Date: 29/04/2014 Name: උපෙක්ඛා අප්පමාණ

ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා, නමස්කාර වේවා. ඒ බුදුපියවරු සිහි කළා ඒ මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ඉඳන් සහම්පති මහා බ්‍රහ්ම බුදුපියාණන් වහන්සේ දක්වා සිහි කරලා වැන්දා උදේ ම.

ඊට පස්සේ මම බුද්ධං සරණං ගච්ඡාමි කිව්වහම, ලෝභය නැති කරමි කියන එක බැලුවා අර කොඩිය කියන එක. ඒ කොඩිය කියන එක කබලිංකාර ආහාරය, අර පැත්තෙන් මනොසඤ්‌චෙතනාව, මෙහා පැත්තෙන් ජාතිය, ඊළඟට මරණය දක්වා.

එහෙම බලලා මං සිහි කළා ඔය මරණය කියන එක. දැන් ඔය මරණය කියන එක අපි දන්නවා ඉතින් ජරාවට පත්වෙනවා නම්, ව්‍යාධිය තියෙනවා නම් මරණය කියන එක සිද්ධ වෙනවා. ව්‍යාධිය තියෙනවා නම් මරණය ඇති වෙනවා කියන එක ඉතින් මරණය විවිධාකාරයෙන් ඇති වෙන්න පුළුවන්.

දැන් අපි හිතනවා සාමාන්‍යයෙන් අපි හිතමු මේ, අපි හිතමු blood glucose වැඩියි කියලා. එතකොට ඒ මනුස්සයා හිතනවා නේ මැරෙන්න පුළුවන් කියලා. එතකොට blood glucose අඩු නම් ආහ් දැන් මැරෙන්නෑ කියලා ඉන්න අර්ථයක් මනුස්සයාගේ තියෙනවා. මේ සඤ්ඤාව ඔය විදිහට. නමුත් අපි තේරුම් ගන්න ඕනෙ මේ කොහොමත් මැරෙනවා. මෙහෙම වුණත්, නැතත්, විවිධාකාරයෙන් මැරෙනවා කියන එක. ඉතින් එතෙන්දි මහා විසාල වුණා මනස, සමාධිය. උපෙක්ඛාව අප්‍රමාණය එකපාරට ම ඇවිල්ලා තියෙනවා.

අන්න ඒ තත්වෙට පත් වුණාට පස්සේ මං මෙනෙහි කරන්න ගත්තා සෝකයයි පරිදේවයයි. සෝකයේ තියෙන්නේ අර පරිදේව ලක්ෂණය නේ. ඒක සිහි කළා. පරිදේව ලක්ෂණය කියන එක සිහි කරලා අර බමුණාට කියපු කතාව ඒක, මළාට පස්සෙ වෙන එක කල්පනා කළා.

එතකොට ඊට පස්සේ, ඒ කියන්නේ එතෙන්දි මතක් කළේ අර බමුණෙකුට කියනවා නේ අර, අම්මා මළා, මැරිලා කියනවා අනේ මගේ අම්මා දැක්කා ද කියලා අනිත් අයගෙන් අහනවා. අන්න ඒ විදිහට ඒ සෝක කරනවා කියන එක.

ඒ වෙලාවේ මට කල්පනා කළා මේ සෝකය කියන එක ඇති වෙන්නේ ඉතින් මට පේනවා ඒක, දෝමනස්සය තියෙනවා නම් සෝකය ඇති වෙනවා. මේ ඊළඟට ගත්තහම ව්‍යාධිය තියෙනවා නම් ඉතින් සෝකය ඇති වෙනවා. ලෙඩ නේ. දැන් අරක පවත්වන්න හදනවා හදනවා කරගන්න බැරි දෙයක්, ඒක නිසා ලෙඩ වෙනවා. ලෙඩ වෙලා ඉවර වෙලා ඊට පස්සේ මේක නිසා මේ සෝකය කියන එක තියෙනවා.

ඒ පාර මං ආයෙත්, දැක්කා ඒ වෙලාවේ දී, දැන් අපි දැක්කා පරිදේවය නිසා සෝකය තියෙනවා. ව්‍යාධිය නිසා සෝකය තියෙනවා. දැන් ඊළඟට මං දැක්කා භයේ අගතියයි මෝහයයි සම්බන්ධ වෙලා, භයේ අගතියේ ඉඳන් මෝහය, මෙහෙම කතිරේ ගහලා වගේ පරිදේවය, මේ පැත්තෙන් සෝකය. භය අගතිය, මෝහ අගතිය, සෝකය, මේ පැත්තේ පරිදේවය cross වෙලා එනවා.

ඉතින් මේකෙන් මං කල්පනා කළා මේ මෝහය, භය අගතිය තියෙනවා නම් ඉතින් මෝහයට ඉතින් හරි නේ අපි යනවා නේ, භය අගතිය තියෙනවා නම් අර සංස්කාර බිඳෙයි කියලා බය වෙලා ඉතින් අපි නැවතත් හදනවා නේ ද? හැබැයි ඉතින් හදන එක මැරෙනවා. එතකොට අර driving force එක තියෙන්නේ ව්‍යාධියේ ඉඳන් මරණයට යනවා කියන එක. ඒ force එකෙන් අපිට පේනවා මේ පරිදේවය, සෝකය. ඔතන ඒ සම්බන්ධතාවය ඔය විදිහට පේනවා.

ඉතින් මං ඒ කල්පනා කළා එතකොට ඒක මම දැක්කා උඩින් සම්බන්ධයක්. උඩින් සම්බන්ධයක් දැක්කා ඒ පරාමාසයයි, ඉදංසච්චයයි ඉඳන් මෙතනින් ආපහු තියෙනවා නේ මේක, භය අගතියටයි මෝහ අගතියටයි.

එතකොට ඒ කෑල්ලත් මං බැලුවා. ඒක බලලා මං එතන්දි මේක, උඩ පැත්ත, ඒ පරාමාසයට එහෙනම් ඒ කුක්කුච්චය වෙලා ඒ පැත්තෙන් එනව ද, රහතන් වහන්සේ කිව්වා “ඒ පැත්ත බලන්නෙයි කියලා කියන්නේ නෑයි” කියන එක. එතකොට එහෙනම් මට ආවේ අර ඉදංසච්චයේ ඉඳන් භය අගතියට එන පාර. මාන පාර. ඒ කියන්නේ දැන් අපි මේවා සත්‍යයි කියලා අරගෙන නේ. මේවා මගේ කියලා අරගෙන, මේවා ම සත්‍යයි කියලා අරගෙන තමයි මෙයාට මේ තත්වය තියෙන්නේ.

එතකොට අර මං ඔතන, ඒක නිසයි එහෙනම් මේ අපිට භය අගතියේ ඉඳන් වෙන්නේ කියන එක කල්පනා කළා. දැන් මං මේවා සුඛයි කියලා ගන්නේ නැත්තන්, මගේ කියලා ගන්නේ නැත්තන් මං භයෙන් අගතියට යන්න දේකුත් නෑ. මේ ලෝකයේ සත්‍ය වශයෙන් තියෙන්නේ දුක්ඛය නේ. එතකොට මේ බොරුවක් නේ මේ අරගෙන තියෙන්නේ. එතකොට ඒක නේ මේ ඉදංසච්චයට ගිහින් තියෙන්නේ. ඉතින් ඒ පාර ඕක බලලා ඉතින් දැන් මට තේරෙනවා මං ඉන්නේ මේ ආකිඤ්චන විමුක්තියේ කියලා. අර පරිදේවයේ ඉඳන් සෝකයට එනවා කියන එක, ඒක තියෙනවා මට හොඳට දැනෙනවා මේ මූණේ කම්මුලත් එහෙමත් දැනෙන්න පටන් ගත්තා මේ මෙහෙමත් දැනෙනවා ඒ වෙනස මට තේරෙනවා.

ඉතින් ඕකේ බලාගෙන හිටියා ඉතින් මට තව තවත් බලන්න හිතුණා ඉතින් රහතන් වහන්සේ “ඇතියි” කිව්ව නිසා මම නැවැත්තුවා.

ඕකට අමතරව අර මට කල්පනාවක් ආවා මේ, දැන් අපි කියනවා අවිද්‍යා ආශ්‍රවය කියලා කිව්වහම අනත්තේ අත්තා එකේ පසු සඤ්ඤාව කියලා. එතකොට අපි දිට්ඨි ආශ්‍රවය කියනකොට නිත්‍ය වුණාට පස්සේ පසු සඤ්ඤාව කියලා. ඉතින් මේකේ වෙනසකුත් තියෙන්න ඕනේ නේ.

මේකේ වෙනස හැටියට ආවේ අවිද්‍යා ආශ්‍රවය කියන එක ඇවිල්ලා, අර අත්තා ඉඳන් පසු සඤ්ඤාව වෙන්නේ අර අත්තවාද උපාදානය කියන එක තියෙනවා නේ, ඒකත් වෙලා. වෙලා තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒ පාර දිගේ ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අත්තා කියලා ඉන්නවා කියලා අරගෙන. එතකොට අර අත්තවාද උපාදානයේ ඉඳන් අත්තභාව පටිලාභයට යනවා කියන කෑල්ල තියෙනවා නේ. අන්න ඒක, රහතන් වහන්සේ එතන “සාධු” කියලා කිව්වා ඒක එහෙම කළහම.

අන්න ඒක තමයි ඒකේ භාවනාව.