ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ මම සිහි කළා. ඒ ඤාණෙන ක්ලේශේන පටිසඞ්ඛාති. ඥානයෙන් ක්ලේශයන් ප්‍රත්‍යාවේක්ෂ කරලා, පහ කරලා ජීවත් වෙනවා කියලා. එහෙම කියලා වැන්දා. ඉතින් බුදුවරු තුන් නම මෙනෙහි කරලා වැන්දා. හත් නම මෙනෙහි කරලා වැන්දා. සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා දක්වා දාහතර නම ම මෙනෙහි කරලා ඒ විදිහට සිහි කරලා වැන්දා ඔය ඤාණෙන ක්ලේශේන පටිසඞ්ඛාති කියන එක මෙනෙහි කරලා.
බුද්ධං සරණං ගච්ඡාමි, ලෝභය නැති කරමි කියලා කිව්වහම මේ සියලු සත්වයෝ වෛරයක් නැත්තෝ වෙත්වා, ඒ කියන්නේ අවෙරිනො හොන්තු, බය නැත්තෝ වේවා ඛේමිනොහොන්ති, සුවපත් වෙත්වා සුඛිනො හොන්ති. ඤාණෙන ක්ලේශේන පටිසඞ්ඛාති, උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය මගින් මෙත්තා චෙතො විමුක්තිය පරිභාවිතා වූවා යැයි කියලා කියන අර වචනය තියෙනවා නේ, බොජ්ඣඞ්ග එකේ පෙන්නන. අන්න ඒක භාවිතා කරලා, සිහි කරලා, ඒ මෙත්තාව පැතිරුවා බොහෝ දෙනෙකුට. ඉතින් ඒ ගොඩ දෙනෙකුට, දැන් මනෝ එහෙම රෝගී වෙලා ඉන්නවා. ඒ විදිහට ඒ මනෝට ආදී වශයෙන් ඔය විදිහට මං හොඳට පැතිරුවා. පතුරලා ඉවර වෙලා මං මේ ක්ලේශයෝ කියන ඒවා මම සිහි කළා.
අර හාලිද්දිකානි සූත්‍රයේ මං පැහැදිලි කරන ආකාරයට ඒ මුසාවාද, පරුෂා වාච, පාණාතිපාතා, ඒ පංචනීවරණ, ඊර්ෂ්‍යාව, මක්ඛය, පලාසය, මච්ඡරිය, මේකත් එක්ක මෙහෙම සිහි කරලා මේ ලෝභය කියන එක ඒවා එහෙම නිසා ඇති වෙන්නේ මෙන්න මේ ක්ලේශයන් කියන එක කල්පනා කරලා, එතකොට ඒවා පහ කළ යුතුයි කියලා නේ මේ ඥානයෙන් මේවා බලලා, පහ කළ යුතුයි කියන එක කල්පනා කරලා. ඒ කළා ම අධික ප්‍රීතියක් ඇති වුණා. ඒ කියන්නේ චෙතො විමුක්තිය සමඟ තමයි මේක ඇති වෙන්නේ.
මේ ඔළුවේ පිටිපස්සේ වම් කෙළවරේ අර චෙතො විමුක්තිය ඇති වෙන තැන, එතනින් ප්‍රීතියක් එනවා. ඒ ප්‍රීතිය ඇති වෙනකොට මේ මගේ කකුල්වල හිටන් ඒක දැනෙනවා. ඕක වුණේ මේ ඊයේ කෑගල්ලේ අර special එක කරන වෙලාවේ කරුණාව පවත්වන කොටත් මට මේක සිද්ධ වුණා. ඒක ටිකක් අමුතු experience එකක් මේ රහතන් වහන්සේ මේක ලියනකොට කිව්වා “මේක ඥානය නිසායි ඇති වෙන්නේ” කියලා ඒ සහම්පති මහා බ්‍රහ්ම බුදුපියා පැවසුවා.
ඉතින් මං මේ විදිහට මෙත්තාව පවත්වාගෙන ඉන්නවා යමක් සඳහා උපෙක්ඛාව පැවතිය යුතු ද, එසේ ඒ සඳහා උපෙක්ඛාව මං පැවැත්තුවා.
දැන් උදාහරණයක් වශයෙන් ගත්තහම මට කල්පනා වුණා දැන් ඔය ඇවිල්ලා හිටපු හාමුදුරුවරු එහෙම මේ diagram එහෙම භාවිතා කරලා ඒ ධර්මය, ඒ අය ධර්මය දෙනවා කියලා මුලින් ඇති වුණා මේකක්, ඒ අය diagrams එහෙම භාවිතා කරලා දෙනවා නම් ඒකේ මට කිසිම ඒකේ ප්‍රශ්නයක් නැතෙයි කියලා එතන උපෙක්ඛාව පුදුමාකාර විදිහට ඒක ගැන ඒ විදිහට තිබුණා. එතකොට මේ විදිහට මෙත්තාවත්, කරුණාවත්, මුදිතාවත්, උපෙක්ඛාවත් පවත්වාගෙන මිනිත්තු විස්සක් දිගට ම හිටියා. ඉතින් එක එක දේවල් දැක්කා, ඒ දැක්කයි කියලා ඒ දකින දකින දේවල්වලටත් ඒ උපෙක්ඛාව ම ඒ විදිහට පැවතුණා. ඉතින් මේක මේ උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය.
ඒක තමයි භාවනාව.