ඒ උතුම් බුදුපියවරු සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ මේ ලෝකයේ ජීවමානව වැඩ සිටින ශ්‍රේෂ්ඨතම, උත්තරීතර, පළවෙනි බුදුපියාණන් වහන්සේ, එම බුදුපියාණන් වහන්සේ ඥානවන්තයි, ප්‍රඥාවන්තයි, පණ්ඩිතයි කියලා මෙනෙහි කළා. ඒ විදිහට එසේ සිහි කරලා ඒ තුන් වෙනි නම, හත් වෙනි නම, දාහතර නම ම සිහි කරලා වැන්දා.
එතකොට මං මේ පණ්ඩිතයි කියලා කිව්වහම මට යම් ආකාර වූ අවබෝධයක් තියෙනවා අර නිපක කියන එකේ තියෙන එක, මේ පණ්ඩිත යැයි කියලා කියන්නේ කුමක් දැ යි කියලා සහම්පති බුදුපියාණන් වහන්සේගෙන් මම විමසුවා. එතෙන්දි බුදුපියාණන් කිව්වා මේ “මුහුකුරා ගිය නුවණ ඇති බව” තමයි කියලා බුදුපියා පැවසුවා.
මං ඒක කල්පනාවට ගත්තා, මෙනෙහි කළා, නැවත නැවතත් මෙනෙහි කළා. එහෙම මෙනෙහි කරලා මේක පහදා දෙන්නෙයි කියලා කරුණාවෙන් ඉල්ලා සිටියා සහම්පති මහා බ්‍රහ්ම බුදු පියාණන්ගෙන්. එහෙනම් හොඳට මෙනෙහි කරන්න, මනා කොට මෙනෙහි කරන්නයි කියලා පැවසුවා.
පළවෙනි කාරණයට කිව්වා “තථාගතයන් වහන්සේ හා සමාන පුද්ගලයෙකු නැතෙයි” කියන එක. දෙවනි කාරණයට කිව්වා “තථාගතයන් වහන්සේගේ භාෂිතය හා සමාන වූ භාෂිතයක් තවත් නැහැයි” කියලා. තුන් වෙනි කාරණයට කිව්වා “තථාගතයන් වහන්සේ දැනගෙන ම දේශනා කරන්නායි” කියලා.
ඒ පාර මං මේ කාරණා තුන ම මං මෙනෙහි කළා. පළවෙනි එක, තථාගතයන් වහන්සේ හා සමාන පුද්ගලයෙකු නෑයි කියන්නේ, ශ්‍රද්ධාව හා ප්‍රඥාව සමාන වෙන පළවෙනි පුද්ගලයා, එක ම පුද්ගලයාත් තථාගතයන් වහන්සේ පමණයි. එතකොට ඒ කාරණේ හොඳට මෙනෙහි කළා, ඉතින් මෙතෙන්දි මේ තමන්ගේ ඉහළ වූ ඵල චිත්තයන් නැංවෙලා තියෙනවා මේ අවස්ථාවේ දී.
දෙවෙනි කාරණය මෙනෙහි කළා අන් අයගේ භාෂිතය කියන එක මට ආවේ නිකන් අර foolish babble එක කියනවා වාගේ සම්පප්‍රලාපය ඒ වාගේ දේවල් නේ හුඟක් තියෙන්නේ යම් ආකාරයකට. ඒ විදිහට නේ මේ ලෝකේ පවතින්නේ. තථාගතයන් වහන්සේ මනා නුවණින් දැනගෙන නිවැරදිව දැනගෙන ඒ වචනය භාවිතා කරනවා. එම වචනය සුභාෂිත වචනයක් වෙනවායි කියන එක. එහෙම නම් ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ දන්නවා නේ. ඇති වෙන්නේ දුකයි කියලා දැනගෙන තමයි බුදුහාමුදුරුවෝ මේක දේශනා කරන්නේ. මේ භාෂිතය ඇති වෙලා තියෙන්නේ එහෙම දැනීමෙන්. තථාගතයන් වහන්සේ නාමයෝ කියන ඒවා දන්නවා.
තුන් වෙනි කාරණයට එනවා තථාගතයන් වහන්සේ දැනගෙන ම දේශනා කරන්නා ය කිව්වහම, නාමයෝ කියන ඒවා දන්නවා. රූපයෝ කියන ඒවා දන්නවා. දැන් බුදුහාමුදුරුවෝ දන්නවා නේ අර ධාතු, කියලා දන්නවා. නාම කොටස් දන්නවා.
අපි ඔය රූප කොටස්වත්, නාම කොටස්වත් නිවැරදිව දන්නේ නෑ. යම් ප්‍රමාණයකට දන්නවා. නමුත් සම්පූර්ණයෙන් ඒක දන්නේ නෑ. නාමරූප අවබෝධ කරගන්න, විඤ්ඤාණය අවබෝධ කරගන්න, ඒ කියන්නේ නාමරූපය අවබෝධ වුණා නම් ඉතින් විඤ්ඤාණය කියන එක නාමරූපය නිසා ඒ අවබෝධ වෙනවා.
එතකොට ඒ වෙලාවෙදි මට මතක් වුණා අර පුත්ත මාංස සූත්‍රයේ අර විඤ්ඤාණ පාරේ බුදුහාමුදුරුවෝ පෙන්නුවා විඤ්ඤාණ ආහාරය කියන එක අර කස පහර වාගෙයි. ඒ කියන්නේ මනුස්සයෙකුට අර කස සියයක් ගහනවා. ගහලා ඉවර වෙලා අහනවා, රජ්ජුරුවෝ මේ සත්වයා කොහොම ද කියලා, තාමත් ජීවත්ව ඉන්නවා කිව්වා. ඉතින් ඒ පාර ආයෙත් කස සියයක් ගහනවා. ආයෙත් තව සියයක් ගහලා ඉවර වෙලා අන්තිමට ආයෙත් අහනවා ඔය විදිහට. ඔය විදිහට බැලුවහම පේනවා ඉතින් මේ පෙර කර්මයන් කරලා, දුක ම විඳිනවා කියන එක. එතකොට බුදුහාමුදුරුවෝ මේක දැනගෙන තමයි මේ ධර්මය දේශනා කරන්නේ කියන එක ගත්තා. ඉතින් මේක ගන්නකොට මේ ඉහළ ම ඵල චිත්තයන් හොඳට නැංවෙලා තියෙනවා.
ඊට පස්සේ මං කරපු වැඩේ, අර අවබෝධ කරගත්තා වූ ඵල චිත්තය ඔය එකින් එක මම මෙනෙහි කළා. ඒක තමයි මගේ භාවනාව. බොහොම ලස්සනයි.