ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා, නමස්කාර වේවා.
මම අද භාවනාවේදි ගත්තේ, ලෝභය නැති කරමි කියනකොට අර කොඩිය තියෙනවා නේ. ඒ කියන්නේ කබලිංකාර ආහාරය, එතන ජාතිය තියෙනවා, නැත්තන් ඡන්ද අගතිය හරි ජාතිය හරි, එතනින් අපි යනවා කෙළින් ම මනොසඤ්‌චෙතනාව කියන තැනට. එතකොට එතෙන්දි ඒක හැටියට පවත්වනවා කියන එක නේ කල්පනා කරන්නේ. ඒ කල්පනා කිරීමත් එක්ක අනෙක් පැත්තට බැලුවොතින් මේ කබලිංකාර ආහාරය නිසයි, දැන් මේ ඒ කියන්නේ රවුම් වශයෙන් ගත්තොතින් හයක් ගිහිල්ලා තමයි අතන චේතනාව කියන එක වුණේ.
ඒකෙන් පස්සේ අර මෝහයෙන් කරකවනවා කියන කතාව තියෙනවා. මෙතනින් ආවා දැන්, මෙතනින් ජාතිය කියන එක ඇති වුණා නම් ඉතින් ජරා ව්‍යාධි මරණය කියන එක ඇති වෙනවා. එතකොට පේනවා නේ අර කොඩියේ කෑල්ල එනවායි කියලා. පල්ලෙහායින් ගියා මරණය දක්වා. එතකොට පේනවා උඩින් කබලිංකාර ආහාරය මෙතන ජාතිය, මෙතන මරණය. කබලිංකාර ආහාරය මෙතන ජාතිය, මෙතන චේතනාව. එතකොට අර කොඩිය කෑල්ල කියන එක එනවා.
මේක ආවාට පස්සේ මම කල්පනා කළා දැන් මේ, අර ඊයේ භාවනාව කිව්ව එක අනත්තේ අත්තා. අනත්තේ අත්තා කිව්වහම රූපය තමයි අනත්තා, හැබැයි අපි වේදනාව අත්තා කියලා ගන්නවා. එතකොට මේ වේදනාව අත්තා කියලා ගන්නවා කියන එක, සුඛය කියන එක අත්තා කියලා ගන්නවා කියන එක ආවහම, ඉතින් මෙතන තියෙන්නේ දුක්ඛයක් ම නේ. මේ මනුස්සයා ගන්නවා සුඛයි කියලා.
මේ වෙලාවෙදි මං කල්පනා කළා මේ වේදනාව නිකන්මත් නෙවෙයි, අපි සංස්කාරයන් කියන ඒවා නිසා මේ වේදනාවන් ඇති වෙලා. පෙලක් වෙලාවට ඔය වේදනාව සඳහා අපි සංස්කාරයන් කරනවා. එතකොට රහතන් වහන්සේ කිව්වේ මේ චිත්ත සංස්කාර හදනවා කියලා. වේදනාව සඳහා හදන චිත්ත සංස්කාර කියලයි කිව්වේ නේ ද?
එතකොට මේ සංස්කාර ඒකයි, වේදනාව, තියෙනවා නේ 4.4 දෙපැත්තට යන්නා වූ කෑලි දෙක. ඒ කියන්නේ වේදනාව සුඛයි කියලා පරාමාසයට ඇතුල් වෙනවා, සංස්කාරයන් නිත්‍යයි කියලා පරාමාසයට ඇතුල් වෙනවා. ඕක තමයි අර හබල් දෙක. මේක හොඳට බැලුවා. බැලුවයි කියන්නේ පෙලක් සංස්කාරයන් සුඛයි වේදනාවත් සුඛයි. චතුත්ථධ්‍යාන සමාපත්තිය, තුන් වෙනි ධ්‍යානය, ඒ වාගේ ඒවා ගත්තහම ඉතින්, ඒ ධ්‍යාන පැත්තෙන් ගත්තහම ඒ කරන්නා වූ සංස්කාරයනුත් සුඛයි, වේදනාවත් සුඛයි කියන අර්ථය තියෙනවා.
ආයෙත් තියෙනවා, පෙලක් සංස්කාරයන් කියන ඒවා ගත්තහම, කරනකොට අපි හිතමු වඩු බාස් උන්නැහේ කෙනෙක් වඩු වැඩ කරනවා. ඒ වඩු වැඩ කරනකොට එයාට කායික පීඩාවන් තියෙනවා. හැබැයි එයා සංස්කාරයට කැමතියි. වඩු බාස් උන්නැහේ වඩු කර්මාන්තයට කැමතියි, සංස්කාරයට කැමතියි. හැබැයි ඉතින් එයා ඒක කරනකොට අර නියනෙන් ගහනවා, අතකොලුවෙන් ගහනවා, ඉතින් එයාට ඒ කායික වේදනාවන් තියෙනවා. එතකොට වේදනාව දුකයි ඉතින් එයාට සංස්කාරය යම් ආකාරයකට සුඛයි.
ආයෙත් මං කල්පනා කළා මේ සංස්කාරයත් දුක වෙන්නා වූ, වේදනාවත්, දැන් අතෙන්දි තවත් උදාහරණයක් මට ආවා මේ දරු ප්‍රසූතිය. අම්මා කෙනෙක් බඩේ දරුවාව තියාගෙන ඉඳලා බොහෝ ම කාලයක් වේදනා විඳිනවා. වේදනා විඳලා බබා එලියට ආවාට පස්සේ ඒ අම්මාට හොඳයි, නේ ද? එහෙම එකකුත් ආවා.
ඊට පස්සේ මං කල්පනා කළා ඔය දෙක ම දුක්ඛ වෙන, සංස්කාරයත් දුක්ඛයි, වේදනාවත් දුක්ඛයි වූ දේවල් තියෙනවා ද කියලා. ඉතින් මං ඒක ටිකක් කල්පනා කරනකොට මං රහතන් වහන්සේගෙන් විමසුවා ම රහතන් වහන්සේ මට සඤ්ඤාව දුන්නා අපාය. දෙක ම දුකයි නේ. දැන් අර ගිහිල්ලා ඉපදෙනවා. හැදුවා, හදපු ගමන් මැරෙනවා. ඒ සංස්කාරයන් එහෙම දුක් වූ එක තියෙනවා අපාය කියන එක.
ඕක බුදුහාමුදුරුවෝ කිව්වා, දේශනා කළා. ඒ දුක්ඛ වූ දේ කියලා අපාය එහෙම. තුන් වෙනි ධ්‍යානය එකට එහෙම බුදුහාමුදුරුවෝ පෙන්නුවා ඒක සුඛයි, සුඛයෙන් ම ඉන්නවා කියන එක පෙන්නුවා. එතකොට දැන් අපි අන්ත දෙක දන්නවා. තුන් වෙනි ධ්‍යානය සංස්කාරත් සුඛයි, වේදනාවත් සුඛයි. අපාය ගත්තහම දෙක ම දුකයි.
මේක ආවාට පස්සේ නතර වෙලා, සිත නතර වෙලා කියලා කියන්නේ අර හබල් දෙක වැඩ කරන්නෑ දැන්. ඒ කියන්නේ මේ පැත්තට නිත්‍යයි කියලා මේකේ support එකෙන් වේදනාව දුවන්නෙත් නෑ, වේදනාව නිසා මේ පැත්තට යන්නෙත් නෑ. ඒ කියන්නේ අර bicycle එක නිකන් මට හැඟෙන්නේ අර bicycle rim එකත් එක්ක මේක තියෙනවා, කවුරුවත් තල්ලු කරන්නේ මොකක්වත් නෑ.
හැබැයි හුළං වදිනවා. මේ හුළං වැදුණහම පොඩ්ඩක් මෙහාට ගිහිල්ලා ආපහු මෙතෙන්ට එන්නේ. අන්න ඒ වගේ. ඒ කියන්නේ හුළං වදිනවා කියන්නේ මේ ගෙදර සද්ද අරවා මේවා මට ඇහෙනවා. ඇහුණයි කියලා ඒකත් එක්ක ගැටීමක් නෑ. දුවන්නෑ. ඔහෙ තියෙනවා. ඉන්න පුළුවන් හොඳට.
ඒ කියන්නේ තමන් අවදියෙන් තමන්ට ඉන්න පුළුවන්කම තියෙනවා කිසිම දෙයක් නොකර. ඇහැට රූප ගැටුනයි කියලා රෝදේ කැරකෙන්නේ නෑ. ඉතින් ෂෝක් එකට ඉන්න පුළුවන්. ඉතින් මං කල්පනා කළා මේ ධර්මය කියන්න කියන එකට, මේකට මෙනෙහි කරන්න ඒකටත් එච්චර මේවා එකක් නෑ. ඒ කියන්නේ කරුණාව පැත්තට ඕන්නම් ඉතින් ඒ කියන්නේ මට, සඤ්ඤාවෙන් මට දැනෙනවා. මේක කියන්න පුළුවන් ය කියන එක, ඒ පැත්ත එහෙම එක තියෙනවා. නමුත් දුවන්න, දැන් අර පෙලක් වෙලාවට බොහොම ගැඹුරට හිත හිතා යන්න එක තියෙනවා නේ. එහෙම එකක් නෑ. ඉතින් මම එහෙම සෑහෙන වෙලාවක් හිටියා, ඕකට මට වැඩිය වෙලාවක් ගියේ නෑ ඔතෙන්ට එන්න. ඇවිල්ලා සෑහෙන වෙලාවක් ඉඳලා ඉතින් මම කල්පනා කළා
මේක මට break කරන්න පුළුවන්. වෙලාව බැලුවා නම් මට break කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක නවත්තන්න ඕනෙ නේ. අර පෙර වූ දේ තියෙනවා නේ. පෙර, දැන් මේක පැය බාගෙකින් කරනවා කියන එක, මේ අයට මං කිව්වා නම් පැය බාගෙකින්, අපි භාවනා කරමුයි කියලා නවත්තන්න, අන්න ඒක, ඒ වගේ අදහසක් මට ආවා. ඒත් ඔහේ ඉන්න හිතෙනවා. ඒ කියන්නේ මොකුත් කරන්න යන්න මේකක් නැහැ. ඊට පස්සේ රහතන් වහන්සේ කිව්වා “ඇතියි” කියලා. කියලා ඉතින් ඒක, මං වෙලාවත් බැලුවා. බලලත් ආයෙත් හිටියා එහෙම්ම ම. රහතන් වහන්සේ ඇතියි කිව්වට පස්සේ මේක නැවැත්තුවා. ඉතින් ඒකේ, ඒ කියන්නේ එතෙන්දි මං ඇහුවා රහතන් වහන්සේගෙන් මොකද්ද මේ කියලා. මේක මේ චතුත්ථධ්‍යානයේ එකක් ද? නෙවසඤ්ඤානාසඤ්ඤායතනයේ එකක් ද? කියන එක.
ඉතින් රහතන් වහන්සේ කිව්වා “නෑ එහෙම නෙමෙයි” කියලා. ඉද්ධිපාද. සතර ඉද්ධිපාදය. ඉද්ධිපාද 4ම එකට වැඩ කරනවා. ඒක නිසා සංස්කාර පැත්තෙන් කරකවන්න push එකක් නෑ. ඊළඟට චිත්ත ඉද්ධිපාදයට අර එනවා නේ වේදනාවන්ගෙන් හැම පැත්තෙන් ම පාරවල්. ඒ පැත්තෙන් යන්න මොකක්වත් ඇත්තෙත් නෑ. ඔය විදිහට ඉන්න පුළුවන්කම තියෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්