Date: 04/04/2014 Name: Pisunaa Vaaca

ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කරා, නමස්කාර වේවා. ඒ බුදුපියවරු සිහි කළේ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේට මං වැන්දා ඒ, මේ ධර්මය මේ තරම් ගැඹුරට මම දකිනකොට මම කිව්වේ ඔබ වහන්සේලා ගැන කියන්න වචනයක් නෑ කියලා. ඒ කියන්නේ ධම්මාධිපති එහෙම අපි කියනවා නේ නේ ද? ඒක කියන්න වචනයක් නෑ කියන එක මගේ සිතට ආවා, ඒ තරම් ධර්මයක් දන්නවා. එතකොට ඒ විදිහට ඒ අනුපිළිවෙළින් බුදුපියවරු දාහතර නම ම මම සිහි කරලා දාහතර නමට ම වැන්දා.

වැඳලා මම මේ කල්පනා කළා මේ diagram එකේ ඔය හතේ, දැන් කාරණා තියෙනවා නේ දැන් 7.7 කියන එක. ඒ මුළු set එක ම මම කල්පනා කරන්න පටන් ගත්තා. එතකොට පළවෙනි කාරණේදි අපි අර දන්නවා අපි දුක්ඛ දුක්ඛතාවයට යනවා කියන එක. එතකොට මේ අවස්ථාව වෙනකොට, මේ කොධො උපායාසය ජීවත් වෙන අවස්ථාව ඒ පළවෙනි කාරණයට ගත්තා. ඊට පස්සේ මේ දැන්, මේක දැන් මේ කැරකෙන එකක් නේ මේ කතා කරන්නේ අපි. ඊට පස්සේ දැන් නින්දාරොසය කියන එක අවස්ථාවේ දී ඒ ගත්තහම අපි දන්නවා ඔය, රූපය ගැන අපි සතුටු වෙනවා. රූපය ගැන සතුටු වෙලා මානයෙන් සිත උස් කරන අවස්ථාව. මේකට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මට හොඳ ලාභයක් ලැබුණා කියලා මේවා කරන අවස්ථාව තමයි ඔය නින්දාරොසය කියන එක තියෙන්නේ.

ඊට පස්සේ දැන් මම ආවා මේ ගිද්ධිලෝභය අවස්ථාවට. ගිද්ධිලෝභය අවස්ථාවෙ දී කාරණා දෙකක් තියෙනවා නේ මේ, මුසාවාදයේ කාරණාවයි, සංස්කාර නිත්‍යයි කියලා මේ වරදවා වටහා ගැනීම, කියන එක. ඒක තියෙනවා. එතකොට දැන් ඕක පැහැදිලි කරනවා නේ කොහොම ද මේ සංස්කාර කියන එක නිත්‍ය වුණේ කියන එක. ඕක පැහැදිලි කිරීමක් කියන එක කරනවා. එතකොට ඒකේ පැහැදිලි කිරීමේ දී පෙන්නනවා මේ රූපය ම තමයි හේතුව වුණේ, සුභයි කියන එක ම තමයි අපිට beauty කියන එක තමයි හේතුව වුණේ ප්‍රත්‍ය වුණේ කියලා මේ නිත්‍ය කියන සඤ්ඤාව ඇති වෙන්න.

එතකොට මේක මහ බොරුවක් මේ බැලුවහම මේ කාම ගුණයන් නිසා මේ වෙලා තියෙන්නේ, reality එක දෙතිස් කුණපයක්. එතකොට මේකත් එක්ක අල්ලගෙන මේ කරකවනවා. එතකොට මේ වේදනාව කියන එක සුඛ වීම කියන එක වුණේ අර නිත්‍යභාවය, මේකට ම කරකවලා නිත්‍යභාවයක් එකතු කිරීම කියන එක. එතකොට අපි දැන් අපි ඔතෙන්දි එනවා නේ, මං කිව්වෙ මට වැටහුණා කියලා, මේක ලාභයි කියලා ගන්නෙ ඇයි? මේ භවය කියන එක පවත්වන්නෙයි කියන එක.

ඕක මම හරියට දැක්කේ අද භාවනාවෙදි, භාවනා කරගෙන යනකොට මට එනවා මේක නිකන් හරියට අර electric motor එක වාගේ. Electric motor එකේ ගත්තම ඔන්න දැන් රූපය තියෙනවා. රූපය තමා අර handle එක හැටියට එන්නේ. මෝටරේ දන්නවා නේ අර කෑලි කෑලි ගහලා තියෙනවායි කියලා. Metal කෑලි. එතකොට එක කෑල්ලක් ඔන්න ස්පර්ශ වෙනවා, මේක නිසා දුවනවා. දුවන නිසා ඊළඟ එක ස්පර්ශ වෙනවා. මෙන්න මෙහෙම කතාවක් මෙතන තියෙන්නෙ. භවය කියලා කියන්නේ අර කැරකෙන එක. තේරුණා ද? එතකොට රූපය තමයි මේකට භාවිතා කරන්නේ අර ස්පර්ශ කරන්න නිතර ම නැවත නැවතත්. මේ විදිහට මේක යනවා කියන එක. එතකොට දැන් මේ අවස්ථාව වෙනකොට මේ පුද්ගලයා මේ රූපය ලාභයක් කියලා එහෙම තීරණය කරගෙන නේ තියෙන්නේ. එතකොට gain එක කියලා, ඒ කියන්නේ මෙතෙන්දි අපි නන්දි කිරීමෙන් පස්සේ ඇති වෙන දේ තියෙනවා රූපයට. අභිවදතො කියන එක තියෙනවා. අභිනන්දතො කියන එක, කරලා ඉවරයි කියන එක තියෙනවා. එතකොට දැන් මෙතන මේ කෑලි දෙක ඔහොම පේනවා.

ඊළඟට දැන් මේ පිසුණා වාචය කියන එක තමයි මගේ aim එක තිබුණේ භාවනාවට ගන්න. ඒ පිසුණා වාචය කියන එකේ ගත්තහම, ඔතනදි රහතන් වහන්සේ පෙන්නුවේ මේ, සංස්කාර කියන ඒවා පවතිනවා කියලා, නිත්‍යයි කියලා, තේරුණා ද? මේ සිතලා නේ මේක සිද්ධ වෙන්නේ. Trust කරනවා මේක. Trusted to last. ඒ විදිහට වෙලා තියෙන්නේ.

එතකොට ඒක නිසා අපිට මානයක් කියන එක ඇති වෙලා. එතකොට මේ මෙතෙන්දි අපි, චේතනාවට කියන එකට අපි අගය දීලා තියෙන්නේ. එතකොට දැන් මේ මේක මම හුඟාක් තදින් බැලුවා, අර ඉස්සෙල්ලා අර්ථයත් එක්ක. දැන් අතෙන්දි අර භව ආශ්‍රවයේ ලක්ෂණය මොකද්ද?

අර පස් වෙනි කාරණයේ දී අපි කිව්වා නේ මේ ලාභයි කියන එක, භව ආශ්‍රවයේ ලක්ෂණය මොකද්ද, ප්‍රාර්ථනයෙන් ග්‍රන්ථයෙන් අභිසඞ්‌ඛාරාකාය සඞ්‌ඛරොන්‌ති කියන එක. එතකොට මෙතන ඇවිල්ලා අභිසඞ්‌ඛාරාකාය සඞ්‌ඛරොන්‌ති කිව්වහම එහෙනම් මේ භවය කියන එක තමයි මේ කතා කරන්නේ ඔතන. ඒ චේතනාවෙන් එතන වෙන දේ. එතකොට එහෙම නම් දැන් මෙතන මේ, මේ හතර වෙනි point එකේදි ග්‍රන්ථය තමයි එන්න ඕනෙ. ග්‍රන්ථය.

මෙතන මම දැක්කා හරියට මේ මනුස්සයෙක් ඉල්ලනවා අනේ ඕක මට දෙන්න කියලා කියන්නේ. ආන්න ඒ වගේ begging. Begging for the former feeling. පෙර වූ සුඛය පතනවා. මේ හතර වෙනි රවුම 4 වෙනි එක නේ. 4.2 මෙතන වැදගත් වෙනවා, significant වෙනවා නිත්‍ය කතාව. එතකොට මෙතෙන්දි මේ 4.3 කියන්නේ වේදනාව. 4.4 තමයි මේ වෙන්න හදන්නේ. එතකොට මේ වේදනාව තමයි මං begging. එතකොට මොකද්ද මං මේ begging කියලා කියන්නේ? මට ඒක දෙන්නෙයි කියලා මෙයා ඉල්ලනවා. ඉල්ලන්නේ මොකද්ද?

මෙම රූපය මගින් මේ වේදනාව පතනවා. මේ රූපයෙන් මේ වේදනාව මට දෙන්න. ඔන්න ඔය විදිහක් මේක කරන්නේ. එතකොට දැන් මෙතෙන්දි මට පේනවා එහෙනම් මේකෙ මේ පෙර වේදනාව මෙහෙම ඉල්ලන්න නම් පෙර වේදනාව ග්‍රන්ථ වෙලා තියෙන්න ඕනෙ. එහෙම නැත්තන් මේක වෙන්න බැහැ කියන එක. එතකොට දැන් මෙතන මේකේ අර්ථය තියෙන්නෙ මොකද්ද මේ වේදනාව, දැන් ග්‍රන්ථ වෙනවා කිව්වහම, එහෙනම් ඔයාට පේනවා ද මේක විඤ්ඤාණයේ ස්ථිතිය කියන එක එනවා නේ ආපහු වේදනාවට නැවත නැවතත් යනවා කියන එක. එතකොට මේකේ, ඉංග්‍රීසියෙන් කියනවා නම් for this feeling I rotate. මේ වේදනාව සඳහා මං කරකවනවා, කියන එක ඒක තියෙනවා.

එතකොට මේක මට තේරුණා මේක හරි දරුණුයි. මේක දරුණුයි කියලා කියන්නේ මේ point එක තමයි අමාරු ම point එක. එතකොට මේක සඳහා තමයි අර මනුස්සයා අර පිසුණා වාචය කියන එක කරනවා කියන්නේ මේ, පලාසය ගන්නකො, කකුලේ කෑල්ලක් කපලා අයින් කරන්නයි කියන එක ගත්තහම ඒක මෙයාගේ තියෙනවා. මේක මං මේක දුවන්න. මේ වේදනාවට නේ මේ reaction එක එයාගේ තියෙන්නේ. මේ වේදනාව ඉවසන්නේ නෑ, ඒ වේදනාව ම නැවත නැවතත් එයා පතනවා කියන එක. ඉතින් ඒක තමයි භාවනාව. ඉතින් මට තේරුණා මේක අපි විස්තර කරේ නැත්තේ, මේක අර දෙක අනිත් ඒවා විස්තර කරනකන් මේක තේරෙන්නේ නෑ.