Date: 24/04/2014 Name: සතර පාරිසුද්ධිපධානියඞ්ග

ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා, නමස්කාර වේවා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ සිටින්නා වූ පළවෙනි, ශ්‍රේෂ්ඨතම, ඥානවන්ත වූ, ප්‍රඥාවන්ත වූ, බුදුපියාණන් වහන්සේ වශයෙන් සිහි කළා. ඊළඟට ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ එසේ වූ දෙවන බුදුපියාණන් වහන්සේ, ධම්මාධිපති බුදුපියාණන් වහන්සේ ඒ ඥානවන්ත, ප්‍රඥාවන්ත, තුන් වෙනි බුදුපියාණන් වහන්සේයි මෙනෙහි කරලා වැන්දා. ඊට පස්සේ ආපහු මේ විදිහට හත් නම ම සිහි කරලා වැන්දා. ඊට පස්සේ සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා දාහතර නම ම සිහි කරලා ඔය විදිහට වැන්දා.

වැඳලා, මම ලෝභය නැති කරමි කියන එක මම කල්පනා කළා. ඒ ලෝභය නැති කරමි කියන එක කල්පනා කරලා, ඒ වෙනකොට අර ඊයේ භාවනාවක ටිකක් දුර ගියා. එතන මම කල්පනා කළා මේ, ඔය දැන් input එක වෙනවා නේ. පළවෙනි පාරෙදි input එක අපි දන්නවා අර සුභයි කියලා ඇතුල් වෙන එක. එතකොට අර පෙර වූ සංස්කාරයන් අනුව තමයි එකපාරට ම ගන්නෙ කියන එක තියෙන්නේ. එතකොට ඔතනදි දෙවනි පාරටත් ඔය රූපය ම input එක වෙනවා. ඒ තුන් වෙනි පාරටත් හතර වෙනි පාරටත් එනකොට ඒ, ඒ රූපය ම යනවා විදිහට තමයි පේන්නෙ. ඒ නමුත් අර ග්‍රන්ථ line එකේ තියෙන දේවල් තියෙනවා නේ.

ඒ ග්‍රන්ථ line එකේ තියෙන එක අර ඉදංසච්චයට ඇදෙනවා කියන අර්ථය ගන්න ඕනෙ. ඒ කියන්නේ රූප අගයන් වේදනා අගයන් කියන ඒවා තියෙනවා. චේතනාවෙන් දීලා තියෙනවා නේ වේදනා අගය. එතකොට රූපයට මුලින් අගයක් දුන්නා. වේදනාවට අගයක් දුන්නා. ඉතින් මේක නිසා ඒ ඇති වෙන්නා වූ දේවල් තියෙනවා. ඒක ඇතුළට ඇදෙනවා කියන එක තියෙනවා. එතකොට රූපය ම පමණක් නෙවෙයි. රූපය තමයි significant, රූපය ම පමණක් නෙවෙයි, මේක තියෙනවා. දැන් අපි දන්නවා 4.4 වෙනකොට අර begging the feeling කියනකොට අර, අර රූපය නිසා මට මේ වේදනාව දෙන්නෙයි කියලා ඉල්ලීමක් කරන්නේ. එතකොට මේවා ඇදෙනවා කියන එක තියෙනවා.

ඊට පස්සේ පස් වෙනි රවුම වෙනකොට මං බැලුවා මොකද්ද මේකේ මේ වෙන්නේ කියන එක. දැන් කොහොම ද වෙන්නේ කියන එක. රහතන් වහන්සේ මට කිව්වා එතෙන්දි “චේතනාව අගය තමයි එතන මේවා වෙන්නේ කියලා. චේතනාව අගය ඒක තමයි significant වෙන්නේ.” ඉතින් හරි නේ අර අත්තා කියලා පල්ලෙහාට ගන්නේ. අර ඉස්සෙල්ලා ගත්ත රූප අගය, වේදනා අගය නිසා ඇති වෙන්නා වූ යම්කිසි චේතනාවක් තියෙනවා ද, ඒ චේතනා අගය තමයි significant වෙලා තියෙන්නේ. එතකොට අත්තා කියලා පල්ලෙහාට යනවා කියන අර්ථය, එතකොට අපිට පේනවා ඒ චේතනා අගය තමයි අර ඉදංසච්චයට ඇදුණා කියන එක තියෙන්නේ.

ඊට පස්සේ, ඊට පස්සේ හය වෙනි කාරණය වෙනකොට, 6යි 7යි වෙනකොට අපිට පේනවා අර අනුසය තියෙනවා නේ. දිට්ඨි අනුසයෙන් වෙන්නේ. දැන් 6 දි අපි දන්නවා 6.6 වෙනකොට ඒ දිට්ඨි අනුසය කතාව තියෙනවා. එතකොට 6යි 7යි එනකොට ඒ දිට්ඨි අනුසය පාරෙන් තමයි වේදනාවට ඇවිල්ලා වෙන්නා වූ දේ, ඒ දේ සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අපි දන්නවා ඒ හතෙන් පස්සේ අර අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවයට ඇවිල්ලා සංකප්පයන්, planned thoughts ඇතුල් වෙනවා කියන එක තියෙනවා නේ. මේ විදිහට තමයි මේකේ වෙන්නේ කියන එක ආවා.

මේ ටික ආවාට පස්සේ දැන් මට කල්පනා වෙනවා දැන් මේ දකුණු අත පැත්තේ ඉඳන් අර වම් පැත්තට එන්නා වූ අර අහං මමං ඒ පොඩි පල්ලෙහා triangle එක. ඒ කියන්නේ පරාමාසකායගන්ථය, මෙහා පැත්තෙන් ගත්තහම අර සංස්කාර කියන තැන සැකයට පොඩ්ඩක් තියෙන තැන මෙහා පැත්තෙන්. ඊට පස්සේ භයේ අගතිය කියන එක තියෙනවා. ඊළඟට මේ පැත්තෙන් අර සෝකය. ඔන්න ඔය triangle එක මම ගත්තා. ඉතින් මෙතෙන්දි අර සඤ්ඤාව, මේ සෝක කරන සඤ්ඤාවයි කියන ඒ කතාව මට ආවා. විඤ්ඤාණයේ පරිදේවය කියන එක තියෙනවා කියන එක.

එතකොට මේ කෑල්ල ආවාට පස්සේ ඒ triangle එක, ඒ කියන්නේ ඊයේ භාවනාවත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ, ඊට පස්සේ මට තේරෙනවා දැන් මේක නිසා අර ඇති වෙනවා triangle එකක්. ඒ triangle එකේ තියෙන්නේ මොකද්ද, පරාමාසය මැද්දේ, උඩ තියෙන්නේ චේතනාව, යට භයේ අගතිය. දෙපැත්තෙන් තියෙනවා ඉදංසච්චයයි මේ පැත්තෙන් මේ වේදනාවයි. ඒ triangle එක අපි දැකලා තියෙනවා නේ කලින්. එතකොට මේ triangle එකේ 4 කොන ගත්තහම දැන් මට තේරෙනවා මේකේ තමයි අර සැඟවිලා තියෙන්නේ කියන එක. ඒක මට ආවා මේකේ “අපේ රහස් ඇත සැඟවීලා” කියලා කියන්නේ. අන්න ඒ කතාව මට නිකන් සිහිය මේකට ආවා. එතකොට මේකේ, මේකට සඳහා තමයි බුදුහාමුදුරුවෝ අර ප්‍රධාන හතර, අපි ඊයේ කතා කළේ. ඒ කියන්නේ සීලපාරිසුද්ධිපධානියඞ්ග කියන එක. එතකොට සීලපාරිසුද්ධිපධානියඞ්ග කියන එකෙන් මොකද්ද නැති වෙන්නේ, අර භයේ අගතියට එන්නා වූ පාර. භයේ අගතියට මේ, ඒ කියන්නේ triangle එකේ ඒ පැත්ත තමයි significant වෙන්නේ. ඒ කියන්නේ අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට එන්නා වූ පාර නවත්තනවා, ඒ පාර කියන්නේ මොකද්ද, ඉදංසච්චයේ ඉඳන් භයේ අගතියට එන්නා වූ කෑල්ල.

ඊළඟට චිත්තපාරිසුද්ධිපධානියඞ්ග කියලා කිව්වහම අර ධම්මමච්ඡරිය නිසා ඇති වෙන පාර තියෙනවා නේ. ධම්මමච්ඡරිය, ඒ කියන්නේ ඒ ලකුණු කරලා තියෙන line එක. අන්න එතනින් වෙන කෑල්ල තමයි ඒ චිත්තපාරිසුද්ධිපධානියඞ්ග මේක කියන එක.

ඊළඟට දිට්ඨිපාරිසුද්ධිපධානියඞ්ගය කියන එක තමයි චේතනාවේ ඉඳන් ඉදංසච්චයට යන්නා වූ ඒ කෑල්ල නැති කරගන්නවා කියන එක.

ඊළඟට හතර වෙනි කාරණයට එනවා අර මේ විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ග කියන එක, ඒක තමයි පෙන්නන්නේ අර භයේ අගතියේ ඉඳන් අර අනුසය පාර. ඒ කෑල්ලයි මේක නැති කරන්නේ කියන එක.

ඉතින් මට මේක කල්පනා වුණහම මේ, “තෙන භගවා.” ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ, නිකන් මට ආවා බුදුහාමුදුරුවෝ කොච්චර clever ද කියලා. මේක මේ හතර මේ නැති කරගන්න මේක මෙහෙම කියනවා කියන එක. මේක මේ great කියලා ඉතින් ඒක, ඒක ආවා.

ඒක තමයි භාවනාව.