ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා, නමස්කාර වේවා. එතකොට මම ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ මේ විදිහට, ලෝකයේ සිටින්නා වූ, ජීවමානව වැඩ සිටින උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්, ඒ ධර්මය දරනවා ය, ධර්මය දෙනවා ය, ඒ වගේ ම ධර්මයට අධිපති ය, ධර්මයට අධිපති වූ මණ්ඩලයකටත් අධිපති ය කියලා. මේ විදිහට බුදුපියවරු සිහි කළා සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා, ඒ ධර්මයට අධිපති ය කියන අර්ථය ම ඇතුවයි සිහි කළේ.
එතකොට ඔහොම සිහි කරලා මම, ලෝභය නැති කරමී කියනකොට, මං එකපාරට ම අර රූපය නිසා ඇති වන ජාති ජරා ව්‍යාධි මරණය කියන එක දක්වා යනවා, මෙහෙම ජරාවට පත් වෙන මේ රූපයක් තමයි මේ ලාභයි කියලා අරගෙන තියෙන්නේ, කියන එක ගත්තා. ඒක ගත්තාට පස්සේ, ඊළඟට මට පේනවා මේක නිසා ඇති වෙන්නේ මහා දුක්ඛතාවයක් මේ මනුස්සයාට. ද්වේෂය නැති කරමී කියනකොට මට පේනවා මහා දුක්ඛතාවයක් තමයි මෙතෙන්දි ඇති වෙන්නේ, අර පාරවල් තුනකින් ඇවිල්ලා වේදනාවට, එයාගේ කැලතිලා, කැලඹිලා ඉන්නවා කියන එක.
ඒක ආවාට පස්සෙ මට මේක පෙනුණේ, නිකන් මේක ඕඝයක් කියලා. ඒ කියන්නේ මහා සාගරයක් මේක. ඒ කැලතෙන අවස්ථාව ගත්තහම මහා සාගරයක්. එතකොට මේක තේරුම් ගත්ත මනුස්සයා, මෙයා, දැන් මට පේනවා මේ කාම ඕඝ, මේ ඕඝ හතර තමයි මේ යන්නේ. එතකොට ඒ කාම ඕඝය කියන එක, ඒ පුද්ගලයා ඒක නැති කරගන්න අර සච්චාධිට්ඨානය, මේවා ඔක්කෝම මුසාවන් කියන අර්ථයට එයා එනවා. ගිහිල්ලා මේක, ඕඝය නතර කරගන්න නම් මෙයාට මේ කරන්න තියෙන්නේ අර, මහා සාගරය වාගේ අර, වේදනාවේ අර කැලතෙන එක තියෙනවා නේ. ඒකට තණ්හාව අත අරින්න ඕනෙ. ඒ ඇරෙන්න එයාට වෙන විසඳුමක් ඇත්තේ නෑ. චාගාධිට්ඨානය කියන එක එයා එන්න ඕනෙ. ඒ චාගාධිට්ඨානයට ආවාට පස්සේ, ඊට පස්සේ දැන් මට කල්පනා වුණා පඤ්ඤාධිට්ඨානය කියන එකත්. එතකොට ඒ පඤ්ඤාධිට්ඨානය, ඒ උපසමාධිට්ඨානය කියන එකට මම ආවා.
එතෙන්දි මං කල්පනා කළා, දැන් මෝහය අත හරිමි කියන එක තමයි උපසමාධිට්ඨානයේ ඔතනින් එන්නේ. එතකොට අන්න එතෙන්දි මං අර, සම්මා කම්මන්ත භාවනා 1, සම්මා කම්මන්ත භාවනා 2, හොඳට කළා. ඒක කරලා, ඒ කියන්නේ අර පෙර වූ මෝහය කියන එක හොඳට මෙනෙහි කළා මේ පෙර වූ සංස්කාරයන් නිසා විඤ්ඤාණය, විඤ්ඤාණයෙන් මෝහය. එතකොට මේක, ද්වේෂ සහිතව ජීවත් වීම. අර කැලති කැලති ඉන්නා වූ දේ තමන් ඉන්නවා කියන එක නේ එතන තියෙන්නේ.
ඊළඟට දැන් අවිද්‍යාව, ලෝභ සහිතව ජීවත් වීම. අර ඉස්සෙල්ලා කතා කරපු පළවෙනි, මුලින් ම කියපු එක. අර රූපය, වෙනස් වෙන්නා වූ, ජරාවට පත් වෙන්නා වූ රූපයක් අල්ලගෙන මේ මනුස්සයා ඉන්නවා. එතකොට එතෙන්දි අර විඤ්ඤාණය අතන පිහිටවනවා කියන එක. ඒ කියන්නේ අර, ඒ භාවනාවේ දී කළේ, නැවතත් මෙතෙන්ට සකස් කර කර එනවා, එහෙම එනවා කියන එක. ඒක ගත්තා. අරගෙන එතෙන්දි,
ඊළඟට මට එනවා අර මුසාව. මුසාව කියන එක මේක මේ, දෙපැත්තකින් මේකෙ ඇතුල් වෙනවා. අර සංස්කාර වශයෙන් දැන් අපි බැලුවා, උපසමාධිට්ඨානය මේ සංස්කාරයෙන්, ඒ කියන්නේ රාගයටවත්, ද්වේෂයටවත්, මෝහයටවත් තමන් සැලෙන්නේ නැතුව ඉන්නවා කියන එක. මේ පැත්තෙන් එනවා අර ඕඝය. ඒ කියන්නේ වේදනාව. මේ මුසාවක් මේ කරන්නේ, මේ වගේ කැලතීමක් මේක දුක්ඛයක් තියෙන්නේ, මේක තමයි මෙයා මේ අල්ලගෙන දඟලන්නේ සුඛයි කියාගෙන. එතකොට මෙතෙන්දි මට එනවා පඤ්ඤාධිට්ඨානය, එහෙම නම් මේ, අර මගේ කියලා ගන්නවා නේ, මේ දෙපැත්තෙන් දෙන්නෙක් ආවා. මේක මෙන්න මේ දිට්ඨිය කියන එක මෙයා අයින් කරගන්නවා කියන එක.
ඉතින් මෙතන තමයි මේ කෙනෙක් නසන අවස්ථාවක, ආශ්‍රවයන් නසන, අයින් කරන අවස්ථාවක මෙයා මෙන්න මේක දැකලා තමයි මෙයා අයින් කරන්නේ. ඒක කියන එක මේ සබ්‍රහ්‌මකෙ සමාරකෙ මේකයි කියන එක, ඒක මට දැනුණා, මේ විදිහයි කියන එක. අතහරිනවා නම් මෙන්න මේ විදිහටයි, මනුස්සයෙක් අතහරිනවා කියන එක, ඒ කියන්නේ මෙන්න මේක දැකලායි කියන එක.
ඉතින් ඕක තමයි භාවනාව. බොහෝ ම ලස්සන ගැඹුරු භාවනාවක්.