ඒ උතුම් බුදුපියවරුන්ට නමස්කාර කළා, නමස්කාරය වේවා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ප්‍රඥාවෙන් අධික වූ, කරුණාවන්ත වූ බුදුපියාණන් වහන්සේ ය කියලා මං වැන්දා, ඔය විදිහට බුදුවරු තුන් නම ම සිහි කරලා වැන්දා, හත් නම ම සිහි කරලා වැන්දා, දාහතර නම ම සිහි කරලා සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා සිහි කරලා වැන්දා.
වැඳලා ඉවර වෙලා මම ලෝභය නැති කරමි කියන තැනින්, එතනින් පටන් ගන්නෙයි කියලා කිව්වා. ඉතින් ඒකෙදි මම අර ලෝභය කියන එක, දන්නවා නේ කබලිංකාර ආහාරය අර පළවෙනි belt එක තියෙන්නේ ඔය වේදනාව දක්වා ගිහිල්ලා ගිද්ධිලෝභයට එන එක, අන්න ඒ belt එක ගැන මං මෙනෙහි කළා. මේක මෙනෙහි කරපු ගමන් මට කල්පනා වුණා මේ, ඔය ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ තියෙන්නා වූ ආනෙඤ්ජ විහාරයේ පළවෙනි එක කියන එකයි, ඊළඟට ගත්තහම මේ සුභ කියන විමුක්තියයි කියන එකෙයි අතර ඒකේ වෙනස මොකක් දැ යි කියන එක. එතකොට ඒකේ වෙනස මම මෙනෙහි කරන්න ගත්තහම එතන සුභ කියන එක වෙන්නේ, පස් වෙනි වටයේ කියන කතාව එතනින් ගැලවීමෙන් නේ සුභ කියන එක වෙන්නේ. 6 කියන එක වෙනකොට 6.3 කියන එක, 6 රවුම 3 ප්‍රේමය කියන එක අයින් වීමෙන් තමයි ආකාසානඤ්චායතන කියන එක එහෙම වෙන්නේ.
එතකොට imperturbable කියලා කිව්වහම ඔය ආකාසානඤ්චායතන කියන එකට එහෙම එනවා කියන එක එතන තියෙනවා. එතකොට එහෙම නම් අපිට පේනවා දැන් මෙතන, අපි මුලින් ම අයින් වුණා නම් කෙනෙකුට පේනවා නේ ඉතින් එහෙම නම් ඉතින් ඊට පස්සේ නැතෙයි වාගේ කතාවක්. නමුත් අපි මේක කැරකෙන රෝදයක නතර වීමක් වශයෙන් තමයි අපි මේක හිතන්න ඕනෙ. එතකොට තමයි මේක තේරෙන්නේ.
ඉතින් දැන් මං මේක මෙනෙහි කරගෙන ගියා ම මට පේනවා, අර අපි 1, 2, 3 කියලා ගන්න ඒ diagram එකේ අර line එකෙන් උපෙක්ඛාවට අප්‍රමාණය යන line එකෙන් උඩ පැත්තේ ඉන්නවා නම් තමයි ඔය, අපි ගැලවිලා ඉන්නවා කියන එක, ඒ කියන්නේ ඔය අරූප ධ්‍යානයන් කියන ඒවා එතනින් එහා පැත්තට තමයි තියෙන්නේ කියන එක මට ආවා. එතකොට මෙතන මේ line එකෙන් පල්ලෙහා කියන එකේ ගත්තොතින් තමයි ඔය සුභ කියන කතාව එහෙම, ඒ කෑල්ල තියෙන්නේ කියන එක.
එතකොට දැන්, මෙතන මේ line එක දෙකකට බෙදුවා ම ඉතින් රහතන් වහන්සේ “සාධු සාධු” කියලා කිව්වා. ඒකෙන් ඊට පස්සේ මං මේක කල්පනා කරනවා. මේක ලෙහා ගන්න හරි ම අමාරුයි. හරි ම අමාරුයි කියලා කියන්නේ දැන් මෙතන මේ පෙර චේතනාව අපර චේතනාව වශයෙන් මම බැලුවා. එතකොට ඒ අපර චේතනාවන්ගෙන් කියන එකෙනුත් නැති වීම තමයි ඔතන පුළුවන්කම තියෙන්නේ අපිට යන්න ඒ අරූප ධ්‍යානයන්ගේ කතාව කියන එකට. එතන සුභ කියන එකේ ගත්තහම, මුල තියෙන රවුමේ තියෙන එක නේ. එතකොට රවුම 5.5 කියන එක නේ තියෙන්නේ. එතකොට එතන කතාවෙදි අර පෙර චේතනාවන් කියන එක තියෙනවා මොකක් හරි එකක් දකිනකොට මේකට ලාභයක් කියලා දෙන්නේ නැතෙයි කියන අර්ථය තියෙනවා. එතකොට අපර චේතනාව වෙනකොට අර පෙර ලාභයක් කියලා ගන්නෙ නෑ කියන අර්ථයත් තියෙන්නටත් ඕනි, මම අතීතයේ ගත්තා කියන එක, මගේ අර අපර චේතනා නිසා ඇති වෙන්නා වූ දේත් මගේ නැති වෙන්න ඕනෙ, අන්න එහෙම අවස්ථාවේ දී තමයි අර ආකාසානඤ්චායතන කියන එක එන්නේ. එතකොට අර සුඛය කියන එකට අත්තා වීම කියන එක අයින් වෙන්න ඕනෙ ඔය ආකාසානඤ්චායතන කියන, ඒ කියන්නේ ප්‍රේමය කියන එක, 6.3 කියන එක නැති වෙන්න ඕනෙ නේ. අන්න ඒ අර්ථයට ආවා.
එතකොට ඕකෙදි ඉතින් මට තවත් පැහැදිලි කරගන්න මේක රහතන් වහන්සේගෙන් මං ඉල්ලුවහම උදාහරණයක් රහතන් වහන්සේ ඇහුවා මේ “දරුවා කෑම කියන එක, ආහාර ගත්ත ගමන් ම, ගත්තහම මොකද වෙන්නේ?” කියන එක. ඉතින් ඒක එකපාරට ම වෙන්නේ නෑ නේ. ටිකක් දිරවලා තමයි මට ශක්තිය කියන එක හම්බවෙන්නේ ටිකක් ගිහිල්ලා දිරවලා නේ ද?
එතකොට දැන් අර මුලින් ආහාර බඩට දැම්මා සුභයි කියලා ගත්තා, ඊට පස්සේ දැන් අපි එතනින් ඒක ගන්නේ නැති කතාව තියෙනවා හැබැයි අර කලින් ගත්තා වූ ආහාරවල තිබෙන්නා වූ ශක්තිය කියන එක තියෙනවා නේ. ආන්න ඒ ශක්තියත් නැති වෙන්න ඕනෙ. අන්න එහෙම තමයි අර ආකාසානඤ්චායතන, imperturbable කියන ඒ ආනෙඤ්ජ කියන එක කතාවට එතන යන්නේ කියන එක එතන මට වැටහීමක් ආවා.
එතකොට ඕක වෙන්න ඉස්සෙල්ලා ඉතින් ඔය දැක්කා ඔය බයිසිකල් රෝදවල මුලින් දැක්කා ඔය බයිසිකල් රෝදවල අර clip එකක් වාගේ එකක් තියෙනවා, ඒක එලියට ගැලවෙන්නේ නැතුව රෝදේ, සුභ කියන විමුක්තිය වෙනකොට රෝදේ ගැලවිලා ම නෑ. ඒක ඇවිල්ලා අර මේකේ තියෙනවා, axle එකේ තියෙනවා. හැබැයි අර clip එක කියන එක ගලවලා තියෙන්නේ. ඉතින් කොයි වෙලාවක හරි මේ රෝදේ ගැලවිලා, ඒ කියන්නේ මේක දුවන්නේ නෑ. ඉස්සෙල්ලා වාගේ දුවන ගතියක් නෑ කියන අර්ථය තියෙනවා.
ඉතින් ඒක තමයි මේ භාවනාව කළේ.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්