Date: 27/04/2014 Name: Giddiloba

උතුම් බුදුපියවරු සිහි කළා. ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ලෝකයේ වැඩ වාසය කරන ඒ උත්තරීතර, ශ්‍රේෂ්ඨතම, පළවෙනි බුදුපියාණන් වහන්සේ වශයෙන්, ඒ ධම්මාධිපතිවිනයාධිපති බුදුපියාණන් වහන්සේ උත්තරීතර, ශ්‍රේෂ්ඨතම දෙවනි බුදුපියාණන් වශයෙන්, ඔය විදිහට දාහතර නම ම සිහි කරලා, ඒ කියන්නේ තුන් නමක් සිහි කරලා වැන්දා, හත් නමක් සිහි කරලා වැන්දා, දාහතර නම ම සිහි කරලා වැන්දා.

වැඳලා මං කල්පනා කරා මේ ලෝභය නැති කරමි කියලා කිව්වහම මට කල්පනා වුණා, මේ රූපය කියන එක ලාභයක් වශයෙන් අරගෙන මේ සියලු දෙනාට ම වෙලා තියෙන දුක්ඛය කියන එක මෙනෙහි කළා. උදාහරණයක් වශයෙන් diabetic. ඒ වගේ දේවල් තියෙනවා කියලා කියන්නේ ඒ රූපය ලාභයක් කියලා අරගෙන නේ මෙහෙම වෙලා තියෙන්නේ. රෝගයන් කියන ඒවා ඇති වෙලා තියෙන්නේ. එතකොට මේ රූපය ලාභ වශයෙන් නොගත යුතු ය කියලා මම ඒක කරනකොට රහතන් වහන්සේ කිව්වා “පරිස්සම් වෙන්න ඕනෙ කියලා.”

ඒ පාර මම ඔය වෙලාවේ දැක්කා එතකොට මේ පළවෙනි රවුම. ඒ කියන්නේ මේ කබලිංකාර ආහාරය, වේදනාව, ගිද්ධිලෝභය කියන රවුම මම හොඳට මෙනෙහි කරගෙන ඉන්නකොට මම දැක්කා මේක නිසා අර දකුණු පැත්තෙ මේ පරාමාසයයි, ඉදංසච්චයයි, මෝහයයි කියන රවුම එනවා, ඒ triangle එක. ඒ triangle එක අපි හිතමු area එක 6යි කියලා ඕක. ඒ පළවෙනි එක area එක 1 area එක නේ. මෙතන area එක 6 කිව්වොතින්, දැන් අපිට පේනවා 1 හින්දා 6 කියන එක ඇති වෙලා තියෙනවා. මේක අර අවිද්‍යාව නිසා වෙන පාර. කාමරාග අනුසය කියන එක ඇති වෙනවා. සඤ්ඤාව සුඛ වීම සමඟ අර උඩ bridge එක හැදෙනවා. විඤ්ඤාණය දක්වා bridge එකත් හැදෙනවා නේ. මෙතනින් සුඛ වුණා ම ඒ bridge එක හැදෙනවා.

මට මේ වෙලාවේ මතක් වුණා මේ ඉද්ධි diagram එක. ඒ ඉද්ධි diagram එකේ අපි දන්නවා අර කාමච්ඡන්දය නිසා දුස්සීලභාවයට යනවා. මේ දුස්සීලභාවය නිසා අර අත්තවාද උපාදානයට ඉඳන් අත්තභාව පටිලාභය දක්වා යන්නා වූ තියෙන්නේ, රූපය ලාභයක් වශයෙන් ගෙන මේකෙ ඇති වෙන වංචාව තමයි මට මතක් වුණේ අර සාඨෙය්‍ය කියන එක අතන තියෙනවා. එතකොට මේක අතහරිනවා නම් ආකිඤ්චඤ්ඤායතනය වෙනවා කියන එක මට සිහි වුණා. ඉතින් ඒක ඒ විදිහට ම ආකිඤ්චඤ්ඤායතනය ඒ මොහොතේ ම ඇති වුණා.

ඊට පස්සේ දැන් මේ උඩ area එක බැලුවට පස්සේ, දැන් උඩ area එකේ තියෙන්නේ මොකද්ද, මේ චේතනාව, විඤ්ඤාණය, පරාමාසය කියන area එක තමයි එතනින් එන්නේ. එතකොට ඒ area එක ඇති වුණහම මට කල්පනා වුණා අර පල්ලෙහා තියෙන මේකේ reflection එක area T එක. උඩ එක area 8 නම්, ඒ කියන්නේ චේතනා, පරාමාස, විඤ්ඤාණ කියන එක area 8 වෙනවා නම්, ඊට පස්සේ area T කියලා මතක ද සම්මා සංකප්ප භාවනා 3 දි මේවා කරලා තිබුණේ. ඒක T එක ප්‍රිය වෙලා තියෙනවා මේ මගේ යැයි කියලා ගත්ත හින්දා තමයි ඒක T එක ප්‍රිය වුණේ. අර area 8 එකේ නේ තියෙන්නේ තමන් මේක අරගෙන තියෙනවා කියන එක.

එතකොට දැන් මේ area T එකේ තියෙන්නේ මේ ව්‍යාධිය සහ සෝකය. මේවා තමයි තියෙන්නේ මේ area T එකේ. ප්‍රිය වෙලා තියෙන්නේ මේක. දැන් එතකොට, දැන් එහෙනම් අපිට සිදු වෙලා තියෙන්නේ රෝගී බව සහ සෝකයන්. මේ නිසා අපි උරුම කරගන්නේ මොකද්ද? මරණය පමණි. මේක නිසා මරණය ම යි කියන එක තමයි ඒ සිද්ධ වෙන්නේ. දැන් එතකොට පේනවා එහෙම නම් ඒ area 9 කියන එක හැදුණා area T එකෙන්. Area 9 කියලා කියන්නේ පරාමාසය, භය අගතිය, අර මේ මෝහ අගතියට යන්නා වූ කොටස. එතකොට දැන් අපිට සිද්ධ වෙලා තියෙන්නේ මහා දුක්ඛයක් කියලා කෙනෙකුට වැටහෙනවා.

ඉතින් මේ භාවනාවේ අතර දී මම ආවා, අර 24 වෙනිදා කරපු භාවනාව වගේ, ඒ කියන්නේ පාරිසුද්ධියන් කියන ඒවා මෙනෙහි කළා. ඒ පාරිසුද්ධිපධානියඞ්ග මෙනෙහි කළා ම මට එතන ආවා මේ, අර area 1 එකයි, මේ area 6 එකයි කියන එක ඒ සීල පාරිසුද්ධිය මගින් නැති වෙනවා කියලා. Area 1 එක නිසා මේ ලාභයි කියලා ගන්න එක නිසා ඇති වෙන්නේ අර ලොකු triangle එක නේ. කබලිංකාර ආහාරය, ජාතිය, චේතනාව දක්වා තියෙන ඒ මුළු එක තමයි area 1 එක නිසා ඇති වෙන්නේ. එතකොට ඒක චිත්තපාරිසුද්ධියෙන් යනවා.

ඊළඟට area 6 එක කියන එක සීල පාරිසුද්ධිය මගින් නැති වෙනවා. අර දුස්සීලභාවය කියන එක ඇති වෙන්නා වූ දේ කියන එක.

ඊළඟට area 8 එක කියන එක අර උඩින් තියන එක අර දිට්ඨි පාරිසුද්ධිය කියනකොට මගෙයි කියලා ගන්නේ නෑ නෙ. ඒක නිසා ඒ කෑල්ල යනවා.

එතකොට විමුක්ති පාරිසුද්ධිය නිසා ඒ පල්ලෙහා තියෙන්නා වූ area T එක කියන එක තියෙනවා නේ. ඒ area T කියන එක නැති වෙනවා අර උඩ ඉඳන් මගේ කියලා අරගෙන තමයි area T ප්‍රිය වෙලා තියෙන්නේ. දැන් ඒක නැති වෙලා යනවා. දැන් මේ තුන ම භාවිතා කරනවා නේ. ඒක නිසා මේක වෙනවා කියලා කරා. ඉතින් මේ භාවනාවේ නම තමයි ගිද්ධිලෝභය.

ඒක තමයි භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_Iddhi/S_Iddhi-08.jpg