ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා, නමස්කාර වේවා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ සිහි කළා ඒ උත්තරීතර, ප්‍රඥාවන්ත, ඥානවන්ත වූ ප්‍රඥාවන්ත වූ ඒ බුදුපියාණන් වහන්සේ කියලා, ඒකේ පරිපූර්ණත්වයට පත් වෙලා තියෙනවා කියන එක. ඒ කියලා වැඳලා ආපහු තුන් නම ම සිහි කරලා වැන්දා. ඔය විදිහට අනුපිළිවෙළින් හත් නම ම සිහි කරලා වැන්දා. ඊට පස්සේ සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා දාහතර නම ම සිහි කරලා වැන්දා.
වැඳලා, මම අර බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනකොට, මම ලෝභය නැති කරමි කියනකොට මට අර කලිසම, කොඩිය පේනවා නේ. ඒ කබලිංකාර ආහාරයේ ඉඳන් චේතනාවටයි, පල්ලෙහායින් ජාතියේ ඉඳන් මරණය දක්වා ම සම්බන්ධ කළා ම එන එක. ඒ දැකලා මම කල්පනා කළා, දැන් අර ඒ ඊයේ භාවනාවත් එක්ක අර හතරැස් diamond එක තියෙනවා නේ. ඒකත් කල්පනා වුණා.
ඊළඟට මං කල්පනා කළා, මේක මේ මොන මූලයෙන් ද මේ හතර, මූල හතර බැලුවා. ලෝභ මූලයෙන් තමයි ඔය diamond එකේ වම් අත පැත්තේ කෑල්ල. ඊළඟට මේ අමෝහ මූලයෙන් තමයි ඒ diamond එකේ උඩ, දකුණු අත පැත්ත තියෙන්නෙ, උඩ දකුණු අත පැත්ත කෑල්ල කියන එක බැලුවා අර දිට්ඨි, ඒ කියන්නේ මනොසඤ්චෙතනාවේ ඉඳන් මෙතෙන්ට යනවා නේ මේ ඉදංසච්චයට, අන්න ඒ කෑල්ල අමෝහ මූලයෙන් තමයි ඒක නැති වෙන්නේ කියලා. එතකොට, ඒ කියන්නේ පාරිසුද්ධි හතර. පාරිසුද්ධි හතරේ මූල හතර බලනවා මම.
එතකොට ඊළඟට එනවා, අදෝස මූලය කියන එක තමයි මට මුලින් ම කල්පනා වුණේ ඔය සීල කොටසෙන් වෙන්නා වූ, සීලපාරිසුද්ධිපධානියඞ්ගය කියන එක, එතන තියෙනවා නේ මේ ඉදංසච්චයේ ඉඳන් භයේ අගතියට යනවා කියන එක, ඒ කෑල්ල.
ඉතින් ඒ පාර දැන් ඊළඟට විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ගය කියන එක ඇති වෙන්නේ, අර දිට්ඨි අනුසය තියෙන කෑල්ල කැපිලා යන්නේ, එතන මට එනවා, මේක නැති වෙන්න නම් සම්පූර්ණයෙන් ම ඔය අලෝභ, අදෝස, අමෝහ තුන් මූලය ම ඕනෙ කියලා. එහෙම වෙලා, දැන් ඉතින් එහෙම නම් දැන් මං බලනවා අර මුලින් ම අලෝභ වෙමි කියලා කිව්වහම එතෙන්දි එහෙම නම් මේ මනුස්සයෙක් මේ රූපය කියන එක ඉක්මවලා විවිච්චෙව කාමේහි, විවිච්ච අකුසලෙහි ධම්මෙහි කියලා අර ප්රථමධ්යානං උපසම්පජ්ජ විහරති කියන එක මම සිහි කළා ම ඔන්න ප්‍රථමධ්‍යානය වුණා. ඊළඟට මම දුතියධ්‍යානය සිහි කළා ම දුතියධ්‍යානය වුණා. තුන් වෙනි ධ්‍යානය කියන එක සිහි කළා ම තුන් වෙනි ධ්‍යානය වුණා. ඒ වගේ ම හතර වෙනි ධ්‍යානයට නිකන් ම ගියා. ඒ කියන්නේ අරක සිහි කරනකොට ම මේක ගියා.
ඒ හතරට ගියාට පස්සේ මම කල්පනා කළා දැන් ඉතින් දැන් මේ අපිට තිබෙන්නා වූ, දැන් ඔය පාරිසුද්ධිය නේ බැලුවේ මෙතන. මෙතන්දි චිත්ත පාරිසුද්ධිය කියන එක මේ විදිහට ඇති වෙනවා අර රූපය කියන එකෙන් මං ඉවත් වීම කියන එක.
දැන් ඊළඟට මට පේනවා හරියට මේ credit card එකක්, දැන් යන්න යන්න දිට්ඨි පාරිසුද්ධිය කියන එක, මගේ කියලා ගන්නෙ නැතෙයි කියන එකයි ඕක ගැන මෙනෙහි කරනකොට මට පේනවා අර credit card එකක් swipe කරන්නේ, මේ සල්ලි ගෙවන්න. අන්න ඒ වගේ මේක මේ අර රූපය කියන එක තමන් දැන්, අනුන්ගෙ නේ. ඒ අනුන්ගේ රූපයක්. අනත්ත වූ දෙයක් මේ credit ගත්තා වගේ. අර තථාගතයන් වහන්සේ 6ට 6, හය වෙනි කාරණයේ හය වෙනකොට පෙන්නන්නේ පෝතලිය සූත්‍රයේ නින්දාරොසය කියනකොට, කාමයෝ කියන ඒවා අනුන්ගෙන් ඉල්ලා ගත්තා වූ දෙයක් කියන එක නේ. දැන් අර රූපය මම ඉක්මෙව්වා, රූපය මගේ කියලා ගන්නේ නෑ, ඒක ඇවිල්ලා ඒ වෙනම අනුන්ගේ දෙයක්, ඉල්ලා ගත්තා වගේ දෙයක්. මං මේක ගන්න ගන්න, ස්පර්ශ කරන්න කරන්න මම ජරාවට පත් වෙනවා කියන එක විතරයි මට සිද්ධ වෙන්නේ. මේක මම දන්නවා. මං මේකෙන් දැනගෙන, ඒ කියන්නේ අර කිව්වේ අර නින්දාරොසයට පත් වෙනවා කියන එක නේ. එතකොට මේකෙන් තමන් අයින් වෙනවා කියන එක.
දැන් මෙතන මේ 6.6 කතාවයි, එතන ඉඳන් ඇති වන, ඒ කියන්නේ හය වෙනි රවුමයි හත් වෙනි රවුමයි කෑල්ල තියෙනවා නේ. ඒ දිට්ඨි අනුසයෙන් ඇති වෙන්නා වූ එතන කෑල්ල දැන් හොඳට පැහැදිලිව පේනවා මේක මගේ කියලා ගන්නෙ නැතුව කරනවා කියන එක. එතකොට ඒ දෙක සම්බන්ධයි කියලා දැන් එතනින් පේනවා. ඒ දෙක ඒ සම්බන්ධයි කියලා ඒක හොඳට ඉතින්, පළවෙනි පාරත් අර ප්‍රථමධ්‍යාන, දුතියධ්‍යාන, තෘතියධ්‍යාන එකට ගියායින් පස්සේ මෙතන මේ චිත්ත පාරිසුද්ධියත් එක්ක ඇති වන එක කල්පනා කළා ම ඉතින් “Excellent” කියලා රහතන් වහන්සේලා කිව්වා.
ආපහු මෙතෙන්දිත් “Excellent” කියලා කිව්වා මෙතන මේ මෝහයත් එක්ක මේක අයින් කරනවා කියන එක නේ මගේ කියලා ගන්නැතිව. ඉතින් මේක නිකන් නෙමෙයි මේ කතා කරන්නේ අපි ඇවිල්ලා, අට වෙනි රවුමෙන් ඉඳන් යන්නා වූ එක තමයි අර චිත්තයේ පාරිසුද්ධියත් එක්ක ගත්තහම එන්නේ. ධම්මමච්ඡරියත් එක්ක යන්නා වූ කොටස නේ මේ, රවුම අටෙන් පස්සේ එන දේ මං මේ කරන්නේ නැහැයි කියන එකයි. ඊළඟට මෙතෙන්දි ගත්තහම ඔය රවුම මේ 6, 7 කියන එක නේ මේ වෙලාවෙදි මේ එන්නේ මේ දිට්ඨි අනුසය හින්දා මේ අනුන්ගේ දෙයක් මගේ කියලා අරගෙන තමයි මේ මං මේ කරන්නේ. එතකොට මේක කරන්න බැහැයි කියලා ගත්තහම එතන බොහොම හොඳයි. ඒ කියන්නේ 40%ක් වෙන්නා වූ දේ කැපිලා යනවා. දැන් ඇවිල්ලා 50%ක් වෙන්නා වූ දේත් කැපිලා යනවා.
දැන් ඊළඟට, දැන් ඔතන අභ්‍යන්තර ආයතන කතාවත් එනවා. අභ්‍යන්තර ආයතනයෙන් වෙන්නා වූ දේ, ඒ එහෙම වෙනවයි කියන එක. දැන් ඉතින් මට කල්පනා වුණා ඉතින් ඔය 10%ක් කියලා ඔය බාහිර ආයතනයන්ගෙන් කතාව තමයි මෙතන තියෙන්නේ කියලා. දැන් මෙතන මේ කෑලි දෙක බැලුවට පස්සේ දැන් මං කල්පනා කළා අර triangle එක. පොඩි triangle එක අහං සහ මමං ඉන්න triangle එක දන්නවා නේ. ඒක ගැන මම මෙනෙහි කළා.
ඒක මෙනෙහි කළා ම මට පේනවා දැන් මේ පැත්තෙන් මේ සංස්කාර කියන එක තියෙනවා, මේ පැත්තෙන් තියෙනවා අර සෝකය කියන එක. ඕක නේ ඇතුව නේ ඇති වෙන්නේ. දැන් එතකොට මේ සංස්කාර පැත්තෙන් මම මොකද්ද කරන්නේ, සංස්කාරයෙන් අර දැන් සඤ්ඤාවට යනවා කිව්වේ, නැවත නැවතත් සඤ්ඤාවන් මම හදනවා. එතකොට මේක හැදුවායින් පස්සෙ මොකද වෙන්නේ, මම, දැන් මේ පැත්තෙන් සෝකය පැත්තෙන් මොකද කරන්නේ, නැවත නැවතත් විඤ්ඤාණය මෙහෙම කරලා පිහිටවනවා. එතකොට දැන් මට පේනවා මෙන්න මේ පල්ලෙහා තියෙන එක තමයි basis එක. මේක උඩ තමයි අනිත් ඒවා ටික ඇති වෙන්නේ කියන එක. ඒ කියන්නේ මගේ මේ සංස්කාරය මෙතන මේ සෝක කරනවා කියන එකයි. ඕක තමයි තියෙන්නේ. මේක උඩ තමයි අර උඩට මේවා එක හැදෙන්නේ කියන එක.
ඉතින් ඒක “Excellent” කියලා කිව්වා ඉතින් ඒක, ඒක ඒ විදිහට දකිනකොට. මේක නැත්තන් මේක නෑ. උඩ එක මම ගැලෙව්වෝතින් යට එක නෑ, යට එක ගැලෙව්වෝතින් උඩ එක නෑයි කියන එක. ඉතින් ඒක ඇති වෙලා එතනින් ඉතින්, ඔළුව එහෙම හරි, නළලේ මං දැක්කා හොඳට එලිය සහිතව මේක තියෙනවා. ඉතින් රහතන් වහන්සේ කිව්වා විමුක්ති හත ම ඇති වුණා ය කියලා. ඒ විමුක්ති හතයි කියලා කිව්වහම ඉතින් පාරිශුද්ධ හත තියෙනවා නේ. ඒ සප්ත විශුද්ධියෙන් ඇති වෙන්නා වූ විමුක්තීන් හතක් කියන එක, ඒක තියෙනවා කියන එක.
ඒක තමයි භාවනාව.