ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා, නමස්කාර වේවා. මං මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ සිහි කළා. ඒ බුදුපියාණන් වහන්සේ ඒ සතිය පවත්වනවා, සතිය තියෙනවා, ප්‍රඥාවන්තයි කියන එක. එතකොට ලෝකයේ ශ්‍රේෂ්ඨතම, පළමු වන ඒ බුදුපියාණන් වහන්සේ වශයෙන්, ඒ ධර්මයට අධිපති ය, ධර්මය දරනවා ය, ඊට පස්සේ සතියෙන් යුක්ත වෙනවා ය, ප්‍රඥාවෙන් යුක්ත වෙනවා ය, කියන එක අනුව සිහි කළා, ඉතින් බුදුපියවරු දාහතර නම ම මේ විදිහට සිහි කරලා වැන්දා.
ඊට පස්සේ මම ලෝභය නැති කරමි කිව්වහම අර ඊයේ වාගේ කල්පනා කළා ඒ ලෝභය නිසා, දැන් මං කබලිංකාර ආහාරය, ඡන්ද අගතිය, අර චේතනාව, එතනින් ඇති වන, ඒ loop එක, ඒක නිසා අර මෝහ කෑල්ල ඒ loop එක ඇති වෙනවා. ඒක නිසා මේක ඇති වෙනවා කියන එක ලෝභය නැති කරමි කිව්වහම මේක කල්පනා වුණා. එතකොට මේක මේ තණ්හාව නිසා ඇති වෙන්නා වූ මෝහය, තණ්හාව පැත්තෙන් පටන් අරන් ඊට පස්සේ මෝහය නිසා අවිද්‍යා පච්චයා සඞ්‌ඛාරා කියලා මෝහය නිසා ඇති වෙන්නා වූ ඒ තණ්හාව. පටිච්චසමුප්පාදය දෙපැත්ත පේනවා.
ඊට පස්සේ ද්වේෂය නැති කරමි කියලා කිව්වහම අර 7.7ට යන්නා වූ ඒ දේ තියෙනවා නේ. ඒ භාවනාව, ඒක මෙනෙහි කළා, අර දිට්ඨි අනුසයෙන් ඉඳන් එන පාර. එතකොට ඊට පස්සේ එතන ටිකක් භාවනාව සිද්ධ වුණා, මේ අර පකප්ප පාර, සංකප්පයට තිබෙන්නා වූ කැමැත්ත, ඒක පස්සේ පකප්පය වෙනවා නේ, ඒකෙන් එනවා කියන එක.
ඒකත් එක්ක බලලා මෝහය නැති කරමි කියන එක සිහි කළා. එතකොට විඤ්ඤාණය කොයි ම ආකාරයකින්වත් මං පිහිටන්න ඉඩ දුන්නෝතින් එහෙම විනාසයි නේ. ඒ කියන්නේ මට එතෙන්දි අර සතිය කියන එක ඇති වුණා අර 1 කබලිංකාර ආහාරය, 2 අත්තා ඉඳන් නිත්‍යට යනවා කියන එක, 3 ජාතියේ ඉඳන් ජරාවට යනවා කියන එක. එතකොට මම මෝහය නැති කරමි කිව්වහම අර ජාතිය කියන එක නැති කරමි කියන එක තමයි එතන කියන්නේ. ජාතියේ ඉඳන් ජරාවට යනවා, මේක පත්තු වුණෝතින් මේක සිද්ධ වෙනවා, මරණය දක්වා යනවා. ඉතින් මරණය දක්වා යනවා නම්, අපි දන්නවා නිත්‍යභාවයක් නෑ, නිත්‍යභාවයක් නැත්තන් ඉතින් කොහෙන්ද අර අත්තා කියන එකට ආවා.
අල්ලගෙන ඉන්න දෙයක් නැත්තන් දෙවෙනි කාරණය, ඉතින් ඒක ඒ සිහිය ඇති වුණාට පස්සේ, එකපාරට ම මට දැන් ඕක වෙනකොට ම මට පෙනුණා අතීත භවවල, හාමුදුරු නමක් පෙනුණා, රහතන් වහන්සේගේ රූපය තියෙන්නේ අර මේ මේකේ, අන්න එහෙම එකක් පෙනුණා. ඒ එක්ක ම ඔය ක්‍රිශාන්ති ඉන්නේ. එයාවත් දැක්කා මම දරුවෙක් හැටියට. එතන මෙයාට ඕනෙ මේවායි කියලා කියනවා මේ ධර්මය කියන එක, එහෙම කියන අවස්ථාවකුත් ආවා.
ඉතින් ඒ, ඒක වෙන්න ඉස්සෙල්ලා තව පොඩි දෙයක් තිබුණා මේ අර සිහිවටනයෝ කියන එක. දැන් අර ජාතියේ ඉඳන් ජරාවට, ඉපදුණා නම් ජරාවට යනවා කියන කතාව එනවා නේ. ඒකත් එක්ක ම මට ආවා මේ, තථාගතයන් වහන්සේ අර සළායතන විභංග සූත්‍රයේ පෙන්නන්නේ මේ සිහිවටනයෝ තුනක් භාවිතා කරනවා කියලා අර එක්කෙනෙක් අතහැරලා යනවා. මහණ වෙලා එයා ඒක අතහැරලා යනවා.
එතකොට තථාගතයන් වහන්සේ move වෙන්නැතුව ඉන්නවා කියන්නේ. එතකොට move වෙන්නැතුව ඉන්නවා කියන්නේ අර මේ විදිහට වේදනාවේ ඉඳන් චේතනාවට, චේතනාවෙන් ඉදංසච්චය, ඉදංසච්චයෙන් භය අගතිය, භය අගතියෙන් එන්නා වූ ඒ loop එක. වේදනාවට එන්නා වූ loop එක. ඒක move වෙන්නේ නැහැයි කියලා කිව්වේ ඒක නේ. මේක වුණා ය කියලා මං මේක move වෙන්නේ නැහැයි කියන එක ඔන්න ඕක සිහියට ආවා.
ඒක සිහියට ආවාට පස්සෙ තමයි ඔය ඕවා පේන්න ගත්තේ. ඒ සිහිවටනයෝ තුන තථාගතයන් වහන්සේ භාවිතා කරනවා කිව්වහම ඒකෙ අර අනිත් සිහිවටනෙට තියෙනවා නේ උපෙක්ඛාවෙන් ඉන්නවා කියන අවස්ථාවේ දී අර present moment එකේදි වෙන්නා වූ දේ, ඒ කියන්නේ ඉදංසච්චයට ඇදෙනවා කියන එක. ඒක නොවෙන්න, ඔන්න ඔය ඕකත් සිහි වුණා. ඒක සිහි වුණාට පස්සෙ තමයි ඕක පේන්න ගත්තේ. ඉතින් ඒකේ හොඳයි, බොහෝ ම හොඳට ඒ භාවනාව ඒ සිහියෙන් යුතුව ඒ විදිහට පැවැත් වුණා. ඉතින් එතන මම, ඒ නිරෝධෙට ගියා හරි මොකක් හරි එකක් එහෙම තත්වෙකට ආවා, ඉඳලා ඊට පස්සේ ආපහු ඇවිල්ලා මේක සිහි කරලා මං බැලුවා මේ ධර්මය. ඒක තමා භාවනාවට කළේ. ඉතින් ඒ භාවනාවෙදි මම බැලුවා ඔයා කවුද කියන එක, ඔයා ක්‍රිශාන්තිගෙ අම්මා.