ඒ උතුම් බුදුපියවරු සිහි කළා. උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ඒ ලෝකයේ වැඩ සිටින උත්තරීතර, ජීවමානව වැඩ සිටින පළවෙනි ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වශයෙන් සිහි කරලා වැන්දා. ඊට පස්සේ ඒ බුදුවරු දාහතර නම ම ඔය විදිහට අනුපිළිවෙළින් සිහි කළා.
ඊට පස්සේ ලෝභය නැති කරමි කිව්වහම මට සිතට ආවා අර දෙවෙනි පටිපදාව බලන්න ඕනෙයි කියන එක. දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා. ඒ පාර ඒක මං මෙනෙහි කළා ඒ දෙතිස් කුණපය කියන එක, ඉතින් අට්ඨික සඤ්ඤාව එහෙම හොඳට ඇටත් දකිනකන් ආවා, ඇවිල්ලා ආහාරයේ පටික්කූලතා සඤ්ඤාව, සබ්බලොකෙ අනභිරත සඤ්ඤාවට මම මෙනෙහි කළා ම මට කල්පනා වුණේ අදිට්ඨාන, අභිනිවේස, අනුසය කියන එක. අදිට්ඨාන කියලා කිව්වහම සිතට ස්ථාන වන දේ නේ. එතකොට සිතට ස්ථාන වන දේ කියලා එකක් තියෙනවා, අනිත් අතට ගත්තහම විඤ්ඤාණයේ ස්ථිතියක් තියෙනවා.
එතකොට අර රූපය, වේදනාව අල්ලගෙන විඤ්ඤාණය පවතිනවා කියන එක ස්ථිතියේ තියෙන්නේ. සිතට ස්ථාන වන දේකුත් තියෙනවා. ඉතින් මං රහතන් වහන්සේගෙන් මේකෙ මේ වෙනසට, එක එක විදිහට බලලා රහතන් වහන්සේගෙන් උදව් ඉල්ලුවහම රහතන් වහන්සේ උදාහරණයක් දුන්නා, ඒක මම කියන්නේ නැතුව මම කියන්නම්.
දැන් අපි හිතමු දැන් මෙතන පොළොව කියන එක. දැන් ගෙදරක නතර වෙලා ඊට පස්සේ ඒ මනුස්සයා පොළොව හාරනවා. එතකොට ඔයාට තේරෙනවා අධිෂ්ඨානය කියලා කිව්වහම සිතට ස්ථාන වන දේ, දැන් මෙතන ඇවිල්ලා නතර වුණා. ගෙදර නතර වුණා. පොළව හෑරීම කියන එක තමයි එයා කරගෙන යන්නේ. එතකොට ඒ සංස්කාරයන් පවත්වමින් එයා කරගෙන යෑමක් කියන එක තියෙනවා.
ඒ කියන්නෙ මේ, එකක් ඇතුළේ එකක අර්ථයක් ඔතන තියෙනවා. එතකොට දැන් මං මේක හොඳට මම මෙනෙහි කළා ම ඒ අදිට්ඨාන, දැන් ඕඝය කියලා එක ඇති වෙලා නේ, ඕඝය තියෙන තැන නේ ඔතන අපි හිතන්න ඕනෙ. එතකොට මේකෙ අර කැලැත්තෙනවා කියන එක, වේදනාවත් එක්ක කැලැත්තෙන එක තියෙනවා. දැන් මේ කැලැත්තීම මට හොඳට පෙනුණා, දැන් අර වේදනාවක් තමයි මෙයාට, ස්ථිතියට ඇවිල්ලා තියෙන්නේ වේදනාව කියන එක. එතකොට මේක පවත්වන්න මේ මනුස්සයා ද්වේෂයෙන් අගතියකට යනවා. මේක ඕනි ම යි කියන එක එයාගේ කියනවා.
එතකොට මට තේරුණා මේ පැත්තෙන් එනවා, අර දිට්ඨි අනුසය පාරෙන් එන එක එනවා. මේ පැත්තෙන් එයා ආපහු මේකත් එක්ක අල්ලලා කරකවන්න මං මෙතන නතර වෙලා මේ වැඩේ කරනවා කියන කතාව එනවා. තේරුණා ද? මං මේ ගෙදර නතර වෙලා, මැණික් ගරන්න යනවා කියලා හිතන්නකො, මැණික් පතල ළඟට, පතලක් හදාගෙන එතන මඩුවක් ගහගෙන පොළොව හාරනවා. අන්න ඒ වගේ දෙයක් මේ කරන්නේ. එතකොට මේ දෙන්නත් එක්ක එක්කහු වෙලා, මේ දිට්ඨි අනුසයෙන් දැන් අර කරන්නා වූ සංස්කාර නිසා ඇති වෙලා දිට්ඨි අනුසයෙන් මෙහෙන් එන එකක් තියෙනවා. ඒකෙන් තමයි මේක පවත්වගෙන යන්නේ.
එතකොට මේ ව්‍යාපාදය තමයි මෙයාට ග්‍රන්ථ වෙලා තියෙන්නේ. දිගින් දිගට ම මෙයා කොහොම හරි මේක පවත්වන්න හදනවා. යමක මුවාවෙන්, ඕකෙ අර්ථය එන්නේ යමක මුවාවෙන් තමන්ගේ ජීවිතය පැවැත්වීම. යම් ආකාර වූ දෙයක් භාවිතා කරලා තමන්ගේ ජීවිතය, කියන්නේ එකක් කරන්නේ, ඇතුළේ තියෙන්නේ තව එකක් අදහසක්. එතකොට මං කල්පනා කළා ඇයි මෙහෙම කරන්නේ?
මෙහෙම කරන්නේ, මෙහෙම කරලා මෙයාට මේ තණ්හාව කියන එක පවත්වන්නයි මෙයා හදන්නේ. තණ්හාවේ පැවැත්වීම කියන එක. මේ තණ්හාවේ පැවැත්වීම කියන එක කරන්න නම්, එතකොට මට මේක හොඳට තේරුණා ම තණ්හාව පැවැත්වීම සඳහායි මේක කරන්නේ, තණ්හාව පැවැත්වීම කියලා කියන්නේ මොකද්ද?
භවය. එහෙම නම් මේ භව ආශ්‍රවයේ ලක්ෂණය මේ තියෙන්නේ. මේක හොඳට පේනවා, මේක නිකන් අර එතිලා. යමක් වටේ මේක එතිලා. මේ කරන්නා වූ කාර්යය නිසා, දැන් ගෙදරක නතර වෙලා, තැනක නතර වෙලා හෑරීමක් කරනවා. අන්න ඒ වගේ මෙතන මේ එතීමක් කියන එක තියෙනවා, ඇතුළෙන් එතෙන්නෙ. මේ තණ්හාව පැවැත්වීම, ඒක සඳහා භවය. මතක ද?
භව ආශ්‍රවයේ තියෙනවා නේ අර මේක සඳහා ඇහැ ඕනෙයි කියලා කියන්නේ. අන්න ඒ අර්ථය මේකේ ඇතුළෙන් පේනවා. ඇතුළෙන් හාරනවායි කියන එක. ඉතින් “ඒක බොහෝ ම හොඳයි” කියලා රහතන් වහන්සේ කිව්වා ඒකේ අවස්ථාවේ කියපු එක එතන ඒ ආවහම.
ඒක තමයි භාවනාව.