Date: 31/03/2014 Name: Nindarosaya

ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ඒ ධර්මය දරනවා ය, ධර්මය දෙනවා ය, ධර්මයට අධිපති ය, ධර්මය දරන මණ්ඩලයකටත් අධිපති ය කියලා, ඒ ශ්‍රේෂ්ඨත්වයට මෙනෙහි කරලා වැඳලා, ඒ උතුම් බුදුපියවරු දාහතර නම ම මේ විදිහට අනුපිළිවෙළින් සිහි කරලා, දැන් ඔය දුන්නා වූ ධර්මය මහ විසාලයි, ඒක අගයත් එක්ක.

ඊට පස්සේ මම බුද්ධං සරණං ගච්ඡාමි කිව්වහම, ලෝභය නැති කරමි කිව්වහම, අර ඊයේ උගන්නපු විදිහට මම කල්පනා කළා මේ ලෝභය නිසා මේ පැත්තෙන් අර මෝහය කියන එක ඇති වෙනවා. අගයන් එහෙම දීලා. ඊට පස්සේ ද්වේෂය නැති කරමි කිව්වහම, අර දෙවෙනියට තිබ්බ slide එකේ පෙන්නන දේ, දිට්ඨි අනුසය නිසා 7.6න් පටන් අරගෙන වෙන්නා වූ ක්‍රියාවලිය බැලුවා, ඒ විදිහට වෙනවයි කියන එක. ඉතින් ඒ, ඊළඟට මෝහය නැති කරමී කියලා කිව්වහම, දැන් අපි, දැන් ඔය අවස්ථාවෙ දී මං බැලුවා දැන් ලෝභය කියන කතාව නිසා අදත්තාදානය. ඒ කතාව අපි දන්නවා නේ. ඊට පස්සේ ද්වේෂය කතාවෙ දී පාණාතිපාතා. එතකොට අදත්තාදානයෙන් පාණාතිපාතා වෙනවා කියන එක ආවා. ඔය බලන්න අර සම්මා සංකප්පයේ නෙක්ඛම්මයෙන් අව්‍යාපාදය. ඒ වාගේ මේක අලෝභයෙන් අදෝසය කියන එක ඇති වෙන්නේ. එතකොට ඒ අර්ථය බැලුවා.

ඒක බලලා, දැන් එතකොට එහෙම නම් අපිට පේනවා අදත්තාදානයෙන් පාණාතිපාතා වෙනවා. අපි දන්නවා තවත් අවස්ථාවක පාණාතිපාතා නිසා අදත්තාදානය වෙනවා කියන එක. එතකොට බුදුහාමුදුරුවෝ ඒ සිල් දෙනකොට පන්සිල් පදවල මුලට දාලා තියෙන්නේ පාණාතිපාතා. Order එක පළවෙනි එක පාණාතිපාතා. දෙවෙනි එක අදත්තාදානය. එතකොට දැන් මේකත් පස්සේ මෙනෙහි කරනවා කියන එක, ඒ රහතන් වහන්සේ මට කියා දෙන්නම් කියලා කිව්වා. කොහොම හරි ඊළඟට අර මෝහය නැති කරනවා කිව්වහම මෙතන මේ සංස්කාරයන් කියන ඒවා, අර කොටුව තියෙනවා නේ. ඒ සංස්කාර කොටුව, ඒක භාවනාවට ආවා.

ඒ භාවනාවට ආපු වෙලාවේ, ඉතින් මට ආවේ, මේ දැන් මේ සංස්කාරයන්වලට අපි ඇලිලා නේ මේක කරන්නේ. එතකොට දැන් අපි මේ පෙර වූ, දැන් පළවෙනි එකෙන් ඇති වුණා වූ දේ තමයි, ලෝභයෙන් ඇති වුණා වූ දේ තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔයා බලනවා පෙර වූ මෝහය කියන එක කල්පනා කරන්නකො. පෙර වූ මෝහය. දැන් මෙතන මේ විඤ්ඤාණය පිහිටෙව්වා නම් මේක කැරකෙනවා. ඒ කියන්නේ පිහිටන්න දුන්නොත් මේක කැරකෙනවා කියන එක මෝහ භාවනාවෙදි එනවා. විඤ්ඤාණයේ ස්ථිතිය ඇති වෙනවා කියන එක. එතකොට පෙර වූ මෝහය දී අපි මොකද්ද කරන්නේ අර sick සඤ්ඤාව කියන එක මගේ කියලා ගත්තා. Sick සඤ්ඤාව මගේ කියලා ගත්තා. අරගෙන අපි ද්වේෂ සහිතව ජීවත් වෙනවා කියන එක.

දැන් එතකොට එහෙම නම් ඔයාට පේනවා, sick සඤ්ඤාව මගේ කියලා අරගෙන ද්වේෂ සහිතව ජීවත් වෙනවා කිව්වහම ඒ කියන්නේ ඔයා, පාණාතිපාතය නේ ඕක කරන්නේ ගිහිල්ලා. එතකොට අපි වැඩියෙන්, දැන් පටන් ගන්නේ අපි කොතනින් ද? මෝහයෙන්. අපි වැඩි වෙලාවක් ඉන්නෙ මොකේ ද? මෝහයෙන්. මං කියන්නේ, ඕනෙ ම වෙලාවක මොකක් හරි වස්තුවක් එක්ක අපි මෝහයෙන් තමයි මුලින් ම මේක තියෙන්නේ. එහෙනම් මුල වෙන්නේ මෝහය. මෝහයෙන් එන එක. එහෙම නම් මෝහ මූලයෙන් වෙනකොට පාණාතිපාතා තමයි මුලින් වෙනවා කියන එක තියෙන්නේ. මෝහය මූලය. එතකොට ඒක නිසා ඔයාට පේනවා පාණාතිපාතයට ඔයා යනවා කියන එක. ඒක තමයි මුල වෙන්නේ කියන එක.

ඊට පස්සේ මට ඕනෙකම තිබුණා අර දිට්ඨි අනුසය කියන එක ඇති වෙලා, 6.6 තියෙන්නේ. දැන් 7.7 අපි ගොඩක් කරලා තියෙනවා නේ. පෝතලිය සූත්‍රයේ 6.6 කියන එක, ඇති වෙන්නා වූ දේ මට බලන්න ඕනෙ වෙලා තිබුණා. 6.6න් කොහොම ද අපි, මනුස්සයෙක් නින්දාරොසයට පත් වෙන්නේ කියලා. එතකොට මේ, එතෙන්දි මං බැලුවේ 6.6 වෙනකොට මේ මනුස්සයට, ඔය 6.3 කාරණාව තියෙනවා නේ. මතක ද? ප්‍රේමය කියන එක බොහොම මේවා වෙලා තියෙන්නේ. ඒක significant නේ 6 රවුමේ දී, ප්‍රේමය කියන එක. 6.3 වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේක මෙයාට පරාමාස කරගත්තා. පරාමාස කරගත්තා කියලා කිව්වේ අර අභිනිවේසය නිසා. ඒ වාගේ සංස්කාරයන් තමා තමන් පරාමාස කරගෙන තියෙන්නේ. ඒ සංස්කාරයන් පරාමාස වුණාට පස්සේ මෙයා මේක මගේ කියලා ගන්නවා.

එතකොට තමයි අර ලාභය කියන එක අපිට ඇති වෙන්නේ. එතකොට ඒ ලාභ කතාව ඇති වුණාට පස්සේ, දැන් මේක ඊට ඉස්සෙල්ලා රවුමේ දී යි මේක සිද්ධ වුණේ, දැන් මේ ලාභ කතාව වුණාට පස්සේ දැන් අපි දිට්ඨි අනුසය කියන එකෙන් අපි අර රූපයෙන් අපි සතුට සොයන තත්වෙට පත් වෙනවා. අර ඊයේ කිව්වේ රූපයෙන් කුමක් කරයි ද? මේකේ සතුට සොයනවා නේ ද?

එතකොට මෙතෙන්ට මම ගිහිල්ලා තියෙන්නේ. දැන් මෙතෙන්ට ගිහිල්ලා තියෙන කෙනා, දැන් මං කල්පනා කරන්නේ දැන් මේ මනුස්සයෙක් මොකක් හරි එකක් කනට දාගෙන යන්නේ මොකට ද? ඒ මනුස්සයව උස්සගන්න හදන්නේ. මොකට ද උස්ස ගන්නේ?

මොකද එයා දන්නවා දැන් ඔය, මනුස්සයෙකුට ගෑනියෙක්ව ගන්න එහෙම ඕනෙකම එහෙම තියෙනවා නම් ඒ මනුස්සයා කරන්නේ ඔය වගේ මොකක් හරි ක්‍රමයක් භාවිතා කරනවා නේ. එයාව උස්සන්න. දැන් මොකක්වත් නැති මනුස්සයෙකුට කාන්තාවක් කැමති වෙන්නේ නෑ. දැන් මෙයා කල්පනා කරනවා දැන් මෙහෙම එකක් කරගෙන ගියා ම එයා දකිනවා, අන්න අරයාට girls ලා හරි කවුරු හරි ඒ අය මෙයාත් එක්ක එකතු වෙනවා. ඒ මේ පෝසත් එක්කෙනෙක් කියලා. අරකට මේගොල්ලෝ ඇදිලා යනවා. එතකොට ඒකෙන් අල්ලගන්න නේ මේ කරන්නේ. ඒකට තමයි මේ උස්සගන්න හදන්නේ.

එතකොට දැන් ඔයාට පේනවා මෙතෙන්දි අර වම් අත පැත්තේ කොටුව තියෙනවා නේ අපි අර, පළවෙනි ලෝභය සහිතව කොටුව කියන එක මේ, මෙතෙන්දි කතා කරන්නේ කබලිංකාර ආහාරය, වේදනාව, ගිද්ධිලෝභය කියන ඒ රවුම. එතකොට මේ රවුමේ අපි ලාභයි කියන එක තියෙනවා. දැන් මේ දිට්ඨි අනුසය වෙනකොට රහතන් වහන්සේ පෙන්නන්නේ අර අනිත් එක බලන්න. ඡන්දය. මෙතනින් ලාභ වුණා, මගේ කියලා ගත්තා. දැන් දිට්ඨි අනුසය කියන එකෙන් එනකොට ඔයා යන්න ඕනෙ අර ඡන්දය ගොඩට තමයි යන්න ඕනෙ.

එතකොට දැන් මෙයාට මේකට ඡන්දය තියෙනවා. මොකද්ද මේ ඡන්දය කියලා කියන්නෙ? ඡන්දය කියලා කියන්නේ අර මොකක් හරි එකක gap එකක් තියෙනවා, මේක fix කරගන්න තමයි අපි මේ කළේ. කාමච්ඡන්දය කියන එක එහෙම නේ ඇති වෙන්නේ.

එතකොට දැන් බලන්න ඔය වයසට ගිය කට්ටිය එහෙම ගත්තහම හරියට රත්තරන් බඩු පළඳිනවා. කාන්තාවෝ එහෙම ඔයා දැකලා ඇති, මොකද අර gap එක වැඩියි. එතකොට මේකෙන් තමයි මේක ගන්න හදන්නේ. මේවාගේ දාලා. ආන්න ඒකෙන් තමයි අර කනට කරාබුව ඒ වගේ එකක් ඒක දාගෙන යනවා, ඉතින් ඒකේ නින්දාරොසය. මොකද මේක ඉල්ලා ගත්තු දෙයක් නේ. ඒ කියන්නේ මේක තමන් ළඟ තිබිච්ච දෙයක් නෙමෙයි. තියෙන්නා වූ දෙයක් නෙමෙයි. වෙන දෙයක් අරගෙන කරන්නේ.

ඔන්න ඕක තමයි මං ඒ භාවනාවට සිහි කළේ.