ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කරා, නමස්කාර වේවා. ඒ බුදුපියවරු සිහි කළේ ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ කුසලයත් දන්නවා, කුසල මූලයත් දන්නවා. අකුසලයත් දන්නවා, අකුසල මූලයත් දන්නවා. ඒ විදිහට මේ විදිහට මොකද මේ දැන් අපි දන්නවා ඔක්කෝම ලෝකයේ අකුසලයන් සිද්ධ වෙන්නේ ඉතින් ලෝභ ද්වේෂ මෝහ කියන දේවල්වලින්. ලෝකයේ හැම කුසලයක් ම සිද්ධ වෙන්නේ අලෝභ අදෝස අමෝහවලින්. එතකොට මේක, මේක ගැන හිතලා ඉතින් ඒ ධර්මය කියන එක දරනවා, ධර්මය දන්නවා, ධර්මයට අධිපති ය කියන එක මෙන්න මේ, මෙන්න මෙහෙම දැනීමෙන් තමයි මේ ධර්මයන් පහළ වීම කියන එක තියෙන්නේ. එහෙම ගිහිල්ලා මම වැඳලා ඒ දාහතර නම ම සිහි කරලා,
ඊට පස්සේ මම ඒ බුද්ධං සරණං ගච්ඡාමි, ලෝභය නැති කරමි කියන එතනින් පටන් ගන්නෙයි කියලා කිව්වා. එතකොට එතන මම ඔය ලෝභය කියන එක මම බැලුවා. අපි දන්නවා අර රවුම් කරකවලා අර හය වෙනි වටය එනකල් ම එනවා නේ මෙතන මේවා වෙන්න. ඔය හය වෙනි වටය එන්න ඉස්සෙල්ලා, ඒ කියන්නේ අර රූපයට අගය දෙන අර ලෝභය කියන ඇති වෙන ලාභයි කියලා ගන්න තැන තියෙනවා නේ. කබලිංකාර ආහාරයයි, වේදනාවයි, ඊළඟට ගිද්ධිලෝභයයි. ඔන්න ඔය belt එක.
එතකොට මේ ලෝභය කියන එක අපිට ඔය විදිහට ඇති වෙන්නේ, මේ මෙතන මේ ලාභයි කියලා ගැනීම තියන එක. එතකොට ලාභයි කියන එක ගැනීමයි කියන එක මම කල්පනා කළා මේක මෙහෙම වෙන්න නම්, ඉතින් රූපයට නේ මේ ලාභයි වෙලා තියෙන්නේ. මේක ලාභයි කියන මේක වෙන්න මීට ඉස්සෙල්ලා කාරණය බලපානවා. ඒ කියන්නේ යමක් පරාමාස වුණා ද ඒක බලපානවා මෙතන්ට. පරාමාස වුණායින් පස්සේ පල්ලෙහාට අත්තා කියලා ගියා ම මේක තමයි පස් වෙනි රවුමේ පහ වෙන්නේ. ඒක තමයි අතෙන්ට යන්නේ. එතකොට මේක අත්තා කියලා ගන්න නම් පරාමාසයට වෙච්ච දේ.
එතකොට පරාමාසයට ගියේ මොකද්ද? එතකොට අපි දන්නවා මේ බොරුවක් ගියා, මුසාවක්. අර සුඛයි කියලා ගත්ත එක. අනිත් පැත්තෙන් ගත්තහම අර සංස්කාරයන්ගේ නිත්‍යයි කියලා මේක මෙතෙන්ට ආවා. එතකොට මේ සංස්කාරයන් නිත්‍යයි කියලා එන්නේ මොකද්ද? දැන් මේ සුඛයි කියන එකත් අපි දන්නවා නේ අර සුභයට නිත්‍යයි කියලා එකතු කරලා, සුඛයි කියන්නේ. එතකොට එහෙම නම් මේ beauty සුභ කියන එක ආවා, නිත්‍ය කියන එක ආවා. එතකොට සුභ එක නිසා මම මේක නැවත නැවතත් පැවැත්වීම. ඒ කියන්නේ beauty කියන එක උඩ තියෙන්නේ.
ඒ කියන්නේ මට ආවේ පංචකාම ගුණ නිසායි මේක සිද්ධ වෙන්නේ. පංචකාම ගුණය නිසා අපි ඒ සිත ඒකත් එක්ක අල්ලගෙන කරකවනවා. ඒකෙන් නිත්‍යභාවය කියන එක පවත්වනවා. එතකොට දැන් ඇයි අපි මෙහෙම කරන්නේ? එතකොට මට ආවේ මේ දැන් දෙතිස් කුණපයක් නේ, බොරුවක් නේ තියෙන්නේ, හැබැයි අපි ඒක beauty කියලා ගන්නවා. එතකොට දැන් මට එනවා එහෙම නම් අපි මෙහෙම කරකවලා මේක කරන්නේ, මේක මේ භවය පවත්වන්න පුළුවන් කියන එක. මෙන්න මේ රූප කොටස නිසා මට භවය පවත්වන්න පුළුවන්.
අන්න ඒ වෙලාවේ රහතන් වහන්සේ “සාධු සාධු” කිව්වා. ඒ භවය පවත්වන්න පුළුවන් කියන එකට තමයි ඒ කරන්නේ. මේකේ, දැන් ඕගොල්ලෝ කියන්නේ මට මේ රටට ගිහිල්ලා ජීවත් වෙලා ඉන්න පුළුවන්. මට මෙයත් එක්ක ඉන්න පුළුවන්. එහෙම කියනවා නේ. එතකොට අන්න ඒ වාගේ මේ කියන්නේ මේ, මගේ මේක භවය පවත්වන්න තමයි මේක ලාභයි කියලා කියන්නේ. රටක ඉඳන් තව රටකට යන්නේ ඒවා ඔක්කෝම තියෙන්නේ ඒක. භවය පැවැත්වීම. අන්න ඒක තමයි මෙතන මේ අපි රූපය ලාභයි කියලා කියන්නේ. මගේ වැඩේ කරගන්න මේක තියෙනවා. මගේ මේ භවය පැවැත්වීම පිණිස.
ඒක හිතුවායෙන් පස්සේ ඉතින් සිත පුදුමාකාර විදිහට තුනී වෙලා තුනී වෙලා ගියා. තුනී වෙලා තුනී වෙලා ගිහිල්ලා ආයේ තව එකක් හිතන්න ඕනි නෑ, ඉතින් ඒක සම්පූර්ණයෙන් ඒ නිරෝධයට කියන එකට, ඒකට මේ යනවා. ඒකේ එලියට ආවත්, ආපහු ඒ තත්වය ම එහෙම ම පවතිනවා. මට අටයි කියලා කියනවා ඇහුණා. ඒක තමා මං නැවැත්තුවේ.
ඒක තමයි භාවනාව.