ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා, නමස්කාර වේවා. මං ඒ මුලින් ම මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ සිහි කළා. ඉතින් ලෝකයේ වැඩ සිටින, ජීවමානව වැඩ සිටින, පළවෙනි, ශ්‍රේෂ්ඨතම වූ, ප්‍රඥාවන්ත වූ බුදුපියාණන් වහන්සේ වශයෙන්. ඔය විදිහට දෙවන බුදුපියාණන් වහන්සේත්, තුන් වෙනි බුදුපියාණන් වහන්සේත් සිහි කරලා වැඳලා ඒ දාහතර නම ම ඔය විදිහට ප්‍රඥාවන්තයි කියලා මෙනෙහි කළා. ඊට පස්සේ මම පන්සිල් ගන්න එක සම්පූර්ණයෙන් කරගෙන ගියා. ගිහිල්ලා අරි අට මඟ හරහා යනවා කියලා කල්පනා කළා. ඒ මණ්ඩලයේ ආශීර්වාදය, ආරක්ෂාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා,
ඊට පස්සේ අරි අට මඟේ කතමා ච භික්ඛවෙ සම්මා දිට්ඨි කියලා තනිකර ඒ දුක්ඛය ගැන මෙනෙහි කළා. ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුක්ඛ, දෝමනස්ස, සෝක, පරිදේව, උපායාස, ප්‍රියේහි විප්පයොගො, අප්‍රියේහි සම්ප්‍රයෝගෝ, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං කියන අර order එකට බැලුවා. බලලා, දැන් මෙතන ඊට පස්සේ කියනවා සංඛිත්තෙන පංචඋපාදානස්කන්ධාපි දුක්ඛා කියලා.
දැන් මට පේනවා පංචඋපාදානස්කන්ධය තියෙන්නේ උඩ. රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ. යටින් තමා මේ දුක්ඛය. එතකොට මේක නිසා මේක. ඒ පාර මං බැලුවා මේ උපාදානය නිසයි මේක ඇති වෙන්නේ. එතකොට උපාදානය කොහොම ද ඇති වෙන්නේ. තණ්හාව නිසායි උපාදානය කියන එක ඇති වෙන්නේ. වේදනාවට තණ්හා වෙලා උපාදානය. ඒ පාර දැන් මං කල්පනා කරනවා අර තණ්හාව තියෙන කෑල්ල. තණ්හාව නිසයි උපාදානය කියන එක, පහළට වෙනවා කියන එක. ඉතින් දැන් මට කල්පනා වෙනවා මේ තණ්හාව කියන එක කොහොම ද ඇති වෙන්නේ?
තණ්හාව කියන එක ඇති වෙන්නේ අපි දන්නවා අර විඤ්ඤාණය ධාරාවක් වශයෙන් පවත්වලා. දුවලා. ඒ කියන්නේ අපි අර වට ටික දුවනවා. මේකෙන් තමයි තණ්හාව කියන එක ඇති වෙන්නේ. එතකොට වට තියෙන එක මං බැලුවා, අපි දන්නවා ඔය අට වෙනි වටය, 7න් පැන්නායින් පස්සේ, අර එකපාරට ම අවිද්‍යා ආශ්‍රව ඒ කොටුවේ ඉඳන් එනවා නේ කාම ආශ්‍රවයට. එතකොට දකුණු පැත්තේ triangle එක, වම් පැත්තේ triangle එක, ඒක නිසා ධම්මමච්ඡරියෙන් මේක generate වෙනවා කියන එක තියෙනවා.
මේ විදිහටයි මේ ධාරාව පවතින්නේ. එතකොට මං මෙතනදි කල්පනා කළා මේ පාර විතරක් නෙවෙයි, මේ දිට්ඨි අනුසයෙන් එන්නා වූ පාරෙත් මේක මේ විදිහට සිද්ධ වෙනවා. ඕක දිට්ඨි අනුසයෙන් ආවා, වේදනාව, අර පාර දිගේ යනවා. ඒ කියන්නේ 7.6, 7.7 කිව්වහම මෙතන මේක සිද්ධ වෙලා තියෙනවා. ඉතින් හරි ඉතින් 7.7 කිව්වා ම අට තමයි නේ ද. එතකොට මෙතන ඉඳන් මේක යනවා කියන එක ආවා. ඉතින් මේක තුනෙන් ම මේක සිද්ධ වෙනවා කියන එක ගත්තහම, කල්පනා කළා ම ඉතින් දැන් මට සිත එනවා මේකේ, වැඩි වශයෙන් මේකෙ කොහෙද අපි ඉන්නෙ කියන එක.
ඉතින් රහතන් වහන්සේගෙන් ඇහුවා ම රහතන් වහන්සේ දුන්නා ඉතින් 10%ක් විතර තමයි අර බාහිර ආයතනවලින් වෙන්නා වූ ඒ දේ තියෙන්නේ. අර ඇහෙන් රූප බලලා එහෙම එන්නෙ. ඊට පස්සේ අභ්‍යන්තර එකෙන් එන එකට 40% විතර. අරක 50%ක් විතර. වැඩි වශයක්ම අර 8න් එන්නා වූ එකේ තමයි තියෙන්නේ. එතකොට මෙතනින් පස්සෙ තමයි ඉතින් මේ තණ්හාව කියන එක තියෙන්නේ. අපි දන්නවා හත කියන එක, 7.1 වුණහම නේ තමන් ධම්මමච්ඡරිය නිසා චේතනාව අගය කියන එක දෙන්නේ. එතකොට ඒ තත්වයට පත් වුණා ම ඉතින් ඒ කියන්නේ හත වුණා නම් ඉතින් අපි යනවා නේ ද. අපි නවත්ත ගන්නෙ නැතුව යනවා ඒකත් එක්ක. කැමති පාරෙම තමයි අපි යන්නේ. එතකොට පැන පැන යන්නේ. මේක නැවත නැවතත් ස්පර්ශ කරමින් අපි යනවා. ඒ කියන්නේ ඇහෙන් බලනවා නෙවෙයි. අර අරමුණ ගත්තා, දකුණු පැත්තේ පල්ලෙහා triangle එකෙන් වම් පැත්තේ triangle එකට ආවා, මේක ගෙනිච්ච බොහොම වේගෙන් මේක කරගෙන යනවා.
ඉතින් මට ඒ වෙලාවෙදි කල්පනා වුණේ ඉතින් 7.2 දී මළා ම යනවායි කිව්වා නේ ප්‍රේත ලෝකෙ. එතකොට එතන පොඩ්ඩක්, “අර numbers එක්ක මේක පටලවගන්න එපා ය” කියලා රහතන් වහන්සේ කිව්වා. අතන අර අර කතාවත් එක්ක, 10% එකත් එක්ක මේක පටලවගන්න එපා කියන එක. මනුස්සයන්ට එහෙම වෙනවා ඇති කියන එක මට හිතෙනවා.
එතකොට ඒ, මෙහෙම වේගෙන් යනකොට මට කල්පනා වුණා දැන් බුදුහාමුදුරුවෝ කියනවා “තණ්හාය ජායතී සොකො, තණ්හාය ජායතී භයං.” එතකොට එහෙම නම් මේ තුන් වෙනි පාරේ පල්ලෙහා සෝකයයි, ඊළඟට මෙතන තියෙනවා මේ බයයි කියන එක. භයේ අගතියයි කියන එක.
දැන් එතකොට එහෙනම් මට 4 ඉලක්කමක් පේනවා. මට ඔය 4 ඉලක්කම කලිනුත් පෙනුණා. ඒ 4 ඉලක්කම මේ, අර 4 ඉලක්කම නෙමෙයි. වේදනාව තියෙන තැන කතාවක් තියෙනවා. චේතනාව එකක්. පරාමාසය මැද්දේ, පල්ලෙහායින් බය. මේ පැත්තෙන් ඉදංසච්චය. ඔන්න ඔය 4. එතකොට ඉතින් මං කල්පනා කළා, මේ විදිහටයි මේක සිද්ධ වෙන්නේ. දැන් මේක කැරකෙනවා නේ දැන් අපිට පේනවා නේ මේක මේ විදිහට මේ 4 ඉලක්කමේ කතාව සිද්ධ වෙනවා.
එහෙම නම් දැන් මේක නැති කරගන්නේ කොහොම ද කෙනෙකුට. ඉතින් මට කල්පනා වුණා මේ වේදනාව කියන එක නම් ඇති වෙන්නේ අපි ස්පර්ශ වෙන්න, පුනපුනා ස්පර්ශ කිරීම. ඉතින් මේක නැති කරන්න ඉන්ද්‍රිය සංවරය කියන එක තියෙන්න ඕනෙ. එතකොට අර ඉස්සෙල්ලා 4 ඉලක්කම වාගෙම ඉන්ද්‍රිය සංවරය මෙතන්ට එනවා. ආයෙත් කල්පනා වෙනවා, මේ චේතනාවෙන් ඇති වෙන්නා වූ ප්‍රශ්නේ නැති කරගන්න නම් විමංසාව අතන තියෙන්න ඕනෙ. අර ඉස්සෙල්ලා වගේ ම තමයි. ඊර්ෂ්‍යාව නැති කරගන්න විමංසාව ඕනෙ නම් ඉතින් මෙතන මක්ඛය පැත්තෙන් එන අර්ථයන් තියෙනවා නේ චේතනා වෙන, මේවා මගේ කියලා අරගන්නා වූ ඒ දේ තියෙන එක. මේකටත් එහෙනම් විමංසාව තියෙන්නෙ ඕනෙ, ඒක ගැනත් ප්‍රශ්නයක් නෑ.
ඉතින් හොඳට විමසලා බැලුවා මේ ඉදංසච්චයට එන්නා වූ ප්‍රශ්නය කියන එක විසඳන්නෙ කොහොම ද කියන එක. ඒකට මොකද්ද භාවිතා කරන්න ඕනෙ කියන එක. ඉතින් එතෙන්දි, ඉතින් මං විවිධ විදිහට බැලුවා ඕක. විවිධ විදිහට බැලුවා කියන්නේ, දැන් මට පේනවා නේ මේ ධම්මමච්ඡරියේ තිබෙන්නා වූ අර method එක නේ මේක අස්සට ගිහින් තියෙන්නේ. මං ඒ පැත්තෙන් බැලුවා, ඒ පැත්තෙන් බැලුවාට මට එච්චර ම ඒක වදින්නේ නෑ. ඒ පාර අර හැකිළෙන විදිහට බැලුවා, මේක හැකිළීම කියන එක සිද්ධ වෙනවා නේ බෝල කූඩුව. ඒ පැත්තෙන් ද කියන එක. ඉතින් ඒක ගැන රහතන් වහන්සේගෙන් උදව්වක් ඉල්ලුවා මොකද කාරණා ඔතන වැඩියි නේ. කොයි පැත්තෙ ද කියන එක හිතාගන්න අමාරුයි.
ඒ රහතන් වහන්සේට කිව්වා ම අර, මට පෙන්නුවේ අර “ථීනමිද්ධයයි, කුක්කුච්චයයි.” මේක අස්සට රිංගනවා නේ. සැකය ඇති වෙන්න මේ දෙක රිංගනවා, ථීනමිද්ධයයි, කුක්කුච්චයයි කියන එක. එහෙම නම් ඒ ථීනමිද්ධය රිංගන්නේ නැති වෙන්න මං විරිය භාවිතා කරන්න ඕනේ. එහෙම නම් අර ඉස්සෙල්ලා වගේ ම විරිය කියන එක එනවා. දැන් ඉතින් දන්නවා ඉතුරු වෙලා තියෙන්නේ චිත්තය තමයි. චිත්ත ඉද්ධිපාදයෙන් තමයි අරක නැති වෙන්නේ කියන එක එන්නේ. හැබැයි ඒක මම බැලුවට, කාරණා බැලුවට මට තාම ආවේ නෑ ඒකෙ. රහතන් වහන්සේ “ඇතියි” කියලා කිව්වා ඒක පස්සෙ බලමුයි කියලා. ඒ කියන්නේ චිත්ත ඉද්ධිපාදයෙන් කෙරෙන්නා වූ දේ, දැන් මිනිත්තු තිස් පහත් පැනලා නේ වෙලාව. චිත්ත ඉද්ධිපාදයෙන් වෙන දේ කරගන්න වෙලාවක් හම්බවුණේ නෑ. ඒක ටිකක් අමාරුයි කියලා පේනවා. ඒක රහතන් වහන්සේ කීවේ මට “වම් අත පැත්තෙන් වෙන දේ බලන්න ඕනෙයි” කියලා. ඒ කියන්නේ, මේකේ තේරෙනවා දැන් අපි දිට්ඨි අනුසය අපි නිතර ම මේ පැත්තට නේ බලන්නෙ නේ ද? අනෙක් පැත්තටත් මොකක් හරි එකක් තියෙනවා. දිට්ඨි අනුසයේ, ඒ flow එකේ අනෙක් පැත්තටත් මොකක් හරි එකක් තියෙනවා කියන හැඟීමක් ආවා, අර්ථයක්. එතකොට මේක දැන් මේ, වටේට එනවා එක එක විදිහට.
ඕක තමයි මං කරපු භාවනාව.