Date: 01/04/2014 Name: SukithaCitta bhavana

ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ඒ ධර්මය දන්නවා ය, දරනවා ය, අනිත් අයට දෙනවා ය, ධර්මයට අධිපති ය, ධර්මය දරන ඒ මණ්ඩලයක අධිපති ය කියලා. ඊට පස්සේ ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ ඒ ධර්මයයි විනයයි මෙනෙහි කරලා ඒ විදිහට, ඔය විදිහට පිළිවෙළට මම කරගෙන ගියා. ඒ බුදුපියවරු දාහතර නමට ම මං වැන්දා ඉතින් මේ, ඒ බුදුපියවරු ඒ ධර්මය දන්නවා ය, දරනවා ය කියන එක. ශ්‍රේෂ්ඨ පුද්ගලයන් දාහතර නමක් වශයෙන්.

ඊට පස්සේ මං පන්සිල් ගන්න එක කරගෙන ගිහිල්ලා එතන මම ඡන්ද චිත්ත විරිය විමංසා ඉද්ධිපාදයෝ වඩමි කියලා කියනකොට එතනින් පටන් ගන්නෙයි කියලා කිව්වා. ඒ පාර මම ගත්තේ අර භාවනාව අර විරිය 3 කියන එක. ඒ විරිය 3 කල්පනා කළා මේ රූපය ස්පර්ශ නොවෙන්න කියලා. එතකොට ඒක කල්පනා කළහම කෙළින් ම මේකේ ගිහිල්ලා ඔය භාවනාවේ කෙළවරට ම තමයි ආවේ. ඒ භාවනාවේ කෙළවරට තියෙන්නේ මොකද්ද අපි අර විඤ්ඤාණයෙන්, අන්තිමට එනකන් විඤ්ඤාණයට එනකන් ආවා නේ විඤ්ඤාණය, විඤ්ඤාණ පාර මෝහ පාර කියන එක. එතෙන්ට එනකන් ඇවිල්ලා, ඒ දාරුක්‌ඛන්ද සූත්‍රය භාවනාවේ,

එතනින්, ඒ කියන්නේ සම්මා කම්මන්ත භාවනාව මං මේ කියන්නේ. එතෙන්ට එනකන් ඇවිල්ලා එතනින් අනිත් පැත්තට එනවා, මං දැන් මෙතන මේ, මේ රූපයෙන් කුමක් කරයි ද කියලා. එතෙන්දි ඒ කල්පනා කරනවා මේ රූපයෙන් අපි සතුට සොයනවා, මේ රසය සොයනවා කියලා. එතෙන්දි කල්පනා කළා මේක, මේක කරන්න ඕනෙ ද කියන එක. මේක හරියට මේ මම ම යමක් පුරුදු කරලා බාර්ලි කියන්නකෝ. මේ බාර්ලි වාගේ දෙයක ඔන්න මං කටට දානවා. දාලා ආ මේක මෙහෙමයි කියනවා. ඊට පස්සේ ටිකක් තලු මරලා වාගේ ඊට පස්සේ කල්පනා කරලා ආ මේක හොඳයි. හොඳයි කියලා මිනිස්සු කියන්නේ ඔය taste කරනකොට. අන්න ඒ වාගේ මේක දෙනවා. දැන් ඔන්න විඤ්ඤාණයට දැන් එකක් පුරුදු කළා.

පුරුදු කරලා ආපහු මං විඤ්ඤාණයෙන් ආයේ දවසක අහනවා අර මං දීපු values ටික මේකේ තියෙනවා ද? අර ඊළඟ බාර්ලි එකේ මං අහනවා මේකේ තියෙන values ටික ඒක තියෙනවා ද කියලා. ඉතින් ඕක කවදාවත් තියෙන්නේ නෑ. මොකද මගේ taste buds වෙනස් වීම නිසා මේක මෙහෙමයි කියන එක. එතකොට මේක මේ කරන්න ඕනෙ ද කියන එක මම මෙනෙහි කරනකොට ම, දැන් මම මේ කල්පනා කළේ, අදහස් කළේ මේ රූප අගය, වේදනා අගය, චේතනා අගය කියන එක තමයි මං මේ දීලා ඒ අගයන් ටික තියෙනවා ද කියලා. මේක මේ කරන්න ඕනෙ ද කියන එක මේවා වුණහම කෙළින් ම නිරෝධයට ගියේ. මොකුත් නෑ එහෙම්ම ම සිතුවිලි නතර වෙලා නිරෝධයට ගියා.

ඒ ගිහිල්ලා ඔන්න එලියට වෙලා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට යනවායි කියන එකත් මට නිකන් තේරුණා. ඊට පස්සේ, ඒ කියන්නේ රූප පේන්න ගත්තා. ඒ කියන්නේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙනුත් එලියට ඇවිල්ලා. ඒ පාර දැන් මට පෙනුණේ, මේ bobbin එකක්. ඔය නූල් රෝද මහනකොට යටින් තියෙන bobbin එක. ඉතින් මං කල්පනා කළා මේ bobbin එක කියන එක ගත්තහම මේක යට නූල. එතකොට ඒ යට නූල මේවා වෙන්න නම් උඩ නූලක් තියෙන්න ඕනෙ. උඩ නූල තමයි විඤ්ඤාණය. විඤ්ඤාණය ධාරාවක් වශයෙන් යනවා machine එකේ. එතකොට මේ යටින් නූල තමයි මේ රූපය ආවා, රූපයත් එක්ක දාලා මේ යටි නූල කියන එක ඒක මේවා වෙනවා. ඒක දැන් මහගෙන මහගෙන යනවා. ආපහු නිරෝධයට ගියා. ආපහු ඒක ගැන මොකක්වත් මේකක් නෑ.

ඔහොම ටිකක් වෙලා ඉඳලා ආපහු එලියට ආපු වෙලාවේ ආපහු මට පේනවා මේ, දැන් තියෙන්නේ නිකන් දැල්, මේ හිල් ගොඩක්. දැන් අපි හිතමු කඩදහියක වාගේ හිල් හිල් හිල් හිල් දාලා. දැන් උඩ නූලත් නෑ යට නූලත් නෑ. ඒ නූල් කතාව මොකුත් නෑ හිල් ටික විතරයි තියෙන්නේ. ඉතින් මං ඊට පස්සේ මට පේනවා, මං කල්පනා කළා ඉතින් මේකෙන් කරන්නේ මේ තමන්ට ඕනෙ වුණා ම අර රූපයක් අල්ලගෙන ආපහු අර හිල් ටික දිගේ ම ඒ පාරවල් දිගේ ම යනවා නේ. දිට්ඨි අනුසයෙන් මේක කරනවා කියන එක. ඉතින් මේක, මේක කරන්න ඕනෙ ද කියනකොට ආයෙත් නිරෝධයට යනවා. ඔය විදිහට දිගට ම භාවනාවේ මේ ඔය දේ තමයි. මෙහෙම ඉන්නවා එහෙ ඉන්නවා. ඉතින් මට තේරුණා බොහෝ කාලයක් මෙහෙම ඉන්නත් පුළුවන් කියලා.

ඕක තමයි භාවනාව.