Date: 23/04/2014 Name: Anaasava vimutti

ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ වැඩ සිටින පළවෙනි, ඥානවන්ත, ප්‍රඥාවන්ත, ශ්‍රේෂ්ඨ ම බුදුපියාණන් වහන්සේ කියලා. මේ විදිහට අනුපිළිවෙළින් ඒ තුන් නම ම මම සිහි කරලා වැන්දා, ඒ ධම්මාධිපති බුදුපියාණන් වහන්සේ දක්වා. ඊට පස්සේ හත් නම ම සිහි කරලා වැන්දා. ඊට පස්සේ අනුපිළිවෙළින් සහම්පති මහා බ්‍රහ්ම බුදුපියාණන් දක්වා සිහි කරලා දාහතර නමට ම වැන්දා.

ලෝභය නැති කරමි කියලා කිව්වා ම මට එකපාරට ම ආවා, මේ මේකේ මේ ස්පර්ශ කරමින් අපි මේ ඔක්කෝම දේවල් පවත්වන්නේ. එතකොට මේවා මේ ස්පර්ශ කරමින් පවත්වන මේ දේවල්වලට තිබෙන්නා වූ තණ්හාව අයින් කරන්න පුළුවන් කියලා. මේක මට තදින් ආපු ගමන්, ඒ කියන්නේ මෙතෙන්දි ආවා අර picture එක, කබලිංකාර ආහාරය, අපි දන්නවා නේ අර ජාතියේ ඉඳන් චේතනාවට යන picture එකේ දැන් ස්පර්ශය ඉන්නවා මැද්දේ. ඒ ස්පර්ශය සඤ්ඤා, චේතනා, විඤ්ඤාණ යනකන් තියෙනවා මෙතන bridge එක හදනවා කියන එක එනවා. එතකොට මේ ඒ bridge එක, ඒ වෙලාවෙම ඒකත් එක්ක ම ප්‍රීතිය ඇති වුණා, විරිය කියන එක ඇති වුණා, රහතන් වහන්සේ කිව්වා “ඒ පැත්තට නොයා යුතුයි” කියලා.

ද්වේෂය නැති කරමි කිව්වහම අර ස්පර්ශ වීමෙන් දුක්ඛ දුක්ඛතාවයට යන එක සිහි වෙනවා නේ. ඒ එක්ක ම මට මතක් වුණා අර මීයාගෙයි පූසාගෙයි කතාව. අර මුසාවාද අවස්ථාවේ දී අපි කියන්නේ එකපාරට ම අරූ දුවගෙන යනවා කියලා බටයක් ඇතුළට මීයා ගිය ගමන් පූසත් දඩස් ගාලා යනවා නේ හිතන්නේ නැතුව, දුක්ඛයට යනවා කියන එක. එතකොට මෙතෙන්දි ඔය රවුම 8න් පස්සේ ඔය කතාව නේ අපිට දිගින් දිගට ම වෙන්නේ.

ඒ කියන්නේ අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට එනවා. අර planned thoughts හින්දා වේදනාවට යනවා කියන්නේ ඒක තමයි ස්පර්ශය. ඒ ස්පර්ශය මම සිහි කළා. එතකොට මේක මේ විදිහට සිද්ධ වෙන්නේ මේ පෙර පුරුද්ද හින්දා. පෙර සංස්කාර මගින් වූ පරියුට්ඨානය නිසා. සිත මැඩගෙන ඉඳීම. එතකොට පරියුට්ඨාන ප්‍රඥප්තියෙන් තමයි ඔය චේතනාව කියන එක සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට, මේ නිසා එකවර ම චේතනා කිරීම කියන එක. මේක වෙච්ච ගමන් ඔයා 8.1 එකට යනවා. අර ධම්මමච්ඡරිය කියන එක, ඒක තමා එකපාරට ම චේතනා අගයන් දෙන්න ගන්නවා නේ. එතකොට එකපාරට ම මේක සිද්ධ වෙනවා කියන එක ගත්තා.

එතකොට දැන් ඒ රවුම 8, step 1 එක දැක්කට පස්සේ, දැන් මෙහෙම සංස්කාර නිසා වන සඤ්ඤාව, සෝක කරනවා නේ ද? කියලා මට ආවා, මේ විදිහට හදන්නා වූ සංස්කාර. පටිඝානුසය මගින් සඤ්ඤාව කියන එක ඉස්සීම කියන එක කරනවා. ඉතින් මේ වෙනකොට, ඒ අකනිට්ඨාව අල්ලගෙන තමයි මං මේ හරියේ ඒ භාවනාව කළේ.

දැන් මට පේනවා මේ පෙර සංස්කාරවල අගය සඤ්ඤාව තුළ නෑ. බොහෝ ම ගැඹුරට පේනවා. පෙර සංස්කාරවල අගය සඤ්ඤාව තුළ නෑ. කවුරු හරි කෙනෙක් දිහා බැලුව ද, මේක මනුස්සයෙකුට ලැබෙන්නේ නෑ. කුමක් හින්ද ද? මේ ජරාවට පත් වෙලා, වයසට ගිහිල්ලා ඇති නිසා කියලා. එතකොට ageing එක කියන එක මේක හරියට ම bell shaped curve එකක් වගේ කියලා මට වැටහීමට ආවා. මේකේ තියෙන්නේ මොකද්ද?

ඒ bell shaped curve එකක්, normal curve එක ඇන්දොතින් එහෙම දකුණු අත පැත්තේ ඕගොල්ලන්ට පේනවා අර මැද්දේ තියෙන line එකෙන් එහා පැත්තේ ජරාවට යෑමෙන් පස්සේ ඇති වුණා වූ සංස්කාරවල අගය. වම් අත පැත්තේ තියෙන්නේ ජරාවට යෑමට පෙර අගය දීම සංස්කාරවලට කියන එක.

එතකොට පෙර සංස්කාරවලට අපි මාන වුණා. පෙර සඤ්ඤා නිසා සංස්කාරවලට මාන වුණා. පෙර සඤ්ඤා නිසා, මගේ taste buds හොඳ අවස්ථාවේ. මෙම සංස්කාරවලට මාන අගය දැන් සඤ්ඤාවල නෑ. සංස්කාරවල තියෙන අගය නෑ. මේක නිසා සෝක කරනවා. මෙහෙම සෝක කරන සඤ්ඤා, දැන් සඤ්ඤාව සෝක කරනවා,

ඊයේ භාවනාව නේ. එතකොට මේක සෝක කරන සඤ්ඤාව කියන එක ආවහම, සඤ්ඤාවලින් හදන විඤ්ඤාණයේ තියෙන්නේ පරිදේවය. දැන් හදන හදන bridge එක කැඩෙනවා. කැඩෙන්න කැඩෙන්න මොකද වෙන්නේ, මේ මනුස්සයාගේ පරිදේවය කියන එක, ඒක ඇති වෙනවා.

ඉතින් මේක තමයි ඒ භාවනාව.