ඒ උතුම් බුදුපියවරු මම සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ඒ ලෝකයේ සිටින්නා වූ ප්‍රඥාවන්ත වූ, ඥානවන්ත වූ, පළමු වන, ශ්‍රේෂ්ඨතම බුදුපියාණන් වහන්සේ වශයෙන්. ඒ ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ ඒ දෙවනි ප්‍රඥාවන්ත වූ, ශ්‍රේෂ්ඨ වූ උතුම් බුදුපියාණන් වහන්සේ, ඔය විදිහට ඒ තුන් නම ම සිහි කරලා වැන්දා. ඊට පස්සේ ආපහු හත් නම ම සිහි කරලා වැන්දා. ආපහු දාහතර නම ම සිහි කරලා වැන්දා.
වැඳලා මම කෙළින් ම, බුද්ධං සරණං ගච්ඡාමි ලෝභය නැති කරමි කිව්වම කෙළින් ම මං ගත්තා අර චිත්තපාරිසුද්ධිපධානියඞ්ගය යන්නේ විවිච්‌චෙව කාමේහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි කියන එක සවිතක්කං සවිචාරං විවෙකජං ප්‍රීති සුඛං ප්‍රථමධ්‍යානං උපසම්පජ්ජ විහරති කියලා කෙළින් ම ප්‍රථමධ්‍යානයට. එතනින් දෙවනි ධ්‍යානයට ආවා. තුන් වෙනි ධ්‍යානයට ආවා. හතර වෙනි ධ්‍යානයට ආවා. ඒ අතර ඒ ධ්‍යානයට ඇවිල්ලා මේ, දිට්ඨිපාරිසුද්ධිපධානියඞ්ගයෙන් ඇති වෙන්නේ දුකයි කියන එක, දුක්ඛ සමුදයයි, දුක්ඛ නිරෝධයයි, නිරෝධගාමිනී පටිපදාවයි කියලා අරගෙන මේක මගේ නෙවෙයි කියලා ඒක අරගෙන දිට්ඨිපාරිසුද්ධිපධානියඞ්ගයට ආවා. අර චිත්ත පාරිසුද්ධියේ දී අර සීල පාරිසුද්ධිය කියන එක, ඒක තියෙනවායි කියන එක, ඒක ගත්තා. මෙතනින් මේ තුන ගත්තායින් පස්සේ අන්න විමුක්තිපාරිසුද්ධිපධානියඞ්ගය කියන එකට කෙළින් ම ආවා. එතෙන්ට ඇවිල්ලා ඒකෙ දී අර විදිහට ම කල්පනා කළා. මේ අර තුන තියෙන්නට ඕනි, මේක පවතින්න නම්. ඉතින් මේකේ මේ ඔක්කෝම පත්තු වෙලා බොහොම ලස්සනට තියෙනවා.
එතෙන්දි මම කල්පනා කළා මේකේ, විමෝචය වෙන්නා වූ ධර්මයන්ගෙන් ඒ සිත මුදවාගෙන ඉන්නවා කියන එක, ඒ කියන්නේ විමෝචනීය ධර්මය කියලා කිව්වහම අලෝභයයි, අදෝසයයි, අමෝහයයි කියන එක ගත්තා. අර මුලින් අර අලෝභ වෙන, ප්‍රථමධ්‍යාන දුතියධ්‍යාන ගන්නකොට අර එතනින් කෙළින් ම මට එනවා අර රාගයන්ගෙන් අයින් වෙනවා කියන එක, ඒක තමයි එතනින් සිද්ධ වෙන්නේ. මෙතෙන්ට එනකොට මේ අලෝභ, අදෝස, අමෝහ තුන් මූලයෙන් තමයි මෙතන මේ මෝචනීය ධර්මය වෙන්නේ, මං කිව්වහම “සාධු සාධු” කියලා රහතන් වහන්සේ කිව්වා ඒක හරියි කියලා.
ඒක සහිතව මං හිටියා, දැන් මේක බොහෝ ම හොඳට තියෙනවා. මං ඒ වෙලාවේ කල්පනා කළා මේ ඉන්ද්‍රිය බලයන්ගේ ඒකත්වතාවයක් ඇති වෙනවා නම් හොඳයි කියලා. ඒ ඉන්ද්‍රිය බලයන්ගේ ඒකත්වතාවයක් ඇති වෙනවා නම් හොඳයි කියලා හිතලා මේ ඒකත්වතාවය ඇති වෙනවා නම් ඇති වෙන්නේ නිර්වාණයේ දී තමයි කියන එක කල්පනා කළහම කෙළින් ම switch එක off කරා වාගේ ඒකේ ඒකත්වතාවයක්, ඒ විදිහට සමබරතාවයක් ඇති වුණා ඒකෙ මට හොඳට ඒ වෙනස තේරුණා.
ඉතින් එතෙන්දි රහතන් වහන්සේ “සාධු සාධු” කියලා කිව්වා. ඒක පවත්වාගෙන බොහෝ ම හොඳට හිටියා. ඉතින් ඒ හොඳට ඉඳලා මං කල්පනා කළා, මිනිස්සු අනිත් පැත්තට ඉන්නවත් මම දැක්කා, ඒ කියන්නේ මම එළියේ ඉඳලා ඒ වගේ තත්වයනුත් තිබ්බා. ඒ අර විමෝචය, ඒ කියන්නේ අර විමෝචය, ලෝභ, දෝස, මෝහවලින් සිත අයින් කරලා ඉන්නවා කියන එක.
ඉතින් ඊට පස්සේ කල්පනා කළා මේ යම්කිසි දෙයක් මනුස්සයෙකුට කිව්වහම ඒ මනුස්සයට එක පාරක් කියලා ඒක අහන්නේ නැත්තන් කෙළින් ම කරන්න තියෙන්නේ ප්‍රථමධ්‍යානයට සමවදිනවා. එතනින් ප්‍රථමධ්‍යානයට සමවැදිලා එතනින් භාවිතා කරගෙන ඉන්නවා. මේ මනුස්සයාට කියලා ඇති වැඩක් නෑ නේ ඊට වැඩිය. පළවෙනි පාරට කිව්වා. කිව්ව ගමන් ඇහුවේ නෑ. ඇහුවේ නැත්තන්, අපි හිතමු තුන් පාරක් හරි කිව්වා කියලා. ඒක ඊට වඩා කියන්න යන්න ඕන්නෑ, කෙළින් ම තමන්ගේ මේකට සමවැදිලා හිටියහම මොන ප්‍රශ්නයක්වත් නැහැයි කියන එක තමයි ආවේ ඉතින් ඒ රහතන් වහන්සේලා කිව්වා තථාගතයන් වහන්සේලාත් එහෙම කළා ය කියලා.
ඉතින් ඕක තමයි බොහෝ ම හොඳට ඒ විදිහට ඒ භාවනාව සහිතව හිටියා.