ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා, නමස්කාර වේවා. ඒ බුදුපියවරු මං සිහි කළා ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨභාවය කියන එක, ඒ කියන්නේ මේ ධර්මය අපිට අවබෝධ වෙන්න අවබෝධ වෙන්න පෝතලිය සූත්‍රය වාගේ, ඒ පේනවා බුදුහාමුදුරුවෝ කොයි තරමක් ධර්මය දන්නවා ද? මහ පුදුමාකාර ගැඹුරු වූ ධර්මයක්. අර ගම්භීර ප්‍රඥා කියලා කියන්නේ. ඒක දන්නවා කියලා.
එතකොට ඒ ධර්මය යම්කිසි පුද්ගලයෙකුට පුළුවන්කම තියෙනවා නම් කෙනෙකුට පහදලා දෙන්න, ඒ කියන්නෙ මේ ඒ ධර්මය දෙන්න, මණ්ඩලාධිපති බුදුපියා වාගේ බුදුපියාණන් වහන්සේ කෙනෙක් කොච්චරක් ප්‍රඥාවන්ත ද? එතකොට මෙන්න මේ අර්ථය ඇතුව ඒ ධර්මය දරන්නේය, ධර්මය දන්නේ ය, ධර්මය දෙන්නේ ය, ධර්මයට අධිපති, ධර්මය දන්නා වූ මණ්ඩලයට අධිපතියි කියලා වැඳ නමස්කාර කළා. ඔය විදිහට ඉතින් ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ ගැනත් මම සිහි කළා. ඒ විදිහට වැන්දා ඒ බුදුපියවරුන්ට තුන් නමට ම. ඊට පස්සේ දිගින් දිගට ම දාහතර නමට ම ඒ විදිහට අනුපිළිවෙළින් සිහි කරලා වැන්දා. සහම්පති මහා බ්‍රහ්ම බුදු පියාව විශේෂයෙන් සිහි කළා ඉතින් අවුරුදු දෙකක් විතර කාලයක් තිස්සේ දැන් ධර්මය දෙනවා නේ. 2011 ඒක මේවා වුණේ. ඉතින් මහා විසාල ප්‍රමාණයක් මේක කළා ය කියලා.
ඒ විදිහට ශ්‍රද්ධාව පවත්වලා, ඒ පාර බුද්ධං සරණං ගච්ඡාමි, ලෝභය නැති කරමී කිව්වහම අර ලොකු triangle එක තියෙන්නේ, ඒ චේතනාව දක්වා එන එක, ඒක මම මෙනෙහි කළා. ඊළඟට ධම්මං සරණං ගච්ඡාමි කිව්වහම අර ද්වේෂයට යන එක, දුක්ඛ දුක්ඛතාවයට යන එක ඒක මෙනෙහි කළා. මෝහය නැති කරමි කියලා කල්පනා කළහම අර මෝහ triangle එක සිහි කළා. එතකොට ඒක සිහි කරලා ඒකත් එක්ක ම මම ආවා මේ පාණාතිපාතා කියන එක, ඒක මේ පෝතලිය සූත්‍රයේ ඒක කල්පනා කළා, අර ඒක සුභයි කියලා අරගෙන වෙන්නා වූ දේ. එතකොට අර මුසාවාදය දක්වා 1, 2, 3 ඒ විදිහට ආවා. එතකොට මෙතෙන්ට එනකන් ආවායින් පස්සේ ඉතින් මේ, මේක මුසාව පෙර සංස්කාරයන් නිසා මේක වුණා ය කියන එක, ඒක මෙනෙහි කළා.
ඒක මෙනෙහි කරලා ඉවර වෙලා ඊට පස්සේ දැන් අර, ඊළඟට තියෙන්නේ අර begging the feeling කියන එක නේ. ඒක මම මෙනෙහි කළා. ඒක මෙනෙහි කරලා ඉවර වෙලා බැලුවා මේක මේ නිත්‍යයි කියන එක මේ පැත්තෙන් ඇවිල්ලා තියෙනවා, මේ පැත්තෙන් මේ අර අපි feeling එක නැවත මේවා කරනවා. එතකොට අර පෙර කරා වූ ඒ දේයි, ඉතින් දැන් අලුතෙන් එකක් කරන්නයි මේ පටන් ගැනීමකුයි එන දෙක ම තියෙනවා කියන එක.
ඒක මෙනෙහි කරලා ඊට පස්සේ බැලුවා ගිද්ධිලෝභය කියන එක. ඒ සිහිනයේ කතාව. ඉතින් එතකොට දැන් මේ මච්ඡරිය, ලාභයි කියලා ඇවිල්ලා නේ, එතෙන්දි භවය පවත්වන්න මේක හදනවා. එතකොට අර 4 දී භවය පවත්වන්න හිතලා මෙයා භවය පවත්වන්න මේක ලාභයි කියන එක මේක ගන්නවා. ඒක අරගෙන දැන් මං කල්පනා කළා මේකෙදි, දැන් මේක නතර වෙනවා ද? ඒ කියන්නේ කෙනෙක් මේ දක්වා ලාභය වෙනකන් ඇවිල්ලා නතර වෙනවා නම් තථාගතයන් වහන්සේ මේක නවත්වන්නේ නෑ. බුදුහාමුදුරුවෝ කියනවා මේ කාරණා පහෙන් නවත්වනවා.
දැන් අපිට පේනවා අර දකුණු අත පැත්තෙන් වෙන්නා වූ දේවල් ටික අපි අයින් කරනවා කියන එක. ඒ අතරේ දී මං බැලුවා මේ අයින් කරනවා කියන එක, මේක තමයි පාණාතිපාතයේ ඉඳන් බුදුහාමුදුරුවෝ කියන්නේ ඒක සඤ්ඤා උපෙක්ඛාවට යන්න. අරවා ගන්න එපා. අර worldly තියෙන්නා වූ ඒ දෙතිස් කුණපයන් සහිතව දේ ගන්නැතිව, ඒක වෙනුවට මෙන්න ඒ සංස්කාරයන් පැත්තකට දාලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා මෙන්න මේ සංස්කාරයන් භාවිතා කරන්නයි කියලා. ඒක නේ අර සළායතන විභංග සූත්‍රයේ පෙන්නන්නේ මේ ධ්‍යාන සහිත වූ සංස්කාරයන් භාවිතා කරන්න. ඊට පස්සේ ඒක සඤ්ඤා උපෙක්ඛාවට යන්නෙයි කියලා. ඉතින් ඇත්තෙන් ම කියනවා නම් මං ඒ විදිහට ඒක සඤ්ඤා උපෙක්ඛාවට ම ගියා. හත් වෙනි ධ්‍යානයට වෙනකන් මම ගිහිල්ලා තියෙනවා.
ඒ පාර දැන් මම කල්පනා කළා දැන් මෙතන මේ, දැන් මේ දකුණු අත පැත්තේ, චේතනාව පරාමාසයෙන් එහා පැත්තේ කාරණා ටික නැති කරගත්තා, නමුත් මේ මුලින් මෙතන, භවය පවත්වන්න මම යන්නේ නැත්තන්, ඒ කියන්නේ පස් වෙනි කාරණයට ආවට පස්සේ, මං මෙතනින් නතර වෙනවා නම්, එතෙන්දිත් ඒක සඤ්ඤා උපෙක්ඛාවට යනවා, මෙතෙන්දි නතර වෙනවා නම් බුදුහාමුදුරුවෝ මේක මෙහෙම කරන්නේ නෑ.
එතකොට මට තේරුණා හරි. මේ බුදුහාමුදුරුවෝ මේ පෙන්නුවේ මෙතෙන්දි අර පාරවල් තුන නේ. ඒ කියන්නේ චෙතෙති, අනුසති, පකප්පෙති කියන ටිකයි මේක කළේ. දැන් ඒක බැලුවට පස්සේ මං කල්පනා කළා කොච්චර ප්‍රඥාවක් ද බුදුහාමුදුරුවන්ගේ, එතකොට මෙතන මේ කාරණා තුන මේ විදිහට නැවැත්තුවා ය, එතෙන්දි මට ආපහු ප්‍රශ්නෙකට ආවා, හැබැයි රහතන් වහන්සේ අපිට කිව්වේ මේ 7.1 ඒ විදිහට නේ. ඒ හතේ දී ඒක සිද්ධ වෙනවා ය, මේ 7.6, ඊට පස්සේ හතෙන් පස්සේ, ඕක නේ ආවේ. එතකොට දැන් මේ කල්පනා කළා මේක කොහොම ද මෙතන මෙහෙම වෙන්නේ? ඇයි අර පහේ ඉඳන් ම ඒක කතාව තියෙනවා නේ කියලා.
ඒ පාර රහතන් වහන්සේ උදව් කරන්නම් කිව්වා. කියලා රහතන් වහන්සේ කිව්වා “දරුව, පහ වුණෝතින් හය වෙන එක නවත්තන්න බැහැ” කිව්වා. පහ වුණා නම් හය වෙනවා. රෝදේ කැරකෙනවා. හය වුණායින් පස්සේ, දැන් ඒ පාර මං හිතනවා එහෙම නම් හයෙන් එතකොට මේක ඉවරයි නේ එතන මේක කරන්න පුළුවන් නේ, බෑ හය වුණෝතින් අර shadow area එක තියෙනවා ම තමයි හතේ.
එතකොට ඒ හරිය තමයි අර significant වෙලා තියෙන්නේ, එතනින් පස්සෙ තමයි මේක, ඒ කියන්නේ මේ කාරණා තුන ම නවත්තන්න ඕනෙ, නැත්තන් මේක නවත්තන්න පුළුවන්කමක් නෑ. ඒක කියන එක පැහැදිලි කළා. ඉතින් රෝදය, අපිට car එකක් එකපාරට break ගහන්න බෑ නේ. අර ගත්තා වූ දේ ඒක යනවා. අර කලින් පැවතුණා වූ ගැම්ම කියන එක, ඒකෙ තාමත් මේක දුවනවා. ඒක නේ බුදුහාමුදුරුවෝ කිව්වේ මේක තාමත් දුවනවායි කියන එක. අර ඒක සඤ්ඤා උපෙක්ඛාවට අර විදිහට දිගට ම ගිහිල්ලා එය පැවැත්වීමෙන් ආශ්‍රවයන් නැති කරලා මේක නවත්තන්න පුළුවන් වෙනවා.
එතකොට ඔන්න ඕක තමයි ඒ භාවනාවට ගත්තේ.