Date: 22/04/2014 Name: Citta Iddhipada bhavana

ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා, නමස්කාරය වේවා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ මම සිහි කළා. මේ ලෝකයේ සිටින, ජීවමානව වැඩ සිටින පළමු වන, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත, ප්‍රඥාවන්ත බුදුපියාණන්. මෙතනදි මේ ඥානයයි, ප්‍රඥාවයි කියන එකත්, එතන දෙකක් නේ. එතකොට ඒ, ඒකත් මට සිහි වුණා. ඉතින් ඒ බුදුපියාණන් වහන්සේලා තුන් නම ම මෙනෙහි කරලා ශ්‍රේෂ්ඨත්වය අනුව වැන්දා. ආපහු හත් නම දක්වා මේ ඥානවන්ත, ප්‍රඥාවන්ත විදිහට සිහි කරලා වැන්දා. ආපහු දාහතර නමට, සහම්පති බුදුපියා දක්වා සිහි කරලා දාහතර නමට ම ඥානවන්ත, ප්‍රඥාවන්ත කියන එක මෙනෙහි කරලා වැන්දා.

අර ලෝභය නැති කරමි කිව්වහම ඔයා දන්නවා නේ අර කොඩියේ කතාව. කබලිංකාර ආහාරය, චේතනාව, ජාතියේ ඉඳන් මරණය දක්වා එන්නා වූ එක. ඊළඟට ද්වේෂය නැති කරමි කිව්වහම අර දුක්ඛ දුක්ඛතාවයට යන, 7.6 ඉඳන් පටන් අරගෙන යන එක, ඒක සිහි වුණා. ඊළඟට මෝහය නැති කරමි කිව්වහම අර චේතනා, විඤ්ඤාණ, මෝහ කියන කෑල්ල සිහි කළා.

දැන් මේ වෙලාවේ මට අර ඊයේ භාවනාව සිහි වුණා. අර 4 සලකුණක් අපි දැක්කා නේ. ඒ 4 සලකුණ කියන එක මං මෙනෙහි කළා. එතකොට මේකේ මේ සැකය කියන එකේ සම්බන්ධතාවය කියන එකත් එක්ක මං මේක බැලුවා, මෙතන මේ කොටුව අපි දන්නවා, පරාමාසයයි, ඉදංසච්චයයි, භය අගතියයි. නේ ද? මෝහ අගතියේ ඉඳන් එන පාර තියෙනවා. මේක කැපුණහම අපි දන්නවා පල්ලෙහා කෑල්ලට සැකය, උඩ කෑල්ලට සාරම්භය කියලා. එතකොට මේ කොටුව මම ගැඹුරට කල්පනා කරන්න පටන් ගත්තා. ඒ ගැඹුරට මේක කල්පනා කරන්න පටන් ගත්තහම, දැන් මගේ මේ aim එක තියෙන්නේ මේ චිත්ත ඉද්ධිපාදය මගින් මේක වැළකෙන හැටි බලන එකයි මගේ තියෙන්නේ.

එතකොට දැන් මට කල්පනා වෙනවා මේ හත් වෙනි රවුමේ ඉඳන්, හත් වෙනි රවුමට පස්සේ, අටයි අටෙන් පස්සේයි කියන එකේ අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවය දක්වා දුවවන්නේ සැකය මගින්. එතකොට එයා තමයි jack එක ගහන්නේ. එතකොට මේ කොටුව හොඳට කල්පනා කළා ම මට පෙනුණා ඒක නිසා මේ වම් අත පැත්තෙත් කොටුවක් තියෙනවා කියන එක. ඒ වම් අත පැත්තේ කොටුවේ තියෙන්නේ මොකද්ද, අර වේදනාවයි, භය අගතියයි, පරාමාසයයි, දෝස අගතියයි කැපෙන තැන අපි දන්නවා සෝකය කියලා. එතකොට ඒ සෝකය තියෙන, මේ පැත්තෙන් සෝකය, මේ පැත්තෙන් මේ සැකයත් එක්ක තියෙන මේ සංස්කාර කතාව පේනවා. සංස්කාර තමයි මෙතන joint එක තියෙන්නේ.

MM_22_04_2014.jpg

එතකොට දැන් මෙතන මේ වෙනකොට මේ සංස්කාරවලට මානය වෙලා ඉවරයි නේ. දැන් හත කරකවලා තියෙන්නේ, නේ ද? එතකොට සංස්කාරවලට මාන වෙලා, මේ අට කියන්නේ ඉතින් අහංකාරය කියන එක තියෙනවා ඔයාගේ. අහංකාරය කියන එක ඇති වෙලා. මේ පැත්ත අහංකාරය නේ වෙන්නේ. සංස්කාරවලට මාන වුණා නම් අහංකාරය.

එතකොට දැන් අපිට පේනවා. මේකෙ මේ පොඩි කොටුව භාවනා කළහම, ඒ කියන්නේ එක පැත්තකින් තියෙනවා සෝකය, අනෙක් පැත්තෙන් අහංකාර වෙච්ච ඒ සංස්කාර කතාව තියෙනවා, සැකය එතනින් පල්ලෙහා තියන පාර තියෙනවා, භය අගතිය, පරාමාසය. අපිට පේනවා මේ සෝක, පරාමාස, අර අහංකාර වෙච්ච තැන, ඊළඟට භය අගතිය, සංස්කාරවල. මේක මං දික් කළොත් මොකද වෙන්නේ? මේ සෝකය කියන එක, දැන් අපි දන්නවා මේක මේ දිට්ඨි අනුසය කතාවක් නේ මෙතන තියෙන්නේ. මේ පාර දික් කරෝතින් යන්නේ සඤ්ඤාවට. ඊළඟට මේ සෝකයේ ඉඳන් පරාමාසයට තියෙන එක දික් කළොතින් අපි යන්නේ විඤ්ඤාණයට. දැන් එහෙම නම්, මට අර කල්පනා වුණා ම දකුණු පැත්ත, මට ඒ වෙලාවේ හිතුණා දකුණු පැත්ත අහංකාරය නම් වම් පැත්ත මමංකාරය කියන එක ආවා. එතකොට මේක ගෙනාවා ම මට “සාධු” කියලා කියනවා ඇහුණා.

දැන් වම් පැත්තේ කෙළවර සෝක, අපි කලින් දැනගෙන හිටියා නේ. දැන් අපිට පේනවා මේක දෙපැත්ත දික් කළොත් සඤ්ඤා සහ විඤ්ඤාණවලට යනවා. එහෙනම් සෝක කරන සඤ්ඤාව කියන එක මට මතක් වුණා. සීල සූත්‍රයේ එහෙම කිව්වේ. සෝක කරන සඤ්ඤාව. අනෙක් පැත්තෙන් හඬා වැලපෙන විඤ්ඤාණය. පරිදේවය, මට ඒ වෙලාවෙදි ඇහුණා “සෝක පරිද්දවානං” කියන වචනය මට ඇහුණා.

ඇහුණා ම තමයි මට මේක කල්පනා වුණේ මේකෙන්, මේක ගිහිල්ලා මේක සෝක කරන සඤ්ඤාව වෙනවා, අරක හඬා වැලපෙන විඤ්ඤාණය වෙනවා කියලා. දැන් එතකොට ඕක අපි ආපහු ඇන්දොතින් ඔයාට පේනවා මේ මුළු picture එක. ඒ කියන්නේ දැන් උඩින් සඤ්ඤාව, පල්ලෙහායින් සෝකය, දකුණු අත පැත්තෙන් විඤ්ඤාණය, පල්ලෙහායින් පැත්තෙන් අපි ගත්තහම පරිදේවය කියන එක තියෙනවා. එතකොට පරාමාසයට යටින් භය අගතිය කියන එක තියෙනවා. එතකොට දැන් අර සංස්කාරවලට අහංකාරය, චිත්ත ඉද්ධිපාදය මගින් සෝක පරිදේවය ඉක්මවීම තමයි කරන්නේ. ඒකට තමයි අර චිත්ත ඉද්ධිපාදය කියන එක භාවිතා කරන්නේ. සෝක පරිද්දවානං, ඉක්මවීම කියන එක.

අපි දැනගෙන හිටියේ නෑ හරියට ම මොකක් ද මේ චිත්ත ඉද්ධිපාදයෙන් කරන්නේ කියන එක. අපි දැනගෙන හිටියා හතුරෝ දෙන්නා කියන එක. දැන් අපි දන්නවා ව්‍යාධිය තියෙනවා නම් ව්‍යාධිය ළඟ සෝකය තියෙන්නෙ. ව්‍යාධියයි සෝකයයි අපි දන්නවා නේ ඒක. එතකොට ව්‍යාධිය හතුරෙක් කියලා දන්නවා. මේ පැත්තෙන් ද්වේෂය හතුරෙක් කියන එක දන්නවා, නේ ද? ඒ වුණාට අපි දැනගෙන හිටියෙ නෑ හරියට ම චිත්ත ඉද්ධිපාදය මගින්, සෝක පරිදේවය ඉක්මවීම තමයි කරන්නේ කියලා අපි දැනගෙන හිටියේ නෑ.

ඒක තමයි භාවනාව. සාධු පියවරුනි.