ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා. මණ්ඩලාධිපති බුදුපියා සිහි කළා, බොහෝ කාලයක් මේ ධර්මය දෙන්නේ ය, සත්වයාට අනුකම්පාව පිණිස වැඩ සිටිනවා කියලා බුදුපියාණන් වහන්සේ. ඉතින් ධර්මයට අධිපති ය කියලා ඒ විදිහට දීර්ඝ වශයෙන් මෙනෙහි කළා. ඉතින් අනිත් බුදු පියවරුත් ඒ විදිහට මෙනෙහි කරලා, සහම්පති බුදුපියා දක්වා සිහි කරලා, මමත් එසේ වෙමියි කියලා අධිෂ්ඨාන කළා.
මම ඒ භාවනාවට ගත්තේ අර මම ඊයෙත් කිව්වේ යන ගමන්, මේ සංස්කාර නිසා විඤ්ඤාණය, විඤ්ඤාණයෙන් මෝහය. මෝහයෙන් මානය, මානයෙන් අවිද්‍යාව. අවිද්‍යා වෙලා ආපහු මෝහය වෙනවා කියන එක. එතකොට මේ සංස්කාරවලට තමා මේ මානය කියන එක එතන තියෙන්නේ. ඒ හදාගත්ත සංස්කාරවලට. එතකොට, ඒක මම රවුම පොඩ්ඩක් බලලා, එතෙන්දි ආවා මට මේ සංස්කාරයන් නොසෙවිය යුතුයි කියලා. එතකොට නොකළ යුතු ය. කුමන සංස්කාරයෝ ද?
එතෙන්දි මට කලින් ම කල්පනා වුණේ සෙවිතබ්බ අසෙවිතබ්බ සූත්‍රය. ඒ කියන්නේ පාණාතිපාත, අදින්නාදානා කියන ඒවා, ඒ අපිරිසිදු කාය සමාචාර, ඒ කාය සමාචාරයන් පහ කළ යුතු ය, නොසෙවිය යුතු ය කියන එක. මුසාවාද, පිසුණා වාච කියන වචී සමාචාරයන් පහ කළ යුතු ය. ඒ වගේ ම මට මතක් වුණා ඔය සෙවිතබ්බ අසෙවිතබ්බ සූත්‍රය කියවන අවස්ථාවේ දී තිබුණා මේ, ඔය චිත්ත උප්පාද කියන එක, ඒක නොසෙවිය යුතු ය කියලා. මේක එකපාරට ම මට චිත්ත උත්පාදය කියන එක මට සිහි වෙච්චි ගමන් මට කල්පනා වුණා මේක නේ මේ පෙන්නන්නේ, අර වේදනාවට තුන් පැත්තෙන් එන්නා වූ දේ. ඒ චිත්තය උත්පාද වෙන එක තමයි ඒ තියෙන්නේ, බාහිර, අභ්‍යන්තර, අර පකප්පිතා කියන ඒ තුනෙන් එන්නා වූ එක තමයි මේ බුදුහාමුදුරුවෝ මෙතන කියලා තියෙන්නේ කියලා.
ඒක වුණායින් පස්සෙ දැන් මං ගිද්ධිලෝභය කියන එක මෙනෙහි කළා ඊළඟට. ඒ ගිද්ධිලෝභය මෙනෙහි කළා ම ඒ පරාමාසය, මේ සුඛය මේ පැත්තට ඇතුල් වෙනවා. ඒ සංඛාරය නිත්‍යයි කියලා මේ පැත්තට ඇතුල් වෙනවා. ඉතින් මෙතන මේ, මේක මං සිහි කළා. කළා ම මෙතන මේ ඔය අභිජ්ඣා කියන එක තමයි ඔය සුඛය පැත්තට ගන්න තියෙන්නේ. ඊළඟට ව්‍යාපාදය තමයි අර නිත්‍ය සංස්කාර කියන එක ගන්න තියෙන්නේ. එතකොට මේ දෙක ඇතුල් වෙනවා ඉතින් අභිජ්ඣා කියන්නේ මුසාව, මුසාවෙන් සුඛ වශයෙන් එනවා. අභිජ්ඣා ඇත්තේ මේ ජරාවට පත් වූ බව දැන ගත්තොත් ව්‍යාපාද වෙනවා කියලා සම්මා වාචා diagram එකේ අපි දැනගත්තා නේ. අභිජ්ඣා තියෙනවා, ජරාවට පත් වුණා කියලා දැන ගත්තහම ව්‍යාපාදය වෙනවා. මේ සංස්කාර නිත්‍යයි කියලා කියන මනුස්සයාට අර ජරාවට පත් වෙනවා කියන කතාව එයාට නෑ, එයා දන්නෙ නෑ.
එතකොට සංස්කාර නිත්‍ය වශයෙන් ගැනීමෙන් ම තමයි ජරාවට පත් වෙන්නේ. නිත්‍යයි කියලා අරගෙන කරකව කරකව ඉන්නවා නේ. ඉතින් මට ඒ වෙලාවේ මේ සිඛී බුද්ධ ගාථාව මතක් වුණා, ඒ මොකද මේ “යංකිඤ්චි දුක්ඛං සම්භොති සබ්බං සඞ්‌ඛාර පච්චයා, සඞ්‌ඛාරස්ස නිරොධෙන නත්ථි දුක්ඛස්ස සම්භවො.” එතකොට ඒ කතා කරන්නේ අර මම මුලින් ම පෙන්නපු diagram එක. සංස්කාර නිසා විඤ්ඤාණය, විඤ්ඤාණයෙන් මෝහය, ඒක ඇති වෙනවා කියන එක. “එතං ආදීනවං ඤත්වා දුක්ඛං සඞ්‌ඛාර පච්චයා, සබ්‌බසඞ්‌ඛාරසමථා සඤ්ඤා උපරෝධනා, එවං දුක්ඛක්ඛයො හොති, එවං ඤත්වා යථාතථා.” එතකොට මෙතෙන්දි මේ ඇති වෙන්නා වූ සංස්කාරවල කතාව ඒක අයින් වෙන්න ඕනෙ. අනෙක් පැත්තෙන් මේ සඤ්ඤාව කියන කතාව අයින් වෙන්න ඕනෙ. සංස්කාර නිසයි දුක්ඛය. ඒ නතර කිරීමට අර 4.4 කියන එක පරාමාසයේ දී දැනගත් දේ. හතර වෙනි රවුම, හතර වෙනි step එක. එතකොට එතන තිබුණේ අර begging the feeling කියන එක. ආන්න ඒක නැවැත්විය යුතු ය කියලා. ඒ කියන්නේ ඒක තමයි සඤ්ඤාව නවත්වනවා කියන්නේ. සංස්කාර සමථය කියලා කිව්වහම නිවනෙන් පිටත දෙයක් නොගැනීම කියන එක.
සාධු පියවරුනි.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්