ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා, නමස්කාර වේවා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින ශ්‍රේෂ්ඨතම, උත්තරීතර, ජීවමානව වැඩ සිටින පළවෙනි බුදුපියාණන් වශයෙන් සිහි කළා. මේ ධර්මය දන්නවා ය, ධර්මය දරනවා ය, ඒ ධර්ම අධිපති ය කියලා ඒ විදිහට.
ඔය විදිහට ඒ බුදුපියවරු සිහි කරලා මම ඊයේ අර බුද්ධං සරණං ගච්ඡාමි, අර ලෝභය නැති කරමි කිව්වහම අර මම ඊයේ කිව්වෙ භාවනාව. ඒ ලෝභය දක්වා එන්නා වූ ඒ කබලිංකාර ආහාරය, ඡන්ද අගතිය, චේතනාව ඔන්න ඔය, ඒ කෑල්ල ගත්තා. එතකොට ඒක, දැන් විරිය භාවිතා කරලා ඒක නැති කරනවා, මේක තමයි මේ බාහිර ආයතනවලින් සිදුවෙන්නා වූ දේ, තමයි මෙතන කියන්නේ කියන එක. රූපය මගේ නොවෙයි කියලා.
ඊට පස්සේ මේ අර slide 2 එකේ තියෙන භාවනාව, ද්වේෂය නැති කරමි කිව්වහම. ඒ කියන්නේ කෙළින් ම දිට්ඨි අනුසය නිසා ගිහිල්ලා අපි යන්නේ ද්වේෂයට නේ, ඒක.
ඊළඟට මෝහය නැති කරමි කිව්වහම ඒ චේතනාවයි, මෝහ අගතියයි, විඤ්ඤාණයයි. දැන් සංස්කාර කියන ඒවා අපි, සංස්කාර මගේ නොවෙන්න නේ විරිය භාවිතා කරන්නේ. සංස්කාර මගේ කියලා ගත්තා නම් විඤ්ඤාණය කියන එක පිහිටනවා. විඤ්ඤාණය පිහිටෙව්වා නම් ඉතින් නිත්‍යභාවයට යනවා. එතකොට ඒ කෑල්ල මම නැවතත් ඒක බැලුවා.
එතකොට මේ විදිහට එතන බලලා, ඊට පස්සේ දැන් බැලුවා මේ චෙතෙති, පකප්පෙති, අනුසෙති කියන එක. දැන් අපි ඊයේ order එක බැලුවා නේ. ඉතින් චේතනාව කියන එක ඒ 6 කියන එක වුණාට පස්සෙ නේ ඔතන එන්නේ, හය වෙනි එක, ඒ කියන්නේ 7 දි තමයි ඕක සිද්ධ වෙන්නේ. “හතේ 1 වෙනකොට ම වෙනවා” කියන එක රහතන් වහන්සේ කිව්වා. ඒ කියන්නේ අර සුභයි කියන එක ඇතුල් වෙනවා කියන අර්ථය තියෙන්නේ.
දැන් එතෙන්දි චේතනාවත් එක්ක. ඒ කියන්නේ ධම්මය කියන එක, මච්ඡරිය කියන එක නිසා අගය දුන්නා කියන එක තියෙනවා. හත් වෙනි රවුමේ දී ඒක නේ තියෙන්නේ, ධම්මමච්ඡරිය නිසා චේතනා අගය දුන්නා කියන එක.
එතකොට මෙතන ටිකක් බලලා, ඊළඟට බැලුවා ඊළඟට order එකට එන්නේ අනුසය කියන එක. අනුසය කියන එක අපි දැක්කා 7.6 වෙලා තමයි මෙතන පටන් ගැනීම කියන එක තියෙන්නේ. දැන් ඊට පස්සේ ඒ 7.6 වුණායින් පස්සෙ අපි දන්නවා නේ ඉතින් අපි, ද්වේෂයෙ අගතියට යනවා කියන එක වෙන්නේ අර දෙක එකපාරට ම අරකට ඇතුල් වෙනවා කියන එක, ඒ කියන්නේ දුක් වූ වේදනාවයි, දුක් වූ සංස්කාරයනුයි ඇතුල් වෙනවා. ඇතුල් වෙලා අපි ද්වේෂයෙ අගතියට යනවා කියන එක වෙනවා.
ඊළඟට බැලුවා අට වෙනි රවුම. ඒ කියන්නේ මේ දැන් පකප්පය කියන එක වෙන්නේ 7න් පස්සේ කිව්වා නේ. රවුම 7න් පස්සේ පකප්පය වෙන්නේ. එතකොට දැන් මෙතෙන්දි ඒ අට වෙනි රවුම අපි දන්නවා ඉතින් දරුණු අවස්ථාවන් තියෙනවා, අටේ 2 ඒ විදිහට මේ ප්‍රේත ලෝකෙ යනවා ඒ වගේ තියෙනවා.
ඒ වගේ ම මේ පාර, හොඳ වූ පාරකුත් තියෙනවා. එතකොට, දැන් මේකේ අවස්ථාවන් දෙක මං බැලුවා කොහොම ද මේක දැන් 7 ඉවරයි, දැන් මේ ව්‍යාපාදය කියන එක මෙයාට එහෙම ග්රන්ථ වෙලා තියෙන්නේ. මෙයා කොහොම ද එකපාරට ම අතෙන්ට යන්නේ?
එතකොට ඒ රහතන් වහන්සේගෙන් විමසුවා ම රහතන් වහන්සේ ඒ මට සිහි කරලා දුන්නා දැන් අපි අර, දැන් ඔයා කෑමක් කනවා. අපි හිතමු ඔයා, දැන් මං කියන්නේ අර කැකිරි මාලුවක් ගැන. දැන් ඔන්න දැන් හිතමු තව කෙනෙක් කැකිරි මාලුවක් හදනවා. ඒ කැකිරි මාලුව හැදුවහම දැන් මේක හරි නෑයි කියලා අර ව්‍යාපාද කතාවට ඇවිල්ලා ආපු ගමන්, අර අක්කා හදපු එක මෙහෙම හොඳයි. ටක් ගාල අතෙන්ට යනවා. ඔන්න ඔය ක්‍රමයටයි එකපාරට යන්නේ. එතකොට මේක තමයි, මේ reality එක තමයි what you have here. අරක unreal. මොකද සරසඞ්කප්පයෙන් ඇති වුණා වූ දේ කියන එක. ඒක තමයි තියෙන්නේ. එතකොට දැන් අටේ දී මෙහෙම වෙනවා කියලා ඕක බලලා ඉතින් මේ, දැන් සඤ්ඤාව කියන එක තුනී වෙලා එහෙම යනවා මට දැනෙනවා බොහෝ ම හොඳට. මේක ඉස්සෙල්ලත් ඒක වුණා. දැන් මෙතන මේ triangle එක තමයි මං මේ අහුවෙලා තියෙන්නේ දැන්.
එතකොට මං ඉතින් ධ්‍යානයන් වෙන්නේ කොහොම ද කියන එකත් ඊළඟට ඒක විසඳුවා. ඒ ධ්‍යානයන් කියන එක කොහොම ද වෙන්නේ කියලා විසඳුවා ම ඉතින් ප්‍රථමධ්‍යානයට යනවා. ප්‍රථමධ්‍යානයේ ඉඳන් දුතියධ්‍යානයට යනවා මතකයි නේ අපි අර කරකවන හැටි පෙන්නුවේ. ප්‍රථමධ්‍යානයේ ඉඳන් දුතියධ්‍යානයට යන්නේ කොහොම ද කියලා. එතකොට මේ විදිහට මේක ටිකක් බැලුවා. ඉතින් ඇති වෙනවා මට මේ සිත ආපහු තුනී වේගෙන යනවා මෙතන ඒ යන්න ඕනෙකමක් නෑ වාගේ. ඉතින් එහෙම ගිහිල්ලා ඔන්න දැන් මට තේරෙනවා හොඳට ම මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වෙනවා. ගිහිල්ලා ඔන්න ආපහු මම එනවා, මට රූපයන් එහෙම පේනවා ආපහු එතෙන්ට ම යනවා. ආයෙත් තව රූපයන් පේනවා ඔය විදිහට මොකද මගේ alertness එකත් තියෙනවා මට මේකේ, මං නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට ගිහිල්ලා ඉන්න මේකක් නෑ. මොකද ධර්මය සම්බන්ධය නිසා, ධම්මමච්ඡරිය නිසා. ඒ ආවා ම හැබැයි ආපහු මෙතෙන්ට යනවා.
ඉතින් මේක මේ විදිහට ගිහිල්ලා මං අන්තිමට රහතන් වහන්සේගෙන් ඇහුවා. හැබැයි මගේ, මට දැන් තේරුණා මගේ මේකේ කැමැත්තකුත් තියෙනවයි කියලා. දැන් මට තේරෙනවා මේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට මෙහෙම ගිහිල්ලා ඉන්න එහෙම කැමැත්තකුත් තියෙනවා කියලා.
එතකොට දැන් මේකෙ මම switch වෙවී switch වෙවී මෙහෙම ඉඳලා මං ඇහුවා ම රහතන් වහන්සේගෙන් රහතන් වහන්සේ කිව්වා “ඔය triangle එක තමයි ඔය” කියලා. ඒ කියන්නේ අපි අර පෙන්නුවේ අවිද්‍යා ආශ්‍රවය, මේ පැත්තෙන් කාම ආශ්‍රවය, උඩ තියෙන්නා වූ චේතනාව. ඔය triangle එක තමයි කියලා.
එතකොට දැන් මම එතන ඒක මෙනෙහි කරන්න ගත්තා. දැන් මේක වුණා මේ පැත්තෙන් එකපාරට ම මෙතෙන්ට ආවා, කාම ආශ්‍රවය පැත්තට ආවා, ඇයි මෙතන මේ අර තව එකක් කෙරෙන්නේ නැත්තේ? යන්නැත්තේ? දැන් මිද්ධය නෙ තියෙන්නේ. මිද්ධය. එතකොට ථීනමිද්ධය මේකේ තියෙන්නේ අර sick සඤ්ඤාව මගේ කියලා ගන්න මේකක් නෑ ඔයාගේ. ඒක නිසා මාන කතාව නෑ. මාන පාර කැපෙනවා. තේරෙනවද? නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය. සමාපත්තිය, එහෙම වුණහම වෙන්නේ.
ඉතින් ඒකෙ බොහොම, නැවතත් ආයෙත් ගියා. ඉතින් මං දන්නවා දැන් මේක මෙහෙම, ආපහු මෙහෙම වෙනවා. එහෙම ඉඳලා ඉතින් රහතන් වහන්සේ නැවැත්තුවා ඇති කියලා.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්