Date: 11/04/2014 Name: Pancabala to pancaindriya

ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා, නමස්කාර වේවා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ සිහි කළා, ඒ ධර්මයට අධිපති, ධර්මය දරනවා ය, ධර්මය සත්වයන්ට දෙනවා ය කියලා, ඒ ධර්මයට අධිපති මණ්ඩලයකටත් අධිපති ය කියලා මේ බුදුවරු දාහතර නම ම ධර්මයට අධිපති ය කියලා ඒ විදිහට මෙනෙහි කළා.

මෙනෙහි කරලා මම ආවා පංචබලයන් පංචඉන්ද්‍රියන් බවට පත් කරමි එතෙන්ට. එතෙන්දි ගත්තා පසළොස් චරණ ධර්ම කියන එක. පසළොස් චරණ ධර්ම කියන එක ගත්ත වෙලාවේ මට කෙළින් ම අර සීලය නේ පළවෙනි එක. එතකොට සීලය නිසා මේ, අර මානය කියන එක ඇති වෙනවා.

එතකොට මේ මානය ඇති වෙන එක, ඒ කොටස ගැන මං මෙනෙහි කළා. මෙතෙන්දි මං බැලුවා, මේක නිසා අර විඤ්ඤාණය පිහිටන්න යවනවා නේ. එතකොට මේක නතර වෙන්න ඕනෙයි කියන එක කල්පනා කරනකොට මට ආවා මේ මෙතන අර පාරවල් දෙකක සිද්ධ වෙනවා. අපි දන්නවා අවිද්‍යා ආශ්‍රවය ඉඳන් කාම ආශ්‍රවයට ගිහිල්ලා ඇති වන කැමති පාරක යන එකක් තියෙනවා. මේ කතා කරන්නේ ථීනමිද්ධය ඇති වෙන්න එන හත් වෙනි පාර ඉවර වෙලා අට වෙනි පාර ගිහිල්ලා තමයි මේක සිද්ධ වෙන්නේ. අට වෙනි පාරේ.

එතකොට මේකේ කොයි අවස්ථාවේ ද, මේ පාරවල් දෙකෙන් තමන් කැමති, ඒ කියන්නේ මේ පාර තෝරගන්නේ. අවිද්‍යා ආශ්‍රවයෙන් යන පාර එකක්, අට වෙනි පාර මාන පාර. මාන පාර කිව්වහම අපි කෙළින් ම ථීනමිද්ධය හරහා ඔයා එනවා ඉදංසච්චය, ඉදංසච්චයෙන් භයේ අගතියට යනවා, භයේ අගතියෙන් වේදනාවට එනවා. ඒක තමන් කැමති පාර නෙමෙයි. අර දිට්ඨි අනුසය හරහා එන්නා වූ ඒ පාර.

එතකොට එහෙම නම් මේකට කාරණා තුනක් තියෙනවා කියන එක ආවා ඔය වෙලාවෙදි. අර ධම්මමච්ඡරියයි, අර අත්තා කියලා පල්ලෙහාට යන line එක තියෙන්නේ, ඒකයි, එතනින් මේ පැත්තට මේ ථීනමිද්ධයේ යන line එකයි. ඔය අනුව තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට දැන් එහෙම නම් මේකේ තීරණය ගැනීම වෙන්නේ පාර කොයි එක ද කියන එක, ථීනමිද්ධය ඇත, ථීනමිද්ධය නැත කියන එක අනුව.

රහතන් වහන්සේගෙන් විමසුවා ම කිව්වා “ථීනමිද්ධය ඇත, ථීනමිද්ධය නැත” කියන එක. එතකොට ථීනමිද්ධය තියෙනවා නම් දැන් අපි දන්නවා ඉදංසච්චය, භය අගතිය, වේදනාව හරහා අකැමැති පාරේ යනවා. ථීනමිද්ධය නැත්තන්, එහෙම නම් ඔයා හොඳ පාරේ යනවා. එතකොට ථීනමිද්ධය නැති වෙන්න නම්, ඒ කියන්නේ ඔයාට මේ අරක අර දෙතිස් කුණපයක් හරි මොකක් හරි කියන අර්ථයට එන්න ඕනෙ. ප්‍රඥාවක් තියෙන්න ඕනෙ. එතකොට මේක, ඒ කියන්නේ බුදුහාමුදුරුවන් කියන පාරේ යන්න මේවා වෙන්න ඕනෙ.

එතකොට මේක එහෙම වෙන්න නම්, ථීනමිද්ධය කියන එක ඇති වෙන්නේ ස්පර්ශය නිසා. ස්පර්ශයයි, වේදනාවයි අතර නේ ඔය ථීනමිද්ධය ලකුණු කරලා තියෙන්නේ. ථීනමිද්ධය දෙපොළක ලකුණු කරලා තියෙනවා, මේ මුලින් ලකුණු කරලා තියෙන තැන මේ කතා කරන්නේ. මුල diagrams වල තියෙන ඒවා. එතකොට ඒ ථීනමිද්ධය, ස්පර්ශය නිසයි මේක ඇති වෙන්නේ. එතකොට මේ ස්පර්ශය නිසා මේක ඇති වෙනවා කියලා දැනගෙන තමයි අර ඉන්ද්‍රිය සංවරය කියන එක තියෙන්නේ. “ඉන්ද්‍රියෙසු ගුත්තද්වාරො” කියන එක. ඊළඟට දැන් මෙතන ථීනමිද්ධය ඇති වෙන්න තව condition එකක් තියෙනවා ව්‍යාපාදය. ව්‍යාපාදය නිසා ථීනමිද්ධය.

එතකොට ඒ ව්‍යාපාදය ඇති වෙන්න නම් එහෙනම් ව්‍යාපාදය ඇති නොවෙන්න මෙත්තාව කියන එක කෙනෙකුට තියෙන්න ඕනෙ. ඒ කියන්නේ වේදනාවට එයා react කරන්නේ නැති වෙන්න ඕනෙ. අර moderate in eating කියන එක එන්නේ ඒකයි. වේදනාවට react කරන්නේ නෑයි කියන එක.

එතකොට දැන් අපි එනවා මේ ථීනමිද්ධය, ථීනමිද්ධය නැති වෙන්න නම් ව්‍යාපාදය කියන එක නැති වෙන්න ඕනෙ, දැන් මේවා ඔක්කෝම ඇති වෙන්නේ මේ කාම ගුණයන් හින්දා. ආපහු අර 5.3 කියලා එහෙම තියෙන්නේ, අන්න ඒ තැනට එනවා. මේක කාම ගුණයන් හින්දා තමයි මේක වෙන්නේ කියලා. අන්න ඒක නිසා තමයි අර ජාගරියං. අරක check කරලා බලනවා කියන එක ඒක එන්නේ. ඉතින් එතන බොහොම හොඳයි, ඒ තත්වෙට මනස ගියායින් පස්සේ. මනස බොහොම හොඳට, ආලෝකය සහිතව හොඳට පවතිනවා. ඕක තමයි දීර්ඝ වශයෙන් ඒක බැලුවේ.