ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා, නමස්කාර වේවා. මං සිහි කළා ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ඒ ලෝකයේ ජීවමානව වැඩ සිටින, උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්. ඒ විදිහට ඒ දෙවනි, ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ උත්තරීතර, ශ්‍රේෂ්ඨතම දෙවෙනි බුදුපියාණන් වහන්සේ, ඔය විදිහට සහම්පති මහා බ්‍රහ්ම බුදුපියාණන් වහන්සේ දක්වා දාහතර නම ම සිහි කළා.
සිහි කරලා බුද්ධං සරණං ගච්ඡාමි කිව්වහම මට සිතට ආවා අර සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාව බලන්න ඕනෙයි කියන එක. එතෙන්දි ආවා අර කාමයන්ගෙන් අයින් වෙලා ඒ ප්‍රථමධ්‍යානය කියන එක, එතකොට අර දෙතිස් කුණපය කියන එක, ඒක සිහි කළා. ඒක නිසා ඇති වෙන්නා වූ අර ජාතිය කියන එක හටගන්නවා කියන එක, කබලිංකාර ආහාරය නිසා ජාතිය හටගන්නවා කියන එක.
එතකොට ඒක අර ඊළඟට ඊයේ භාවනාවත් එක්ක, දැන් මෙතන මේ ජාතිය හටගත්තා, ඉතින් එතන ඊට පස්සේ ඉතින් ඒකෙන් ඇති වෙන්නේ දුක්ඛය කියන එක නේ. එතකොට දෙවෙනි පාරෙදි එනවා මේක ස්පර්ශ වෙලා, ඒ කියන්නේ මේක පවත්වන්නෙයි කියලා අපි හදනවා. මේකේ අර දුක්ඛ වේදනාව, ඒක නිසා මෙයා, ඒ කියන්නේ ජරාවට යනවා කියන එක මේක පවත්වන්න හදන්න හදන්න ජරාවට යනවා කියන එක සිද්ධ වෙනවා. කොච්චර කැරකෙව්වත් මේක පවත්වන්න බෑ, ජරාවට යනවා කියන එක ම තමයි සිද්ධ වෙන්නේ කියන එක එනවා. මම නැවත නැවතත් පුනපුනා ස්පර්ශ කරනවා, පුනපුනා ස්පර්ශ කරන්න කරන්න ජරාවට යනවා කියන එක සිද්ධ වෙනවා.
ඉතින් ඕක ආවට පස්සේ, ඊට පස්සේ මේ මෙතෙන්දි එනකොට මේ values උඩ මේක පවත්වන්න නේ මෙයා හදන්නේ. ඒ කියන්නේ දැන් මං මෙතෙන්දි එනවා අර, එයා දැන් ඔය චේතනා අගයන් ඇවිල්ලා අර පස් වෙනි රවුම වෙනකොට එයා දීලා. ඊට පස්සේ හය වෙනි රවුම එනකොට වේදනා අගය දීලා. මේක නිසා මෙයා චේතනා කරනවා. එතකොට මේක පැවැත්වීම සඳහා අර ධම්මමච්ඡරිය, චේතනා අගය ධම්මමච්ඡරිය නිසා දෙනවා කියන එකත් ආවා. එතනින් ඇවිල්ලා දැන් එතනින් එනවා මේක නිසා මේ අත්තා කියන එක. එතකොට මේක මගේ කියලා අරගෙන පවත්වනවා කියන එක. මෙයාට එතනදි මට එනවා, මෙතන මේ දිට්ඨි විපල්ලාසය නේ මෙතන තියෙන්නේ. අර ඉවසීම කියන එක තියෙනවා. මොකද්ද ඉවසන්නේ?
අර කබලිංකාර ආහාරය නිසා ජාතිය ඇති වෙලා ඒකෙන් ඇති වන වේදනාව දුකයි කියලා දන්නවා. අර දූරියන් කන මනුස්සයා වාගේ මේක දැන් ඉවසනවා. ඕකයි ඔය කරන්නේ. ඒක ඉවසමින් ඉන්නවා කියන එක. ඉතින් දැන් මෙතන මේක අනත්ත වූ දේ අත්තා කියලා අගය දීලා මේක මගේ කියලා අරගෙන තියෙනවා කියන එක එනවා. එතනින් ආවාට පස්සේ මට එනවා ඉතින් මේක, මේක ම දැන් උපාදාන වෙනවා මෙයාට. මේ දිට්ඨිය ම උපාදාන වෙනවා. මේ දිට්ඨිය ම උපාදාන වෙලා මෙයාගේ දැන් දිට්ඨි යෝගය කියන එක ඇති වෙනවා. දිට්ඨි යෝගය කියන එක ඇති වුණා ම මේ පුද්ගලයා මොකද්ද අතහරින්නේ නැත්තේ, දැන් අපි දන්නවා පළවෙනි පාරෙ, කබලිංකාර ආහාර පාරේ මෙයා මේ රස්සාව අතහරින්නේ නැහැ ආහාරය නිසා. දැන් මෙතන තුනක් ම අතඅරින් නැහැයි කියන එක මට එනවා. මෙයා තුනක් ම අතහරින්නේ නැහැයි කියන එක කෙනෙකුට බලන්න පුළුවන් කෙනෙක්, මම office එකට යනවා ආහාර කියන එක හොයාගන්න තමයි යන්නෙ, සල්ලි හොයන්න.
හැබැයි ගිහිල්ලා ඉවර වෙලා එතන ඉන්නා වූ මනුස්සයෝ ඉන්නවා ඒ අයව ස්පර්ශ වෙනවා. කාන්තාවෝ පුරුෂයෝ ඔතන ඒක ස්පර්ශ කරමින් ඒක තියෙනවා. අනිත් අතට ගත්තහම මේකේ මුදල් ලැබෙනවා කියලා එයාගේ තියෙනවා. ඉතින් අතහරින්නේ නැත්තේ අර රූප අගයයි, වේදනා අගයයි, සඤ්ඤා අගයයි. දැන් මේක, රස්සාව පවතිනවා කියන එක තියෙනවා නේ. නිත්‍යභාවය කියන එක පරාමාසයට ඇතුල් වෙන එක තියෙනවා. ඒක ඇති වුණේ අර සඤ්ඤාවත් එක්ක.
එතකොට ඕක තුන් ආකාරයකට බලන්න පුළුවන්. සංස්කාර නිත්‍ය නිසා මම මේ අගය 3 පවත්වනවා කියන එක. රූප අගයයි, වේදනා අගයයි, සංස්කාර නිත්‍යයි කියන අගයයි. ඔය සංස්කාර නිත්‍යයි කියන එක ඔයාට ආපහු පෙන්නන්න පුළුවන් මේ සංස්කාර නිත්‍යයි කියන කතාව අර සඤ්ඤා අගයෙන් පෙන්නන්න පුළුවන්. එතකොට රූප අගයයි, වේදනා අගයයි, සඤ්ඤා අගයයි කියන එක මෙයා පවත්වනවා කියන එක, ඒක තමයි මෙයාගේ දිට්ඨි යෝගය. අතහරින්නේ නැහැ.
ඉතින් මේක නිසා, මේක මෙයාට දැන් ග්රන්ථ වෙනවා. ග්රන්ථ වෙනකොට ඔයාට තියෙන්නේ පරාමාසකායගන්ථය නේ. ඒ පරාමාසකායගන්ථය අවස්ථාවේ ඉතින් අපි දන්නවා අතන සුඛය කියන එක මේ පැත්තෙන් ඇවිල්ලා අර සංස්කාර නිත්‍යයි කියලා පරාමාසයට ඇතුල් වෙලා ඒ ඇති වෙන්නා වූ ස්වභාවය අපි දන්නවා.
එතකොට මෙන්න මේ අවස්ථාවේ දී මට පේනවා මේක නිසා, මේක සංස්කාර නිත්‍යයි කියනකොට අතනින් විඤ්ඤාණය කියන එක අතන සකස් වෙනවා. සංස්කාරවලින් විඤ්ඤාණය කියන එක සකස් වෙනවා. එතකොට විඤ්ඤාණය පිහිටන්න පිහිටන්න මෙයාට අතන අර නිත්‍ය කියන කතාව එනවා. හතර වෙනි පාරේ එන්නා වූ ඒ නිත්‍ය කතාව එයාට එනවා මේක කරකවන්න කරකවන්න මේක නිත්‍යයි කියන එක එනවා. මේක එතකොට දැන් මට පේනවා දැන් ඔන්න දිට්ඨි ආශ්‍රවය වෙන්නේ දැන් මෙන්න මේකයි. මේ විදිහට විඤ්ඤාණය පැවැත්වීම කියන එක නිත්‍ය වෙලා එන එක.
දැන් මෙතන මේක ආවට පස්සේ, ඉතින් දැන් මට පේනවා මේ ඕඝය කියන එක. දිට්ඨි ආශ්‍රවය වුණා මේක. මේක නිසා ඇති වන ඕඝය. ඕඝය දැන් මට කල්පනා වෙනවා මේක අර සුඛයි කියලා මේ පැත්තෙන් ඇතුල් වුණා පරාමාසයට, නිත්‍යයි කියලා මේ පැත්තෙන් ඇතුල් වුණා පරාමාසයට, ඒ සංස්කාරයෙන් විඤ්ඤාණය තමයි අතන ඕඝය වගේ පවත්වන්නේ. දැන් අර වේදනා කතාවේ දී අපි දකිනවා නේ අර තුන් පැත්තකින් එනවා, රැල ගහනවා. මෙතන මේ සංස්කාරයෙන් අර ඒ ඕඝය, මේක අර විඤ්ඤාණයෙන් අර දැනගන්න ඕනෙ ද කියන කතාවක් අපි ඇහුවේ, තේරුණා ද? අන්න ඒ අර්ථය ඇතුව තමයි මේ කියන්නේ.
එතකොට මේක මෙහෙම කරලා මේ දැනගැනීම තමයි මෙතන ඕඝය කියන එක. දැන් ඔයා තලු මරලා මොකක් හරි එකක් කටට දාලා බලනවා. කෙනෙක් ඇහුවහම මේකට ලුණු ඇද්ද? අන්න අර බලලා නේ ඒ කරන්නේ. ආන්න එතන ඒ විඤ්ඤාණයේ ඕඝය කියන එක.
ඉතින් රහතන් වහන්සේ ඒ වෙලාවේ කිව්වා “සාධු සාධු” කියලා කිව්වා ඒ අවස්ථාවේ දී අර ඕඝය වෙන්නේ මෙන්න මේකයි කියන එක ගත්තහම. දැන් එතකොට මෙන්න මෙතන ඕඝය වෙනවා කියන එක ආවට පස්සේ දැන් මට කල්පනා වුණා, ඉතින් මේක ගලවන්න තියෙන්නේ පඤ්ඤාධිට්ඨානය. පඤ්ඤාධිට්ඨානයෙන් තමයි මේකේ ගැලවීම කියන එක තියෙන්නේ. ඒක අර දදතො පුඤ්ඤං පවඩ්ඪති ගාථාවත් එක්ක සම්බන්ධ වෙලා එතනින් බලනවා අර මුලින් දුන්නා වූ රූප අගය ඒක අයින් කිරීම කියන එක, අර ධාතු වශයෙන් බලලා අයින් කිරීම කියන එක තියෙනවා. එතකොට ඒකත් එක්ක ම අර වේදනා අගය කියන එක යනවා මං අර සංයමයක් පවතිනවා, ඒකෙන් වෛරයක් නෑ ඒක නවතිනවා කියන එක ඒ පැත්තෙන් එනවා.
ඉතින් ඒ විදිහට දැන් පේනවා මේ සඤ්ඤාවන්, මේක මගේ කියලා ගන්නේ නැතෙයි කියන එක. එතකොට මෙතනදි අර ඕඝය කියන එක පඤ්ඤාධිට්ඨානයෙන් ඒක ගැලවිලා යනවා. එතකොට එහෙම වුණහම දැන් සල්ල වෙන්නේ මොකද්ද?
සල්ල වෙන්නේ අර සඤ්ඤාව තමයි. අතනින් ආපු සඤ්ඤාව නේ මේ සල්ල වෙන්නේ. සංස්කාර මේ පැත්තෙන් නිත්‍යයි කියලා එනවා, උඩින් අතන සඤ්ඤාව අතන චේතනාවට වෙනවා. මගේ කියලා ගන්නවා වූ එක. එතකොට මෙන්න මේ සල්ලය තමයි මේ ගලව ගන්නේ. දිට්ඨි සල්ලය නේ මේ වෙන්නේ.
එතකොට ඒ දිට්ඨි සල්ලය කියන එක ගලව ගන්නවා බොජ්ඣඞ්ගය කියන එක භාවිතා කරලා. මේකෙන් මේක නැති වෙනවා කියන එක, මං යන්නේ රෝගී වෙන්නෙයි කියලා දන්නවා නේ. අර භයෙන් අගතියට යන්නේ සංස්කාර බිඳෙයි කියලා. එතකොට මෙයා මේක මේ, රෝගී සඤ්ඤාව කියන එක මට මේක ගන්න හොඳ නැතෙයි කියන අර්ථයෙන් ඉතින්, එතන්ට ගියා ම රහතන් වහන්සේ “ඇතියි” කියලා කිව්වා. ඒක නැවැත්තුවා. ඒක තමයි භාවනාව.
මට එතෙන්දි ආවේ අර බොජ්ඣඞ්ගය කියන අවස්ථාව කියන එක අවස්ථාවේ දී විමුක්ති චිත්තයත් එක්ක ඒක ඇවිල්ලා මේක නේ ද මේ මුදිතාව කියන එක. අර ඕඝයෙන් ගැලවුණා නේ. අර ඕඝයෙන් කියන එකෙන් ගැලවිලා ඉන්නවා. දැන් අර මනුස්සයෙක් ගහගෙන ගහගෙන යනකොට ඒ මනුස්සයාට ගැලවීමක් නැතුව නේ. මෙතන මේකෙන් ගැලවිලා ඉන්නවා කියන එක ආවා මට.