෙන් උත්තරීතරයි, ප්‍රඥාවෙන් උත්තරීතරයි, සමාධියෙන් උත්තරීතරයි, ජීවමානව වැඩ ඉන්න බුදු පියවරුන්ගෙන්, පළවෙනි බුදුපියා වශයෙන් සිහි කළා. මේ විදිහට අනෙක් බුදු පියවරුත් ඒ ශ්‍රද්ධාව, ඒ සම්පූර්ණ කාරණාවන් සහිතව ඔය විදිහට සිහි කළා දාහතර නම ම.
භාවනාවට පෙර ම මට මේ චිත්ත සමාධිය නිසා, අර කැමති වූ පකප්ප පාරේ යන එක තියෙනවා නේ, ඒක නැති වීම කියන එක ගැන කරුණු විමසීම මම කළා. මේක කොහොම ද හරියට ම වෙන්නේ කියලා. එතකොට මං ඒ බුද්ධං සරණං ගච්ඡාමි කියලා, ලෝභය නැති කරමී කියලා මං ඒ පැත්තෙන් යන්න හදනකොට රහතන් වහන්සේ කිව්වා, “නෑ අරකෙන් ම පටන් ගන්නෙයි” කියලා, මට අවශ්‍ය දේ ම.
එතෙන්දි එකපාරට ම මම මේ අර බුදුපියවරුන්ට මං කිව්වේ ශ්‍රද්ධාව එහෙම කියලා. එතකොට මං කෙළින් ම ගත්තෙ අර තපස්සි බුදුසීයා පෙන්නුවා නේ අර ප්‍රඥාවේ ඉඳන් ශ්‍රද්ධාවට යන එක වළක්වනවා කියලා මේ මානය මගින්. අත්තා ඉඳන් නිත්‍යට යනවා කියන එක. මානය මගින් ප්‍රඥාවේ සිට ශ්‍රද්ධාව වළක්වනවා, එනම් කරන ලද සංස්කාරය විසින් වැළකීම කරන්නේ.
ඒ කියන්නේ අත්තා යැයි කියලා ගත්තේ කුමක් ද මෙතෙන්දි? කියන එක කල්පනා කළා. එහෙනම් අපි අරගෙන තියෙන්නේ මේ සුඛයයි කියලා තමයි අරගෙන තියෙන්නේ. සුඛය තමයි අත්තායි කියලා. සත්‍ය වශයෙන් ම ඇත්තෙ දුක්ඛය. නමුත් මෙයා මොකද කළේ මේ, සුඛයයි කියලා ගන්නවා. එතකොට ඔයාට පේනවා අර අපේ triangles දෙක තියෙනවා නේ. Right triangle එකයි left triangle එකයි කියන එක. Triangles දෙක. දකුණු අත පැත්තෙන් ඇති වෙන්නේ, ඒ කියන්නේ නාමරූප හැදෙන triangle එක. අපි උදේ සාකච්ඡා කළේ දකුණු පැත්තේ triangle එක පරාමාස අර නිත්‍යයි කියන කතාව, වම් පැත්තේ අර පකප්පයෙන් පැත්තෙන් එන වේදනාව, එතන සුඛයි කියලා මෙහෙම එනවා, චේතනාවට යනවා මෙයා, මෙතන ඇති වෙන. අන්න ඒක පේනවා. එතකොට මෙතන මේ චේතනාව වෙන්නේ මෙතනින් සුඛයි කියලා, ඒක අරගෙන.
එතකොට පෝතලිය සූත්‍රය අපි මෙනෙහි කළොතින් ඔයාට පේනවා පාණාතිපාතා, පළවෙනි රවුම, සුභ යැයි ගැනීම. එතකොට sick සඤ්ඤාව මගේ යැයි ගැනීම. ඒක තමයි පෙර වූ මෝහය. කලින් කරපු එක. දෙවනි එක අදත්තාදානය, දැන් අවිද්‍යාව, නිත්‍ය සඤ්ඤා, ලෝභ සහිතව ජීවත් වීම. ඒ කියන්නේ ඊයේ භාවනාව අනෙක් පැත්තට. දැන් මුසාවාදය, මුසාව වෙන්නේ මේ දුක්ඛ වූ දෙයක් සුඛ වශයෙන් ගැනීම.
එතකොට දැන් මෙහෙම, මේ සංස්කාරයන් මං බැලුවහම මේ මං බැලුවේ මේවා ඔක්කෝම මේවා post සංස්කාර. මේවා නිසා ය මේක නැති වීම කියන එක සිද්ධ වෙන්නේ. එතකොට එහෙනම් මේ සංස්කාරයන් අපේ ඇඟේ ඇතුළට රිංගලා තියෙනවා, කලින් කරලා. එතකොට දැන් මේවා ඇතුළට රිංගලා කිව්වම හරියට දැන් මට ආවේ picture එක නිකන් මේක හරියට නිකන් සතෙක්, මනසට හැඟීම ආවේ මේ සතෙක් රිංගනවා බටයක් ඇතුළට, ඒ කියන්නේ පණුවෙක් හරි මොකෙක් හරි එකෙක් දැකලා. එතකොට දැන් අනෙක් බලාගෙන ඉන්න මනුස්සයා කියනවා නේ ද මේ සතා මහ විනාසයකට පත් වෙනවා මේක ඇතුළේ හිර වෙලායි කියලා, මේ බටේ ඇතුළේ හිර වෙලායි කියලා. ඒ අයට ඒක දුකයි කියලා පේනවා.
මෙහෙම තමයි භවය. ඔන්න බටේට රිංගුවයි කියන එක තමයි මේ භවය කියන එක, ඇතුළට රිංගා ගැනීම. කලින් කරන ලද සංස්කාරයෝ නිසා මං සුඛයයි කියලා ගෙනල්ලා තියෙනවා. මේකට තියෙන ඇල්ම පහ කළ යුතුයි. කලින් කරන ලද සංස්කාරයෝ, අන්න ඒක නිසා.
එතකොට දැන්, භාවනාවට පෙර ම මට ආපු එක තමා මේ සච්චාධිට්ඨානය කියන එක නිසා අපි චාගාධිට්ඨානයට එනවා. එතකොට සච්චාධිට්ඨානය අතන නිවන, පෙරේදා භාවනාවත් එක්ක සම්බන්ධ වෙන්නේ මේවා. එතකොට අර diagrams වල තියෙන්නේ.
එතකොට දැන් අපි දන්නවා අර විරිය භාවිතා කරලා, විරිය භාවිතා කරලා අපි ගියා, මේ ඡන්ද සමාධිය කියන එක ඇති වුණා ඒ නිවන සඳහා ඒ ඡන්දය කියන එක. එතකොට එතෙන්දි අපි අර වේදනාවට තියෙන ඇල්ම අයින් කරනවා කියලා කිව්වා.
ඊට පස්සේ දැන් මෙතනින් එනවා අපි සච්චාධිට්ඨානයට. ඒ කියන්නේ නිවන කියන එකට නේ. එතකොට සච්චාධිට්ඨානයෙන් මේ ආපහු අපි චාගාධිට්ඨානයට එන්නේ. එතකොට සච්චාධිට්ඨානයේ දී සියල්ල මුසා වශයෙන් දකිනවා. නිවන පමණයි සත්‍ය. දැන් අර බලන්න මුසාවාදයේ දී අපි ගත්තා මේක මගේ කියලා අරගෙන තමයි මුසාව. එතකොට දැන් මෙතන නිවන පමණයි සත්‍ය ධර්මය.
එහෙම නම්, පෙර ගත්තා වූ මුසාවට යෑම අපි පහ කරන්නට ඕනේ. මේ සඳහායි චිත්ත ඉද්ධිපාදය අවශ්‍ය වන්නේ. දුක් වූ දේ සුඛ වශයෙන් ගැනීම පහ කළ යුතු ය. අර සතා අරකට රිංගනවා කියන්නේ දුකයි. දුක හැබැයි ඌ සුඛ වශයෙන් හින්දා තමයි මේකට රිංගන්නේ. ඒ කියන්නේ පෙර වූ දෙයක් වශයෙන් සැලකිය යුතු ය. එසේ සලකා එම සංස්කාරවලට ඇති ඇල්ම පහ කළ යුතු ය.
ආන්න ඒකයි චිත්ත සමාධිය, කියන එක ආවා. ඒකයි භාවනාව.