ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා, නමස්කාර වේවා. මම ඒ බුදුපියවරු මුලින් සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ඒ ලෝකයේ ශ්‍රේෂ්ඨතම, උත්තරීතර, ජීවමානව වැඩ සිටින, පළවෙනි බුදුපියා වශයෙන්. ඒ ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ ඉතින් ජීවමානව වැඩ සිටින, ශ්‍රේෂ්ඨතම දෙවන බුදුපියාණන් වශයෙන්. ධම්මාධිපති බුදුපියාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින තුන් වන ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වශයෙන් මේ තුන් නම ම ප්‍රඥාවන්තයි කියලා වැන්දා. ඒ විදිහට ම අනුපිළිවෙළින් ඒ බුදුපියවරු දාහතර නම ම සිහි කරලා ඒ දාහතර නමට ම ප්‍රඥාවන්තයි කියලා ඒ විදිහට වැන්දා.
කරලා, මං භාවනාවට ගත්තේ, දැන් ඔය මම යනකොට රහතන් වහන්සේ කිව්වා පංචනීවරණයන් නැති කරමී කියනකොට එතනින් පටන් ගන්න කියලා. එතකොට කාමච්ඡන්දය කියන එක මං මෙනෙහි කළා.
කාමච්ඡන්දය කියන එක මෙනෙහි කරනකොට මම ගත්තේ අර සංකප්ප රාගො පුරිසස්ස කාමො. එතකොට සංකප්පය කියලා කිව්වහම අර පස් වෙනි වටය. පස් වෙනි වටයේ දී රූපයට ලාභයක් කියලා අපි ගත්තා. ඒක නිසා චේතනා අගයක් අපි දුන්නා, පළවෙනි පාරට. එතකොට මේකට දීලා හය වෙනි වටය එනකොට, හය වෙනි වටයේ 2 බැලුවා. හය වෙනි වටයේ 1 අපි දන්නවා නේ රාගයයි කියන එක. ඒ සංකප්පයට තිබිච්ච රාගය, ඒක තමා input එක වෙන්නේ. හය වෙනි වටයේ 2 වෙනකොට ඕගොල්ලන්ට පේනවා අර නිත්‍යයි කියලා සංස්කාරයේ ඇතුල් වීමක් තියෙනවා. සංස්කාරය නිත්‍යයි කියන අගය ගත්තා. එතකොට හය වෙනි වටයේ දී සංස්කාරය නිත්‍යයි කියලා ගත්තහම, 6.2 මං මේ කියන්නේ, එතකොට අර, මේ පැත්තෙන් පල්ලෙහාට යනවා නිත්‍යයි කියලා, අර පැත්තෙන් අර ගිද්ධිලෝභයේ ඉඳන් යනවා උඩට, රූපයට එතන කාමච්ඡන්දය කියන එක එතෙන්ට එනවා.
එතකොට මේ හය වෙනි දෙකේ ගිහිල්ලා දැන් ඊට පස්සේ, දැන් හොඳට carefully බැලුවොතින් පේනවා මුලින් ම අපි පලතුරු ගෙඩියක් වුණත් අතනින් තිබ්බා නම් ඒ පලතුරු ගෙඩියට දැන් මේ වෙනකොට අගයක් දීලා තියෙනවා. ඊළඟට මේක නිත්‍යයි කියන කතාව අපිට ඇවිල්ලා තියෙනවා. මේ සංස්කාරය, පලතුරු කකා ඉන්නවා කියන එක නිත්‍යයි කියලා, ඒකෙන් මං පවත්වනවා කියන එක නිත්‍යයි කියලා ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අර ප්‍රේමය කියන කතාව, 6.3දී ඉතින් ඒක වෙනවා අපි දන්නවා. දැන් 7.1 බැලුවහම, 7.1 දී මොකද්ද කරන්නේ අපි? 7.1 දී තමයි method එක එන්නේ. පෝතලිය එකේ නම් ගහට නැගලා මං මේක පවත්වනවා. ඒ වගේ ධම්මමච්ඡරිය. ධම්මමච්ඡරිය තමයි method එක. මේක engineering කරලා, computer science කරලා, දොස්තරකමෙන් හරි මං මේක පවත්වනවා කියන එක. එතකොට අපි තුනකට ඇවිල්ලා තියෙනවා. පලතුරු ගෙඩියයි කියන එක තියෙනවා, ලාභයි කියන එක. ඊළඟට තමන් මේක නිසා කොහොම හරි පවත්වන්න කල්පනාව තියෙනවා. ඒක සඳහා method එක කියන එක, ධම්මමච්ඡරිය කියන එක ඇවිල්ලා තියෙනවා.
දැන් මේ method එක මෙහෙම පාවිච්චි කරාට, ධම්මමච්ඡරිය පාවිච්චි කරාට, දැන් අපි දන්නවා මේ දෙක අතර තිබෙන්නා වූ දේ. මොකද දැන් මේ 7.6 වෙනකොට මෙයාට තේරෙනවා, අර shadow area එක මතකයි නේ සම්මා සංකප්ප භාවනාවේ. එතකොට දැන් මෙතන අපි 6.1 වෙනකොට දිට්ඨි අනුසය කියන එක ආවා, අර හත් වෙනි රවුමේ දී අපි area 3 එක හදන්නේ, ඒකෙන් shadow area එක හැදිලා තියෙනවා. මේ දෙක දැන් අපි compare කරලා බලනවා මේ shadow area එකයි අර මගේ මුලින් තිබිච්ච එකයි.
දැන් බැලුවහම මේ සංකප්පයේ තියෙන අගය මේ රූපයේ නැතෙයි කියලා තමයි මෙයාට, අර දුක්ඛ දුක්ඛතාවයට එයා යන්නේ. එතකොට දුක්ඛ දුක්ඛතාවයට යනවා කියන්නේ 7.7 කියලා කිව්වේ මොකද්ද අර දුක් වූ වේදනායි, මේ පැත්තෙන් දුක් වූ සංස්කාරයයි කියන එක යනවා. එතකොට එහෙනම් මේ 7.7 දී දුක් වූ සංස්කාරය කියලා කියන්නේ අර 7.1 ගත්ත method එක ම යි. ධම්මමච්ඡරියෙන් ගත්තා වූ දේ ම තමයි මෙතන මේ සංස්කාරය වෙලා තියෙන්නේ. මේක කැරකිලා එනකොට අන්තිමට මේකෙන් කරන්න බෑ.
ඒක නේ අර පල්ලෙහායින් අර මනුස්සයා ඇවිල්ලා අර ගහ කපලා දාන්නේ. දැන් මෙතන මෙයා, මං මේක පවත්වාගෙන ඉන්න හදන්න හදන්න, මගේ method එකෙන් මං භාවිතා කරන්න කරන්න, මං වයසට යනවා. මං ස්පර්ශ කරමින් මේක පවත්වන්න නෙ හදන්නේ. කරන්න කරන්න මාව වයසට යනවා කියන එක තියෙනවා. ජරාවට පත් වෙනවා කියන එක. මේක නිසා මං රෝගී වෙනවා කියන එක තියෙනවා.
එතකොට මේක, අර method එක ම තමයි මෙතන මේ 7.7 හැටියට මේක ඇතුළට යන්නෙයි කියන එක මට හොඳට වැටහීම කියන එකට ආවා එතෙන්දි. ඉතින් මේක තමයි අපේ මේ කාමච්ඡන්දය නේ ද? ඕක අන්තිමට ගිහිල්ලා ඕක නේ වෙන්නේ. ඉතින් දැන් අන්තිමට දුක්ඛ දුක්ඛතාවය කියන එකට තමන්ගේ යනවා කියන එක.
ඉතින් ඒක තමයි මං හුඟාක් ම භාවනා කරගෙන බැලුවේ.