Date: 18/04/2014 Name: Aham saha maman

ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා, නමස්කාර වේවා.

මම භාවනාව පටන් ගත්තේ සුඛාපටිපදා දන්ධාභිඤ්ඤාවෙන්. සුඛාපටිපදා දන්ධාභිඤ්ඤාවෙන් බැලුවහම, සුඛාපටිපදා දන්ධාභිඤ්ඤාවට අපි කෙළින් ම එන්නෙ නැහැ. මේ තුන් වෙනි පටිපදාව. එතෙන්ට එන්න නම් අපි එන්න ඕනෙ පළවෙනි පටිපදාවෙන්. අපි බලන්න ඕනෙ අර කබලිංකාර ආහාරය, ඒකත් එක්ක, මේක නිසා දුක්ඛය ඇති වෙනවා කියන එක එන්න ඕනෙ. පළවෙනි පාරේ උත්තරේ අර ජාතිය කියන එක ඇති වෙනවා. එතකොට ජාතිය කියන එක ඇති වුණායින් පස්සේ ඉතින් අපි දන්නවා ජරා, ව්‍යාධි, මරණය වෙනවා. වෙලා අපිට දුක්ඛය කියන එක ඇති වෙනවා කියන අර්ථය මනසේ තියෙන්න ඕනේ.

එතකොට එහෙම නම් පළවෙනි පාරේ දැන් මේ දෙතිස් කුණපයක්, ජරා ගොඩක් අල්ලගෙන තමයි, මේ කරකවලා රාග සල්ලයෙන් කරකවලා තමයි මේක අපි හදා ගන්නේ. දැන් මේ තත්වයට සිත පත් වුණාට පස්සේ,

ඊට පස්සේ අපි බලනවා අර දෙවෙනි පාරට. දෙවෙනි පාරේ අපිට පේනවා අපි ස්පර්ශ කරලා නැවත නැවතත්, නැවත නැවත ස්පර්ශ කිරීමෙන් නැවත නැවතත් අපි ජරාවට පත් වෙනවා කියන එක වෙනවා. ඕක දෙපැත්තට ම යනවා කියන එක කල්පනා කරන්නට ඕනෙ.

ඒ කියන්නේ මම ජරාවට පත් වීම නිසා මට අර දෝමනස්සය කියන එක ඇති වෙනවා. වට දෙකක් ගැහුවහම අපි දන්නවා නේ දෝමනස්සය ඇති වෙනවා කියලා. ජරාවට පත් වීම නිසා මට මේක සිද්ධ වෙන්නේ. ඒක එක පැත්තක්. අනෙක් පැත්තෙන් ගත්තහම මම නැවත නැවතත් ස්පර්ශ කරන්න හැදුවහම ඒ ස්පර්ශ කිරීම කියන එක මට කරන්න බෑ. කරන්න බැරි බවත් එක පැත්තකින් පේනවා මොකද අපේ ඇහැ අනිත්‍යභාවය, අර පුද්ගලයාගේ අනිත්‍යභාවය, ඒ දෙක නිසා ඇති වන ස්පර්ශයේ අනිත්‍යභාවය කියන එක, ඒක තියෙනවා. මේක කරන්න බැරි දෙයක් තමයි මම කරන්න යන්නේ.

එතකොට මෙන්න මේ අර්ථයෙන් තමන්ට පේනවා මේක මම ස්පර්ශ කරන්න කරන්න මම ජරාවට යනවා කියන එක තමයි වැඩි වෙන්නේ. මම ඉන්න ඉන්න මං වයසට යනවා. ඔන්න ඔය අර්ථය තියෙන්නේ.

එතකොට ඔය දෙවෙනි පටිපදාවේ එහෙම නම් අපි බලනවා මේ දුක්ඛයක් තමයි මට එන්න එන්න ම ඇති වෙන්නේ, හැබැයි මං සුඛයි කියලා තමයි ගන්නේ. එතකොට මේ තත්වෙට මනස ආවාට පස්සේ දැන් තමන් කල්පනා කරනවා මේ සුඛය නිසා, දැන් මම කල්පනා කරනවා නේ මේකේ ඉන්න ඕනෙයි කියලා, දැන් මං චේතනා කරනවා. එතකොට රවුම් වශයෙන් ගත්තහම දැන් මේ හය වෙනි රවුමත් පැනලා මේ හත් වෙනි රවුම තමයි මේ කතා කරන්නේ. එතකොට ඒ හත් වෙනි රවුම මම කතා කරනකොට එතන ධම්මමච්ඡරිය නිසා චේතනා අගය දෙන අවස්ථාව, තත්වයට පත් වෙලා මනස. මේක ටිකක් ගැඹුරට ගිහිල්ලා තියෙනවා මේ අපි කතා කරපු, කලින් සාකච්ඡා කරපු දේවල්.

දැන් මට කල්පනා වෙන්නේ මෙතෙන්දි මේ අනත්තේ අත්තා කියලා නේ එන්නේ. එතකොට මේ අනත්තේ අත්තා කියන එක වෙනකොට ඕගොල්ලන්ට පේනවා අර මුලිනුත් අවස්ථාවක් තිබුණා. හතර වෙනි අවස්ථාවෙන් පස්සේ, රවුම් හතරක් කරකවලා පස් වෙනි රවුම එනකොට අත්තා කියලා ගත්තා. අත්තා කියලා අරගෙන තමයි මෙතන අපිට රූපය ලාභයක් කියලා කිව්වේ. ඒ රූපය ලාභයක් කියලා, දැන් ඒ අත්තා කියන අවස්ථාවේ දී අපි, පෝතලිය සූත්‍රයේ අර special එකේදි, අන්තිමට කරපු එකේදි අපි දැක්කා නේ මොකද්ද මේක වුණේ? එක පැත්තකින් ආවා, අර සුඛයි කියන කතාව මෙහෙන් ඇතුල් වීමක් තිබුණා. මේ පැත්තෙන් ආවා අර සංස්කාර නිත්‍යයි කියලා. එතකොට සංස්කාර නිත්‍යයි කියන කතාව ආවේ අර මුලින් කතා කරපු කබලිංකාර ආහාරයට අපි නැවත නැවතත් පුනපුනා ස්පර්ශ කරලා, කරකවලා කරකවලා තමයි මේක හදා ගත්තේ නිත්‍යයි කියලා. එතකොට මේක, සුභයට නිත්‍ය එකතු කරලා තමයි සුඛය කියන එක ඇති වුණේ. සුභයි කියලා ගත්තා, කරකවලා ඊට පස්සේ අපි ඒකට නිත්‍ය කතාවක් ආවා, දැන් ඒක නිසා මට සුඛය කියන එක ඇති වුණා.

එතකොට දැන් මෙන්න මෙතෙන්දි, දැන් එහෙම නම් කවුද මේ අත්තා? මේ අත්තා තමයි අහංකාරය. මං ඔතන රහතන් වහන්සේගෙන් විමසුවා මෙතන මේ, අතන අනත්තේ අත්තා කියලා කතාව එනකොට මෙතන ඇවිල්ලා තියෙනවා මේ අහංකාරය. එතකොට උඩින් තව තියෙනවා මමංකාරය. මමංකාර කොටසේ තමයි ඔය අනත්තේ අත්තා කියන එක ලියලා තියෙන්නේ. දැන් අපි හතර වෙනි රවුම කරකවලා පස් වෙනි එකේදි අපි අත්තා කියලා ගන්නවා.

රහතන් වහන්සේ කිව්වා “දරුවා, අහංකාරයෙන් තොර වූ මමංකාරයක් නැතයි” කියලා. මං සාධු කියලා වැන්දා ඒ වෙලාවේ. එතකොට අහංකාරය උඩයි මේක තියෙන්නේ. ඒ කියන්නේ මගේ පෙර කතාව. දැන් එතකොට බලන්න අර පෝතලිය සූත්‍රයේ අර මුලින් කතාව පාණාතිපාතා, අදත්තාදානය, මුසාවාදය මගේ පෙර වූ සංස්කාරයන්. ඒක නිසයි මේක තියෙන්නේ. මේක නිසා තමයි මං දැන් අතෙන්ට අර රූපය ලාභයක් කියලා කියන්නේ. දැන් මං කියනවා නේ කමක් නෑ මම මේකත් එක්ක ඉන්නම් කියන අර්ථය දැන් මං දීලා තියෙන්නේ.

එතකොට, දැන් එහෙම නම් ඕගොල්ලන්ට පේනවා මෙතනින් ඇති වන, ඒ කියන්නේ ඔය triangle එක තියෙනවා නේ, වේදනාව, පරාමාසකායගන්ථය, භය අගතිය. අන්න ඒ triangle එක නිසා තමයි අපි අතන area 1 කියන එක ගත්තහම එතන අපි ලාභයි කියලා එතන ගත්තේ. ඒක ගත්ත හින්දා තමයි area 2 එකට අපි ආවේ. ඒ රෝදේ කැරකෙව්වා නම් නතර කරන්න බෑ. ලාභයි කියලා ගත්තා නම්, ඒ කියන්නේ පස් වෙනි එක වුණා නම් හය වෙනි එක වෙනවා. හය වෙනි රවුම, වේදනා අගය කියන එක මම දෙනවා කියන එක.

දැන් මෙතෙන්දි අමතක කරන්න එපා අර 4.4 දි begging the feeling කියන කතාව කිව්වා නේ. අන්න එයා දැන් වැඩ කරනවා. මේ වේදනාව දැන් මේක පතනවා. මට මේකෙන්, මේ රූපයෙන් මේ වේදනාව දෙන්නෙයි කියන එක පතනවා. මේ පැතීමත් එක්ක මොකද වෙන්නේ, දැන් මේක සඳහා තමා අර ධම්මමච්ඡරියට එයා අගය දෙනවා එහෙම කියන එක වෙන්නේ. අන්න එතෙන්දි දැන් එහෙනම් අර මමං කියන කතාව එනවා. අහංකාරයෙන් පටන් අරගත්තා, මෙතනින් කැරකිලා 1 වුණා 2 වුණා 3 වෙනකොට දැන් මමංකාර කතාව එනවා.

ඒ මමංකාර කතාව දැන් ආවයින් පස්සේ, දැන් මෙතන තමයි මේ අනත්තේ අත්තා කියන එක එන්නේ. අනත්තේ අත්ත සඤ්ඤාව. මොකද්ද මේ අනත්තේ අත්තා කියලා කිව්වේ? මෙතෙන්දි ලස්සනට පේනවා, මේ රූපය මගේ නෙවෙයි නේ. ඕනෙ ම රූපයක්, පුද්ගලයෙක්ගේ රූපයක්, මේ රූපයක් ගත්තහම මගේ නෙවේ. ධාතු වශයෙන් බැලුවහම අපි දන්නවා. ධාතු මනසිකාරයේ, දදතො පුඤ්ඤං පවඩ්ඪති ගාථාවේ අර්ථය හොඳ ලස්සනට එනවා. මේක මගේ නෙවේ.

මේක තමයි මේ අත්තා කියලා ගත්තේ. මගේ නොවෙන්නා වූ ඒ රූපය අත්තා කියලා අරගෙන තමයි මේක එන්නේ, හැදෙන්නේ. අන්න ඒක තමා හරි fundamental දෙයක් එතන තියෙන්නේ. අර රූපයට ම යි මේක ආවේ. හැබැයි අත්තා කියලා තමන්ට වැටෙන්නේ සුඛය. අත්තා වුණේ සුඛය. අනත්තේ කියන එකට ගන්න ඕනෙ අපි, රූපය තමයි අනත්තා. හැබැයි අත්තා කරගත්තා සුඛය. බලන්න එතනත් හරි මහ පැටලිල්ලක් තියෙන්නේ. අහංකාරයෙන් මමංකාරය වුණා ය කියන එක නේ ඔතන තියෙන්නේ. අනත්තේ අත්තා කිව්වහම හරි ගැඹුරු අර්ථයක් තියෙන්නේ. අරගන්න බැරි මගේ නොවන රූපයක්, ඒක අනත්තා. අත්තා වෙනකොට, සුඛය තමයි මේ අත්තා වෙලා තියෙන්නේ. කෑලි දෙකක් නේ දැන් මේ මනුස්සයාට මේක හොයාගන්න බෑ නේ. Basic.

ඉතින් මේක ඇති වුණාට පස්සෙ ඉතින් අර, එතෙන්දි අර තුන් වන ධ්‍යානය කියන එක නේ. දැන් මෙයා සුඛය, තුන් වෙනි ධ්‍යානයට තමන් පත් වෙලා තියෙනවා නම් මේක තේරුම් අරගෙන, එතකොට ඒක නිසා එයාට තුන් වෙනි ධ්‍යාන තත්වය තියෙනවා. තුන් වෙනි ධ්‍යාන තත්වය තිබුණායින් පස්සේ එයා යනවා චිත්තානුපස්සනාවට.

ඒකයි පටිපදාවේ තියෙන්නේ. ඒ චිත්තානුපස්සනාවට යන්නේ මේ දක්වා වූ දේවල් මෙයා ඔක්කෝම දන්නවා. ඒ කියන්නේ දුක් වූ වේදනාවන් කියන එක මෙයා දන්නවා. ඊළඟට මේ හොඳ ම සුඛ වූ වේදනාවත් තුන් වෙනි ධ්‍යාන සහිතව අර සුඛය දැනෙන්නා වූ වේදනාවත් මෙයා දන්නවා. මෙයා දන්නවා මේකේ රාග සහිත සිතයි කියන එක අර කබලිංකාර ආහාරයත් එක්ක දන්නවා.

ඊළඟට අර ද්වේෂ සහිත සිතයි කියන එක අර දෙවෙනි පටිපදාවෙන් එන්නා වූ අවබෝධයෙන් එයාට ඇති වෙනවා මේක කරකවන්න කරකවන්න මේක ජරාවට පත් වෙනවා කියන එක ද්වේෂ සහිත සිත, ඇයි මං ඉන්න ඉන්න මං මේකට වෙනවා කියන එක. එතකොට එයාට මෝහ සහිත සිතත් පේනවා. මේ සුඛය කියන එක අර තාවකාලික දෙයක් නේ. ඒක දැන් නැති වෙයි, දැන් නැති වෙයි කියලා නේ හතර වෙනි ධ්‍යානයට යන්නේ. හතර වෙනි ධ්‍යානය හා සම්බන්ධයි මේක. ඒ කියන්නේ මේ පටිපදාවේ එතනින් නතර වෙන්නේ නෑ. හතර වෙනි ධ්‍යානයෙන් ඇති වුණා වූ අවබෝධය කියන එක මෙතන්ට බලපානවා මෙතන. ඒ කියන්නේ මේ වේදනාව, ඒ කියන්නේ රහතන් වහන්සේ පෙන්නනවා මේ ඔක්කොම වේදනාවන් එයා master කරලා එතකොට, ඒ තත්වෙට එනකොට.

එතකොට ඒක නිසා, ඊට පස්සේ අර විපල්ලාසය කියන එක, ඒ කියන්නේ දැන් චිත්තානුපස්සනාව වෙනවා ඉතින් මෙතන උපෙක්ඛාව, එතකොට අපි ඊයේ කතා කරපු, රාත්‍රියේ කතා කළා නේ අපි භාවනාවක් ගැන, ආන්න ඒකත් එක්ක සම්බන්ධ වෙනවා අර ඕඝය නැති කරනවා කියන එක. කෑලි දෙකක් මෙතන, ඒක සිද්ධ වෙන්නේ, මේකත් එක්ක.

ඉතින් ඒ විදිහට ඒක තමයි භාවනාව කරගෙන ගියේ. ඒකෙ හරි ලස්සනයි.