ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියා මම සිහි කළා ලෝකයේ සිටින, ජීවමානව වැඩ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, පළවෙනි බුදුපියා වශයෙන්, මේ ධර්මය දන්නේ ය, ධර්මය දරන්නේය, ධර්මය දෙන්නේ ය, ධර්මයට අධිපති ය, ධර්මය දරන මණ්ඩලයකට අධිපති ය කියලා වැන්දා. ඊට පස්සේ අනිත් බුදුපියවරු, ඒ කියන්නේ තුන් වෙනි බුදුපියා දක්වාත් ඔය විදිහට සිහි කරලා වැඳලා, ඊට පස්සේ අනුපිළිවෙළින් සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා සිහි කරලා, මේ සියලුම අය මේ ධර්මයට අධිපති ය, ඔය දාහතර නම ම.
ඒ පාර මම බුද්ධං සරණං ගච්ඡාමි, ලෝභය නැති කරමි කියන එක, ලෝභය ගැන මෙනෙහි කළා. එතෙන්දි අර කබලිංකාර ආහාරය, ඡන්ද අගතිය, චේතනාව දක්වා යන ඒ loop එක බැලුවා. එතකොට මෙතෙන්දි, ඊයේ භාවනාවේ දී රහතන් වහන්සේ කිව්වා නේ පහ වුණෝතින් හය වෙනවා කියලා. නවත්තන්න බෑ කියලා ලාභ වුණෝතින්. එතකොට පහේ දී අපි රූපය අගය දුන්නා. හයේ දී අපි වේදනාවට අගය දෙන අවස්ථාව. මතක නේ අපි බැලුවා 6.6 කියනකොට.
එතකොට මේ රූපයෙන් සතුටු වෙලා සිටින අවස්ථාව. දැන් මං සිහි කළා මේ 7.1 කියන එක. ඒ කියන්නේ හත් වෙනි රවුමේ පළවෙනි එක. දැන් හය වුණෝතින්, දැන් හත කියන එක වෙනවා නේ චේතනාව කියන එක. හය වුණෝතින් ඒ චේතනාවට යනවා කියන එක මං කල්පනා කළා. එතකොට 7.1 මම සිහි කළා මෙතෙන්දි, මේ වේදනාවට සතුටු වෙලා කුමක් ද කරන්නේ? එතකොට මට පෙනුණා මේ අත්තා හැදෙනවා කියන එක තමයි, ඇයි පෙන්නුවා නේ, සුඛය කියන එක අරගෙන ඒ අත්තා. අත්තා වූයේ කෙසේ ද? සුඛය කියන එක අරගෙන.
එතකොට අත්තා කියලා ගන්නේ සුඛය ම යි. 7.1 දී ධම්මමච්ඡරිය මෙන් සිතිය යුතු ය. 7.1 කියන එක හරියට ධම්මමච්ඡරිය තියෙනවා නේ දැන් මේක ඇති වුණායෙන් පස්සේ ඊළඟ කොටුවට එන්නේ ධම්මමච්ඡරිය. එතකොට මෙතෙන්දි චේතනා අගය දීම සිදු වෙනවා. එතකොට ඒ කියන්නේ එතෙන්දි තමයි අර අත්තා කියන එක, ඒක වෙන්නේ. “රොගං වදති අත්තතො” කියන එක මට මතක් වුණා. ඒ කියන්නේ it is a sickness that one call a self කියන එක. එතකොට මෙතෙන්දි එහෙම වුණා ම ඒ ආකිඤ්චඤ්ඤායතනය කියන එක වුණා. අර රෝගයක් කියන එක, ඒක ගත්තහම ආකිඤ්චඤ්ඤායතනය වුණා.
දැන් එතකොට මට පේනවා area එක දැන්, area 3 එක නේ අපි ඔය කතා කළේ. ඔය area 3 එකත් එක්ක ම අනෙක් පැත්තෙන් තියෙන area එක. Triangle එක හරහා එන area එක. ඒ කියන්නේ පල්ලෙහා තියෙන 4 නෙමේ. ඒ කියන්නේ පරාමාසය, මෝහ අගතිය, භය අගතිය කියන area එක. ඒක තමා area 5 එක වෙන්නේ. එතකොට area 3 නිසා වෙන පස් වෙනි area එක මට පෙනුණා.
එතකොට එතෙන්දි අර මෝහ අගතියෙන් සංස්කාර, භය අගතිය කියන එකට එනවා කියන එක අපි දන්නවා නේ. එතකොට මරණයෙන් පසුව යන්නේ රෝගී බවට නේ ද? පරිදේවයෙන් පස්සේ යන්නේ අර සෝකයට නේ ද? යම්පිච්ඡං න ලභති තම්පියේ ඉඳන් යන්නේ අප්‍රියේහි සම්ප්‍රයෝගයට නේ ද? ඒක තමයි මේ area 5 වල අර්ථය කියන එක. එතකොට එතන ආකිඤ්චන විමුක්තිය කියන එක එතන තියෙනවා. ඉතින් රහතන් වහන්සේ ඇතියි කිව්වහම මම ඒක එතන නැවැත්තුවා.
ඒක තමයි භාවනාව.